Wednesday, March 14, 2012

~පුතේ උඹ හින්දා~

නොදැකපු කෙනෙක් නැතී...
නමුදු සිත දු‍ටු අය නැතී...
සුවඳ වත්සුණු නොතවරා
සිනාසෙති කට පුරා
අනේ මහත්තයො සතයක්!
නොකියතී කිසිදා...

ළැම දු‍ටු අය ඇතී
ළය දු‍ටු උන් නැතී
කුස ඇවිලි කරුමෙට
පිටි පැකට් පිහිටට
විකුණතී ඇඟ මස්
පුරවතී පව්කම්...

ගැහැණු කම විකුණතී
පිරිමි ඇවිදින් යතී
ළඟ ‍රැඳුනු කිසිවෙක්
නොඅසතී පැනයක්
කිමද මේ මහ මගට වී?

වෙශ්‍යාවක් වෙන්නැතී
හැඟුම් මිල ගන්නැතී
නුඹට නොදැනෙන්නැතී
මව් සෙනේ කඳ නිම් නැතී...

නොකියන් පුත මගේ
අම්මා නොව මගේ...
"උඹ වෙශ්‍යාවක්"
දෙතන කිරි නැති නිසා
මම නුඹට කිරි හොයා
විකුණුවෙමි ඉස්මස්..
පාරමී නොපුරාම...

පූරුවේ කල පවට
වැ‍ටුණා නරා වලකට
වරම් ඒවා මතු භවේකට
පතිනි අම්මා කෙනෙක් වන්නට...

Tuesday, March 13, 2012

~නොලියාපු කවියක්~

"හෙලෝ වීනු....හෙට ආශිගෙ බර්ත්ඩේ නේද?එහෙ යන්න කලින් මා එක්ක පොඩි ගමනක් යන්ද බන්?"

"අහ් ගොන් නාම්බා ‍තෝද?මොකො මාව මතක් වුණෙ?හොඳම යාළුවා දැක්කත් අහක බලා යන එකා..මොකො හදිස්සියෙ මාව මතක් වුණෙ මලක් වත් සෙට් වුණාද සිනෙතු?"

සිනෙතුගෙ සිනා හඬ රිසීවරයෙ එහා පැත්තෙන් කන වැකුණි...

"හෙට ඔක්කොම කියන්නම් බන්...එනවකෝ...මේකෙ සල්ලි නෑ මන් තියනවා..ගුඩ් නයිට්"
දඩස්//
මේ කොල්ලට තියෙන හදිස්සියක්..හැමදාම ඔහොමයි..

උදේ පාන්දරම අවදින වුණ මම හදිස්සියෙන්ම ලෑස්ති වුණෙ අදවත් කලින් යන්න..හැමදාම බැනුම් අහන්නත් බෑනෙ..
"මොකක්ද බං වීනු ඔයා 2.50 හිඟන්න කෝච්චියටත් වඩා හිමින් කොට කොට එන්නෙ.."කන පැලෙන්න හයියෙන් කෑ ගහන සිනෙතු මා අවුස්සන්නෙ තදින් කන මිරිකා හෝ අඩි ගාණක් විසි වන්නට මට තට්‍ටුවක් දමමිනි..

ජීවිතෙ පලවැනි වතාවටද කොහෙද මම සිනෙතුටත් කලියෙන් හෝල්ට් එකට ගියා..

ආහ් බුජං ආවද අද කුකුළත් කරේ තියන් උදේම..?පුදුමයි සැබෑ වෙනසක්"
දුර ඉඳගෙන සිනෙතු කෑ ගහනවා.."සිලෝන් ටකරං බස් එකක් එනවෝ...."

බසය නවත්තන්නටත් කලියෙන් මාවත් ඇදගෙන බස් එකට ගොඩ වුණ සිනෙතු පර්ස් එක ඇද්දා..7 ටිකට් 2ක්.."ඉඳකින් මේ වගෙ යාලුවො නිසා මගෙයි පර්ස් එක හැමදාම හිස් වෙන්නෙ..සිනෙතු තොල් මතුරනවා"

කොහොමින් හරි ඊලඟ හෝල්ට් එකෙන්ම අපි බැස්සා..මගෙ බෑග් එකෙන් මාව ඇදගෙන මේකා දුවන්නෙ හරියට ගොනා අරන් යන ගොවිරාල වගෙ.මම ගස් ගල් වල හැප්පිලා වැටෙන්න යනවා මේකට ගාණක්වත් නෑ..හ්ම්ම් මෙතනින් වාඩි වෙන්න අලුතෙන් ඉදිකරපු walking path එකට මාව එක්කන් ගිහින් වාඩි කරවපු සිනෙතු දුවලා ගිහින් අයිස් ක්‍රීම් දෙකකුත් උස්සන් ආවා..

"ආ මේං"

එකක් මට දික් කරන ගමන් අනික හදිස්සියෙන් ලෙවකන්න ගත්තෙ මගෙ අයිස් ක්‍රීම් එකටත් වග කියන්න පුලුවන් කියලා දන්න නිසා..

"හ්ම්ම් දැන් කියන්න කව්ද කෙල්ල?මෙච්චර කල් අපිව අමතක කරලා මලක් එක්ක සෙට් වුණානෙ.."

මූණෙ දඟකාර පෙනුම කොහෙදෝ අතුරුදහන් වුණා..ගලා යන ඔය දිහා මොහොතක් ගොලු වෙලා බලන් හිටපු සිනෙතු හදිසියේම මා ළං කරගෙන වැළඳගත්තා..උණු කඳුලක් උරහිස තෙමාගෙන යනවා මමත් නුඹත් කොහේදෝ ලෝකෙක..ජීවිතෙ පළමු වතාවට මගෙ හිතට අමුතු හිරියක් ගලා ආවා..කොල්ලෙකු මේ තරම් හැඟීම් බරද?

"යාලු...කියන්න ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද?"

මගෙන් ඉවතට නුඹව ගන්නා ගමන් වෙවුලමිනි මම මැතුරුවා.කාටවත් ඇහෙයි වගේ බයට වචන එලියට ආවෙ ගොඩාක් හිමින්.සිනෙතුගෙනුත් එහෙමමයි..
"වීනු ඔයාගෙ යාලුවා මෙහෙම ඈත් වුණ එකට තරහ නෑ නේද වීනු?මට මේ දේ කියන්න දෙන්න ඒත් අමතක කරන්න මේ කතාව ඊට පස්සෙ.මං ඔයාට ආදරෙයි..සත්තමයි ඔයාගෙ ඔය දඟම දඟ යාලුකමට වගේම...ඊටත් එහා ගිය බැඳීමකට.."

තොල් මතුරපු සිනෙතු හිමින් මගෙ නළලතට හාදුවක් තිබ්බා..හිරි වැ‍ටුණු මගෙ පපුව හදිසියේම නැවතුණා වගෙයි මට දැණුනෙ..මං මේ පිස්සු කොල්ලට ආදරේ කරනව දෙයියනේ...මට වැටහුණා.ඒත් දැන්මම නොකියා තව දවස් 3කින් එන මෙයාගෙ උපන් දිනෙ දවසෙම කියන්න මම හිතා ගත්තා..වරදක් කලා වගෙ මගෙන් ඈත් වුණ සිනෙතු මාව බස් එකට ගොඩ කරලා නොපෙනී ගියා...

මම පුන්චි රෝස මලකුත් සුබ පැතුම් පතකුත් එක්ක සිනෙතුලගෙ ගෙදරට උදේම දිව්වෙ බර්ත්ඩේ එකට විශ් කරන්න..

"ගුඩ් මෝර්නින්ග් ආන්ටි කෝ සිනෙතු "

මං මූණ පුරා හිනාවීගෙන ඇහුවත් ආන්ටි මා එක්ක කතා කලේ අමුතුවට..

"දූ සිනෙතු ගෙදර නෑ එයාව එක්කන් එන්න තමා මේ යන්න හදන්නෙ යමු මා එක්ක.."

මම ප්‍රශ්නාර්තෙකින් ආන්ටිගෙ මූණට එබුණා.."එන්න යන්න..." මාවත් ඇදගෙනම ත්‍රීවිල් එකකට ගොඩ වුණ ආන්ටි ගියෙ ඉස්පිරිතාලෙට.මට මුකුත්ම හිතාගන්න බැරි වුණා.වචනයක්වත් කටට ආවෙ නෑ..මං ගොලු වෙලා..මහ මූසල හැඟීමක් හිත මත්තෙ නහිනවා.

"දූ ඔයාගෙ යාලුවා ඔයාට හංඟපු දෙයක් තියෙනවා..එයාගෙ ලේ එයාට විසයි දුවේ එයාට වැඩි කාලයක් නෑ...ඒත් ඒක ඔයාට කියාගන්න තරම් පුතාගෙ හිත හයිය වුණේ නෑ..මගෙ දරුවට සමාව දෙන්න දුවේ.."

ආන්ටි එහෙම කියන ගමන් මට සිනෙතු නවත්තලා ඉන්න කාමරේට යන්න දොර විවර කලා...

හැමදාම වගේ මං පරක්කුයිද මගෙ රත්තරං යාලුවේ?මගෙ එකම ආදරේ මගෙ යාලුවගෙ හිනාව පිරුණු මූණ වෙනුවට එතන තිබුණෙ සුදු රෙද්දකින් වහපු නිසල සිරුරක්...සිනෙතුගෙ අම්මා ක්ලාන්ත වෙන හඬ මට ඇහුණත්..........මම සිහියක් පතක් නැති කෙල්ලෙක් විදිහට හැසිරෙන්න ඇති..සත්තයි මගෙ යාලුවේ නුඹ වෙනුවෙන් මගෙ හිත කෑ ගාපු තරමක් නුඹ දන්නවා නම්...........ගලපු කඳුළු නුඹට දැනෙනවා නම්...හිමින් උඹට පාත් වෙලා එදා වගේම ඔයාව වැළඳගත්තෙ මන් ලබන්න හීන දැකපු ආදරේ කවදාවත් මට නොලැබෙන උණුහුමට ලෝබ කමේ..නුඹේ සිරුර හැඟීමක් නැති සීතලක ගිලී තියෙන්නට ඇති,,ඒත් මට දැණුනේ ස්නේහයත් මිතුදමත් එකතු වුණ උඹේ උණුහුම එදා විදිහටම මාව හිරිවට්ටපු ආදරේ...එදා වගේම සිනෙතු ඔයාව හැමදාමත් උණුහුමයි මේ පව්කාර යාළුවට!කවදාවත් නුඹට අයිතිවාසිකම් කියන්නට ඉඩ නොලැබුණ ඔයා ආදරේ කරපු කෙල්ලට...ඔයාට ආදරේ කරපු කෙල්ලට...ක‍ටුක මේ වර්තමානයට වඩා ඔයත් එක්ක ගෙවපු අතීතෙට මගෙ හිත දුවනවා සිනෙතු...මම සදාකාලිකවම අතීතයෙ ජීවත් වෙයි!

ළඟින් ඉඳ හිනැහුණු
මිතුදමක් මට දුන්නු
නුඹයි මගෙ දුයිශෙන්
ආදරේ ගුරු ගීතයක් වුණු..!