ළඟ ළඟම එන ඡන්දෙට ලකලෑස්ති වෙලා තාප්ප වල කට පුරා හිනා වූගෙන ඉන්න අය හැමතැනම...මිනිස්කමක් ගෑවිලාවත් නැති මූණු ගොඩක් අස්සෙ තාප්පෙකට වාරු වෙලා ඉන්න අහිංසක මූණක් නෙත ගැටුනෙ අහම්බෙන්..ඒ දිහා හැරිලා බලන්න මාව පෙලඹුවෙ හිත කීරි ගස්සන බටනලා වාදනයක්..ඇත්තටම වචනෙන් කියාගන්න බැරි ලස්සන තනුවක් ඒ හඬට එක් වෙලා තිබුණා..වදනක් වත් නොකියන ඒ මූණෙ පිරිලා තිබුණෙ බටනලා වාදනයෙන් විඳින සතුටක්..ඇඟට වාරු කරලා වැටෙන්න නොදී තියන් ඉන්න සුදු සැරයටිය අසරණ කම නොකියා කියනවා..අන්ධ නෙතකින් ලෝකය දකින ඒ සුන්දර මනුස්සයා පන්ති ඇරිලා යන අපි හැමෝමව මොහොතක් නතර කෙරෙව්වෙ බටනලා වාදනයෙන්.මට විතරක් නෙමෙ මගෙ යාලුවො දෙතුන් දෙනාටත් එතනට වෙලා අහන් ඉන්න හිතිලා.අපිට ඕනෙ වුණා අපිව සතුටු කෙරෙව්ව ඒ සුන්දර මනුස්සයට ආධාර කරන්න.එහෙන් මෙහෙන් එකතු කරගත්තු සල්ලි කොල ටිකත් ගුලි කරගෙන අපි 4 දෙනා ඒ අන්කල් ගෙ ඉස්සරහට ගිහින් හිටගත්තා..
"ක්‍රිස්ටි" එයාගෙ ලා නිල් පාට පරණ වෙච්ච කමිසෙ එල්ලලා තිබුණ හැඳුනුම් පතෙන් අපි නම දැන ගත්තා..එයා තමන්ගෙ බටනලා වාදනයෙන් විදින වින්දනය අපූරුයි.කලබල නගරයක් අස්සෙ මිනිස්සුන්ගෙ හිත් සුවපත් කරන අතලොස්සකින් එක්කෙනෙක් ක්‍රිස්ටි අන්කල්..වෙවුලන අත අල්ලලා අපි ගෙනාව රු.40 ඒ අතින් තිබ්බෙ ආඩම්බරයෙන්..අනිත් දෙන්නා කලින්ම අන්කල් ට සල්ලි දීලා අපි පොඩ්ඩක් එහෙ මෙහෙ වුණ අතර..
"කීයක්ද මයෙ පුතේ?" තමන්ගෙ දරුවෙක්ගෙ මුල්ම පඩිය තාත්ත කෙනෙක් ගෙ අතට ලැබුණා වගේ මහා සන්තෝසයක් අන්ධ දෑස අහසට යොමු කරගෙන අන්කල් අහනවා..
"මේ රු 10යි මේ රු.10 යි මේ රු 20 යි රු.40 යි අන්කල්...ඒ පුංචි මුදල ලැබිලා වුණත් ඒ අන්කල් ගෙ හිතේ දෝරෙ ගලන සතුට මූණට ඇවිත්.දෑස් නැතත් හැඟිම් අපට පෙනෙනවා..
"ඔය දරුවො දෙන්නට දෙවියන්ගෙ රැකවරණය ලැබෙන්න ඕනෙ.අසරණයන්ට උදව් කරන්න තව තව ඔය දෑතට හයිය ලැබෙන්න ඕනෙ.."
මෙතුවක් කල් අපිට අත පාපු අපි මුදල් දුන්න හැමෝගෙම වචන වලට වඩා ක්‍රිස්ටි අන්කල්ගෙ ඒ වචන අපේ හිතට දුන්නෙ ලොකූ ආඩම්බරයක්..මම තවමත් දන්නැහැ.අද මට ඒ ඇහුණ බටනලා සද්දෙ තාමත් ආයෙ ආයෙ ඇහෙනවා වගෙ..ඒ වාදනය මතක් වෙන පාරක් ගානෙ මගෙ ඇස් වලට කඳුලු උනන්නෙ ඇයි?මම තාමත් හිතනවා..වේගෙන් එකිනෙකා පරයන ලෝකයේ අද මට අහම්බෙන් මුණ ගැහුණ ක්‍රිස්ටි අන්කල් ඊළඟ ආත්මෙදි ඔය ලස්සන හිතට මෙහෙම අසරණ නොවී ලෝකය දකින්න වාසනාව උදා වෙන්න ඕනෙ...
තේරුම් ගතිමි නුඹට දුන්න මුදල් ණයක් හෝ ආධාරයක් නොවන වග...ඒ නුඹේ වාදනයෙන් සුවපත් කල අපේ සිත් නුඹට කල උපහාරයයි!
නොනිමි සිත් අහස වියන්නෙ "පුංචි හිතක්"..ජීවිත කතාවේ සොඳුරු කතා වගේම විනොදාස්වාදයට ලියන මේ අහසට ඇවිත්ම පියාසලලා බලන්නකෝ..
Showing posts with label දුකට. Show all posts
Showing posts with label දුකට. Show all posts
Sunday, September 18, 2011
Sunday, August 21, 2011
වැහි බිඳුවක පෙම් කලෙමි
වැස්ස..ඔහේ වහිනවා..තේරුමක් නැතුව,ඒත් වැස්ස පොලොවෙ හැම දුක් කන්දරාවක්ම හෝදලා දානවා.වැස්සට පුලුවන් වුණා නම් මගෙ දුකත් ඒ වගේම ගලාගෙන යන්න දෙන්න.මං මේ නගරය අස්සෙ තනි වෙලා..දඩබ්බරව වහින වැස්සට තෙමි තෙමි ඔහේ ඇවිදිනවා.පිස්සෙක් වගේ..අද වගේම අතීතයේ දවසක මෙහෙමම අපි වැස්සෙ තෙමුණ හැටි මගෙ ඇස් ඉස්සරහ මැවුණා
"සුදු අයියෙ වහින්නයි එන්නෙ.."
"අපි අද විතරක් තෙමෙමු..." මං ඒ ඇස් දිහා බලාගෙන කෙඳිරුවා.
"මිනිස්සු හිතයි පිස්සු කියලා.මට නම් බෑ..සුදු අයියත් කුඩේ ඉහල ගන්න..මාත් මගෙ කුඩේ ඉහල ගන්නම්..."
"අපි එක කුඩේ යමු."
"අනේ බෑ කවුරුහරි දැක්කොත් අපිව..විභාගෙ ඉවර වුණාට පස්සෙ යමු..එතකොට අපි ලොකුයි නෙ.."..මං අතින් අල්ලගන්න හදපු හැමදවසකමත් ඔයා මිමිණුවේ ඒ වචන ටික විතරමයි..
"හ්ම්ම්..චූටි නංගි ඔයා කුඩෙ ඉහලගන්නකො එහෙනම්.මට තෙමෙන්න ඕනෙ.."
නිල් පාටින් මල් වැටුණ කුඩේ අරන් ඔයා ඉහළ ගන්න හැදුවා..ඒත් දඟ කරන මගෙ ඇස් දැක්කම එදා ඔයාට දුක හිතෙන්නෙ ඇති නංගියෝ..
"නෑ අපි දෙන්නම තෙමෙමු.." අපි රොබරෝසියා මල් වැටුණ පාරෙ ඔහේ ඇවිදගෙන ගියා..මුලු ඇඟම තෙතබරියම් වුණත් අපි දෙන්නම හිනා වුණා..
ඒ එදා..කිසිම දවසක මට හිමි නොවුණ නුඹ කොහෙද අද?.විභාගෙන් පැරදුණ කොල්ලෙක් ළඟ අනාගතය ගොඩ නගාගන්න බෑ කියලා උඹ හිතක් පපුවක් නැති ගානට මාව දාල ගිය හැටි.ඒ වචන එදා වගේම තාමත් මතකයි...අමතක කරන්න හදන වාරයක් වාරයක් ගානෙ ඔය ඇස් මට වද දෙනවා කෙල්ලෙ.උඹ මගෙ ජීවිතෙ වෙලා.ගිය කෙනෙක් වෙනුවෙන් මගෙ හිත තාමත් අඬන්නෙ ඇයි දෙවියනෙ ඇයි?..කල්පනා දැහැන බිඳගෙන ඉස්සරහින් ආව කව්දෝ දෙන්නෙක් මගේ මඟ ඇහිරුවා.
දෙයියනේ චූටි නංගි මගෙ චූටි නංගි මේ ඔයාමද?
කවදාවත් මට අල්ලගන්න නොදුන්නු ඔය සුදු අත අද තවත් අතක වෙලිලා..මං නුඹත් එක්ක යන්න හීන මැව්ව නිල් පාට මල් වැටුණ කුඩේ යටින් තවත් කෙනෙක් නුඹත් එක්ක..අපේ ඇස් මොහොතකට ආයෙමත් එකතු වුණා.ගොලු වුණ හිතකින් මං ඔය ඇස් දිහා බලාන ඉද්දි ජීවිතේ තව පාරක් නොදන්නා ගානට උඹ මාව දාලා ගියා මගේ චූටි නංගි..උඹ ගියා....පුංචි දේට කඳුලු පෙර පෙර ඇඬුවට කෙල්ලන්ගෙ හිත හයියයි චූටි නංගි..කොල්ලො වගේ නෙමේ..කඳුලු වලින් බොඳ වුණ ඇස් වලින් අන්තිම වතාවට උඹ දිහා හැරිලා බලපු මං ආයෙමත් මේ මහ නගරෙ තනි වුණා.ජීවිතේ තවත් දවසක..
ළඟින් ඉන්නට වරම් නැති සඳ
හඬන මගෙ හිත හදාගන්නට
අනේ තව එක්වරක්වත්
හීනයක් වී වඩින් හිත වෙත
Friday, August 19, 2011
මාතෘකාවක් නැත
හඩන ඇහි පිල්ලමක් යට
මියදේවි මා දුක තුරුල් කොට
පුදන මල්වඩම් නැතුවට
වරෙන් අවසන් වතාවට
මගේ මලගම හෙට!
මියදේවි මා දුක තුරුල් කොට
පුදන මල්වඩම් නැතුවට
වරෙන් අවසන් වතාවට
මගේ මලගම හෙට!
Thursday, August 18, 2011
එදා සහ අද !
අගෝස්තු නිවාඩුව ආපුවාම අපිට නිවනක් නෑ,සරුංගල් බලන්න කියලා දවසම ගල උඩ ඉන්නවා.ඒ විතරක් යෑ ඇයි සරුංගල් හදලා යවන්න.මාත් දන්නවා සරුංගල් හදන්න.ඒත් උඩ යන්නැහැ.ඉතින් මට සරුංගල් හදලා දුන්නෙ ඉස්සරහ ගෙදර මල්ලි.මල්ලියි මමයි අක්කයි තුන් දෙනාම යනවා සරුංගල් අරින්න.මම 10 වසරට විතර යනකන්ම සරුංගල් අරින්න ගියා අගෝස්තු නිවාඩුවට.කෙල්ලො කොල්ලො බේදයක් නෑ හැමෝම එක්කහු වෙනවා සරුංගල් බලන්න.කොයිතරම් සුන්දරද?
ඉස්සර පුරුද්දට වගේ රෙදි ටික ගන්න ගලට ගියාම මං වාඩි වෙලා පේන අහස් මානයේ සරුංගලයක් හෙව්වා.ඉස්සර සරුංගල් දහ දොලහක් පේන අහසෙ අද එකම එක සරුංගලයක්වත් නෑ,කාලය යද්දි අපි හැමෝම වෙනස් වෙලා,ඒත් අපි ගෙවපු කාලයටත් වඩා අඩු කාලයක් අද පුංචි එවුන්ට ඉතිරි වෙලා තියෙන්නෙ කියලා හිතෙනවා,අපිටත් හැමදාම හවසට පන්ති තිබුණා තමා ඉස්කෝලෙ ඇරිලා ගෙදර එද්දි 4 විතර වෙනවා තමා ඒත්...ඒත් අපි සෙල්ලම් කලා.හැමෝම කියනවා වගේ පන්ති නිසා අපේ නිදහස අපිට නැති වුණේ නෑ,නැති වෙන්නෙත් නෑ මට හිතෙන්නෙ.පන්ති ගියාමත් අපිට නිදහසක් තිබුණා සාමාන්‍ය පෙල කරද්දිත්.අපේ පන්තියට එහා පැත්තෙ වෙලේ ගොයම් කපලා ඉවර වුණාම අපි යනවා එල්ලෙ ගහන්න.කෙල්ලො එක පැත්තක කොල්ලො එක පැත්තක.නැත්තම් කලවමේ..පන්ති ඉවර වුණ ගමන්ම දුවන්නෙ වෙලට.වැටි වැටි බෝලෙ පස්සෙ ගිය අපි.මඩ අරන් මූණු වල ගෑව අපි පන්න පන්න කහඹිලියා ගා ගත්ත අපි අද උසස් පෙල කරන්න ඇවිත්..
දැන් උසස් පෙල කරනකොට නම් වැඩ කරන්න තියෙනකොට නිදහසක් නැති බව ඇත්ත ඒත් සාමාන්‍ය පෙළ කාලෙත් ඇති තරම් නිදහසක් තිබුණා.ඒ කියන්නෙ ගිය අවුරුද්ද වෙනකන්ම අපි නිදහසේ හිටියා.එහෙනම් ඇයි මේ?නිදහස නැහැ නෙමෙ අද සරුංගල් යවන්න සෙල්ලම් කරන්න නෙමේ ඊට වඩා දේවල් පොඩි එවුන්ගෙ හිත් වලට ළං වෙලා,තාක්ෂණයත් එක්ක ලෝකෙ වෙනස් වෙනවා.අද සරුංගලේ රෝන්දෙ ගහන්න යන බයිසිකලේ වෙනුවට ෆෝන් එකයි කම්පියුටර් එකයි ළං වෙලා.ඇත්ත මටත් එහෙමයි,හැමෝටම එහෙමයි.ඉස්සර වෙලේ,වත්තේ දුව දුව හැංගි මුත්තම් කරපු අපි,ගස් ඔට්‍ටු දාපු අපි අල්ලන ඔට්‍ටු දාපු අපි කුණු අඹ ගහ ගත්තු අපි කාලෙත් එක්ක වෙනස් වෙලා.අපෙන් එහා අය ඊටත් වෙනස් විදිහකට එයාලගෙ නිදහස ගත කරාවි.අපි කාලයටත් වඩා ඉක්මණට ඉස්සරහට දුවනවා තාක්ෂණයත් එක්ක ඔහේ දුවනවා.ඉතින් හෙට දවස කොහොම වේවිද?

Saturday, April 30, 2011
අරුම සඳ
හිතට පායපු අරුම සඳ නුඹ
මගේ සිත් අහස එලි කල..
දුකක් දී අද හැර ගිහින් ඔබ
නෙතට කඳුලක් ඉතිරි කරවා...
තව තවත් යලි යලිත් හඬවමින් මා..
මගේ දිවියෙන් ඈත් වී ගොස්
වෙනත් තරුවක සිත් ගනීවිද?
සුවඳ රදමින් මගේ සිත මත
ඔබේ සෙනෙහෙට මා තුරුල් කර
ඒ තුලම මා සැතපවූ මුත්
මටත් හොරෙන් නුඹ නික්ම ගොස්
කඳුල පමණක්ම උරුම වූ මං
නුඹට පෙම් බැඳි තාරකාවිය..
Subscribe to:
Posts (Atom)