Thursday, March 31, 2011

හිත හොඳ ඇත්තො..





මේ කියන්න යන්නෙ හොට් හොට් නිව්ස් එකක් ගැන..මේ දැන් සිද්ද උන එකක්..මම මුනූ පොතේ කරක් ගහල පොඩි කතාවකුත් දාගෙන ඉදිදි අපේ කලුවා හෙවත් බ්ලැකී බුරනව ඇහුන..මාත් ඉතින් ඕපෙ හොයන්න කියලා එළියට ගිහින් විපරමක් දැම්මා.අස්පට හෝ ගාලා බුරනවා.එයාගෙ සද්දෙට අනිත් බලු ඇත්තොත් හූ මිටි තියනවා.එක යුද්ධයයි..මාත් ඉතින් සාම හමුදාව වගේ ගියා ඉස්සරහට..බැලුවම තලගොයෙක්ට තමා මේ කට්ටිය සද්ද දාන්නෙ.මව දැක්ක විතරයි බලු හමුදාවට තද වෙලා නායකයා හෙවත් බ්ලැකී තලගොයාව ඇල්ලුවෙ නැතෑ...හපෝයි..දැන් මොකද කරන්නෙ..මහලොකුවට ගියා වගේයැ සාම හමුදාවත් තලගොයින්ටයි බල්ලටයි බයයි..ඒ අස්සෙ තලගොයට දෙතිස් මහා වද පමුනුවනවා බලු හමුදාව..සාම හමුදාවත් ඇරියෙ නෑ බල්ලන්ට වඩා හයියෙන් කෑ ගැහුව..(වෙන කරන්න දෙයක් නෑ නොවැ..)ඔන්න ඉතින් එතකොට තමා හිත හොඳ ඇත්තෙක් මෙතනට ආවෙ..කාගෙ කව්ද කියල මං දන්නෙත් නැහැ..හිත හොඳ ඇත්තා කොහොමින් කොහොමින් හරි තලගොයි මහත්තයව බේරුවා.ඇත්තටම පින් සිද්ධ වෙන වැඩක්..ඔය වගේ මිනිස්සු හරි හිඟයි දැන්..එහෙම කියන්න හේතුව අපෙ ගම්පලාතෙත් තලගොයි මරලා මසට ගන්න ඇත්තො ඉන්නව..සංවේගයෙන් උනත් ඒ දේත් කියන්න ඕනෙ..එහෙව් තලොගොයෙක් මැරෙනකන් බලන් ඉන්න පළාතක මේ වගෙ දෙයක් දුලබයි..ඒ හිත හොඳ ඇත්තට උපහාරයක් විදිහටයි මේ කතාව ලිව්වෙ..මෙහෙව් ඇත්තො ඉන්න රටක් වාසනාවන්ත රටක් නේද?




                              මේ එක්කම පොඩි අතුරු කතාවකුත් ලියන්න හිතුනා..මේ කතාව මේතනට සම්බන්ධෙකුත් නෑ ඕං..මුලින්ම කිව්වා.මේක පුංචි හිතට අහු උනේ පත්තරේකින්..පුංචි හිත නිවාඩු පාඩුවෙ ඉන්න වෙලේක අහුවෙච්ච පත්තරේක ලිපියක උඩින්ම පොල් තඩි අකුරෙන් දාලා තියෙනවා මෙහෙම.."ලෝකයක් වනසන බර්ගර්" අස්පට මේ අපි කන පොඩි බර්ගර් එකකට එච්චර හදියක් කරන්න පුලුවන්ද?තකහණියක්ම ඔක්කොම වැඩ දාලා කියවන්න පටන් ගත්තා ඒ කතාවෙ සුල මුල..බැලුවම වැඩේ ඇත්ත..ඔය හැම් බර්ගර් හදන්න අවශ්‍ය මස් ලබාගන්න ඇති කරන ගව පට්ටිවලට ආහාර වගා කරන්න කැලෑ එලි කිරීම හරි හරියට සිද්ද වෙන දෙයක්.ඒ ගව පට්ටි හිමියන්ට බ්‍රසීලියානු වනාන්තර පවා විනාස කිරීමේ හැකියාව තියෙනවාලු..එ කිව්වෙ ඇමේසන් වනාන්තරය උනත්..අපෙ අප්පො..ඒ විතරක්යැ ගව පට්ටි වලින් නිකුත් වන හරිතාගර වායුවක් හෙවත් මීතේන් නිසා වායුගෝලය උණුසුම් වීම සිද්ද වෙනවලු.මේ වැඩ අස්සෙ ඉන්නවා එක්තරා පුද්ගලයෙක්..නම "බ්ලෙයාරෝ මැගී"..මං හිතන්නෙ ගොඩ දෙනෙක් මෙයා ගැන අහල නැතුවත් ඇති..බ්ලෙයාරෝ සෝය බීජ වෙළදාමෙන් ධනවත් වෙච්ච ඇත්තෙක්.ඒ වගෙම ලොකේ ගව මස් අපනයන කරුවන්ගෙන් ප්‍රමුඛයෙක්.හැබැයි ඒ ඉස්සර.දැන් පරිසරයට ගොඩාක් ආදරෙ කරමින් ඉන්න කෙනෙක්.කැළෑ එලි කරමින් සෝයා වගා කිරීම තාවකාලිකව තහනම් කිරීමට වගේම ඇමේසන් වනාන්තරයේ ගව පට්ටි පාලනය තහනම් කිරීමටත් මුල් උනේ මොහු...බලන්නකො හිතක් වෙනස් උන විදිහ..මේ වගේ මිනිස්සු තමා ලෝකය බබලවන්නෙ..අදහන්න ඕනේ මේ වගේ අය මිස බොරු කරන දේශපාලකයෝ නෙමේ..මිනිසෙක් හොඳ මිනිසෙක් වීම දේවත්වයට පත්වීමට සමාන කාරණයක් කියලයි පුංචි හිත දකින්නෙ..ඉතින් තවත් දෙයක් අරගෙන පුංචි හිත එනකම් මේ කතාව ගැන අදහසක් තියල යන්න.පුංචි හිතට ඒවා ගොඩාක් වටිනවා..

Wednesday, March 30, 2011

"ළඳුනේ"


අපේ රටේ,නමට කලා කාරයොයි සින්දුයි වැස්ස කාලේට මේරු එනවා වගේ එනවා යනවා නොවැ..ඔය අය අතර එද ඉඳන්ම තාමත් රසවිඳින්න පුලුවන් බොහොමයක් සින්දුත් තියෙනවනෙ..මේ කියන්න යන්නෙ ඒ වගෙ ගීතයක් ගැන..අපේ රට ගොඩාක් ගීත වලට ප්‍රේමය පාදක කරගන්නෙ  උනත් මේ ගීතයේ පද ලියැවිලා තියෙන්නෙ සමාජය කතාබහට ලක්විය යුතු මාතෘකවක් පිලිබඳව..මං මේ ගැන ලියන්න පොඩි වැඩිද මන්ද ඒත් මේ ගීතය ගැන වචනයක් ලියන්න කියලමයි මට හිතුනෙ..

"ලඳුනේ" ගීතය අමරසිරි පීරිස් කලාකරුවාණන්ගේ හඬින් ගැයෙන්නක්..ආදරයයි විරහවයි ගැන හතු පිපෙන්නා වගේ ගීත ලියවෙද්දි ගැඹුරු අර්ථයකින් යුක්තව ලිය වුන ගීතයක්..


"ළඳුනේ ළඳුනේ
ඔබේ දැස දැකගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ
දෙනෝ දහක් අත ගත්තද
සැමියෙකු නැති ළඳුනේ
නෑයින් නෑකම නොකියන
වීදි සරණ ළඳුනේ..


තෙල්මල් ගෙන දෝත පුරා
මුනිකුටියට පියමං වන
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ..
බුදුන් දැක නිවන් දකිමැයි
දෙව් රම යන පාර අහන
ඔබද පටාචාරාවකී ඔබද කිසාගෝතමියකි..




පිරිමින්ගෙ පාප කඳට
දෝස විඳින ළඳුනේ
අඳුරේ පව් කරන දනා
එළියෙ ලවන ළඳුනේ
ළැම පමණක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති
වැරදිකාර ළඳුනේ

"ළැම පමණක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළඳුනේ.."
ගීතයෙ ගැඹුරු කම රැඳිල තියෙන්නෙ මේ තුල කියලයි පුංචි හිත කියන්නෙ..
ගැහැණියක් කියන කෙනා උත්තරීතර මව් පදවිය ලබන්න සොබාදහම නිර්මාණය කරපු කෙනෙක්..ඒත් මේ පදවැලෙන් කියවෙන තැනැත්තිය එයට වෙනස්..නමුත් කව් රුත් නොදකින ඇගේ හිත තුල මොන තරම් නම් දුක් කන්දක් ඇත්ද?අන්ත අසරණ කම නිසා තමන්ගෙ ඇඟ විකුණනවා මිස කැමැත්තෙන් මේ දේ කරන කෙනෙක් සොයගන්න වත් බැරි තරම්. පුවත් පත් වල තියෙන විවිධ සිදුවීම් දැකලයි පුංචි හිත මෙහෙම කිව්වෙ.


"කුහුඹුවකුට වරදක් නැති වැරදි කාර ලඳුනෙ"
මේ පද පේළියෙ තේරුම නම් පුංචි හිතට තේරුම් ගන්න බැරි උනා එකපාරටම.කොහොමද එහෙම වෙන්නෙ?අන්තිමට ඉතින් පිළිතුරක් හදාගන්න එපැයි..මෙන්න මෙහෙමයි..මේ තැනැත්තිය වරදක් කරගන්නෙ තමන්ට තමන්ගෙ ආත්මෙට නොවැ.පිරිමි අය වැරද්ද කරන්නෙ දැන දැනමනෙ..ඒක හින්දම වෙන්න ඇති මෙ වගෙ පද පේලියකුත් ලිය උනෙ
" පිරිමින්ගෙ පාප කඳට
දෝස විඳින ළඳුනේ”

ඉතින් සමාජයේ අඳුරු පැත්තක් ගැන ලිය උන මේ ගීතය ගැන කියද්දි නොකියම බැරි දෙයක් තියෙනවා..කොයිතරම් අසරණ උනත් පහත් තත්වයක නොවැටී ඉන්න එක වටිනවනෙ..ඒ වගෙම දැන දැන වැරදි කරන්නැතුව හොඳින් ජීවත් වෙන්නත් ඕනෙ.පුංචි හිත ප්‍රාර්ථනා කරන්නෙ ලස්සන හිත් තියෙන හොඳ අය ඉන්න රටක්..ඒ රට බිහිකරන්න පුලුවන් අපිටම විතරයි..ලිපිය කියවලා මේ ගැනත් හිතනවනම් ඒ මගෙ උත්සාහය ඵල දැරීමක් වෙවි..!

Tuesday, March 29, 2011

ෆුකුශිමා කතාව..

මේකත් ජපානෙ පැත්තෙන් ඇහෙන කතාවක්..කවි ගැන නම් නෙමෙ ජපානෙ අපේ සොයුරන්ට උන මහ විනාසෙ ගැන..ජපාන අධිරාජ්‍ය ට ත්සුනාමියක් එක්ක භූමි කම්පාවක් ආපු එක කව් රු කව් රුත් දන්නවනේ..
ඒ අස්සෙ ආපු අනිත් ප්‍රශ්නෙ තමා විකිරණ කාන්දුවක්..මේක ඉතින් අපෙ රටේ අයට ගොඩක් බලපෑවනෙ..මොකද විවිධාකාරයේ කතා පැතිරුණා..ඒ හින්දන් ඒ ගැන සටහනක් දන්න හිතුනා..
කොහොමහරි ඔය සිද්දිය වෙලා ටික දවසකින් මූනූ පොත පැත්තෙ කරක් ගහපු මට මෙන්න පනිවිඩ ගොඩක් ඇවිත් වැස්සට තෙමෙන්න එපාලු ලිඳ වහන්නලු අරක මේක කියල..එ විතරක් යෑ ඊ මේල් එකකුත් ඇවිත්..දුරකතනයට කෙටි පණිවිඩ දන්නත් ගොඩ දෙනෙක්ට මතක් වෙලා තිබුන..හැමොටම ස්තුතී මං ගැනත් හොයා බැලුවට..






කොහොම වෙතත් මේ කතාවෙ ඇත්ත තත්වෙත් දැන ගන්න එපැයි කියල පොඩියක් මකුලු දැල් අස්සෙ හෙම රිංඟලා බැලුවා.මෙන්න ඉතින් මං හොයාගත්ත ඒවා..ශ්‍රි ලංකා පරමාණුක බලශක්ති අධිකාරිය කියන විදියට නම් අපේ රටට මෙ ෆුකුෂිමා වල ඇති උන විකිරණ කාන්දුවෙන් දැනට කිසිම බලපෑමක් නැහැ..ඒ උනත් එ ගැන පරික්ෂාවෙන් ඉන්න එයාලා අමතක කරලත් නැහැ..ඒ අනුව ලංකාවෙ විවිධ ප්‍රදේශ වලදි මේ ගැන හොයා බලනවා..මීට කලින් යුක්රේනයෙ චර්නොබිල් වල උන විකිරණ කාන්දුවෙනුත් අපට බලපෑමක් උනෙ නැලු නොවෙ..ඒ නිසා මේකෙන් බලපෑමක් සිද්ද වෙන්න තියෙන සම්භාවිතාවත් අඩුයි.
මිනිසාට හානිකර වෙන විකිරන ප්‍රමාණයත් දැන ගන්නකො.ආහාර වල මිලිසිවට් 0.33කට වැඩි වීම,පසේ නම් 0.41ක් වායු ගෝලයෙ නම් 1.3 තරම් වැඩි වීම භයානකයිලු..ඔන්න ඉතින් මන් දන්න තරම..කොහොම උනත් ලෝක යුද්ධ වලදි නාගසාකි හිරොශිමා නගර වලට උන හානියත් මතක් කරන්න ඕනි..ඒ අනතුරු නිසා තවමත් ඒ ප්‍රදේශ වල මල දරු උපත් විකෘති දරු උපත් බහුලයි..ඒ තරම් විනාසයක් උනේ පොඩි ඉඩක ලොකු ශක්තියක් විහිදි ගිය හින්දන්,,ලෝක බලවත්තු උනත් අනවශ්‍ය විදිහට මෙහෙම පරමාණුක ශක්තිය යොදා ගන්න එකට නම් අපි විරුද්ධයි..අන්තිමට කියන්න තියෙන්නෙ මූද හත් ගව්වක් තියන් අමුඩ නොගැහුවට කමක් නෑ.ඒත් ඉතින් කෝකොටත් විමසිල්ලෙන් ඉන්නකො..

ජීවිතේ දකින්න කවියකින්...

බ්ලොග් ලිපි ගොඩක් කියවලා මාත් අර්ථාන්විත ලිපියක් ලියන්න කියලා හිතුව..පැය ගානක් හිතල හිතල නොදැකපු පැත්තක් ගැන ලියන්න හිතුනා.හයිකු කවි ගැන..ජපන් සාහිත්යයෙ සොඳුරු පැත්තක් ගැන.හයිකු ගැන දන්න කෙනෙක්ට නම් මතක් වෙන්නෙ මුලින්ම ඉසා කොබයාෂි කවියානන්ව..
හයිකු තුල දකින්න පුලුවන් ලස්සනම දේ සොබාදහම රසවිඳිම..මම ගොඩක් අගයන දෙයක් නිසමද මන්ද මට මෙ ගැන බ්ලොග් සටහනක් ලියන්න හිතුනෙ..හයිකු කවි තුල දයාව,මානුෂීය බව මේ හැමදේකම සංකලනයක් ගැබ් වෙලා තියෙනව..මෙ බ්ලොග් අඩවියෙ ඉන්න සුන්දරව හිතන හැමදෙනාම ආදරයෙන් වැලඳ ගනී කියලා හිතන හයිකු කවි කීපයක් මෙන්න…

“අර කොනේ ඉන්නෙ
වෙහෙස උන බෝනික්කන් දෙන්නෙක්
ඕ හරි හරි.
ඒ දෙන්න අම්මයි තාත්තයි”

බලන්න කොයිතරම් සරලව ගැබුරු අදහසක් අපට ගේනවද කියලා..අම්මයි තාත්තයි ගොඩාක් වෙහෙස වෙලා මහලු වෙලා.ඒත් අපට හැමදාම එයාලා තරුණ අය වගේ..

“ලස්සන තමයි
ඒත්
මිනිසුන් මරණවා
මේ බිම්මල.."

ඇත්ත නේද සුන්දරව අහිංසකව වගේ ඉඳගෙන අපිව විනාස කරන අය මේ ලෝකෙ සුලබයි..විචාරයක් නැතුව ඒ අය විශ්වාස කරන්න එපා කියලා අපට කිය දෙන අපූරුව බලන්න..

“රතු ගම්මිරිස් ඇටයකට
දෙන්න පියාපත් යුගලක්
මෙන්න බත් කූරෙක්..”

ඉතින් මේ වගෙ සොඳුරු විදියට හිතන්න මේ ලිපිය නිසා ඔබටත් හිතෙනවා නම් එක මගේ බලාපොරොත්තුව ඉටු වීමක්..
සයිබර් අවකාශයේ මගේ මුල්ලට ඇවිත් මේ ලිපි කියවල ගුණ දොස් දැකල ඒ ගැන ලියලා යන්න මගෙන් හැමදෙනාටම ආරාධනා....!!

ඉස්කෝලෙක කතාවක්

ඉස්සෙල්ල  කිව්ව වගෙ "මමත්වය" මගේ කියන හැඟීම හින්දන්මදෝ මගෙ ආදරණීය පාසල් බිම ගැන බ්ලොග් සටහනක් සයිබර් අවකාශයට එකතු කරන්න හිතුන..මම විසාඛා මව් තුරුලට ගියෙ 6 වසරට..එදා මට දැනුණ හැඟීම අද දැනෙනවට වඩා වෙනස්..අද මම අරලියා මල් වැටිල සුන්දර උන භූමියට ආදරේ කරනවා උනත් එදා මම මේ පාසලට පා තබන හැමදවසකටම අකමැති උනා.. නුහුරු කම නිසා වෙන්න ඇති.ඒත් අද මම විසඛාවට ගොඩක් ඇලුම් කරනව.මගේ ජීවිතයට සොඳුරුම අත්දැකීම් ගොන්නක් එකතු කලේ පින් බිම.අමතක නොවෙන විවිධාකරයේ සිදුවීම් වලින් පුංචි සිදුවීම් කිපයක් සටහන් කරන්නටත් මට හිතුනා..

මුලින්ම කියන්න ඕනේ මම "අණ්ඩපාල කෙල්ලක්" එහෙම නෙමේ.මගේ පාඩුවෙ මගේ වැඩ ටික කරගෙන හිටිය කෙනෙක්..(මගේ ඉස්කොලෙ යාලුවො බ්ලොග් ලියන්නැති නිසා බය නැතුව කිව්වෙ.)..කොහොම උනත් 7 වසරෙදි corridor 1ke දවස් 2ක්ම දණ ගහගෙන ඉන්න තරම් වාසනවන්ත උන කෙනෙක්..පාසල් බිමේ අපි ගෙව්වෙ සුන්දරම කාලයක්..අපට බඩජාරි කම නම් පොඩ්ඩක්වත් අඩු නැතුව පිහිටල තියෙනව..9 වසරෙදි home science room 1ke missගෙ ශීතකරණයේ තිබුන කැම වර්ග වලට වග කියන්න කිසිම දුකක් නැතුව අපි ඉදිරි පත් උනා.ඒවට විපාක විදිහට හැමදම P.T.S කාල පරිඡේදයෙදි අපි සමාජ සේවයෙ(ඒ කියන්නෙ අහුමුලු සුද්ද කිරීම)යෙදෙනවා කියන එක නම් ඉතින් නොකියම බෑ...එ වගෙම 10 වසරෙ ඉංග්‍රීසි කාල පරිඡේදයෙදි අපි හිටගෙන ඉන්න එකත් සුලබව දක්නට ලැබුන දෙයක්.. අන්තිමට කියන්නම ඕනේ මෙ මොන වැඩ කලත් අපි විභාගය හොඳටම කලා,,අපි කව් රුත් විදේශ අධාර ගත්තෙත් නෑ..(එ කිව්වෙ සිංහලෙන් කියනව copy නම් කලේ නැ)…



ඉතින් මගෙ ආදරණීය පින් බිමට මම හැමදාමත් ණයගැතී...
"සියක් ආයු ලැබ අපෙත් ආයු ගෙන අපට වඩා කල් ඔබ ජීවත් වෙවා
  මෙතෙ බුදුන් කල ලොවේ උතුම් ලඳ විශාඛාව වේවා"

මගේ දිවියට පහන් වැටක් වී එලිය දුන් මගෙම ආදර විශාඛා මවුන් සදාකල් වැජබෙවා..!!!





Monday, March 28, 2011

"මනුස්සකම"

මේක පොඩි ආගිය කතාවක්...මනුස්සකම ගැන...එදා බදාදා දවසක්..වැඩි දවසකුත් ..කොහොමහරි ගම්පහ railway station 1  ගාව පැය 2 විතර කට්ටක් කෑව මගෙ යාලුවෙක් නිසා..ඔහොම ඉද්දි තමා මේ සිදුවීම උනෙ..ගම්පහ ඇත්තො දන්නවනෙ ISURU CATERS.. ඔන්න ඔතන අවුරුදු 80ක විතර සීයා කෙනෙක් හිටගෙන යන එන අයට කොලයක් පෙන්න පෙන්න ආධාර ඉල්ලනව..මාත් ඉතින් ඔය දිහ බලන් හිටියා කව් රුත් සල්ලි දෙන පාටක් නම් නෑ,හිටගෙන ඉඳලා කකුලුත් රිදෙන්න පටන් ගත්ත නිසා මන් යන්තම් බස් එකෙ යන්න සල්ලි ඉතුරු කරන් බීම එකක් බොන්න ගිය..එලියට එද්දිම අනෙ අර සීයා මගෙනුත් සල්ලි ඉල්ලුව..මොනා කරන්නද මන් ගාවත් රු.12යි..මන් සීයට ඒක කිව්ව..ආයෙත් බලාපොරොත්තු කඩවීමක්..මටත් දුකයි.. ඕන එකක් කියල මන් අතේ තිබුන රු.10 සීයට දුන්න..ඒ ඇස් වලට පිරුන සන්තොසෙ දකිද්දි මගෙ හිතටත් සතු‍ටුයි..අන්තිමට මගෙ බෑග් එක පීරල රු.12ක් හොයන් මාත් බස් එකට නැග්ග..තාමත් ඒ සිදුවීම මතක් වෙද්දි හිතට සතු‍ටුයි..ඉතින් අසරණ කෙනෙක් දැකල අහක බලාගෙන යන්නැතුව කව් රු කව් රුත් පොඩි හරි උදව්වක් කරනවනම් ඒ අයට කොයිතරම් දෙයක්ද..මොනා උනත් මනුස්සයෙක් තවත් කෙනෙක්ට අත පාන්නෙ නැති බැරි කම හින්දමනෙ..ඒ කෙනා බොරුවක් කලත් අපිට අපි දෙයක් දුන්නම තියෙන සතුට හරි ඉතිරි වෙනවනෙ..
                                                                  "...දුන් දේ සුවඳයි.."


සංහිඳ

හිතුව තරම් බ්ලොග් ලියන එක නම් ලේසි නෑ වගේ..මොකද ලියන්න දේවල් හිතාගන්න බැරි නිසා..බ්ලොග් ලියන අය කොහොම වැඩකාරයොද කියල හිතෙනව..මොනව උනත් ඉක්මන්ටම හොඳ බ්ලොග් කාරියක් වෙන්න තමා හිතන් ඉන්නෙ..මුලින්ම ඉතින් හැමදාම වගෙ මම ගැන කියල ඉන්න ඔනෙනෙ..""මමත්වය""...
ඉතින් මම අනුරංගි..විසාකාවියක්..සාමන්‍ය පෙළ ලිව්ව 2010දි....අනාගතයට පාර තනන්න හදන්නෙ Engnieering. කරන්න..ලේසි ඉලක්කයක් නම් නෙමේ..එත් කොහොමහරි ජයගන්න බලනවා...ඉතින් මගෙ බ්ලොග්කරනයෙ ඉදිරි ගමනට හැමොගෙන්ම සහය ලැබෙවි කියලා හිතනව..ගුණ දොස් කියල comment කරලා යන්න..
හැමොටම තුති

.....................ජීවිතයේ වස්සානයෙන්.................

මාත් ඉතින් ඔන්න හා හා පුරා කියලා බ්ලොග් ලියන්න හිතුව...තාමත් මෙ ගැන වැඩි තේරුමක් නැති හින්දන් ලියන්න දෙයක් හිතාගන්න බැහැ වගේ...