නොනිමි සිත් අහස වියන්නෙ "පුංචි හිතක්"..ජීවිත කතාවේ සොඳුරු කතා වගේම විනොදාස්වාදයට ලියන මේ අහසට ඇවිත්ම පියාසලලා බලන්නකෝ..
Sunday, August 21, 2011
වැහි බිඳුවක පෙම් කලෙමි
වැස්ස..ඔහේ වහිනවා..තේරුමක් නැතුව,ඒත් වැස්ස පොලොවෙ හැම දුක් කන්දරාවක්ම හෝදලා දානවා.වැස්සට පුලුවන් වුණා නම් මගෙ දුකත් ඒ වගේම ගලාගෙන යන්න දෙන්න.මං මේ නගරය අස්සෙ තනි වෙලා..දඩබ්බරව වහින වැස්සට තෙමි තෙමි ඔහේ ඇවිදිනවා.පිස්සෙක් වගේ..අද වගේම අතීතයේ දවසක මෙහෙමම අපි වැස්සෙ තෙමුණ හැටි මගෙ ඇස් ඉස්සරහ මැවුණා
"සුදු අයියෙ වහින්නයි එන්නෙ.."
"අපි අද විතරක් තෙමෙමු..." මං ඒ ඇස් දිහා බලාගෙන කෙඳිරුවා.
"මිනිස්සු හිතයි පිස්සු කියලා.මට නම් බෑ..සුදු අයියත් කුඩේ ඉහල ගන්න..මාත් මගෙ කුඩේ ඉහල ගන්නම්..."
"අපි එක කුඩේ යමු."
"අනේ බෑ කවුරුහරි දැක්කොත් අපිව..විභාගෙ ඉවර වුණාට පස්සෙ යමු..එතකොට අපි ලොකුයි නෙ.."..මං අතින් අල්ලගන්න හදපු හැමදවසකමත් ඔයා මිමිණුවේ ඒ වචන ටික විතරමයි..
"හ්ම්ම්..චූටි නංගි ඔයා කුඩෙ ඉහලගන්නකො එහෙනම්.මට තෙමෙන්න ඕනෙ.."
නිල් පාටින් මල් වැටුණ කුඩේ අරන් ඔයා ඉහළ ගන්න හැදුවා..ඒත් දඟ කරන මගෙ ඇස් දැක්කම එදා ඔයාට දුක හිතෙන්නෙ ඇති නංගියෝ..
"නෑ අපි දෙන්නම තෙමෙමු.." අපි රොබරෝසියා මල් වැටුණ පාරෙ ඔහේ ඇවිදගෙන ගියා..මුලු ඇඟම තෙතබරියම් වුණත් අපි දෙන්නම හිනා වුණා..
ඒ එදා..කිසිම දවසක මට හිමි නොවුණ නුඹ කොහෙද අද?.විභාගෙන් පැරදුණ කොල්ලෙක් ළඟ අනාගතය ගොඩ නගාගන්න බෑ කියලා උඹ හිතක් පපුවක් නැති ගානට මාව දාල ගිය හැටි.ඒ වචන එදා වගේම තාමත් මතකයි...අමතක කරන්න හදන වාරයක් වාරයක් ගානෙ ඔය ඇස් මට වද දෙනවා කෙල්ලෙ.උඹ මගෙ ජීවිතෙ වෙලා.ගිය කෙනෙක් වෙනුවෙන් මගෙ හිත තාමත් අඬන්නෙ ඇයි දෙවියනෙ ඇයි?..කල්පනා දැහැන බිඳගෙන ඉස්සරහින් ආව කව්දෝ දෙන්නෙක් මගේ මඟ ඇහිරුවා.
දෙයියනේ චූටි නංගි මගෙ චූටි නංගි මේ ඔයාමද?
කවදාවත් මට අල්ලගන්න නොදුන්නු ඔය සුදු අත අද තවත් අතක වෙලිලා..මං නුඹත් එක්ක යන්න හීන මැව්ව නිල් පාට මල් වැටුණ කුඩේ යටින් තවත් කෙනෙක් නුඹත් එක්ක..අපේ ඇස් මොහොතකට ආයෙමත් එකතු වුණා.ගොලු වුණ හිතකින් මං ඔය ඇස් දිහා බලාන ඉද්දි ජීවිතේ තව පාරක් නොදන්නා ගානට උඹ මාව දාලා ගියා මගේ චූටි නංගි..උඹ ගියා....පුංචි දේට කඳුලු පෙර පෙර ඇඬුවට කෙල්ලන්ගෙ හිත හයියයි චූටි නංගි..කොල්ලො වගේ නෙමේ..කඳුලු වලින් බොඳ වුණ ඇස් වලින් අන්තිම වතාවට උඹ දිහා හැරිලා බලපු මං ආයෙමත් මේ මහ නගරෙ තනි වුණා.ජීවිතේ තවත් දවසක..
ළඟින් ඉන්නට වරම් නැති සඳ
හඬන මගෙ හිත හදාගන්නට
අනේ තව එක්වරක්වත්
හීනයක් වී වඩින් හිත වෙත
Labels:
දුකට,
නිකමට හිතපුවා
Subscribe to:
Post Comments (Atom)
හනේ හපොයි.. මොකද මෙහෙම එකක් ලියන්න හිතුනේ..
ReplyDelete@ආගන්තුකයා අයියා-ආස හිතුණා අයියා.නිකන් හිතුනා ලිව්වා
ReplyDeleteදැන් හරිනෙ නංගියෝ.. සිස්සත්තෙ ඉවරයිනෙහ්.. දැන් අපි ලොකුයිනෙහ්.. මං දැන් අතින් අල්ලඥ්ඥං... :D
ReplyDelete@pinkie-නැතුවට කමක් නෑ පින්කියෝ
ReplyDeleteළඟින් ඉන්නට වරම් නැති සඳ
ReplyDeleteහඬන මගෙ හිත හදාගන්නට
අනේ තව එක්වරක්වත්
හීනයක් වී වඩින් හිත් වෙත
මේක නම් පට්ටයි...ලස්සනයි :)
ලස්සනට ලියලා තියනවා හොඳයි ......
ReplyDeleteහොදයි...
ReplyDeleteහ්ම්ම්....
ReplyDeleteහපොයි..පිස්සු හැදෙනවා..නියමෙටම වචන ගොනු කරලා තියෙනවා නංගියෝ..අන්තිම හරිය කියවනකොට නිකන් අපිට උනා වගේ..
ReplyDeleteඇත්තටම කෙල්ලොන්ගේ හිත් අපි හිතනවට වඩා හයියයි තමයි..
ලස්සනයි..!!!
කියවනකොට නම් දුක හිතුනා.පොඩි කාලෙ ,ඉස්කෝලෙ යන කාලෙ ගෙදරට හොරාට කරන ආදරේ හරිම සුන්දරයි.ඒත් පහුවෙනකොට ගොඩක් දේවල් වෙනස් වෙනකොට ආදරෙත් ඉබේම වෙනස් වෙනවා.
ReplyDelete@චම්මා අයියා-ස්තුතියි අය්යේ මේ පැත්තේ ආවට
ReplyDelete@කල්හාර අයියා ගීතිකා අයියා-අදහස් වලට ස්තුතියි
@තාරක අයියා-ගොඩ කාලෙකින්.:)
ReplyDelete@ආගන්තුකය අයියා :-ස්තුතියි කොල්ලෙක් වගේ හිතන එක ලේසි නම නෑ..
@හිම හංසි අක්කා-එහෙම තමා අක්කියෝ හැමදෙම වෙනස් වෙන ලෝකෙක ආදරේ වෙනස් නොවී තියෙන්නේ නෑ නේද?
කොල්ලෙක් වගේ හිතන එක ලේසි නැති වුනාට, ඒ දේ පොඩ්ඩක් හරි තේරුම් ගන්න පුලුවන්නම් මේ ලෝකේ තියෙන ප්රශ්න වලින් භාගෙකට වඩා අඩු වෙයි.
ReplyDeleteඒක තමා ගොඩ කාලෙකින්... :P
ReplyDeleteකොහොමද එහෙම වුනේ?? මටත් මතකයක් නෑ ලඟදි මේ පැත්තේ ආව කියලා
හ්ම්,.... හරිම ලස්සනයි නංගියෝ..
ReplyDelete@තාරක අයියා-ඇත්ත අයියා දෙගොල්ලන්ටම පුළුවන් නම එයාල හිතන පතන විදි තේරුම ගන්න මේ ලෝකේ ප්රශ්න ගොඩක් විසදේවි
ReplyDelete@ප්රාර්ථනා අක්කා-ස්තුතියි අක්කා :)
ReplyDelete