අගෝස්තු නිවාඩුවත් ආවා.පාඩම් කරන්න කිය කිය අම්මා දෙස් දෙවොල් තියද්දිත් හිත දුවන්නෙ සරුංගල් අරින්න යන්නමයි.සරුංගලයක් නම් හදාගන්න පුලුවනි..ඒත් අලවන්න සව්කොල?තාත්තා නැති දුක තේරෙන්නෙ ඔය වෙලාවට.අම්මා මහන්සියෙන් කිරි කපලා හොයන සල්ලි මාසෙ පිරිමහගන්නත් මදි,ඔට්ටපාලු ටිකක් ගලවන් ඇවිත් විකුණන්න තිබුනා නම්..ඒත් කොහෙද වත්තෙ මහත්තයා ඒ ටිකටත් පෙරේතයි..සති ගාණකට කලින් හදා ගත්ත මොණරා දිලිහි දිලිහි ඉන්නවා දොර මුල්ලෙ..ඒත් අලවන්න සව්කොල?අඩුම තරමෙ පත්තර කෑල්ලක්වත් නැති හැටි.දැන දැන වුණත් අම්මට දුක කියන්න පටන් ගත්තෙ හිත උණු වෙලාවත් රු.10ක් දේවි කියලා,,ඒත් අම්මගෙ හිත යකඩ වගේ,ජීවිතෙත් එක්ක ඔට්‍ටු වෙලාම අම්මගෙ හිත හයියයි.ඉතින් රු.10ක් ඉල්ලගන්න එක හීනයක්ම තමයි.
"පුතේ හොඳ කොල්ලා වගේ ගිහින් රු.30ක විතර භූමිතෙල් ටිකක් අරන් වරෙන්.කඩේට කියපන් පොතට දාන්න කියලා."
"අම්මේ අනිත් කොල්ලො හැමෝටම සරුංගල් තියෙනවා.මගෙ සරුංගලෙත් අලවගන්න සව්කොල ගන්න කීයක් හරි?"
"විකාර නොකර ගෙදෙට්ට වෙලා පොතක් පතක් බලාගනින් කොල්ලො ඉගෙන ගත්තොත් උඹට සව්කොල නෙමෙ ඉටි කොල වුණත් ගත්තැහැකි"
හැමදාම ඉතිං ඔය බණේ තමා..මං හිතේ තියෙන තරහටත් එක්ක වරිච්චි බිත්තියට පාරක් ගහගෙනම එලියට බැස්සා..
"වැස්සට තෙත් වෙලා තිබුණ හින්දද කොහෙද පස් හෝ ගාල බිමට වැටුණා..
"ඒ ගමන උඹ ගේත් සමතලා කරන්නද කල්පනාව.හැබෑටම උඹට මං මේ විඳින දුක තේරුම් ගන්න බැරි හැටි..
අම්ම්ගෙ ඇස් වල කඳුලු දිලිහෙනවා.ඒත් ඒ කඳුලු කවමදාකවත් බිමට වැටෙන්නැහැ..හැමදාම ඇහැ යට නලියනවා විතරයි..කඳුලු වලට මේ දුප්පත්කම නැති කරන්න බැරි බව දන්න නිසා වෙන්නැති..මෙච්චර කාලෙකට අම්මා අඬනවා දැක්කෙ තාත්තගෙ මළගම දා විතරයි..
අම්මගෙ කන්දොස්කිරියාව අහනවට වඩා හොඳයි කඩේ පැත්තෙ යන එක.කොල්ලො දාම් අදිනවත් බලාන ඉන්ට පුලුවන්.ඒ උනාට මාව කවදාවත් දාම් අදින්න එක්කගෙන නෑ.එතන ඉන්නෙ ලොකු පෝරිසාදයොලු.
කඩේට ගිහින් භූමිතෙල් අරන් එන අතරමග තණකොල බිස්සෙ රු.10ක් වැටිලා තියෙනවා දැක්කෙ.මං රු.10 අතට ගනිද්දි අත වෙව්ලුවා.මොකක්දෝ වේදනාවක් ඇඟ පුරා දිව්වා.විදුලියක් වගෙ.අයිතිකාරයෙක් නැති දේ ගන්න හොඳ නෑ.ඒත් මේකට අයිතිකාරයෙක් ඉඳිද?එයා ආයෙ මේක ගන්න මෙතනට එයිද?මම රු.10 අතේ ගුලි කරගත්තා.වට පිට බලන්නෙ නැතුවම ගෙදර දිව්වා..
"මොකද කොල්ලො බය වෙලා වගෙ?මෙච්චර පරක්කු වුණේ ඇයි.ගේ හරියෙ එලියක් නෑ උඹ භූමිතෙල් ටික අරන් එනකම්.ලාම්පු පත්තු කරන්න පුලුවන් එකක් යෑ.මෙහෙ දියන්.යකෙක් වැහිලා වගෙ ඇස් ගෙඩි ලොකු කරන් බලන් ඉන්නෙ නැතුව."
පහුවැනිදා වෙනකම් මගෙ හිතට පුදුම හදිස්සියක් තිබුණෙ.කුකුලො අඬන්නත් කලියෙන් මං නැගිට්ටා,කඩේ ඇරිය ගමන්ම ගිහින් සව්කොල ගන්න ඕනෙ.කෝක කරන්නත් අම්මා යනකන් ඉන්න එපෑයේ.අම්ම ඇහුවොත් කොයින්ද මේ සව්කොල කියලා මං කියනවා සමීරගෙන් ඉල්ල ගත්තා කියලා.
අම්මා කිරි කපන්න ගිය ගමන්ම මං දිව්වෙ කඩේට.
.
.සුදු පාටයි නිල්පාටයි..කොල පාටයි රෝස පාටයි.එක එක පාට...
"මුදලාලි මට රු.10ක සව්කොල.?"
"පොතටද?"
"නෑ සල්ලි වලට"
මුදලාලි කණ්ණාඩි දෙකට යටින් මං දිහා බැලුවා.හරියට කවදාවත් දැකලා නෑ වගෙ..මං මූණ දෙන්න බැරි කමටම ගුලි කරන් හිටපු රු.10 බිම බලාගෙනම මුදලාලිට දීලා සව්කොල ටික ඉල්ල ගෙන රූං කුරුල්ලා වගේ ගෙදර දිව්වා..රොටී හදන්න තියෙන්න පිටි වලින් ඩිංගිත්තක් හොරෙන් අරගෙන පාප්ප හදාගෙන සරුංගලේ අතට ගත්තා.සුදු පාටින් මුලු සරුංගලේම අලවලා රතු පාටින් ඉරි තිබ්බා.තැඹිලි පාටින් රැල් දැම්මා.හරිම ලස්සනයි..ගේත් එලිය වුණා වගේ හිතුණා මට..
අම්මා ආව ගමන්ම මං අම්මට පෙන්නුවෙ මගෙ සරුංගලේ..අම්මට කිව්වෙ සමීරගෙන් සව්කොල ඉල්ල ගත්තයි කියලා.බොරු කියන්න දුකත් හිතුණා.ඒත් අම්ම බැන්නොත් කියලා බය හිතුණා..මට රෑ වෙනකන් නින්ද ගියෙත් නෑ.පොතක් අතට ගත්තෙ නින්ද යන්නැති හින්දමයි.කෝකටත් කියලා සරුංගලෙත් ළඟින්ම තියා ගත්ත මං කුප්පි ලාම්පුවත් පත්තු කරගෙන පොත දිග ඇර ගත්තා.පොත බලද්දිත් මට මැවි මැවි පෙණුනෙ සරුංගලේ අරින හැටි..මං වෙලට ගෙනිච්චම අනිත් අය වට වෙලා බලන හැටි අහසෙ පාවි පාවි තියෙන හැටි.හිතුනොත් මං සරුංගලේ රෑ තියනවා.උදේම ගිහින් බාන්න බැරියෑ..ඒත් එකපාරටම මොකක්දෝ වැටෙන සද්දෙත් එක්ක මං ගැස්සුණා.පූසා මේසෙට ඇවිත් පුරු පුරු ගානවා.කුප්පි ලාම්පුව බිමට පෙරලිලා..සරුංගලේ රැල් යාන්තමට ගිනි අරං...මං අතින් ගගහා නිවන්න හැදුවත් ගින්න තවත් වැඩි වුණා..පිළිකන්නෙ තිබුන වතුර කලේ අරන් ඇවිත් මං ගින්න නිවද්දිත් සරුංගලේ පිච්චිලා බාගෙට.වතුර පාර වැදුන ගමන් සව්කොල ඔක්කොම දිය වෙලා ගියා..අනේ මගෙ සරුංගලේ..සව්කොල වගේම දියවෙලා ගිය මගේ හීනෙ..බාගෙට පිච්චිලා සව්කොල දිය වෙලා ගිය සරුංගලේ අතට ගත්තම හිතට දැණුන මහ දුකත් එක්ක කඳුලු සට සට ගාල බිමට වැටුණා.
අනේ හැම ප්‍රශ්නයක්ම උහුලන,කඳුලු නොවැටෙන මගේ අම්මගෙ හිත වගේ මගෙ හිතත් හයිය වුණා නම්?
නොනිමි සිත් අහස වියන්නෙ "පුංචි හිතක්"..ජීවිත කතාවේ සොඳුරු කතා වගේම විනොදාස්වාදයට ලියන මේ අහසට ඇවිත්ම පියාසලලා බලන්නකෝ..
Showing posts with label පුංචි කතාවක්. Show all posts

Sunday, August 21, 2011
Saturday, August 20, 2011
නිදහසක් සෙව්වෙමි
මේ ප්‍රශ්න මට වද දෙනවා.දෙයියනේ කියලා හිනාවෙලා ඉන්න හදන හැමතැනදිම ප්‍රශ්න ඇවිත් හිත කඩන ලස්සන.හරියට හිතක් පපුවක් නෑ වගෙ,මං බය නෑ ඕන දේකට ඔට්‍ටුයි.මං මැරෙන්න බය නෑ මේවයින් පැනලා යන්නෙත් නෑ,
ඒ වුනාට හොඳම විසඳුම?මරණය.
මං ගෙනාපු මැහි තෙල් බෝතලේ අතේ තියාගෙන මං කල්පනා කලා.මං මැරුණම කී දෙනෙක් අඬයිද?මං නැතුවම අගේ තේරෙයි හැමෝටම.එක එකා ඇවිත් මගෙ මිනිය ඉස්සරහ හැපි හැපි අඬනකොට මං හිනාවෙනවා හොඳටම.මැරුණට පස්සෙ කොහොම වෙයිද?මං කරපු පින් ඇති වෙයිද හොඳ තැනක ඉප දෙන්න,ම්..ම් අම්මවයි තාත්තවයි නිවාසෙකට යැව්වා.ඒක පවක්ද?නෑ නෙ ඒ දෙන්නට හොඳින් ඉන්න නොවැ එහෙට මං යැව්වෙ.මට වදයක් හින්දම නෙමෙයි නේ.අනික මාසෙකට වියදමට කියල මං සල්ලිත් දෙනවනෙ.නෑ නෑ ඒක ලොකු පිනක් නෙ.එහා වත්තෙ පොල් හොරෙන් කැඩෙව්වා තමා ඒත් ඉතින් එහෙ ගෙදර උන්දැලා දෙන්නා වයසයි නෙ.හෙට අනිද්දා මැරෙන්න ඉන්න උන්ට ඔව්වයෙන් වැඩක් නැති හින්දමයි යැව්වෙ.එතකොට බීගෙන කෑ ගහපුවා..මං බිව්වෙ ආතල් එකටනෙ.එහෙම කලාට පව් සිද්ද වෙන්නෙත් නෑනෙ.අනික බුදු හාමුදුරුවො කිව්වයි කියන්නෙත් පොඩ්ඩක් ගන්න කියලලු නේද කොහෝද ඔව්වා හරියට දැනගන්න මං පන්සලකට දහම් පාසලකට ගිය එකක් යෑ.
හ්ම්ම් එහෙනම් ආයෙ දෙකක් නෑ මං පව් කරලා නැති නිසා මැරුණට හොඳ තැනක ඉපදෙනවා.
මැහි තෙල්?මේවා බීලා මැරෙන්නැතුව ගියොත් එහෙම.ටක්කෙටම මැරෙන සූත්තරයක් තමා හරි යන්නෙ.බෙල්ලෙ වැල දාගන්න එකත් හොඳයි ඒ උනාට හුස්ම හිරවෙද්දි අමාරුයි.රිදෙන්නැති වෙන්නත් ඕනෙනෙ.කෝච්චියට පැන්නොත් නම් ආයෙ කිසි කතාවක් නෑ මැරෙයි.ඒ උනාට මං මැරුණම පෙට්ටියෙ උජාරුවට ඉන්න බැරි වෙයි.කෝච්චියට අහු වුනාම කෑලි ඉතුරු වෙයි යෑ,ඒකත් අත අරිමු.හොඳම දේ මුහුදට හරි ගඟකට හරි පනින එක තමා.ආයෙ බල බල ඉන්න දෙයක් නෑ.දැන්මම ගියා නම් පාලම උඩට.හිත වෙනස් වෙන්න කලින් පනින්න ඕනෙ.
මෙතන ඉඳන් පනින එක ලේසි ආයෙ ගොඩ එන්නත් බෑනෙ.මම පාළම උඩට නැගලා වාඩි වුණා පාලම් ගැට්ටෙ.එක පාරටම පනිනවද නැත්තම් ටික වෙලාවක් ඉඳලම පනිනවද?හිත හිත හිටියොත් බෑ පනිනවා නම් දැන්මම..
මෙතනට වෙනකම් කතාව මතකයි ඉතුරු ටික?මං මැරිලද?එතකොට අර එන්නෙ සුරංගනාවියක්ද?සුදු ඇඳගෙන.ලස්සනයි කරුණාවන්ත පාටයි.මං දැන් නිදහස් මං මැරුණා හැමදේකින්ම නිදහස්..මං නැගිටින්න හැදුවේ ඒ ලස්සන මූණු පොඩිත්ත බලාගන්න
"කව්ද ඔය දඟලන ලෙඩා,හා හා ඔයාට තාම නැගිටින්න හොඳ නෑ..තාම හරියට සනීපයක් නෑ..නිදාගෙන ඉන්න මේ බේත් ටික බීලා"
"ආහ් රිදෙනවා.මං මේ කොහෙද?"
"කොහෙද කියන්නෙ මේ ඉස්පිරිතාලෙ වාට්‍ටුවෙ.පාලමකින් වැටිලා.තව පොඩ්ඩෙන් මැරෙනවා.තාමත් ජීවිතේ ගැන හරියට බලාපොරොත්තුවක් කියන්න බෑ.තත්වෙ ටිකක් බරපතලයි....
"අනේ දෙවියනෙ මට මැරෙන්න බෑ මිසී.අනේ මට මැරෙන්න දෙන්න එපා.මාව බේරගන්න මිසී මාව බේරගන්න...මට මැරෙන්න බෑ..
"මම නම් ගඟෙ පනිනවා
වතුර බීල මැරෙනවා
හුස්ම ටිකක් හිර වෙනකොට
ගොඩ පීනනවා"
නැවතුමක් නැති සද්ද අස්සෙ සයිවර් කඩේක රේඩියෝ එකෙ සද්දේ යාන්තමින් කනට වැටුනා

Monday, July 11, 2011
අපි අසරණ වෙලා වගේ
මම හිටියෙ දොරකඩට වෙලා පාර දිහා බලාගෙන.මේ පාර දිගෙ අපි දෙන්නා කොයිතරම් නම් දුවන්න ඇත්ද?අපි කෑම කෑවෙත් බෙදාගෙන.මට දෙන බත් එක ඉතුරු කරන් ඉඳලා ඔයා ආවම හිමීට ඔයාට ළං කරනවා.ඒත් ඇයි අද උඹ පරක්කු?
ගේ ඇතුලෙ ලොකු කලබලයක් ද කොහෙද.පුංචි මහත්තයා හොඳටම තරහින් ඉන්නෙ.මම ගිහින් ඇඟෙ ඇතිල්ලුනාමත් ගිනි පුපුරු ඇස් දෙකකින් මං දිහා බැලුවෙ.මම පැත්තකට වුනේ එක දවසක් වගේ පයින් පාරක් උරුම වෙයි කියලා බයටම.එදා එහෙම කරලා පුංචි මහත්තයා තරහ නිවුනම ඇවිත් මාව අතගාලා සමාවෙයන් කොල්ලො කිව්වා තමා.ඒත් එහෙම කලා කියලා හිත ඇතුලෙ වුණ තුවාලෙ මකන්න බෑ..
"මෙච්චර කෙල්ලො ඉන්න රටේ උඹට ලොකු වුණේ හකුරු කෙල්ලෙක්ද බොල.උඹව හැදුවට වඩා හොඳයි සතෙක් හැදුවා නම්."
හකුරු කෙල්ලො?ඒ කවුද?අනේ මන්දා පුංචි මහත්තයා වටේ තියෙන හැම බඩුවකටම පයින් ගහනවා.
"අම්මෙ අම්මලගෙ මහ ලොකු වලව් පැලැන්තියෙ උන්ගෙ තියෙන ඉරිසියාකාර කම ඒ දුප්පත් කෙල්ල ගාව නෑ.රජ කාලෙ වුණ දේවල් වලට ඒ කෙල්ලො පලි නැහැ අම්මෙ.එයාලටත් හෙටක් තියෙන්න ඕනෙ.අපේ රට දියුණු වුණා කියල උඩප්පරන් ගැහුවට අපේ රටේ තියෙන අදහස් තාම වෙනස් වෙලා නෑ.මං ඒ අහිංසක කෙල්ලව මිස වලව් පැලැන්තියෙ ඉරිසියාකාරියක් බඳින්න ලෑස්ති නෑ අම්මෙ."
එකත් එකටම ඔය කියන්නෙ අර පුංචි මහත්තයගෙ කෙලි පොඩිත්ති ගැන වෙන්ට ඕනෙ.අනේ සීදේවි කෙල්ල.එදා ආපු වෙලාවෙ මාව ළඟ තියාගෙන කියෝ කියෝ හිටියේ හරියට මම එයාල වගේම මනුස්ස පරාණයක් කියලා හිතාගෙන.ඇස් වහ කට වහ නෑ එයා තමා අපේ මහත්තයට හරියනම කෙනා.
"හහ් ඇයි උඹ බඳිනකන් අපි උඩ බලන් ඉදී කියලා හිතුවද.මෙහෙ නම් හරියන්නැහැ පුතෝ ඒවා.මං මෙහෙ ඉන්නකන් මේ ගෙදරට ඒ කෙල්ලව එක්කං එන්න බෑ උඹට.අපි ඔවුන්ගෙ ගෙවල් වලින් වතුර පොදක්වත් බොන ඈයො නෙමෙ"
"අම්මලා මෙහෙම ඉන්න.මං යනවා යන්න.මෙහෙට ගේන්න නොදුන්නට කමක් නෑ.අපි අපේම කියලා ගෙයක් හදාගෙන සතුටින් ජීවත් වෙන්නම්.එයාව එක්කං ආපු දවසෙ අම්මලා ඔහොම කිව්වෙ නෑ.පවුලෙ විස්තර දැනගෙන දැන් බැන්නට"
පුංචි මහත්තයා එයාගෙ ඇඳුම් ඔක්කොම කුදලගෙන එලියට බැස්සා.මම යනවා කොල්ලො මගෙ ඔලුව අත ගාලා වංගුවෙන් හැරිලා නොපෙනී ගියා.ලොකු නෝනා අඬාගෙනම පුටුවකට වාරු වුණා.
එතකොටමයි උඹ ආවේ.ඉතුරු කොරං හිටිය බත් පත දෙන්න කියලා වලව්වෙ පිලිකන්න පැත්තට මං ගියා.උඹ හිමින් හිමින් අඩි තිය තිය මගෙ පස්සෙන් වැටුණා.
"ඈ බොල ඒ ගමන මේකත් ගෙන්නල්ල කොහෙද යන වල් බැල්ලියක්.පුංචි මහත්තය ගියා වගෙ උඹත් පලයන් මේ බැල්ලිවත් අරගෙන මගෙ දෑහැට නොපෙනි."
ලොකු නෝනගෙ කටහඬත් එක්කම මගෙ ඇස් නිලංකාර වුණා වගේ දැනුණා.පිට කොන්දට දැනුන වේදනාවට මට කෙඳිරි ගෑවුණා.උඹ රිදුණු තැන සුවපත් කරන්න වගේ ලොකු නෝනා දිහා බයාදු බැල්මක් හෙලලා මගෙ මූන ලෙව කෑවා.ඔව් තිරිසන්නු වුණත් අපිටත් මෙහෙ නිදහස නෑ මයෙ කෙල්ලෙ.වරෙන් යන්න පුංචි මහත්තය ගිය දිහාවටම අපේ නිදහස හොයාගෙන.මම උඹත් එක්කම කඩුල්ලෙන් පැන්නා.අලුත් ලෝකෙට පාර හොයාගන්න.

Subscribe to:
Posts (Atom)