මේ ප්රශ්න මට වද දෙනවා.දෙයියනේ කියලා හිනාවෙලා ඉන්න හදන හැමතැනදිම ප්රශ්න ඇවිත් හිත කඩන ලස්සන.හරියට හිතක් පපුවක් නෑ වගෙ,මං බය නෑ ඕන දේකට ඔට්ටුයි.මං මැරෙන්න බය නෑ මේවයින් පැනලා යන්නෙත් නෑ,
ඒ වුනාට හොඳම විසඳුම?මරණය.
මං ගෙනාපු මැහි තෙල් බෝතලේ අතේ තියාගෙන මං කල්පනා කලා.මං මැරුණම කී දෙනෙක් අඬයිද?මං නැතුවම අගේ තේරෙයි හැමෝටම.එක එකා ඇවිත් මගෙ මිනිය ඉස්සරහ හැපි හැපි අඬනකොට මං හිනාවෙනවා හොඳටම.මැරුණට පස්සෙ කොහොම වෙයිද?මං කරපු පින් ඇති වෙයිද හොඳ තැනක ඉප දෙන්න,ම්..ම් අම්මවයි තාත්තවයි නිවාසෙකට යැව්වා.ඒක පවක්ද?නෑ නෙ ඒ දෙන්නට හොඳින් ඉන්න නොවැ එහෙට මං යැව්වෙ.මට වදයක් හින්දම නෙමෙයි නේ.අනික මාසෙකට වියදමට කියල මං සල්ලිත් දෙනවනෙ.නෑ නෑ ඒක ලොකු පිනක් නෙ.එහා වත්තෙ පොල් හොරෙන් කැඩෙව්වා තමා ඒත් ඉතින් එහෙ ගෙදර උන්දැලා දෙන්නා වයසයි නෙ.හෙට අනිද්දා මැරෙන්න ඉන්න උන්ට ඔව්වයෙන් වැඩක් නැති හින්දමයි යැව්වෙ.එතකොට බීගෙන කෑ ගහපුවා..මං බිව්වෙ ආතල් එකටනෙ.එහෙම කලාට පව් සිද්ද වෙන්නෙත් නෑනෙ.අනික බුදු හාමුදුරුවො කිව්වයි කියන්නෙත් පොඩ්ඩක් ගන්න කියලලු නේද කොහෝද ඔව්වා හරියට දැනගන්න මං පන්සලකට දහම් පාසලකට ගිය එකක් යෑ.
හ්ම්ම් එහෙනම් ආයෙ දෙකක් නෑ මං පව් කරලා නැති නිසා මැරුණට හොඳ තැනක ඉපදෙනවා.
මැහි තෙල්?මේවා බීලා මැරෙන්නැතුව ගියොත් එහෙම.ටක්කෙටම මැරෙන සූත්තරයක් තමා හරි යන්නෙ.බෙල්ලෙ වැල දාගන්න එකත් හොඳයි ඒ උනාට හුස්ම හිරවෙද්දි අමාරුයි.රිදෙන්නැති වෙන්නත් ඕනෙනෙ.කෝච්චියට පැන්නොත් නම් ආයෙ කිසි කතාවක් නෑ මැරෙයි.ඒ උනාට මං මැරුණම පෙට්ටියෙ උජාරුවට ඉන්න බැරි වෙයි.කෝච්චියට අහු වුනාම කෑලි ඉතුරු වෙයි යෑ,ඒකත් අත අරිමු.හොඳම දේ මුහුදට හරි ගඟකට හරි පනින එක තමා.ආයෙ බල බල ඉන්න දෙයක් නෑ.දැන්මම ගියා නම් පාලම උඩට.හිත වෙනස් වෙන්න කලින් පනින්න ඕනෙ.
මෙතන ඉඳන් පනින එක ලේසි ආයෙ ගොඩ එන්නත් බෑනෙ.මම පාළම උඩට නැගලා වාඩි වුණා පාලම් ගැට්ටෙ.එක පාරටම පනිනවද නැත්තම් ටික වෙලාවක් ඉඳලම පනිනවද?හිත හිත හිටියොත් බෑ පනිනවා නම් දැන්මම..
මෙතනට වෙනකම් කතාව මතකයි ඉතුරු ටික?මං මැරිලද?එතකොට අර එන්නෙ සුරංගනාවියක්ද?සුදු ඇඳගෙන.ලස්සනයි කරුණාවන්ත පාටයි.මං දැන් නිදහස් මං මැරුණා හැමදේකින්ම නිදහස්..මං නැගිටින්න හැදුවේ ඒ ලස්සන මූණු පොඩිත්ත බලාගන්න
"කව්ද ඔය දඟලන ලෙඩා,හා හා ඔයාට තාම නැගිටින්න හොඳ නෑ..තාම හරියට සනීපයක් නෑ..නිදාගෙන ඉන්න මේ බේත් ටික බීලා"
"ආහ් රිදෙනවා.මං මේ කොහෙද?"
"කොහෙද කියන්නෙ මේ ඉස්පිරිතාලෙ වාට්ටුවෙ.පාලමකින් වැටිලා.තව පොඩ්ඩෙන් මැරෙනවා.තාමත් ජීවිතේ ගැන හරියට බලාපොරොත්තුවක් කියන්න බෑ.තත්වෙ ටිකක් බරපතලයි....
"අනේ දෙවියනෙ මට මැරෙන්න බෑ මිසී.අනේ මට මැරෙන්න දෙන්න එපා.මාව බේරගන්න මිසී මාව බේරගන්න...මට මැරෙන්න බෑ..
"මම නම් ගඟෙ පනිනවා
වතුර බීල මැරෙනවා
හුස්ම ටිකක් හිර වෙනකොට
ගොඩ පීනනවා"
නැවතුමක් නැති සද්ද අස්සෙ සයිවර් කඩේක රේඩියෝ එකෙ සද්දේ යාන්තමින් කනට වැටුනා
මේම දරුවෙක් හදන්න කලින් දෙමවුපියන්ට හිතන්න තිබ්බා. දැන් මේ කතාවේ අම්මයි අප්පච්චියි ඉන්නේ මහළු නිවාසෙකනේ.
ReplyDeleteපුදුම මනුස්සයෙක්. මැරෙන්න ඕනෙත් ගෞරවාන්විතව !!! හික්ස් :)
උබ මාර බුද්දිමත් නේ....
ReplyDeleteහොද උපහාසයක්...
ReplyDeleteලොල්ය... හුහ්.. මාව කොහොම හරි සයිවර් කඩේකු කොරා එහෙනම්....
ReplyDeleteකියන්න වදන් නැත, එල පෝස්ට් එක .....
ReplyDeleteමමත් අනන්ත දැකලා තියනවා මහ ලොකුවට වස බීලා පස්සෙ අඞනවා බේර ගන්න කියලා .........
හැබැයි මේ කියලා තියන පොර නම් සමාජෙට බරක් වගේ ....
මැරෙන එකත් පණයන වැඩක්නේ..:)
ReplyDeleteමරු නියම කතාව....
ReplyDeleteඅම්මයි තාත්තයි නිවාසෙකට යවලා නම් කරගෙන තියෙන්නෙ මෙයා මහා පවක්නෙ.:/