Showing posts with label සැමරුම්. Show all posts
Showing posts with label සැමරුම්. Show all posts

Monday, April 18, 2011

"පුංචි හිත සින්ඩියකට පා තැබූ වගයි"

ඔන්න ඉතින් පුංචි හිත මාසයක් විතර try කොරලා සින්ඩියකට ගොඩ උනාලු...දැන් ඉතින් ඒ සඳහා ස්තූති කතාව..
පොඩි අය ලොකු අය සීයලා  ආච්චිලා නැන්දලා මාමලා අක්කලා අයියලා මල්ලිලා නංගිලා හැමෝගෙන්ම අවසරයි..! වර්ෂ 2011 යි මාස 4 යි දවස් 18ක් වූ සඳු දින පුංචි හිත සින්ඩියකට පා තැබූ වගයි.. :) ...

පුංචි හිතට උදව් කරපු හැමෝටම තුති..මුලින්ම මගෙ බ්ලොග් එක බලලා මාව දිරිමත් කරපු ගම්ලත්ගෙ සටහන් ලියන ගම්ලත් අයියට තමා ස්තූති කරන්න ඕනි..එයා තමා මට බ්ලොග් එකට එන්න මුලින්ම පාර පෙන්නුවෙ..ඒ තමිර අයියාගෙ බ්ලොග් එක පෙන්නලා.ඒ දෙසැම්බර් මාසෙ අන්තිම..කොහොමහරි මාත් එයාගෙන් අහගෙන profile එකක් හැදුවා ඒ කාලෙම.හැබැයි බ්ලොග් ලියන්න පටන් ගත්තෙ නම් ගිය මාසෙ.. :) ඔන්න ඔහොමයි නොනිමි සිත් අහසෙ මූලාරම්භය..ඊට පස්සෙ මලිත් අයියා තමා බ්ලොග් එක ලස්සන කරගන්න එක එක විජෙට්‍ටු එහෙම හොයා දුන්නෙ.ඇත්තටම එයා ඒ වෙනුවෙන් තමන්ගෙ කාලය කැප කරාට ස්තුති කරන්න වචන නෑ මට..මට සින්ඩියට එන්න උදව් කලෙත් එයා ම තමා.මට පාර පෙන්නුව ඔයාලට ගොඩාක් පින්.ඒ වගෙම "බනී" අයිය දිලීප අයිය කොට ජීවිතේ අක්කා මාරයා අයියා සුලැඟිල්ල එයාලත් මාව දිරිමත් කලා..මූනු පොතේ මගෙ යාලුවොත් මාව දිරිමත් කලා ගොඩාක්..එයාල තමා හැමවෙලේම අලුත් පෝස්ට් දාන්න කියල කරදර කලේ..ඉතින් මෙකී නොකී හැම කෙනාටම ස්තූතියි.කාව හරි අමතක වෙලා නම් සමාවෙන්න..එදා වගෙම හෙටත් මා එක්ක ඉඳල මාව දිරිමත් කරන්න කියල ඉල්ලනවා.එ වගෙම ඉක්මනින්ම අලුත් ලිපි පල කරන්නත් බලාපොරොත්තු වෙනව. :)..ඔන්න මන් ගානෙ පොඩි කේක් එකකුත් හැමෝම බෙදාගෙන කන්න.