නොනිමි සිත් අහස වියන්නෙ "පුංචි හිතක්"..ජීවිත කතාවේ සොඳුරු කතා වගේම විනොදාස්වාදයට ලියන මේ අහසට ඇවිත්ම පියාසලලා බලන්නකෝ..
Wednesday, April 6, 2011
ඉතාලි ගිය අපේ එකා..
මේ කතාවත් අර සිරිපාල ගැනම තමා.ඉස්සර අර ගොඩ දෙනෙක්ට ඉතාලි යන පිස්සුවක් තිබුනෙ.බෝට්ටු වලින් ගිහින් හොරෙන් ඉතාලියට යන කාලේ.තාමත් ඒක සිද්ද වෙනවද මන්ද කොහොමින් හරි මේ සිද්දියත් ඒ ගැන..සිරිපාලටත් ඕනෙ උනා ඉතාලි යන්න..එතකොට තමා මිනිහගෙ ෆිට් පොරක් කිව්වෙ අඩු ගානට ඉතාලි යන්න පුලුවන් *****ක් විතර තමා ගාන යන්නෙ කියල..ආයෙ මොනාද දිවිය ලෝකෙ යන්න ටිකට් හම්බුනා වගේනෙ..සිරිපාලත් එක පයින් කැමතී වැඩේට..කොහොමහරි දැන් සිරිපාලයි,ෆිට් පොරයි ඉතාලි යන්න සල්ලිත් ගෙව්වා..කොහොමහරි එහෙන් දවසක් කියල එදා රෑට යනවා කිව්ව..දැන් ඔන්න ඒ දවසට ගිහින් බෝට්ටුවට නැග්ග.එච්චර කට්ටියකුත් නෑ තව 3න් දෙනයි හිටියෙ.බෝට්ටුව එලවන්න දෙන්නයි..ඒජන්සි කාරයයිලු..දවස් ගාණක් මුහුදෙ ඉඳල ඉඳල ඔන්න දැන් ගොඩබිමක් යාන්තම් පේනව..
"අර පේන්නෙ ඉතාලිය තමා..බැස්ස ගමන් පුලුව තරම් දුරක් රට ඇතුලට දුවන්න..නවතින්න එපා මොකද ඔයාලට වීසා නෑනෙ."ඒජන්සිකාරයා උපදේසෙකුත් දුන්නා..
කොහොමහරි පාන්දර කට්ට කරුවලෙ මෙයාලව බස්සලා බෝට්ටුව ගියා..මේ දෙන්නත් බැස්ස ගමන් පුලුවන් තරම් දුරක් දිව්වා..දුවල දුවල ඔන්න මහ පාරකට ආවා..
"ඈ බන් මේ ඉතාලියෙ මොන සුද්දෙක්වත් නෑනෙ බන්.."
"මේ උදේ උන් නැගිටල නැතුව ඇති බන්"
"ආහ් වෙන්න ඇති වෙන්නති..දැන් අපි කොහෙද යන්නෙ?"
"බස් එකක් ආවම ඒකක නැගල යන් බන්..නවත්තන තැනකින් බහිමු"
ඔන්න දැන් ගාට ගාට බස් එකක් එනව..
"මචං බස් එකක් නම් එනවා"
"Chilaw බස් එකක් මචං නගිමු..කොහෙන් හරි නවත්තන්නෙ නැතැ..
කොන්දා ආවා..මහත්තයලා ටිකට් ගන්න කොහෙටද යන්නෙ?"
අස්පට මචං මේකා සිංහලනෙ.."
ඔයා මෙහෙට ඇවිත් ගොඩක් කල්ද?දෙන්නා කොන්දා ගෙන් ඇහුවා..
"මොනා අහනවද මහත්තයා අපි උපන් දා ඉඳන් මෙහෙ"
මොකක්?අපිත් ලංකාවෙන්.. : D
මොනවා කියවනවද මන්දා මේ ලංකාවනේ..
කෙලියා තමා..මුන් මෙච්චර කල් ඉඳල ඉඳල අපිව ගෙනත් දාල තියෙන්නෙ හලාවතට යකො..
දැන් ඉතින් ගෙදර යමන්..ඉස්සරහ හොල්ට් අපි බහිනවා.ඔන්න ඔහොමයි සිරිපාලගෙ ඉතාලි යාම
Labels:
විනෝදාත්මක
Subscribe to:
Post Comments (Atom)
එල කතාව.... මාත් මෙහෙම එකක් කලින් අහල තියෙනව.
ReplyDelete:D..මේක මෙයාට ඇත්තටම සිද්ද උන එකක්..අන්තිමට ගෙදර ඇවිත් කියලා air port එකෙ බංකුවක් උඩ ඉඳන් ඉඳල ආවා කියලා.බැලුවම මෙයා air port එක දෙකලවත් නැහැ
ReplyDeletehik hik hik :D
ReplyDeleteලොල්ය.. කලින් සිරි පාල කක්ක ය.. මූනම් පට්ටය.. :D ලොල්ය.
ReplyDeleteMare maru nanga......
ReplyDeleteඅයියෝ සිරිපාල
ReplyDelete