Sunday, September 18, 2011

ලෝකය පෙන්වූ අන්ධ නුඹේ නෙත්..

ළඟ ළඟම එන ඡන්දෙට ලකලෑස්ති වෙලා තාප්ප වල කට පුරා හිනා වූගෙන ඉන්න අය හැමතැනම...මිනිස්කමක් ගෑවිලාවත් නැති මූණු ගොඩක් අස්සෙ තාප්පෙකට වාරු වෙලා ඉන්න අහිංසක මූණක් නෙත ගැ‍ටුනෙ අහම්බෙන්..ඒ දිහා හැරිලා බලන්න මාව පෙලඹුවෙ හිත කීරි ගස්සන බටනලා වාදනයක්..ඇත්තටම වචනෙන් කියාගන්න බැරි ලස්සන තනුවක් ඒ හඬට එක් වෙලා තිබුණා..වදනක් වත් නොකියන ඒ මූණෙ පිරිලා තිබුණෙ බටනලා වාදනයෙන් විඳින සතුටක්..ඇඟට වාරු කරලා වැටෙන්න නොදී තියන් ඉන්න සුදු සැරයටිය අසරණ කම නොකියා කියනවා..අන්ධ නෙතකින් ලෝකය දකින ඒ සුන්දර මනුස්සයා පන්ති ඇරිලා යන අපි හැමෝමව මොහොතක් නතර කෙරෙව්වෙ බටනලා වාදනයෙන්.මට විතරක් නෙමෙ මගෙ යාලුවො දෙතුන් දෙනාටත් එතනට වෙලා අහන් ඉන්න හිතිලා.අපිට ඕනෙ වුණා අපිව සතු‍ටු කෙරෙව්ව ඒ සුන්දර මනුස්සයට ආධාර කරන්න.එහෙන් මෙහෙන් එකතු කරගත්තු සල්ලි කොල ටිකත් ගුලි කරගෙන අපි 4 දෙනා ඒ අන්කල් ගෙ ඉස්සරහට ගිහින් හිටගත්තා..

"ක්‍රිස්ටි" එයාගෙ ලා නිල් පාට පරණ වෙච්ච කමිසෙ එල්ලලා තිබුණ හැඳුනුම් පතෙන් අපි නම දැන ගත්තා..එයා තමන්ගෙ බටනලා වාදනයෙන් විදින වින්දනය අපූරුයි.කලබල නගරයක් අස්සෙ මිනිස්සුන්ගෙ හිත් සුවපත් කරන අතලොස්සකින් එක්කෙනෙක් ක්‍රිස්ටි අන්කල්..වෙවුලන අත අල්ලලා අපි ගෙනාව රු.40 ඒ අතින් තිබ්බෙ ආඩම්බරයෙන්..අනිත් දෙන්නා කලින්ම අන්කල් ට සල්ලි දීලා අපි පොඩ්ඩක් එහෙ මෙහෙ වුණ අතර..

"කීයක්ද මයෙ පුතේ?" තමන්ගෙ දරුවෙක්ගෙ මුල්ම පඩිය තාත්ත කෙනෙක් ගෙ අතට ලැබුණා වගේ මහා සන්තෝසයක් අන්ධ දෑස අහසට යොමු කරගෙන අන්කල් අහනවා..

"මේ රු 10යි මේ රු.10 යි මේ රු 20 යි රු.40 යි අන්කල්...ඒ පුංචි මුදල ලැබිලා වුණත් ඒ අන්කල් ගෙ හිතේ දෝරෙ ගලන සතුට මූණට ඇවිත්.දෑස් නැතත් හැඟිම් අපට පෙනෙනවා..

"ඔය දරුවො දෙන්නට දෙවියන්ගෙ ‍රැකවරණය ලැබෙන්න ඕනෙ.අසරණයන්ට උදව් කරන්න තව තව ඔය දෑතට හයිය ලැබෙන්න ඕනෙ.."

මෙතුවක් කල් අපිට අත පාපු අපි මුදල් දුන්න හැමෝගෙම වචන වලට වඩා ක්‍රිස්ටි අන්කල්ගෙ ඒ වචන අපේ හිතට දුන්නෙ ලොකූ ආඩම්බරයක්..මම තවමත් දන්නැහැ.අද මට ඒ ඇහුණ බටනලා සද්දෙ තාමත් ආයෙ ආයෙ ඇහෙනවා වගෙ..ඒ වාදනය මතක් වෙන පාරක් ගානෙ මගෙ ඇස් වලට කඳුලු උනන්නෙ ඇයි?මම තාමත් හිතනවා..වේගෙන් එකිනෙකා පරයන ලෝකයේ අද මට අහම්බෙන් මුණ ගැහුණ ක්‍රිස්ටි අන්කල් ඊළඟ ආත්මෙදි ඔය ලස්සන හිතට මෙහෙම අසරණ නොවී ලෝකය දකින්න වාසනාව උදා වෙන්න ඕනෙ...

තේරුම් ගතිමි නුඹට දුන්න මුදල් ණයක් හෝ ආධාරයක් නොවන වග...ඒ නුඹේ වාදනයෙන් සුවපත් කල අපේ සිත් නුඹට කල උපහාරයයි!

9 comments:

  1. ම්ම්ම්ම්ම්ම්ම්.... හැගීම්බරයි...!!!! මෙහෙම චරිත අපේ සමාජේ අද කාලෙ ගොඩාක් එහෙ මෙහෙ වෙලා ඉන්නවා ඇති..

    නුගේගොඩ රොටරිය ළගත් ඔහොම කෙනෙක් හිටියා ඉස්සර. එයානම් අන්ධ නෑ මට මතක විදියට. අපිත් ඒ කාලෙ සල්ලි දාලා ආව.ලසනට බට නලා වාදනය කරනවා. මට ඒ සිද්ධිය මතක් වුනා.

    ReplyDelete
  2. හිතට සංවේදි වුනු සිදුවිමක් අපිත් විඳ ගත්තා...

    ReplyDelete
  3. ගොඩක් සංවේදී කතාවක්! මං හැමදාම අර නුවර ක්ලොක් ටවර් එක ළග සර්පිනාව ගහන ආබාධිත මනුස්සයට රු 10ක් දාන්නෙ ඒ මනුස්සයට තියන හැකියාවට අගය කිරීමක් විදියටයි! ඇත්තටම මේ ලෝකයේ මේ වගේ සංවේදී චරිත කොච්චර ඉන්නවද? ගොඩක් දුකයි මේ කතාව ඇහුවම! ඒ වගේම ඔයාලා එයාට දාපු රුපියල් 40ට මං ගරු කරනවා! ගොඩාක්!

    ReplyDelete
  4. අත පය හොඳට තිබිලා නිකම්ම හිඟා කන මිනිස්සුන්ට වඩා ක්‍රිස්ටි අන්කල් කොච්ච උතුම් ද

    ReplyDelete
  5. දෙයියනේ මට ඇඩුනා. ඒ මනුසිසයා එහෙම කියද්දි ළග හිටියා වගේ. මූණ නොපෙනුනත් මූන දිහා ට ඔලුව හරවන් "ඔය දරුවො දෙන්නට දෙවියන්ගෙ ‍රැකවරණය ලැබෙන්න ඕනෙ.අසරණයන්ට උදව් කරන්න තව තව ඔය දෑතට හයිය ලැබෙන්න ඕනෙ.." කියනවා මට දැනුනා. මේ පිස්සුවෙන් වල්මත් වෙලා සල්ලි පස්සෙ යන ලෝකෙ හිත්පිත් නිවන මිනිස්සු ඉන්නවා‍. කෙනෙක් ගේ ඇගේ තියන කරුණාව දයාව ඉස්මතු වෙනවා තමන් කියන සින්දුවක ස්වරයෙන්, නැත්නම් මේ වගේ සුන්දර බටනලා වාදනයකින්. ඇත්තටම මටත් අහන්න ඕන. මටත් ඕන ඒ මනුස්සයා ට කීයක් හරි දෙන්න. ඒ උපකාරයක් විදිහට නෙමෙයි, උපහාරයක් විදිහට. මේ වගේ අත්දැකීමක් ලැබිලා නෑ තාම. මට මං ගැන දුකයි. මේ වගේ හොද මිනිස්සු අසරණ වෙලා ඉන්නවා දකින්න අකමැති නිසා වෙන්නැති.

    ReplyDelete
  6. ඉස්සර අපේ කැම්පස් එකේ ගේට්ටුව ඉස්සරහත් හිටියා අන්ධ බටනලා වාදකයෙක්...එයා වාදනය කරන්නේ පැරණි සිංහල ගිත...ඔයා කිව්වා වගේම ඒවා ඇහෙනකොට ඇස් වලට කඳුළු එනවා..

    ReplyDelete
  7. සංවෙදි සටහනක්...
    මටත් ගොඩක් අත්දැකීම් තිනවා ඔය වගේ.......

    ReplyDelete
  8. "කීයක්ද මයෙ පුතේ?" ....
    හරියටම එතනට එද්දි දෑස යන්තමට තෙත් වුනා මගෙත්.... බොහොම හැඟුම්බර විදිහට ලියල තියෙන හින්ද...දීපු රුපියල් 40 ට 40 ‍වාරයක් 40 ගුනයකින් වැඩිවෙලා ලැබෙනවා ඔයගොල්ලන්ට

    ReplyDelete
  9. puluvannam me link eken gihin youtube eken balanna mahabharata kiyana indiyan epic eken nirmanaya kala teledrama eka..eeka thamai mama jeevithe balapu lassanama teledrama eka.hema episode ekama youtubevala thiyenava.meya minisunge jeevitha venas kala heki aakaraye apurva saha athi vishishta ganaye indian tele drama ekak.avasanaya vana vita mehe charitha samaga apuru bendeemak apata ethi venava.meya ethem vita oba naraba ethi..eya kalakata pera lankaveth vikashaya vuna.meya indiyave vikashaya vana vita ema rate paraval his vu bava pavasenava.ee kiyanne siyaluma indiyanu vesian telenatayaya naraba thibena bava.

    meya avasanaya vana thek belu kenek nisekavama lankave telenatya narabannan gena kanagatu vevi!

    meya liyana ma budhdhagame.. namuth oonema agamaka kenekuta hindu aagama padanam karagath me telenatyaya ihamath ashaven,aadarayen saha gauravayen nerambiya heki..epamanata eya thula jeevithaya,premaya,sanskruthiya saha siyallama geb vee thibenava.

    WATCHING THIS TELEDRAMA IS THE MOST BEAUTIFUL THING EVER HAPPENED TO MY LIFE..

    if you like to watsh it,search google as 'mahabharat with English subtitles'-youtube

    ReplyDelete

නොනිමි සිත් අහසට ආපු ඔයාලගේ අදහස් මතක ඇතුව සටහන් කරන්න..මෙන්න ඉඩක්