නොනිමි සිත් අහස වියන්නෙ "පුංචි හිතක්"..ජීවිත කතාවේ සොඳුරු කතා වගේම විනොදාස්වාදයට ලියන මේ අහසට ඇවිත්ම පියාසලලා බලන්නකෝ..
Showing posts with label ඉන්න බැරුවට. Show all posts
Showing posts with label ඉන්න බැරුවට. Show all posts
Monday, August 22, 2011
සමාජ සම්මතයෙන් ඔබ්බට?
මගෙ හොඳම යාලුවා,"පිරිමි" ළමයෙක්.කෙල්ල-විරුද්ධ වචනෙ කොල්ලා..කෙල්ලෙක්ගේ හොඳම යාලුවා "කොල්ලෙකු" වීම යනු ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් වීමට සිදු විය හැකි බරපතල වරදක්ද?සමාජ සම්මතයට පිටින් නැගී සිටි මා චූදිතයෙක් වූ අපූරුව..
වරද පිරිමි ළමෙයෙකු හොඳම යහලුවා ලෙස තබා ගැනීම..
දඬුවම-කවදා හෝ දිනක සමාජය තුල නරක කෙල්ලෙකු ලෙස හංවඩු ගැසීම විය හැකිය.(තවම එසේ නොවීම පිළිබඳව මගේ සිතේ ඇත්තෙ පුදුමයකි..)
"ම්ම් අනූ *** ඔයාගෙ හොඳම යාලුවා නේද?"(ගොනා හැරෙන්නෙ පොල් පැලෙ කන්න ආයෙ අහන්න දෙයක් නෑ..ඉල්ලගෙන කෑමට සමාන පදයක් කොල්ලෙකු හොඳම මිතුරා ලෙස තබා ගැනීම)
"හ්ම්ම්...ඇයි?"
"නෑ නිකන් හැමෝම හිතං ඉන්නෙ ඔය දෙන්නා යාලුයි කියලා.."
"උන්ට පිස්සු.." තව තව දේ සිතට එයි.ම මිතුරියගෙ සිත රිදවන්නට නොහැකිය.
"ඒ වුණාට අනූ එහෙම හරි නැහැ නේද?ඔය දෙන්නගෙ යාලු කම?"
"ඇයි ඒකෙ මොකක්ද වැරැද්ද?"
"නෑ ඉතින් එයා කොල්ලෙක් ඔයා කෙල්ලෙක්..අනික එකම වයසෙ.ඉතින් මේ කෙල්ලො එක එක ඒව කියනවා දන්නෙ නැද්ද?"
"හ්ම්ම්.." අනේ ඉතිං බෝපැල නෙ ඒ කෙල්ලො.සිතට එන හැඟිම් මං පාලනය කරමි.දෙවියන්ට ස්තූති වන්නට මගේ කට බ්‍රේක් නැති කටක් නොවේ...
ඉන් එහාට අපේ සංවාදය වෙනතකට යොමු විය..
නමුත් කෙල්ලෙකු හා කොල්ලෙකු මිතුරන් වීම වරදක් ද?මා වැරදිද?කියාගන්නට බැරි කුමක්දෝ හැඟීමක් හිත පෙලයි..වරදක් යැයි ඇඟිල්ල දිගු කරන අය කිසිම දිනක මිතුරන් ලෙස විරුද්ධ පාර්ශවයේ කෙනෙක් තබා ගෙන සිටිය අයෙක් නොවන්නට ඇත්ද?නැති නම් මා තරම් වාසනාවන්තියක් වීමට ඔවුන්ට නොලැබීම නිසා ඇති කරගත් ඊර්ශ්‍යාවක්ද?හඬන සිත සනසවන්නට ඉරිසියාවක් නැතිව උත්සහ කලේත් මා වෙනුවෙන් මුලු හිතින්ම දුක් වන්නේත් මගේ මිතුරාම පමණි..ඒ අහිංසක මිතු දම "උඩින් මිතුරු යටින් හතුරු" නැත
"මොකාව රවට්ටන්න හැදුවත් මං ඔයාව රවට්ටන්න හිතල නෑ අනූ.එහෙම හිතෙන එකකුත් නෑ..ඔයා මාව රැවැට්‍ටුවත් කමක් නෑ මාව ඔයාගෙ හොඳම යාලුවා පොස්ට් එකෙන් නම් අයින් කරන්නෙ එහෙම නෑ"(දෙයියනේ මේ බ්ලොග් පෝස්ට් එක නම් මෙයාට පෙන්නන්න එපා.මාව කයි..)
මෙවන් මිතුදමක මහිමය තේරුම් ගන්නට අත්දැකීම් අවැසි වනු ඇත.නමුත් හණමිටි අදහස් හිසේ තබා ගෙන සිටින සමහරුන් තවමත් විශ්වාස කරන පරිදි කෙල්ලෙකුට සිටිය යුත්තෙ මිතුරියන් පමණක්ය.කොල්ලෙකුට සිටිය යුත්තේ මිතුරන් පමණක්මය..ටිකින් ටික උස් මහත් වන දරුවන් විරුද්ධ පාර්ශවය හා ගැටීම වලක්වන්නට සමාජය උත්සහ කිරීමේ ප්‍රතිඵලය තවමත් නොදැක්කා සිටීම පුදුමයකි.දකින දකින කෙල්ලට කොල්ලන් ආදරය කරන්නට යන්නෙත් දකින දකින් කොල්ලාට කෙල්ලන් ආදරය කරන්න යන්නේත් දෙපාර්ශවයම හරි හැටි අවබෝධයක් නොමැති නිසා නොවෙද?එලිපිට කතා නොකරන මේ ප්‍රශ්නෙන් දුර දිග ගිය දුක්ඛිත කතා රට හැමතැනම.මිනිසුන් හරි හැටි වටහා ගන්නට නොහැකි වීම නිසා කී දෙනෙක් නම් අද අසරණ වී ඇත්ද?"මලක්" ලෙස හැදූ දරුවෙකු ලෝකයේ අනෙක් මිනිසුන් දකින්නේද එකම එක දෘශ්ටි කෝණයකිනි.සියලුම පිරිමි තම තාත්තා මෙන් හොඳ යැයි සිතීමත් සියලුම ගැහැණුන් තම අම්මා සේ හොඳ යැයි සිතා ජීවිතය කාලකණ්නි කරගත් සමාජය නොහඳුනන දරුවන් මෙ රට මෙපණයැයි කිව නොහැක.
එදා මෙන්ම අදත් අපේ රටේ හණමිටි අදහස් තුළින් සමාජය පවතියි...එදා සමාජයට ගැලපුණ සමහර දෑ අද සමාජය හා පෑහෙන්නේ නැත..සියල්ල නොගැලපේ යැයි මම නොකියමි..එසේ පෑහෙන්නේ නම් කුඩා කල අප භාවිතා කල ඇඳුම් තවමත් අපට ගැලපෙන්නට ඇවැසිය,ඉදින් ඒ බව දැන දැනත් හෙටත් එය එසේම සිදු වන්නට හැරීම?
ඉතින් මේ ඇවිත් ඇත්තේ වෙනස් වන්නට කාලය නොවෙද?නැති නම් මා දරන මතය වැරදිද?කෙල්ලන්ට සිටිය යුත්තෙ මිතුරියන්ම පමණක්ද?කොල්ලන්ට සිටිය යුත්තෙ මිතුරන් පමණක්මද?ගැහැණු ළමයෙකු හා පිරිමි ළමයෙකු හොඳම මිතුරන් වීම සහ ගහන අපරාධයක්ද?
Friday, August 19, 2011
මාතෘකාවක් නැත
හඩන ඇහි පිල්ලමක් යට
මියදේවි මා දුක තුරුල් කොට
පුදන මල්වඩම් නැතුවට
වරෙන් අවසන් වතාවට
මගේ මලගම හෙට!
මියදේවි මා දුක තුරුල් කොට
පුදන මල්වඩම් නැතුවට
වරෙන් අවසන් වතාවට
මගේ මලගම හෙට!
Subscribe to:
Posts (Atom)
