Sunday, September 18, 2011

ලෝකය පෙන්වූ අන්ධ නුඹේ නෙත්..

ළඟ ළඟම එන ඡන්දෙට ලකලෑස්ති වෙලා තාප්ප වල කට පුරා හිනා වූගෙන ඉන්න අය හැමතැනම...මිනිස්කමක් ගෑවිලාවත් නැති මූණු ගොඩක් අස්සෙ තාප්පෙකට වාරු වෙලා ඉන්න අහිංසක මූණක් නෙත ගැ‍ටුනෙ අහම්බෙන්..ඒ දිහා හැරිලා බලන්න මාව පෙලඹුවෙ හිත කීරි ගස්සන බටනලා වාදනයක්..ඇත්තටම වචනෙන් කියාගන්න බැරි ලස්සන තනුවක් ඒ හඬට එක් වෙලා තිබුණා..වදනක් වත් නොකියන ඒ මූණෙ පිරිලා තිබුණෙ බටනලා වාදනයෙන් විඳින සතුටක්..ඇඟට වාරු කරලා වැටෙන්න නොදී තියන් ඉන්න සුදු සැරයටිය අසරණ කම නොකියා කියනවා..අන්ධ නෙතකින් ලෝකය දකින ඒ සුන්දර මනුස්සයා පන්ති ඇරිලා යන අපි හැමෝමව මොහොතක් නතර කෙරෙව්වෙ බටනලා වාදනයෙන්.මට විතරක් නෙමෙ මගෙ යාලුවො දෙතුන් දෙනාටත් එතනට වෙලා අහන් ඉන්න හිතිලා.අපිට ඕනෙ වුණා අපිව සතු‍ටු කෙරෙව්ව ඒ සුන්දර මනුස්සයට ආධාර කරන්න.එහෙන් මෙහෙන් එකතු කරගත්තු සල්ලි කොල ටිකත් ගුලි කරගෙන අපි 4 දෙනා ඒ අන්කල් ගෙ ඉස්සරහට ගිහින් හිටගත්තා..

"ක්‍රිස්ටි" එයාගෙ ලා නිල් පාට පරණ වෙච්ච කමිසෙ එල්ලලා තිබුණ හැඳුනුම් පතෙන් අපි නම දැන ගත්තා..එයා තමන්ගෙ බටනලා වාදනයෙන් විදින වින්දනය අපූරුයි.කලබල නගරයක් අස්සෙ මිනිස්සුන්ගෙ හිත් සුවපත් කරන අතලොස්සකින් එක්කෙනෙක් ක්‍රිස්ටි අන්කල්..වෙවුලන අත අල්ලලා අපි ගෙනාව රු.40 ඒ අතින් තිබ්බෙ ආඩම්බරයෙන්..අනිත් දෙන්නා කලින්ම අන්කල් ට සල්ලි දීලා අපි පොඩ්ඩක් එහෙ මෙහෙ වුණ අතර..

"කීයක්ද මයෙ පුතේ?" තමන්ගෙ දරුවෙක්ගෙ මුල්ම පඩිය තාත්ත කෙනෙක් ගෙ අතට ලැබුණා වගේ මහා සන්තෝසයක් අන්ධ දෑස අහසට යොමු කරගෙන අන්කල් අහනවා..

"මේ රු 10යි මේ රු.10 යි මේ රු 20 යි රු.40 යි අන්කල්...ඒ පුංචි මුදල ලැබිලා වුණත් ඒ අන්කල් ගෙ හිතේ දෝරෙ ගලන සතුට මූණට ඇවිත්.දෑස් නැතත් හැඟිම් අපට පෙනෙනවා..

"ඔය දරුවො දෙන්නට දෙවියන්ගෙ ‍රැකවරණය ලැබෙන්න ඕනෙ.අසරණයන්ට උදව් කරන්න තව තව ඔය දෑතට හයිය ලැබෙන්න ඕනෙ.."

මෙතුවක් කල් අපිට අත පාපු අපි මුදල් දුන්න හැමෝගෙම වචන වලට වඩා ක්‍රිස්ටි අන්කල්ගෙ ඒ වචන අපේ හිතට දුන්නෙ ලොකූ ආඩම්බරයක්..මම තවමත් දන්නැහැ.අද මට ඒ ඇහුණ බටනලා සද්දෙ තාමත් ආයෙ ආයෙ ඇහෙනවා වගෙ..ඒ වාදනය මතක් වෙන පාරක් ගානෙ මගෙ ඇස් වලට කඳුලු උනන්නෙ ඇයි?මම තාමත් හිතනවා..වේගෙන් එකිනෙකා පරයන ලෝකයේ අද මට අහම්බෙන් මුණ ගැහුණ ක්‍රිස්ටි අන්කල් ඊළඟ ආත්මෙදි ඔය ලස්සන හිතට මෙහෙම අසරණ නොවී ලෝකය දකින්න වාසනාව උදා වෙන්න ඕනෙ...

තේරුම් ගතිමි නුඹට දුන්න මුදල් ණයක් හෝ ආධාරයක් නොවන වග...ඒ නුඹේ වාදනයෙන් සුවපත් කල අපේ සිත් නුඹට කල උපහාරයයි!

Thursday, September 15, 2011

නුඹ කොහෙද අද? : මොන්ටිසෝරියේ මගේ යාලුවා



මොන්ටිසෝරිය අම්මලගෙ තුරුලෙන් ඈත් වෙලා අපි යන පලවැනි තැන.හැමදේම අලුත්..මගෙ මතකයෙ බොඳ වෙලා තාමත් යන්තමින් සිහියට එන සුන්දරම කාලයක්.ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ සිස්ටර්ස් ලත් එක්ක ආසාවෙන් ගත කරපු කාලෙ.අන්තිම කොන්සට් එක දවසෙ කෙල්ලො කොල්ලො බේදයක් නැතුව ඇඳුම් අඳින්න අපි හැමෝම ඇ‍ඟෙ නූල් පොටක්වත් නැතුව ප්‍රධාන ශාලාවට දුවපු හැටි..හරි පුදුම ඉස්කෝලෙ පරිච්ඡේදයක් මට සිහි කරනවා අදටත්.
පුංචි කාලෙ මතකයන් අවුස්සද්දි මගෙ අම්මා මට මතක් කරලා දුන්න එක්තරා චරිතයක් ආයෙමත් දැක ගන්න ආසාවක් ආවා.මොන්ටිසෝරියෙ මගෙ හොඳම යාලුවා.මට ඒ ගැන කිසිම දෙයක් මතකයෙ තිබුන්නැති වුණත් අම්මා කියපු දේ වලින් මම කරුණු එකතු කලා..පොඩි එවුන්ගෙ හිත් පිවිතුරුයි.විෂ ක‍ටු ඒ හිත් ඇතුලෙ හැංඟිලා නෑ.එහෙම කාලෙ මට ලැබිලා තිබුණ යාලුවගෙ නමවත් මට මතක නෑ.අම්මා කියපු විදිහට නම් "ගනේපොල" කියලා තමා කතා කරලා තියෙන්නෙ.
මොන්ටිසෝරියට ආපු වෙලාවෙ ඉඳන් තොර‍තෝංචියක් නැතුව කියවන මේ කෙල්ලයි කොල්ලයි ගැන පන්තියෙ ටීචර් ට නම් බොහොමයක් නඩු තිබුණලු අම්මලාට කියන්න..කියවන්න ගත්තම ඉවරයක් නැති කතාව..මම නම් තාමත් එහෙමමද මන්දා..අන්තිමට දෙන්නව වෙන් කරලා වාඩි කරවන්න ටීචර් ට සිද්ද වෙලා..ඉතිං මේ පුංචි කෙල්ල පන්තියෙ එක කෙලවරකත් පුංචි කොල්ලා අනිත් කෙලවරෙත් ටීචර් වාඩි කරවලා.එහෙම වාඩි කලත් ඉන්ටවල් එකට පස්සෙ ඒ පුංචි කොල්ලා මාව හොයාගෙන එන්නෙ එයාව වාඩි කරවලා තියෙන පුංචි පු‍ටුවත් උස්සගෙනමලූ.ඉතිං වෙන් කරලා වාඩි කරවන එකත් ටීචර් ට අත් අරින්න සිද්ද වෙලා.එකට කෑම කාපු උදේ ඉඳන් කියවපු ඒ පුංචි යාලුවව මම තාම හොයනවා..එකම එක වතාවත් දැක ගන්න ආසා නිසා.ගම්පහ සිරිකුරුස විද්‍යාලයට මොන්ටිසෝරියට ඇතුල් වුණ ඕලු පන්තියෙ හිටපු ගනේපොල..එච්චරයි මං දන්නෙ..මං ගත කරපු අවුරුදු 17 තුල සිය ගාණක් යාලුවො මගෙ ජීවිතේට ආවා..ඒ අතරෙ මුල්ම යාලුවෙක් වුණ කෙනාව දැක ගන්න මගෙ හිතේ තියෙන ආසාව සුලු ප‍ටු නෑ.කවදා හරි මං එයාව හොයාගන්නවා.අද මොකක්දෝ හේතුවක් නිසා එයාව මතකයා ආවා,ඒකයි මේ පුංචි සටහන දැම්මෙ.

Tuesday, August 23, 2011

මවක හා දියණියක දු‍ටුවෙමි!

අම්මා කෙනෙකු දරුවෙකු වදන්නේ දහ දුක් විඳගෙනය..එසේ වැදූ දරු පැටියා දියණියක ලෙසින් පෝෂණය කර ‍රැක බලා ගැනීම කොයිතරම් අසීරු කරුණක් දැයි තේරුම් ගත හැකි වනු ඇත්තේ ඒ දුක විඳි දිනකමය.කෙල්ලෙක් යනු ශ්‍රී ලාංකික සමාජය තුල ඇහැකටත් වඩා ප්‍රවේශමෙන් බලා ගන්නට ඇවැසි තැනැත්තියකි.කොල්ලෙකු මෙන් නොව කෙල්ලෙකුට සමාජය තුල ලැබෙන දෑ සීමිතය.

නිදහස?සීමිතයි.

‍රැකියා?සීමිතයි.

පිරිමින්ගෙ දහසකුත් බැලුම්?අසීමිතයි.

පුංචි වරදටත් ගැරහුම්?අසීමිතයි..

ඉතිං දියණියක ‍රැක බලා ගැනීම අසීරු යැයි කීම පිළිබඳ තව කවර කතාද?එසේ දුක් මහන්සියෙන් බලාගත් දියණියගේ සිතට ආදරයක් ඇතුලු වීම?අන්ධ ආදරය.ආදරයක් සිතට ආ දා පටන් මෙතුවක් කල් සිතේ තිබුණු සියලු ප්‍රතිපත්තීන්ගේ අවසානය..ආදරය පිළිබඳ අත් දැකීම් ඇත්තවුන් ඒ ගැන දන්නවා ඇති ආදරයක බලගතු කම..

"කෙල්ලෙක්ට පළවැනි ආදරේ තමංගේ ජීවිතේ වෙනවා."උසස් පෙළ ගුරු පියෙකුගෙන් ඇසූ කරුණක්.පළවැනි ආදරය හමුවේ වැදූ මවත් හැදූ පියාත් දෙවනි කොට ලෑම සාධාරණ නොවේ..අන්ධ ආදරය ඒ බව සඟවයි.හරි අපූරුවට..වැ‍රැද්ද හරි යැයි සාධනය කර පෙන්නන ලස්සන.

ජීවිතයේ පලවැනි වතාවට මගේ මිතුරියක පිළිබඳ මම කලකිරුණෙමි..පන්ති ආවා යැයි කියා නුඹේ අලුත් පැතුම් එක්ක නිදහස හොයාගෙන ගියාට මං තරහ නෑ.නුඹේ ජීවිතයට අලුතෙන් ඇතුල් වූ උරුමක්කාරයාගෙ ජයග්‍රහණයකට සවියක් වනු පිණිස ගියාට මං තරහ නෑ..ඒ වුණත් නුඹේ අහිංසක අම්මා හමුවේ අසනීපයැයි කියා හිත තුල ගිනි පත්තු කිරීම?උඹට පව් කෙල්ලෙ...පන්ති කට් කරගෙන කොහෙවත් යන්න එපා කිය කිය උඹ ඉස්සරහ අපි වැඳ වැ‍ටුනේ නැති ටික විතරයි,ඒත් ආදරය හමුවේ නුඹත් අසරණයි..ඒ නිසා මං බනින්නැහැ නුඹට.ඒ වුණත් ආයෙමත් ඔය මූණ දිහා බලලා කතා කරද්දි අහිංසක අම්මගෙ හිතට දුන්න ගින්දර මතක් වෙලා මාව පිච්චෙයි.මගෙ අම්මටම වගේ මං ආදරය කරපු නුඹේ අම්මා නිසා..පන්ති ඇරෙන්නටත් මත්තෙන් පන්තිය ගාවට ආව නුඹට කරකියා ගන්න දෙයක් නැති නිසා අම්මට කතා කරලා අම්මෙ මට සනීප නෑ මාව එක්ක යන්න එන්න මං පන්තියෙන් එලියට ආවායි නුඹ තෙපලන්නට ඇති.හිතේ ඇවිලුණ ගින්දරත් එක්ක තකහනියක් දුවගෙන ආපු අම්මගෙ යන්තම් පටලවගත්ත ඇඳි වත දැක්කම නුඹට දුකක් දැනුනෙ නැද්ද කෙල්ලෙ අම්මට බොරුවක් කරපු එක ගැන.?අම්මා එක්ක යන්න නුඹ පය ඔසවද්දි අපි පන්ති ඇරිලා හිමින් හිමින් එලියට එනවා.කිසිවක් නොවුණු ගාණට අම්මත් එක්ක අඩි තිය තිය යන නුඹව දැක්කම ඇති වුණ හැඟීම තරහකට වඩා අනුකම්පාවක් වුණා.

ඒ එක්කම මං එනකන් බලන් ඉන්න මගෙ අම්මා දැක්කම ඒ අනුකම්පාවත් එක්ක හිත යටින් ගලාගෙන ඇස් මත්තට නැගුණු කඳුලු පේන මානය බොඳ කලා..නුඹ ගැන කලකිරුණත් මං අද ජීවිතේ පළවැනි වතාවට මං ගැන ආඩම්බර වුණා.වැදූ අම්මාට මේ තරම් බොරුවක් නොකිරීම ගැන.මට සමාවෙන්න අම්මේ මං කලේ එකම එක වැ‍රැද්දයි,ඒත් ඒ වැ‍රැද්දෙ විපාක අදටත් පස්සෙන් පන්න පන්න මගෙ හිතට වද දෙනවා.ඒත් මං ජීවිතේ ගැන තේරුම් ගත්තා අම්මෙ මගේ වයසට මං අනිත් අයට ඉස්සරහින්..

නුඹ මට සමාජෙට විවර කරලා දුන්න පාර දිගේ මුලින් ඔහේ ඉබාගාතෙ ඇවිදන් ගිහින් අන්තිමට හෙම්බත් වුණ මං මොහොතක් නැවතිලා ආයෙමත් හැරිල වැරදුන තැන් දිහා බැලුවා.ඒ වැරදි හදාගෙන මං ඉස්සරහට ගියා අම්මෙ.මගේ මිතුරියටත් සමාජය ගැන හරිහැටි තේරුම් ගන්න ඉඩක් ලැබුණා නම් සමාජයේ හොඳ නරක මිනිසුන් තේරුම් ගන්න මිනිසුන් ආශ්‍රය කරන්න ඉඩ ලැබුණා නම්?අද දවස මීට වෙනස් වේවි.
.
ආඩම්බරයි මගෙ රත්තරන් අම්මේ නුඹ මට ජීවිතය රෝස මල් යහනක් නොකියා ගෙන්දගම් පොළවෙ හරියට ජීවත් වෙන්න කියා දීම හා ඊට ඉඩ දීම ගැන..

Monday, August 22, 2011

සමාජ සම්මතයෙන් ඔබ්බට?



මගෙ හොඳම යාලුවා,"පිරිමි" ළමයෙක්.කෙල්ල-විරුද්ධ වචනෙ කොල්ලා..කෙල්ලෙක්ගේ හොඳම යාලුවා "කොල්ලෙකු" වීම යනු ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් වීමට සිදු විය හැකි බරපතල වරදක්ද?සමාජ සම්මතයට පිටින් නැගී සිටි මා චූදිතයෙක් වූ අපූරුව..

වරද පිරිමි ළමෙයෙකු හොඳම යහලුවා ලෙස තබා ගැනීම..
දඬුවම-කවදා හෝ දිනක සමාජය තුල නරක කෙල්ලෙකු ලෙස හංවඩු ගැසීම විය හැකිය.(තවම එසේ නොවීම පිළිබඳව මගේ සිතේ ඇත්තෙ පුදුමයකි..)

"ම්ම් අනූ *** ඔයාගෙ හොඳම යාලුවා නේද?"(ගොනා හැරෙන්නෙ පොල් පැලෙ කන්න ආයෙ අහන්න දෙයක් නෑ..ඉල්ලගෙන කෑමට සමාන පදයක් කොල්ලෙකු හොඳම මිතුරා ලෙස තබා ගැනීම)

"හ්ම්ම්...ඇයි?"

"නෑ නිකන් හැමෝම හිතං ඉන්නෙ ඔය දෙන්නා යාලුයි කියලා.."

"උන්ට පිස්සු.." තව තව දේ සිතට එයි.ම මිතුරියගෙ සිත රිදවන්නට නොහැකිය.

"ඒ වුණාට අනූ එහෙම හරි නැහැ නේද?ඔය දෙන්නගෙ යාලු කම?"

"ඇයි ඒකෙ මොකක්ද වැ‍රැද්ද?"

"නෑ ඉතින් එයා කොල්ලෙක් ඔයා කෙල්ලෙක්..අනික එකම වයසෙ.ඉතින් මේ කෙල්ලො එක එක ඒව කියනවා දන්නෙ නැද්ද?"

"හ්ම්ම්.." අනේ ඉතිං බෝපැල නෙ ඒ කෙල්ලො.සිතට එන හැඟිම් මං පාලනය කරමි.දෙවියන්ට ස්තූති වන්නට මගේ කට බ්‍රේක් නැති කටක් නොවේ...

ඉන් එහාට අපේ සංවාදය වෙනතකට යොමු විය..

නමුත් කෙල්ලෙකු හා කොල්ලෙකු මිතුරන් වීම වරදක් ද?මා වැරදිද?කියාගන්නට බැරි කුමක්දෝ හැඟීමක් හිත පෙලයි..වරදක් යැයි ඇඟිල්ල දිගු කරන අය කිසිම දිනක මිතුරන් ලෙස විරුද්ධ පාර්ශවයේ කෙනෙක් තබා ගෙන සිටිය අයෙක් නොවන්නට ඇත්ද?නැති නම් මා තරම් වාසනාවන්තියක් වීමට ඔවුන්ට නොලැබීම නිසා ඇති කරගත් ඊර්ශ්‍යාවක්ද?හඬන සිත සනසවන්නට ඉරිසියාවක් නැතිව උත්සහ කලේත් මා වෙනුවෙන් මුලු හිතින්ම දුක් වන්නේත් මගේ මිතුරාම පමණි..ඒ අහිංසක මිතු දම "උඩින් මිතුරු යටින් හතුරු" නැත

"මොකාව රවට්ටන්න හැදුවත් මං ඔයාව රවට්ටන්න හිතල නෑ අනූ.එහෙම හිතෙන එකකුත් නෑ..ඔයා මාව ‍රැවැට්‍ටුවත් කමක් නෑ මාව ඔයාගෙ හොඳම යාලුවා පොස්ට් එකෙන් නම් අයින් කරන්නෙ එහෙම නෑ"(දෙයියනේ මේ බ්ලොග් පෝස්ට් එක නම් මෙයාට පෙන්නන්න එපා.මාව කයි..)

මෙවන් මිතුදමක මහිමය තේරුම් ගන්නට අත්දැකීම් අවැසි වනු ඇත.නමුත් හණමිටි අදහස් හිසේ තබා ගෙන සිටින සමහරුන් තවමත් විශ්වාස කරන පරිදි කෙල්ලෙකුට සිටිය යුත්තෙ මිතුරියන් පමණක්ය.කොල්ලෙකුට සිටිය යුත්තේ මිතුරන් පමණක්මය..ටිකින් ටික උස් මහත් වන දරුවන් විරුද්ධ පාර්ශවය හා ගැටීම වලක්වන්නට සමාජය උත්සහ කිරීමේ ප්‍රතිඵලය තවමත් නොදැක්කා සිටීම පුදුමයකි.දකින දකින කෙල්ලට කොල්ලන් ආදරය කරන්නට යන්නෙත් දකින දකින් කොල්ලාට කෙල්ලන් ආදරය කරන්න යන්නේත් දෙපාර්ශවයම හරි හැටි අවබෝධයක් නොමැති නිසා නොවෙද?එලිපිට කතා නොකරන මේ ප්‍රශ්නෙන් දුර දිග ගිය දුක්ඛිත කතා රට හැමතැනම.මිනිසුන් හරි හැටි වටහා ගන්නට නොහැකි වීම නිසා කී දෙනෙක් නම් අද අසරණ වී ඇත්ද?"මලක්" ලෙස හැදූ දරුවෙකු ලෝකයේ අනෙක් මිනිසුන් දකින්නේද එකම එක දෘශ්ටි කෝණයකිනි.සියලුම පිරිමි තම තාත්තා මෙන් හොඳ යැයි සිතීමත් සියලුම ගැහැණුන් තම අම්මා සේ හොඳ යැයි සිතා ජීවිතය කාලකණ්නි කරගත් සමාජය නොහඳුනන දරුවන් මෙ රට මෙපණයැයි කිව නොහැක.

එදා මෙන්ම අදත් අපේ රටේ හණමිටි අදහස් තුළින් සමාජය පවතියි...එදා සමාජයට ගැලපුණ සමහර දෑ අද සමාජය හා පෑහෙන්නේ නැත..සියල්ල නොගැලපේ යැයි මම නොකියමි..එසේ පෑහෙන්නේ නම් කුඩා කල අප භාවිතා කල ඇඳුම් තවමත් අපට ගැලපෙන්නට ඇවැසිය,ඉදින් ඒ බව දැන දැනත් හෙටත් එය එසේම සිදු වන්නට හැරීම?

ඉතින් මේ ඇවිත් ඇත්තේ වෙනස් වන්නට කාලය නොවෙද?නැති නම් මා දරන මතය වැරදිද?කෙල්ලන්ට සිටිය යුත්තෙ මිතුරියන්ම පමණක්ද?කොල්ලන්ට සිටිය යුත්තෙ මිතුරන් පමණක්මද?ගැහැණු ළමයෙකු හා පිරිමි ළමයෙකු හොඳම මිතුරන් වීම සහ ගහන අපරාධයක්ද?

"වලි" දමා ගැනීම හෙවත් බිග් මැච් සංස්කෘතිය

දිගු කලක සිට ලිවීමට සිතා සිටි කරුණක් යලි සිහියට නැගුනෙ ඊයෙ පෙරේදා.මැත්ස් ‍ෆිසික්ස් කෙමිස්ට්‍රි විභාග ඔක්කොම අස්සෙ මට බ්ලොග් එකක් තියෙනවා කියල මතක් වුණාම මොනා හරි කුරු‍ටු ගාන්න හිතෙනවා..ආයෙ මේ බ්ලොග් එකේ වැඩකට නැති දේවල් ලියන්නැතුව වැදගත් දේ ලියන්න හිතක් පහල වුණා.ඒ අනුව අනං මනං. බ්ලොග් අඩවියෙන් දොට්ට.වැඩකටම නෑ කියලා හිතුන ලිපි තුන හතරක්ම බ්ලොග් එකෙන් ඉවත් කලා අලුත් වෙනසක් එක්ක ලියන්න හිතුවා..

පාසල් අතර සුහද ක්‍රිකට් තරඟ වලින් ඇති වන සුහද "වලි"..සාමාන්‍යයෙන් පාසල් අතර සුහද ක්‍රිකට් තරඟාවලි පවත්වන්නේ පාසල් අතර සුහදත්වය වැඩි දියුණු කිරීම සඳහා වුවත් අද නම් ඒ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් ව ගිහින් වගෙයි.හැම තරඟයක් අවසානයේම පාසල උදෙසා ගහගැනීමට යාම සාමාන්‍ය සිරිත.මං හිතන්නෙ මෙතන ඉන්න පාසල් යන ගොඩ දෙනෙක්ට නම් බිග් මැච් අවසානයේ ගහගන්න එක ගැන එක අත්දැකීමක් හරි ඇති..ගොඩක් ම කොළඹ පාසල්.ජය පරාජය දරාගනීම කියන සාධකය මත පාසල් ශිෂ්‍යයන් 0 ටත් පල්ලෙහා ගිහින්.

ඇත්තටම ගහ ගැනීම තුලින් ඔවුන් බලාපොරොත්තු වෙන දේ ලැබෙනවද.?ආතල් එකක් ගන්න ගහගැනීම?ආවේගය පිට කිරීම?..සාධාරණයක් උදෙසා සටන් කිරීම?පාසල් කාලය තුල ඇති වන රණ්ඩු බොහොමයක් බිග් මැච් හෝ ආදර සම්බන්දතාවයක් පාදක කරගත්ත ඒවා.පුංචි සිද්දියක් මේ තරම් දුර ගෙන යන එක නුවණට හුරුද?ලැබෙන ප්‍රතිඵල් භයානක විය හැකියි..අම්මා තාත්තා දුක් විඳලා උස් මහත් කල දරුවන් තේරුමක් නැති දෙයක් උදෙසා "වලි" දමා ගැනීම හෙවත් ඇඟපත හිරි ඇරගැනීම..ප්‍රතිඵල පොලිසියෙ පැය ගානක් ‍රැ‍ඳෙන්න වාසනාව ලැබීම නැත්තම් ඉස්පිරිතාලෙ ඇඳක් නොමිලේ සතියක් පාවිච්චියට අවස්ථාව..කොළඹ තාප්පෙකින් විතරක් වෙන් වෙලා තියෙන පාසල් දෙකක් අතර ගැ‍ටුමක් ගොඩක් දුර දිග ගියා ගිය අවුරුද්දෙ.හැමෝටම මතක ඇති නෙ..මේ ගොල්ලො ගහගෙන ආවට පස්සෙ යාලුවො වෙලා ඉන්න වටේ පිටේ ඉස්කෝල වල කෙල්ලන්ට වෙන අපිට තමා වදේ..

"මචං අම්මව ශේප් කරපන්කො"

"මචං මේ තුවාල අම්ම දැක්කොත් අවුල හෙට ගෙදරින් තුවාල වලට දාන්න බේත් ටිකක් ගෙනත් දෙනවකො"

ඉස්පිරිතාලෙ නර්ස් ලා වගේ වැඩ කරන්න වෙලා තියෙන්නෙ අපිට.ඇයි සාමදාන විනිශ්චකාර කම.පඩි නැතුවම ජොබ් කරන්න..

ඉස්කෝලවල් වල ගුටි ඇණ ගෙන එන දෙගොල්ලො බස් එකේදි සහෝදරයො වෙලා..කරට අත දාගෙන මචං අරූ මෙහෙම ගැහුවා එකෙක්ට මෙහෙම ගැහුවා බර කතාවක..තේරුමක් නැති දෙයක් වෙනුවෙන් ඔහේ රණ්ඩු සරුවල් වෙලා ඔලු පලා ගන්නවා..

"ඇයි අයියෙ ගහ ගන්න යන්නෙ" "ඇයි බං දැන් ඔය ගහ ගන්නෙ." කෙල්ලො වෙන අපේ වැඩේ ඕපාදූප හොයන එකලුනෙ..

"දන්නැහැ නංගි.බස් හෝල්ට් එකේදි අල්ලපු ඉස්කෝලෙ එකෙක් සද්දයක් දාලනෙ පොඩි එකෙක්ට.ඒකලු."

"එතකොට දැන් ඔයාල හරියට දන්නෙ නැත්ද?"

"අනේ මන්දා මේ මගදි රගර් එකේ උන් මාවත් ඇදන් ගියා ගහන්න කියලා.ඉතිං මාත් ගිහින් ආවා.."

අනේ අනිච්චං මෙහෙමත් ගොන්නු,කියන්න හිතුනට කියන්නැහැ.ඔය තියෙන අසහනේට කෙල්ලො කියලා බලන්නැතුව අපේ ඉස්කෝල වට කරලා ප්‍රහාර එල්ල කලොත්?කාට කියම්ද?

කොහොමින් හරි අන්තිමට වෙන්නෙ මොකක්ද?අහිංසකයො දෙතුන් දෙනෙක් වන්දි ගෙවන එක.අසරණ අම්මලා තාත්තලගෙ හිත් වල ගිනි පත්තු වෙන එක..හෙට අනිද්දට ආයෙමත් මොකක් හරි දෙයක් අල්ලන් කොල්ලො ගුටි ඇණ ගනිවී.ඒත් එක්කෙනෙක්ට හරි දෙයියනේ කියලා මොලේ පැදුනොත්?කවදා මේවා නතර වේවිද?ඒ වුණත් කවුරු කවුරුත් ජය පරාජය කියන දේ සමව පිලිගන්න සූදානම් වුණා නම් හොඳයි නේද?

Sunday, August 21, 2011

වැහි බිඳුවක පෙම් කලෙමි



වැස්ස..ඔහේ වහිනවා..තේරුමක් නැතුව,ඒත් වැස්ස පොලොවෙ හැම දුක් කන්දරාවක්ම හෝදලා දානවා.වැස්සට පුලුවන් වුණා නම් මගෙ දුකත් ඒ වගේම ගලාගෙන යන්න දෙන්න.මං මේ නගරය අස්සෙ තනි වෙලා..දඩබ්බරව වහින වැස්සට තෙමි තෙමි ඔහේ ඇවිදිනවා.පිස්සෙක් වගේ..අද වගේම අතීතයේ දවසක මෙහෙමම අපි වැස්සෙ තෙමුණ හැටි මගෙ ඇස් ඉස්සරහ මැවුණා

"සුදු අයියෙ වහින්නයි එන්නෙ.."

"අපි අද විතරක් තෙමෙමු..." මං ඒ ඇස් දිහා බලාගෙන කෙඳිරුවා.

"මිනිස්සු හිතයි පිස්සු කියලා.මට නම් බෑ..සුදු අයියත් කුඩේ ඉහල ගන්න..මාත් මගෙ කුඩේ ඉහල ගන්නම්..."

"අපි එක කුඩේ යමු."

"අනේ බෑ කවුරුහරි දැක්කොත් අපිව..විභාගෙ ඉවර වුණාට පස්සෙ යමු..එතකොට අපි ලොකුයි නෙ.."..මං අතින් අල්ලගන්න හදපු හැමදවසකමත් ඔයා මිමිණුවේ ඒ වචන ටික විතරමයි..

"හ්ම්ම්..චූටි නංගි ඔයා කුඩෙ ඉහලගන්නකො එහෙනම්.මට තෙමෙන්න ඕනෙ.."

නිල් පාටින් මල් වැ‍ටුණ කුඩේ අරන් ඔයා ඉහළ ගන්න හැදුවා..ඒත් දඟ කරන මගෙ ඇස් දැක්කම එදා ඔයාට දුක හිතෙන්නෙ ඇති නංගියෝ..

"නෑ අපි දෙන්නම තෙමෙමු.." අපි රොබරෝසියා මල් වැ‍ටුණ පාරෙ ඔහේ ඇවිදගෙන ගියා..මුලු ඇඟම තෙතබරියම් වුණත් අපි දෙන්නම හිනා වුණා..

ඒ එදා..කිසිම දවසක මට හිමි නොවුණ නුඹ කොහෙද අද?.විභාගෙන් පැරදුණ කොල්ලෙක් ළඟ අනාගතය ගොඩ නගාගන්න බෑ කියලා උඹ හිතක් පපුවක් නැති ගානට මාව දාල ගිය හැටි.ඒ වචන එදා වගේම තාමත් මතකයි...අමතක කරන්න හදන වාරයක් වාරයක් ගානෙ ඔය ඇස් මට වද දෙනවා කෙල්ලෙ.උඹ මගෙ ජීවිතෙ වෙලා.ගිය කෙනෙක් වෙනුවෙන් මගෙ හිත තාමත් අඬන්නෙ ඇයි දෙවියනෙ ඇයි?..කල්පනා දැහැන බිඳගෙන ඉස්සරහින් ආව කව්දෝ දෙන්නෙක් මගේ මඟ ඇහිරුවා.

දෙයියනේ චූටි නංගි මගෙ චූටි නංගි මේ ඔයාමද?

කවදාවත් මට අල්ලගන්න නොදුන්නු ඔය සුදු අත අද තවත් අතක වෙලිලා..මං නුඹත් එක්ක යන්න හීන මැව්ව නිල් පාට මල් වැ‍ටුණ කුඩේ යටින් තවත් කෙනෙක් නුඹත් එක්ක..අපේ ඇස් මොහොතකට ආයෙමත් එකතු වුණා.ගොලු වුණ හිතකින් මං ඔය ඇස් දිහා බලාන ඉද්දි ජීවිතේ තව පාරක් නොදන්නා ගානට උඹ මාව දාලා ගියා මගේ චූටි නංගි..උඹ ගියා....පුංචි දේට කඳුලු පෙර පෙර ඇඬුවට කෙල්ලන්ගෙ හිත හයියයි චූටි නංගි..කොල්ලො වගේ නෙමේ..කඳුලු වලින් බොඳ වුණ ඇස් වලින් අන්තිම වතාවට උඹ දිහා හැරිලා බලපු මං ආයෙමත් මේ මහ නගරෙ තනි වුණා.ජීවිතේ තවත් දවසක..

ළඟින් ඉන්නට වරම් නැති සඳ
හඬන මගෙ හිත හදාගන්නට
අනේ තව එක්වරක්වත්
හීනයක් වී වඩින් හිත වෙත

සරුංගලේ..

අගෝස්තු නිවාඩුවත් ආවා.පාඩම් කරන්න කිය කිය අම්මා දෙස් දෙවොල් තියද්දිත් හිත දුවන්නෙ සරුංගල් අරින්න යන්නමයි.සරුංගලයක් නම් හදාගන්න පුලුවනි..ඒත් අලවන්න සව්කොල?තාත්තා නැති දුක තේරෙන්නෙ ඔය වෙලාවට.අම්මා මහන්සියෙන් කිරි කපලා හොයන සල්ලි මාසෙ පිරිමහගන්නත් මදි,ඔට්ටපාලු ටිකක් ගලවන් ඇවිත් විකුණන්න තිබුනා නම්..ඒත් කොහෙද වත්තෙ මහත්තයා ඒ ටිකටත් පෙරේතයි..සති ගාණකට කලින් හදා ගත්ත මොණරා දිලිහි දිලිහි ඉන්නවා දොර මුල්ලෙ..ඒත් අලවන්න සව්කොල?අඩුම තරමෙ පත්තර කෑල්ලක්වත් නැති හැටි.දැන දැන වුණත් අම්මට දුක කියන්න පටන් ගත්තෙ හිත උණු වෙලාවත් රු.10ක් දේවි කියලා,,ඒත් අම්මගෙ හිත යකඩ වගේ,ජීවිතෙත් එක්ක ඔට්‍ටු වෙලාම අම්මගෙ හිත හයියයි.ඉතින් රු.10ක් ඉල්ලගන්න එක හීනයක්ම තමයි.

"පුතේ හොඳ කොල්ලා වගේ ගිහින් රු.30ක විතර භූමිතෙල් ටිකක් අරන් වරෙන්.කඩේට කියපන් පොතට දාන්න කියලා."

"අම්මේ අනිත් කොල්ලො හැමෝටම සරුංගල් තියෙනවා.මගෙ සරුංගලෙත් අලවගන්න සව්කොල ගන්න කීයක් හරි?"

"විකාර නොකර ගෙදෙට්ට වෙලා පොතක් පතක් බලාගනින් කොල්ලො ඉගෙන ගත්තොත් උඹට සව්කොල නෙමෙ ඉටි කොල වුණත් ගත්තැහැකි"

හැමදාම ඉතිං ඔය බණේ තමා..මං හිතේ තියෙන තරහටත් එක්ක වරිච්චි බිත්තියට පාරක් ගහගෙනම එලියට බැස්සා..

"වැස්සට තෙත් වෙලා තිබුණ හින්දද කොහෙද පස් හෝ ගාල බිමට වැ‍ටුණා..

"ඒ ගමන උඹ ගේත් සමතලා කරන්නද කල්පනාව.හැබෑටම උඹට මං මේ විඳින දුක තේරුම් ගන්න බැරි හැටි..
අම්ම්ගෙ ඇස් වල කඳුලු දිලිහෙනවා.ඒත් ඒ කඳුලු කවමදාකවත් බිමට වැටෙන්නැහැ..හැමදාම ඇහැ යට නලියනවා විතරයි..කඳුලු වලට මේ දුප්පත්කම නැති කරන්න බැරි බව දන්න නිසා වෙන්නැති..මෙච්චර කාලෙකට අම්මා අඬනවා දැක්කෙ තාත්තගෙ මළගම දා විතරයි..

අම්මගෙ කන්දොස්කිරියාව අහනවට වඩා හොඳයි කඩේ පැත්තෙ යන එක.කොල්ලො දාම් අදිනවත් බලාන ඉන්ට පුලුවන්.ඒ උනාට මාව කවදාවත් දාම් අදින්න එක්කගෙන නෑ.එතන ඉන්නෙ ලොකු පෝරිසාදයොලු.

කඩේට ගිහින් භූමිතෙල් අරන් එන අතරමග තණකොල බිස්සෙ රු.10ක් වැටිලා තියෙනවා දැක්කෙ.මං රු.10 අතට ගනිද්දි අත වෙව්ලුවා.මොකක්දෝ වේදනාවක් ඇඟ පුරා දිව්වා.විදුලියක් වගෙ.අයිතිකාරයෙක් නැති දේ ගන්න හොඳ නෑ.ඒත් මේකට අයිතිකාරයෙක් ඉඳිද?එයා ආයෙ මේක ගන්න මෙතනට එයිද?මම රු.10 අතේ ගුලි කරගත්තා.වට පිට බලන්නෙ නැතුවම ගෙදර දිව්වා..

"මොකද කොල්ලො බය වෙලා වගෙ?මෙච්චර පරක්කු වුණේ ඇයි.ගේ හරියෙ එලියක් නෑ උඹ භූමිතෙල් ටික අරන් එනකම්.ලාම්පු පත්තු කරන්න පුලුවන් එකක් යෑ.මෙහෙ දියන්.යකෙක් වැහිලා වගෙ ඇස් ගෙඩි ලොකු කරන් බලන් ඉන්නෙ නැතුව."

පහුවැනිදා වෙනකම් මගෙ හිතට පුදුම හදිස්සියක් තිබුණෙ.කුකුලො අඬන්නත් කලියෙන් මං නැගිට්ටා,කඩේ ඇරිය ගමන්ම ගිහින් සව්කොල ගන්න ඕනෙ.කෝක කරන්නත් අම්මා යනකන් ඉන්න එපෑයේ.අම්ම ඇහුවොත් කොයින්ද මේ සව්කොල කියලා මං කියනවා සමීරගෙන් ඉල්ල ගත්තා කියලා.

අම්මා කිරි කපන්න ගිය ගමන්ම මං දිව්වෙ කඩේට.
.
.සුදු පාටයි නිල්පාටයි..කොල පාටයි රෝස පාටයි.එක එක පාට...
"මුදලාලි මට රු.10ක සව්කොල.?"

"පොතටද?"

"නෑ සල්ලි වලට"

මුදලාලි කණ්ණාඩි දෙකට යටින් මං දිහා බැලුවා.හරියට කවදාවත් දැකලා නෑ වගෙ..මං මූණ දෙන්න බැරි කමටම ගුලි කරන් හිටපු රු.10 බිම බලාගෙනම මුදලාලිට දීලා සව්කොල ටික ඉල්ල ගෙන රූං කුරුල්ලා වගේ ගෙදර දිව්වා..රොටී හදන්න තියෙන්න පිටි වලින් ඩිංගිත්තක් හොරෙන් අරගෙන පාප්ප හදාගෙන සරුංගලේ අතට ගත්තා.සුදු පාටින් මුලු සරුංගලේම අලවලා රතු පාටින් ඉරි තිබ්බා.තැඹිලි පාටින් ‍රැල් දැම්මා.හරිම ලස්සනයි..ගේත් එලිය වුණා වගේ හිතුණා මට..

අම්මා ආව ගමන්ම මං අම්මට පෙන්නුවෙ මගෙ සරුංගලේ..අම්මට කිව්වෙ සමීරගෙන් සව්කොල ඉල්ල ගත්තයි කියලා.බොරු කියන්න දුකත් හිතුණා.ඒත් අම්ම බැන්නොත් කියලා බය හිතුණා..මට රෑ වෙනකන් නින්ද ගියෙත් නෑ.පොතක් අතට ගත්තෙ නින්ද යන්නැති හින්දමයි.කෝකටත් කියලා සරුංගලෙත් ළඟින්ම තියා ගත්ත මං කුප්පි ලාම්පුවත් පත්තු කරගෙන පොත දිග ඇර ගත්තා.පොත බලද්දිත් මට මැවි මැවි පෙණුනෙ සරුංගලේ අරින හැටි..මං වෙලට ගෙනිච්චම අනිත් අය වට වෙලා බලන හැටි අහසෙ පාවි පාවි තියෙන හැටි.හිතුනොත් මං සරුංගලේ රෑ තියනවා.උදේම ගිහින් බාන්න බැරියෑ..ඒත් එකපාරටම මොකක්දෝ වැටෙන සද්දෙත් එක්ක මං ගැස්සුණා.පූසා මේසෙට ඇවිත් පුරු පුරු ගානවා.කුප්පි ලාම්පුව බිමට පෙරලිලා..සරුංගලේ ‍රැල් යාන්තමට ගිනි අරං...මං අතින් ගගහා නිවන්න හැදුවත් ගින්න තවත් වැඩි වුණා..පිළිකන්නෙ තිබුන වතුර කලේ අරන් ඇවිත් මං ගින්න නිවද්දිත් සරුංගලේ පිච්චිලා බාගෙට.වතුර පාර වැදුන ගමන් සව්කොල ඔක්කොම දිය වෙලා ගියා..අනේ මගෙ සරුංගලේ..සව්කොල වගේම දියවෙලා ගිය මගේ හීනෙ..බාගෙට පිච්චිලා සව්කොල දිය වෙලා ගිය සරුංගලේ අතට ගත්තම හිතට දැණුන මහ දුකත් එක්ක කඳුලු සට සට ගාල බිමට වැ‍ටුණා.

අනේ හැම ප්‍රශ්නයක්ම උහුලන,කඳුලු නොවැටෙන මගේ අම්මගෙ හිත වගේ මගෙ හිතත් හයිය වුණා නම්?




Saturday, August 20, 2011

නිදහසක් සෙව්වෙමි

මේ ප්‍රශ්න මට වද දෙනවා.දෙයියනේ කියලා හිනාවෙලා ඉන්න හදන හැමතැනදිම ප්‍රශ්න ඇවිත් හිත කඩන ලස්සන.හරියට හිතක් පපුවක් නෑ වගෙ,මං බය නෑ ඕන දේකට ඔට්‍ටුයි.මං මැරෙන්න බය නෑ මේවයින් පැනලා යන්නෙත් නෑ,

ඒ වුනාට හොඳම විසඳුම?මරණය.

මං ගෙනාපු මැහි තෙල් බෝතලේ අතේ තියාගෙන මං කල්පනා කලා.මං මැරුණම කී දෙනෙක් අඬයිද?මං නැතුවම අගේ තේරෙයි හැමෝටම.එක එකා ඇවිත් මගෙ මිනිය ඉස්සරහ හැපි හැපි අඬනකොට මං හිනාවෙනවා හොඳටම.මැරුණට පස්සෙ කොහොම වෙයිද?මං කරපු පින් ඇති වෙයිද හොඳ තැනක ඉප දෙන්න,ම්..ම් අම්මවයි තාත්තවයි නිවාසෙකට යැව්වා.ඒක පවක්ද?නෑ නෙ ඒ දෙන්නට හොඳින් ඉන්න නොවැ එහෙට මං යැව්වෙ.මට වදයක් හින්දම නෙමෙයි නේ.අනික මාසෙකට වියදමට කියල මං සල්ලිත් දෙනවනෙ.නෑ නෑ ඒක ලොකු පිනක් නෙ.එහා වත්තෙ පොල් හොරෙන් කැඩෙව්වා තමා ඒත් ඉතින් එහෙ ගෙදර උන්දැලා දෙන්නා වයසයි නෙ.හෙට අනිද්දා මැරෙන්න ඉන්න උන්ට ඔව්වයෙන් වැඩක් නැති හින්දමයි යැව්වෙ.එතකොට බීගෙන කෑ ගහපුවා..මං බිව්වෙ ආතල් එකටනෙ.එහෙම කලාට පව් සිද්ද වෙන්නෙත් නෑනෙ.අනික බුදු හාමුදුරුවො කිව්වයි කියන්නෙත් පොඩ්ඩක් ගන්න කියලලු නේද කොහෝද ඔව්වා හරියට දැනගන්න මං පන්සලකට දහම් පාසලකට ගිය එකක් යෑ.
හ්ම්ම් එහෙනම් ආයෙ දෙකක් නෑ මං පව් කරලා නැති නිසා මැරුණට හොඳ තැනක ඉපදෙනවා.

මැහි තෙල්?මේවා බීලා මැරෙන්නැතුව ගියොත් එහෙම.ටක්කෙටම මැරෙන සූත්තරයක් තමා හරි යන්නෙ.බෙල්ලෙ වැල දාගන්න එකත් හොඳයි ඒ උනාට හුස්ම හිරවෙද්දි අමාරුයි.රිදෙන්නැති වෙන්නත් ඕනෙනෙ.කෝච්චියට පැන්නොත් නම් ආයෙ කිසි කතාවක් නෑ මැරෙයි.ඒ උනාට මං මැරුණම පෙට්ටියෙ උජාරුවට ඉන්න බැරි වෙයි.කෝච්චියට අහු වුනාම කෑලි ඉතුරු වෙයි යෑ,ඒකත් අත අරිමු.හොඳම දේ මුහුදට හරි ගඟකට හරි පනින එක තමා.ආයෙ බල බල ඉන්න දෙයක් නෑ.දැන්මම ගියා නම් පාලම උඩට.හිත වෙනස් වෙන්න කලින් පනින්න ඕනෙ.

මෙතන ඉඳන් පනින එක ලේසි ආයෙ ගොඩ එන්නත් බෑනෙ.මම පාළම උඩට නැගලා වාඩි වුණා පාලම් ගැට්ටෙ.එක පාරටම පනිනවද නැත්තම් ටික වෙලාවක් ඉඳලම පනිනවද?හිත හිත හිටියොත් බෑ පනිනවා නම් දැන්මම..

මෙතනට වෙනකම් කතාව මතකයි ඉතුරු ටික?මං මැරිලද?එතකොට අර එන්නෙ සුරංගනාවියක්ද?සුදු ඇඳගෙන.ලස්සනයි කරුණාවන්ත පාටයි.මං දැන් නිදහස් මං මැරුණා හැමදේකින්ම නිදහස්..මං නැගිටින්න හැදුවේ ඒ ලස්සන මූණු පොඩිත්ත බලාගන්න

"කව්ද ඔය දඟලන ලෙඩා,හා හා ඔයාට තාම නැගිටින්න හොඳ නෑ..තාම හරියට සනීපයක් නෑ..නිදාගෙන ඉන්න මේ බේත් ටික බීලා"

"ආහ් රිදෙනවා.මං මේ කොහෙද?"

"කොහෙද කියන්නෙ මේ ඉස්පිරිතාලෙ වාට්‍ටුවෙ.පාලමකින් වැටිලා.තව පොඩ්ඩෙන් මැරෙනවා.තාමත් ජීවිතේ ගැන හරියට බලාපොරොත්තුවක් කියන්න බෑ.තත්වෙ ටිකක් බරපතලයි....

"අනේ දෙවියනෙ මට මැරෙන්න බෑ මිසී.අනේ මට මැරෙන්න දෙන්න එපා.මාව බේරගන්න මිසී මාව බේරගන්න...මට මැරෙන්න බෑ..

"මම නම් ග‍ඟෙ පනිනවා
වතුර බීල මැරෙනවා
හුස්ම ටිකක් හිර වෙනකොට
ගොඩ පීනනවා"

නැවතුමක් නැති සද්ද අස්සෙ සයිවර් කඩේක රේඩියෝ එකෙ සද්දේ යාන්තමින් කනට වැ‍ටුනා

Friday, August 19, 2011

මාතෘකාවක් නැත

හඩන ඇහි පිල්ලමක් යට
මියදේවි මා දුක තුරුල් කොට
පුදන මල්වඩම් නැතුවට
වරෙන් අවසන් වතාවට
මගේ මලගම හෙට!

Thursday, August 18, 2011

එදා සහ අද !

අගෝස්තු නිවාඩුව ආපුවාම අපිට නිවනක් නෑ,සරුංගල් බලන්න කියලා දවසම ගල උඩ ඉන්නවා.ඒ විතරක් යෑ ඇයි සරුංගල් හදලා යවන්න.මාත් දන්නවා සරුංගල් හදන්න.ඒත් උඩ යන්නැහැ.ඉතින් මට සරුංගල් හදලා දුන්නෙ ඉස්සරහ ගෙදර මල්ලි.මල්ලියි මමයි අක්කයි තුන් දෙනාම යනවා සරුංගල් අරින්න.මම 10 වසරට විතර යනකන්ම සරුංගල් අරින්න ගියා අගෝස්තු නිවාඩුවට.කෙල්ලො කොල්ලො බේදයක් නෑ හැමෝම එක්කහු වෙනවා සරුංගල් බලන්න.කොයිතරම් සුන්දරද?

ඉස්සර පුරුද්දට වගේ රෙදි ටික ගන්න ගලට ගියාම මං වාඩි වෙලා පේන අහස් මානයේ සරුංගලයක් හෙව්වා.ඉස්සර සරුංගල් දහ දොලහක් පේන අහසෙ අද එකම එක සරුංගලයක්වත් නෑ,කාලය යද්දි අපි හැමෝම වෙනස් වෙලා,ඒත් අපි ගෙවපු කාලයටත් වඩා අඩු කාලයක් අද පුංචි එවුන්ට ඉතිරි වෙලා තියෙන්නෙ කියලා හිතෙනවා,අපිටත් හැමදාම හවසට පන්ති තිබුණා තමා ඉස්කෝලෙ ඇරිලා ගෙදර එද්දි 4 විතර වෙනවා තමා ඒත්...ඒත් අපි සෙල්ලම් කලා.හැමෝම කියනවා වගේ පන්ති නිසා අපේ නිදහස අපිට නැති වුණේ නෑ,නැති වෙන්නෙත් නෑ මට හිතෙන්නෙ.පන්ති ගියාමත් අපිට නිදහසක් තිබුණා සාමාන්‍ය පෙල කරද්දිත්.අපේ පන්තියට එහා පැත්තෙ වෙලේ ගොයම් කපලා ඉවර වුණාම අපි යනවා එල්ලෙ ගහන්න.කෙල්ලො එක පැත්තක කොල්ලො එක පැත්තක.නැත්තම් කලවමේ..පන්ති ඉවර වුණ ගමන්ම දුවන්නෙ වෙලට.වැටි වැටි බෝලෙ පස්සෙ ගිය අපි.මඩ අරන් මූණු වල ගෑව අපි පන්න පන්න කහඹිලියා ගා ගත්ත අපි අද උසස් පෙල කරන්න ඇවිත්..

දැන් උසස් පෙල කරනකොට නම් වැඩ කරන්න තියෙනකොට නිදහසක් නැති බව ඇත්ත ඒත් සාමාන්‍ය පෙළ කාලෙත් ඇති තරම් නිදහසක් තිබුණා.ඒ කියන්නෙ ගිය අවුරුද්ද වෙනකන්ම අපි නිදහසේ හිටියා.එහෙනම් ඇයි මේ?නිදහස නැහැ නෙමෙ අද සරුංගල් යවන්න සෙල්ලම් කරන්න නෙමේ ඊට වඩා දේවල් පොඩි එවුන්ගෙ හිත් වලට ළං වෙලා,තාක්ෂණයත් එක්ක ලෝකෙ වෙනස් වෙනවා.අද සරුංගලේ රෝන්දෙ ගහන්න යන බයිසිකලේ වෙනුවට ෆෝන් එකයි කම්පියුටර් එකයි ළං වෙලා.ඇත්ත මටත් එහෙමයි,හැමෝටම එහෙමයි.ඉස්සර වෙලේ,වත්තේ දුව දුව හැංගි මුත්තම් කරපු අපි,ගස් ඔට්‍ටු දාපු අපි අල්ලන ඔට්‍ටු දාපු අපි කුණු අඹ ගහ ගත්තු අපි කාලෙත් එක්ක වෙනස් වෙලා.අපෙන් එහා අය ඊටත් වෙනස් විදිහකට එයාලගෙ නිදහස ගත කරාවි.අපි කාලයටත් වඩා ඉක්මණට ඉස්සරහට දුවනවා තාක්ෂණයත් එක්ක ඔහේ දුවනවා.ඉතින් හෙට දවස කොහොම වේවිද?

Tuesday, July 26, 2011

සමාජ වෙබ් අඩවි පිළිබඳ අදහස් අවශ්‍ය වී තිබේ!

මේ දවස් වල නම් අන්තර්ජාලෙ පැත්තෙ එන්න හම්බෙන්නෙම නෑ,මේ අවුරුදු දෙක කොහොමහරි ඉවසන්නම වෙනවා.:( :( A/L කරගන්නත් එපැයෑ,

අද මට ඔයාලගෙන් පුංචි උදව්වක් ඕනෙ.මං A/L ව්‍යාපෘතියට කරන්න හිතන් ඉන්නෙ සමාජ වෙබ් අඩවි ගැන පොඩි සමීක්ෂනයක්,ඉතින් ඒකට මට එක එක්කෙනාගෙ අදහස් ඕනෙ මෙන්න මේ ප්‍රශ්න වලට,
මුලින්ම ඔයාගෙ නම සඳහන් කරන්න,ඊට පස්සෙ උත්තර සටහන් කරලා යන්න,මට කරන ලොකූ උදව්වක් මගෙ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න.




01.ඔබට සමාජ වෙබ් අඩවියක සාමාජිකත්වය තිබේද?(එසේ නම් පමණක් පහත ඒවට පිලිතුරු සපයන්න.නැති නම් දෙවන ප්‍රශ්නයේ සිට පිලිතුරු ලියන්න)
i.ඒ කුමන වෙබ් අඩවි වලද?
ii.ඔබ එයට එක් වූ වර්ෂය?
iii.ඔබ සමාජ වෙබ් අඩවි භාවිතයට හේතු මොනවාද?
iv.ඔබ සමාජ වෙබ් අඩවියකදී ආශ්‍රය කරනුයේ ඔබේ මිතුරන් පමණක්මද?නාඳුනන අය එකතු කරගන්නවාද?
v.සමාජ වෙබ් අඩවියක ඔබ එකතු කරගෙන ඇති මිතුරන් සංඛ්‍යාව ආසන්න වශයෙන් කොපමණද?
vi.ඔබ ඔබගේ ඡායාරූප ආදිය අනෙක් අයට දර්ශනය වන පරිදී එයට එකතු කර තිබේද?
vii.සමාජ වෙබ් අඩවියක් තුල ඔබ යම් කරුණක් නිසා අපහසු තාවයට පත් වී ඇත්ද? (හැක් වීම්,ෆේක් ප්‍රොෆයිල්)
viii.එසේ නම් ඔබේ අත්දැකීම කෙටියෙන් විස්තර කරන්න
ix. සමාජ වෙබ් අඩවි තුලින් ඔබ ඔබේ ජීවිතයට ලබා ගත්තා යැයි සිතන වැදගත් යමක් ඇත්නම් එය සටහන් කරන්න
x. සමාජ වෙබ් අඩවි තුල ඔබ මෙතෙක් කල් අනුගමනය කල ක්‍රියා කලාපයන් පිළිබඳ ඔබ පසුතැවෙනවාද? ඔබ වෙනස් කරගැනීමට බලාපොරොත්තු වන චර්යාවන් ඇත්නම් ඒ මොනවාද?
xi .ඔබ එය භාවිතා කිරිම හා මෙතුවක් කල් ලබා ගත් දේ පිළිබඳ ඔබ තෘප්තිමත් ද?


02.සමාජ වෙබ් අඩවි භාවිතය සමාජයට එල්ල කරන බලපෑම් ඔබට සිතෙන අයුරින් විස්තර කරන්න.

03.ඔබ සිතන පරිදී සමාජ වෙබ් අඩවි ලංකාවේ සමාජයට උචිතද?ඔබ එසේ සිතීමට හේතු කෙටියෙන් සටහන් කරන්න.

04.සමාජ වෙබ් අඩවි භාවිතා කල යුතු ආකාරය පිලිබඳව ඔබ සිතන ආකාරය?

05.සමාජ වෙබ් අඩවි භාවිතය අනවශ්‍ය ලෙස කාලය වැය කීරිමක් යැයි සිතනවාද?එයට හේතු

06.සමාජ වෙබ් අඩවි භාවිතය ප්‍රයෝජනවත්ද?නැත්ද?

07.ඔබ සමාජ වෙබ් අඩවි පිළිබඳ මුලින්ම දැනුවත් වූ ආකාරය කුමක්ද?

08.සමස්තයක් වශයෙන් ගත් පසු ඔබ සමාජ වෙබ් අඩවි පිළිබඳ දරන මතය විස්තර කරන්න.

09.මෙම ප්‍රශ්නාවලියට පිළිතුරු සැපයීම තුලින් ඔබ ඔබේ සමාජ වෙබ් අවවි තුල හැසිරීම පිලිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගත්තාද?

10.මෙම ප්‍රශ්නාවලියට ඇතුලත් විය යුතු යැයි ඔබ සිතන තවත් කරුණු ඇත්නම් ඒවාද සඳහන් කරන්න

Monday, July 11, 2011

අපි අසරණ වෙලා වගේ

මම හිටියෙ දොරකඩට වෙලා පාර දිහා බලාගෙන.මේ පාර දිගෙ අපි දෙන්නා කොයිතරම් නම් දුවන්න ඇත්ද?අපි කෑම කෑවෙත් බෙදාගෙන.මට දෙන බත් එක ඉතුරු කරන් ඉඳලා ඔයා ආවම හිමීට ඔයාට ළං කරනවා.ඒත් ඇයි අද උඹ පරක්කු?

ගේ ඇතුලෙ ලොකු කලබලයක් ද කොහෙද.පුංචි මහත්තයා හොඳටම තරහින් ඉන්නෙ.මම ගිහින් ඇ‍ඟෙ ඇතිල්ලුනාමත් ගිනි පුපුරු ඇස් දෙකකින් මං දිහා බැලුවෙ.මම පැත්තකට වුනේ එක දවසක් වගේ පයින් පාරක් උරුම වෙයි කියලා බයටම.එදා එහෙම කරලා පුංචි මහත්තයා තරහ නිවුනම ඇවිත් මාව අතගාලා සමාවෙයන් කොල්ලො කිව්වා තමා.ඒත් එහෙම කලා කියලා හිත ඇතුලෙ වුණ තුවාලෙ මකන්න බෑ..

"මෙච්චර කෙල්ලො ඉන්න රටේ උඹට ලොකු වුණේ හකුරු කෙල්ලෙක්ද බොල.උඹව හැදුවට වඩා හොඳයි සතෙක් හැදුවා නම්."

හකුරු කෙල්ලො?ඒ කවුද?අනේ මන්දා පුංචි මහත්තයා වටේ තියෙන හැම බඩුවකටම පයින් ගහනවා.

"අම්මෙ අම්මලගෙ මහ ලොකු වලව් පැලැන්තියෙ උන්ගෙ තියෙන ඉරිසියාකාර කම ඒ දුප්පත් කෙල්ල ගාව නෑ.රජ කාලෙ වුණ දේවල් වලට ඒ කෙල්ලො පලි නැහැ අම්මෙ.එයාලටත් හෙටක් තියෙන්න ඕනෙ.අපේ රට දියුණු වුණා කියල උඩප්පරන් ගැහුවට අපේ රටේ තියෙන අදහස් තාම වෙනස් වෙලා නෑ.මං ඒ අහිංසක කෙල්ලව මිස වලව් පැලැන්තියෙ ඉරිසියාකාරියක් බඳින්න ලෑස්ති නෑ අම්මෙ."

එකත් එකටම ඔය කියන්නෙ අර පුංචි මහත්තයගෙ කෙලි පොඩිත්ති ගැන වෙන්ට ඕනෙ.අනේ සීදේවි කෙල්ල.එදා ආපු වෙලාවෙ මාව ළඟ තියාගෙන කියෝ කියෝ හිටියේ හරියට මම එයාල වගේම මනුස්ස පරාණයක් කියලා හිතාගෙන.ඇස් වහ කට වහ නෑ එයා තමා අපේ මහත්තයට හරියනම කෙනා.

"හහ් ඇයි උඹ බඳිනකන් අපි උඩ බලන් ඉදී කියලා හිතුවද.මෙහෙ නම් හරියන්නැහැ පු‍තෝ ඒවා.මං මෙහෙ ඉන්නකන් මේ ගෙදරට ඒ කෙල්ලව එක්කං එන්න බෑ උඹට.අපි ඔවුන්ගෙ ගෙවල් වලින් වතුර පොදක්වත් බොන ඈයො නෙමෙ"

"අම්මලා මෙහෙම ඉන්න.මං යනවා යන්න.මෙහෙට ගේන්න නොදුන්නට කමක් නෑ.අපි අපේම කියලා ගෙයක් හදාගෙන සතුටින් ජීවත් වෙන්නම්.එයාව එක්කං ආපු දවසෙ අම්මලා ඔහොම කිව්වෙ නෑ.පවුලෙ විස්තර දැනගෙන දැන් බැන්නට"

පුංචි මහත්තයා එයාගෙ ඇඳුම් ඔක්කොම කුදලගෙන එලියට බැස්සා.මම යනවා කොල්ලො මගෙ ඔලුව අත ගාලා වංගුවෙන් හැරිලා නොපෙනී ගියා.ලොකු නෝනා අඬාගෙනම පු‍ටුවකට වාරු වුණා.

එතකොටමයි උඹ ආවේ.ඉතුරු කොරං හිටිය බත් පත දෙන්න කියලා වලව්වෙ පිලිකන්න පැත්තට මං ගියා.උඹ හිමින් හිමින් අඩි තිය තිය මගෙ පස්සෙන් වැ‍ටුණා.

"ඈ බොල ඒ ගමන මේකත් ගෙන්නල්ල කොහෙද යන වල් බැල්ලියක්.පුංචි මහත්තය ගියා වගෙ උඹත් පලයන් මේ බැල්ලිවත් අරගෙන මගෙ දෑහැට නොපෙනි."

ලොකු නෝනගෙ කටහඬත් එක්කම මගෙ ඇස් නිලංකාර වුණා වගේ දැනුණා.පිට කොන්දට දැනුන වේදනාවට මට කෙඳිරි ගෑවුණා.උඹ රිදුණු තැන සුවපත් කරන්න වගේ ලොකු නෝනා දිහා බයාදු බැල්මක් හෙලලා මගෙ මූන ලෙව කෑවා.ඔව් තිරිසන්නු වුණත් අපිටත් මෙහෙ නිදහස නෑ මයෙ කෙල්ලෙ.වරෙන් යන්න පුංචි මහත්තය ගිය දිහාවටම අපේ නිදහස හොයාගෙන.මම උඹත් එක්කම කඩුල්ලෙන් පැන්නා.අලුත් ලෝකෙට පාර හොයාගන්න.

නැති වුන චීත්තය



මේ දවස් වල ලියන්න කතාවක් නැතුව වේලි වේලි ඉද්දි හම්බුනා පොඩි කතාවක්,මගෙ යාලුවෙක් ගේ ආච්චි කෙනෙක් ගැන.මේක ලියන්නෙ රසවිඳින්නම මිස එයාව සමච්චලයට ලක් කරන්න නම් නෙමේ,

මගෙ යාලුවා නම් ගොඩාක් ආදරෙයි ඒ ආච්චිට.එයා ගෙදර ඉද්දි පාලු නෑලු..ඔහේ කියව කියව ඉන්නවලු.ආච්චි වයස නිසා මතකය නැතුව ගිහින්,කතාවට කියනවනෙ මහලු කාලය කියන්නෙ ආයෙත් පුංචි කාලයට පා තැබීමක් වගේ කියලා.ඒ එයාල වයසට ගියාම මතකය නැතුව ගිහින් පොඩි අය වගේ හැසිරෙන නිසා,ඉතින් මගෙ යාලුවගෙ ආච්චිත් එහෙමයි,එයා මගෙ යාලුවගෙ තාත්තගෙ අම්මා.ඒත් කියන්නෙ ඒ එයාගෙ අයියා කියල..:) එයාල ඔය නෑයන්ගෙ ගෙවල් වල එහෙම ගියාම ආච්චි කියන්නෙ අයියට මනමාලයෙක් බලන්න කියලලු.ඒ විතරක් යේ හොඳම දේ මගෙ යාලුවගෙ අයියට එයා කියන්නෙ තාත්තා කියල :P.සමහර දාට ආච්චි ඔහේ යනවලු අරෙහෙ යනවා මෙහෙ යනවා කියලා,ඒක තමා බයම දේ මොකද බස් එකකවත් නැගල ගියොත් කොහෙ කියලා හොයන්නද?වයසට ගියාම තමන්ගෙ අම්මා තාත්තව පොඩි කෙනෙක් බලාගන්නවටත් වඩා පරිස්සමෙන් බලා ගන්න ඕනෙ.එයාල අපි වෙනුවෙන් කොයිතරම් කැපකිරීම් කරල තියෙනවද කියලා හිතල.


ඉතින් මේ එකක් වත් නෙමේ කතාව,වෙන එකක්..මේ ළඟදි දවසක උන දෙයක්මත් නෙමේ අවුරුද්දකට විතර කලින් උන දෙයක්.

එදා මගෙ යාලුවයි අයියායි ඉස්කෝලෙ ගිහින් තාත්තත් වැඩට ගිහින්.අම්මත් එයාලගෙ ලොකු අම්මලගෙ ගෙදර ගිහින්.හවස මගෙ යාලුවවත් එක්කගෙන අම්මා ගෙදර එද්දි ආච්චි ඉන්නවලු චීත්තයත් නැතුව ඉස්සරහට වෙලා.(මීට වඩා විස්තර කරන්න බැහැ හො‍ඳෙ.ආච්චිට හොඳ නෑනෙ).ආන්ටි ට දෙලෝ රත් වෙලා,ඇයි දෙයියනේ පාරෙ මිනිස්සුත් යනවා.ආච්චි ඉස්සරහටම වෙලා මෙහෙම ඉද්දි :( :( ඉතින් ආන්ටි වැඩිය කලබල නැතුව අහලා මොකද උනේ කියලා..කෝ චීත්තෙ කියලා..මෙන්න බොලේ ආච්චි හතර අතට දිවුරලා කියනවලු පාරෙ යන මනුස්සයෙක් ඇවිත් රෙද්ද ගලවගෙන ගියා කියලා..කොච්චර ඇහුවත් කියන්නෙ ඒකමලු,,මගෙ යාලුවා හිනාවෙන්න බැරුව පුපුරන්නම ගියා කියලා තමා කිව්වෙ,පස්සෙ හොයලා බලද්දි තමා ඇත්ත විස්තරේ දැනගෙන තියෙන්නෙ.:)

එයාලගෙ ගේ ඉස්සරහ ත්‍රී විල් එකක් කැඩිලා,ආච්චි විතරයිනෙ ඉතින් ගෙදර ඉඳලා තියෙන්නෙත්.ත්‍රී වීල් එක කැඩිලා හදනකොට ඒ අයට මජං පිහ දාන්න රෙදි කෑල්ලක් ඕනෙ වෙලා,ආච්චිගෙන් ගිහින් රෙදි කෑල්ලක් ඉල්ලලා.ආච්චි කරල තියෙන්නෙ වැඩි හොඳටත් එක්ක ඇඳන් හිටපු රෙද්ද ගලවල බලෙන්ම අතට දීල යවලා.(මට තාමත් හිතා ගන්න බෑ ඒ මනුස්සයට මොනා හිතෙන්න ඇත්ද කියලා).

.ඕක තමා චීත්තෙට වෙලා තියෙන සන්තෑසිය..:P ඔහොම උන නිසා හොඳා ඒත් අපි මීට වඩා එයාල ගැන හොයන එක හොඳයි නේද?එදයින් පස්සෙ නම් මගෙ යාලුවගෙ අම්මා ආච්චිව තනියම දාලා කොහෙවත් ගියෙ නැහැලු.අපිත් මේක අහලා හිනා වුනා.ඒත් එයා තනියම ඉඳල වැ‍ටුන හරි එහෙම කරදරයක් උනා නම් මොනා වේවිද,ඒ නිසා කවුරු කවුරුත් ආච්චිලා සීයලා ගැන හොඳට හොයලා බැලුවොත් වටිනවා

Thursday, July 7, 2011

ඉන්න ඉඩ දෙන්න මගේ පාඩුවේ මට



ජීවිතේ ගැන ආදරේ ගැන
මහමෙරක් වන් පැතුම් නෑ
මං මවපු මගේ හීනෙන්
අවදිවෙන්න මට ඔනෙ නෑ
ඒ හිනෙන් අවදි නොවී
ඉන්න පුරන මගෙ හදවත
හොරකම් කරගෙන යන්නට
හිතක් ඇවිත් මගෙ ගාවට

ඉරිතැලූ හදවතක
කඳුලු මිස තව පැතුම් නෑ
වියලුණුම ගහකොලට
වැසි නැතුව පිණි ඕනෙ නෑ
ජීවිතේ මහ දුකක් වුණු මට
ආදරයකින් වැඩක් නෑ
එපා කියපු ඔය හදවත
ආයෙමත් මම යදින්නෑ

Thursday, June 30, 2011

මට ඉන්න හොඳම වද කාරයා &*#%($&^@(@!

සොහොයුරෙකු නැති සොයුරියක නැති මට කොයින්ද වද කාරයො?නෑ නෑ ඉන්නවා.සොයුරු පෙමක මෙලෙක මට ලබා දුන්න එක කුස නූපන් මගේ අයියා.ලෙයින් බැඳුනු සොයුරු පෙමකට හිමිකම් කියන්න නොලැබුනත් හිතට දැනුන අරුම සහෝදර පෙම.නුඹ ගැන ලියන්න කීපාරක්‌ නම් මම පටන් ගන්න ඇතිද?ඒත් හිත ගොළු වෙලා.කව්රුවත් මේ සොයුරු පෙම තේරුම් නොගනිවිද?ඒත් මං ලියනවා.පුංචි කාලෙ කතා බහ නොකල උනත් අහම්බෙන් දවසක කතා කරල මිතුරුව තදින් බැඳුනු මගේ අයියා.මං හැමෝටම ආඩම්බරෙන් කියන මගෙ අයියා.හැම අයියෙක්ටම තමන්ගෙ නංගියා හැමදාමත් පුංචි මගෙ අයියටත් එහෙමමයි,හැමදාටම මං එයාගෙ පුංචි නංගියා.මගෙ හැම ප්‍රශ්නෙකදිම ලඟින් ඉඳන් හිත හදන ඔයා ජීවිතේ අලුත් විදිහට දකින්න මට ඉගැන්නුවා.ජීවිතයේ යහ මගට නුඹ සෙනෙහසින් මග කියාදුන්නට මං කොහොමනම් වචන ගලපලා තුති පුදන්නද?

"ඉඳල හිටල හරි කෙටි පණිවිඩයක් යැව්වොත් කතා කලොත් ඔයා හැමදාම අහන්නෙ එක දෙයයි,කොහොමද ඉස්කෝලෙ වැඩ?ලකුණු කොහොමද?මොනාද අනේ ඔයිට වඩා ගන්න මගෙ නංගියට බැයිද?"බැනුම් කෝටියයි.

මට මගෙ අයියව තවත් නෑදෑයෙක් කියනවට වඩා ලඟයි.ගොඩාක් ලඟයි,එක කුස නූපන් නුඹ කියා දුන් ජීවිතය ගැන සිහිකරන මං මවන්නෙ මට මගේම අයියා කෙනෙක් හිටියනම් කියලා.ඒත් ඒ අඩුව නොදැනෙන්න සොහොයුරු බැඳීම් මං වටේ වපුරන්න මගෙ අයියට පුලුවන්.සා.පෙ ප්‍රතිඵල ආපු දවස.උදේ පාන්දරම කෝල් කරල නංගො කොහොමද result?තාම අවුට් වෙලා නෑ අයියෙ,බලපු ගමන් කියන්නම්.ඔන්න මට මුලින්ම කියන්න හරිද?මට 9A| කියලා තාත්ත කිය්පු ගමන්ම මං මුලින්ම කිව්වෙ මන් ගොඩාක් ගරු කරන මගෙ අයියට.මං කාටවත් කියන්න කලින් ඔයා ඔයාගෙ යාලුවන්ට මගෙ රිසල්ට්ස් කියලා ඉවරයි,

"ඔයාට මුකුත් අරන් දෙන්න තරම් දැනට මං ගාව සල්ලි නෑ නංගො මං ඔයාගෙ නම්බර් එකට සල්ලි දැම්මා."කෙටි පණිවිඩය දැකපු ගමන් මගෙ ඇසට මටත් නොදැනිම කඳුලක් ඇවිත් අදටත් ඒ දේ මතක් වෙලා කඳුලු පිරෙනව.මගෙ ප්‍රතිපල වෙනුවෙන් මට ලැබුන මුල්ම තෑග්ග මගෙ අයියගෙන්.ඒත් අයියෙක් නැති අක්කෙක් නැති මගෙ ජීවිතේට දුන්න සොයුරු පෙම තරම් වටින දේවල් තවත් තියෙනවද?

මගෙ මහප්පගෙ දුව,ප්‍රාර්ථනා අක්ක මනමාලියක් වුන දවස.එයා යන්න පිටත් වෙද්දි මාත් ඇස් වල කඳුලු පුරවගෙන.
."ඊයා මෙන්න එක්කෙනෙක් අඬනවා.ඔහොම අඬන්න එපා අනේ.මං යනකොට අඬන්නත් කඳුලු තියා ගන්න."

"ඔයා යනවයැ අයියෙ ඔයා අක්කිව ගෙදරට ගේනවනෙ"

"නෑ නගො මං නම් යනවා."

හිතේ තියෙන සහෝදර බැඳිමක් වචන කරන්න තියෙන අමාරුව දන්නෙ එහෙම උත්සහ කරපු කෙනෙක්ම විතරයි.මේ වචන ටික ගැට ගහගන්න මං පැය කීයක් දැඟලුවද?

අනිත් අයියලා නංගිලා වගේම රන්ඩුත් අඩු නම් නෑ අපි දෙන්නගෙ.ඒත් ඇස් රතු වෙන තරම් ඒක දුර ගියෙ එකම එක පාරයි.එදා නම් හති වැටෙනකන් ඇඬුවා,ඒත් දැන් මතක නෑ ඒ ඇයි කියලවත්,ඒත් දවස නම් හොඳටම මතකයි,ජනවාරි 17.ඡන්දයක් තිබුන දවසක් නිසා තමා මතක.සහෝදරයෙකුගෙන් වෙන්වීම කොයිතරම් දුකක්ද දැනුනෙ එදා.
මගෙ පුංචි වෙනසක් උනත් ඔයාට තේරෙනවා අයියේ ඒ තරමට ඔයා මං ගැන හොයනවා.මං ආශ්‍රය කරන අය හැමදේම අයියා හොයනවා.ඒ විතරක් යෑ අයියෙක් ගෙ නීති.නගෝ අර ඇඳුම අඳින්න එපා ඒක කැතයි,මේ ඇඳුමට ලස්සනයි,ගවුමක් අඳින්නකො අනේ එක දවසක්වත්,කොන්ඩෙ දිගට වවන්නකො..හැම අයියා කෙනෙක් වගේම මගෙ අයියගෙත් හීන.


දවසක් මං යාලුවොත් එක්ක පාරෙ යද්දි ඔයා ඇවිත් කතා කලා මතකද?මන් මගෙ යාලුවො දෙන්නට කිව්වෙ මේ මගෙ අයියා කියලා.ඒ වචන ටික හිතෙන්ම කිව්වෙ එක පවුලක නොවුනත් ඔයා මගෙ අයියා.එහෙම කියපු එක පොඩ්ඩක්වත් වැරදි නෑ නේද?

මං නම් මහ වැඩකට නැති නංගියෙක්ලු,ඒ උනාට මං වෙන අයියලා ගැන කියනවට නම් ඊරිසියයිලු.නංගිටත් එහෙමම තමා ඉතින්.මගෙ අයියා මගෙ අයියානෙ.අක්කිට විතරයි දෙන්නෙ.අනිත් අයට බෑ..

වල් පල් කියව කියව මට බැන බැන හිටියත්,රන්ඩු උනත් මන් දන්නවා අයියෙ මං දවසක මනමාලියෙක් වෙලා ඔයාලගෙන් ඈත් වෙන දවසක ඔය ඇස් වල කඳුලු පිරේවි,මට ආශිර්වාද කරද්දි බලාගන්නම්කො මං චණ්ඩියා අඬයිද කියලා,හරි හරී තව ඉතින් කල් තියෙනවා,,

 මට පාර පෙන්නපු මගෙ අයියට ලස්සනම ලස්සන හොඳ ජීවිතයක් ගත කරන්න වාසනාව ලැබෙන්න ඕනේ.ලබන ආත්මෙකදි මගෙම අයියා වෙලා එකම අම්මගෙ කුසේ ඉප දෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා,ඒක කවදා හරි ඉ‍ටු වේවි නේද?

ඉතින් අයියෙ ගොඩක් කල් ඉඳන් මේ ගැන ලියන්න හිතුවත් ලියාගත්තෙ අද.සමහරවිට මේ සොයුරු බැඳිම කවුරුත් තේරුම් නොගනිවි.ඒත් එක්කෙනෙක් හරි ඉඳීවි.මේක ඔයා කියවපු දවසට මොනා කියයිද කියල මං තාම හිතනවා.:D

Monday, June 20, 2011

හිත සනසපු බුදු වදන්



අපේ පවුලෙ අය එකතු වෙලා පොසොන් එකට පුංචි දන්සැලක් දුන්නා.සිරිත් පරිදි ඒකට සමගාමීව ධර්ම දේශනයක් තියන්නත් ඕනෙනෙ.ඒ නිසා ඊයෙ රෑ ධර්ම දේශනාවකුත් තිබ්බා.අද ඒ ගැන. ඉස්සර මං ආසම නැති වැඩේ තමා බණ අහන්න යන එක..ඒත් දැන් නම් පන්සලකට යන්න,පහන් වැටක් දිහා බලන් ඉන්න බණ අහන්න පුදුම ආසයි.ප්‍රශ්න වලට සහනයක් ගේන්න පුලුවන් බුදුන් වහන්සේ ගෙ ධර්මයටමයි කියලා මට හිතෙන්නෙ මං බෞද්ධ නිසා වෙන්න ඇති.අනිත් ආගම් වල අයත් තමන්ගෙ ශාස්තෲන්ට මේ වගේම ගරු කරනවනෙ..

ධර්ම දේශනාව නම් මං මුල ඉඳන් අගටම ගොඩාක් ආසාවෙන් අහන් හිටියා.හරිම රසවත්.ඒ බණ තුළින් මූලිකවම කියා දුන්නෙ පවුලක් තුල යුතුකම්,සැබෑ ආදරය කියන දේ වගේම ධර්මයෙ හැසිරීමෙන් ලැබෙන ආනිසංශ.මනස ‍රැක ගැනීම ගැනත් කිය උනා.බුදු දහමේ මූලිකම ඉගැන්වීමක් වෙන්නෙ ඒක.ඇත්තටම අපි මනස ‍රැක ගත්තා නම් මේ ලෝකෙ මොන තරම් වෙනස් කරන්න පුලුවන්ද.අපි ඉක්මන් වෙලා ගන්න තීරණ,අනුන්ව තලා පෙලා දාල තමන් උඩට එන්න හදන එක,වැරදි වැටහීම් වගේම අන් සතු දේ තමන් සතු කරගන්න ගන්නා උත්සාහයන්.මට මේ සතිය තුල සිද්ද වුන දේවල් වලින් රිදිලා තිබුන හිත හොඳටම සුවපත් කරගන්න මට හැකි වුණා.

එහි කිය වුණ පුංචි කතාවකුත් කියන්නම්.මේක රසවාහිනියෙ එන මිගපෝතක කියන කතා වස්තුවේ සාරාංශයක්.ඒ කාලෙ කිරින්දට අල්ලපු ගම මාගම තිබුණලු උඳුලොල් කියලා විහාරයක්.ඒ විහාරයේ ළඟම ජීවත් වුණ වැද්දෙක් හිටියලු.එහෙම සමහරු ඉන්නවනෙ.කොයිතරම් හොඳ තැනක හිටියත් කරන්නෙම නරක වැඩ.ඉතින් පන්සලක් ගාව පිනක් දහමක් නොහිතන අය ඉන්න එක පුදුමයක් නෙමේ,බුදු හාමුදුරුවන් වැඩ වසන කාලෙ චුන්දසුකරික මස් වෙළදාම් කලේ ඡේතවන විහාරය අබියසමලු.ඉතින් මේක පුදුම වෙන්න දෙයක් නෙමෙ.දැනුත් බලන්න අපි කොච්චර හොඳ උනත් අපි අතරෙත් වැද්දො වගේ අය ඉන්නවා නේද කියලා?,

ඉතින් මේ පන්සලේම ඉන්නවලු පුංචි මුව පැටියෙකුත්.දැන් කාලෙ වගේ නෙමෙ ඉස්සර කාලෙ පන්සලේ හැමදාම බණ කිව්වනෙ.(අරිය වංශ දේශනාව නමින් හැඳින් වුනාලු),ඉතින් හවසට හැමදාම ගමේ අය එනවා බණ අහන්න.මේ දවසත් එහෙමයි.මේ පුංචි මුව පැටිය වතුර බොන්න කියලා පොකුණ ගාවට යනවා ධර්ම දේශනාව ආරම්භ වෙන්න ටිකක් කලියෙන්.ඒ මුව පැටියව දර වැද්දා දකිනවා.දැකලා දඩයම් කරගන්න හිතල දුනු ඊ ඒ පුංචි මුව පැටියට එල්ල කරනවා.එකෙනෙහිම ධර්ම දේශනාව ආරම්භ වෙන්න ඝාන්ටාරය නාද වෙනවා.මුව පැටියා පන්සලේ හැදී වැඩුන හින්දම මේ ශබ්දය අඳුනනවා.ඉතින් මුව පැටියගෙ හිත පිරිසිදු වෙලා සැදැහැවත් සිතිවිලි පහල වෙනවා.ඒ වෙලේම වැද්දා ඊයක් විදලා මුව පැටියව මරණයට පත් කරනවා.ඒත් ඒ ඇති වුණ හොඳ සිතිවිලි වල බලෙන් මුව පැටියා පංසලේ ලොකු හාමුදුරුවන්ගේ නැගණියගේ කුසේ පිලිසිඳ ගන්නවා.එයින් පස්සෙ අවුරුදු 7 දි පන්සලේ පැවිදි වෙලා අරහත් ඵලය ලබා ගන්නවා.ඉතින් හොඳ සිතිවිල්ලකට කරන්න පුලුවන් දේ කොයිතරම් ද බලන්න.

හැමෝම තමන්ගෙ හිත් පිරිසිදු කරගෙන හොඳ දේවල්ම කරන්න උත්සහ ගන්නවා නම් මං මේ දේ තුලින් දෙන්න උත්සහ කරපු දේ ඉ‍ටු වේවි.අපි අතරේ ඉන්න නරක අයත් හොඳ මගට ගන්න පුලුවන් වෙනවා නම් තවත් හොඳයි.ඉතින් මේ බුද්ධ ජයන්ති වසරේ හැමෝම තමන්ගෙ උත්සාහයෙන් හොඳ දෙයක් කරලා මේ ලෝකය තවත් ලස්සන කරන්න අත්වැල් බැඳගමු නේද?.

Sunday, June 19, 2011

සින්දුවක් ගැන

මේ දවස් වල ආසාවෙන් අහන සින්දුවක් දෙන්න හිතුනා.මගෙ හිතට නම් ගොඩාක් දැනුණ සින්දුවක් ඒත් ඉතින් ඔයාලට කොහොමද දන්නැහැ.ඒ වගේම ගොඩ දෙනෙක් අහලත් ඇති මේ සින්දුව.A walk to remember ‍ෆිල්ම් එකේ එන only hope.සින්දුව වගේම පොතය් ‍ෆිල්ම් එකයි දෙකම ගොඩාක් ලස්සනයි.:) ඔන්න එහෙනම් සින්දුව.අහලා බලන්නකො


 There's a song that's inside of my soul.
It's the one that I've tried to write over and over again
I'm awake in the infinite cold
But you sing to me over and over and over again
(Lyrics Mandy Moore Only Hope on http://ezone4u.blogspot.com)

So I lay my head back down
and I lift my hands and pray
to be only yours
I pray to be only yours
I know now you're my only hope

Sing to me the song of the stars.
Of your galaxy dancing and laughing and laughing again
When it feels like my dreams are so far
Sing to me of the plans that you have for me over again

So I lay my head back down,
and I lift my hands and pray
to be only yours
I pray to be only yours
I know now you're my only hope

I give you my destiny
I'm giving you all of me
I want your symphony
Singing in all that I am
At the top of my lungs
I'm giving it back

So I lay my head back down,
and I lift my hands and pray
to be only yours I pray
to be only yours I pray
to be only yours
I know now you're my only hope

Friday, June 17, 2011

ආයෙත් ඉස්කෝලේ...



කඩේ හාමිනේ ටත් ඉස්කෝලෙ පටන් ගත්තනෙ.ඉතිං දැන් නම් ඉස්සර වගේ පැය ගණන් මූණු පොත අස්සෙ ඉන්නයි බ්ලොග් ලියන්නයි බෑ.2013 උ.පෙ කරන නිසා වැඩ ගොඩයි.පලවැනි පාරම ගොඩ දාගන්න කියලයි හිතුවෙ.ආයෙ දුක් විඳින්න බෑ.ඉතින් අනිත් වැඩ පොඩ්ඩක් නවත්තලා ඉගෙනීම කරන්න තමා මගේ හිතේ තියෙන්නෙ.ඒ උනාට අතරින් පතර ඉඳල හිටලා බ්ලොග් එකත් ලියනවා.මොකද මාව සින්ඩිවලින් පැන්නුවොත් එහෙම නොලියා ඉඳලා.. :) ඉතින් හැමෝගෙන්ම සමාව ඉල්ලනවා.ඒ වගේම මාව අමතක කරන්නත් එපා හො‍ඳෙ :D වැඩ ඔක්කොම සමබරව කරගෙන ගිහින් හොඳ තැනකට එන්න ඕනෙ.ඒ වගෙම මගෙ වයසෙ අනිත් සහෝදරයන්ටත් සුබ පතනවා.(සහෝදරියො නම් නැද්ද මන්දා.ඉන්නවා නම් එයාලටත් එක්ක කිව්වෙ.තරහ වෙන්න එපෝ.හැබැයි ඉස්කෝලෙ පටන් ගත්ත එක නම් හරිම හොඳයි.ගෙදරට වෙලා කකා බිබී නිදා ගන්නවට වඩා කොච්චර හොඳද ඉස්කෝලෙ.ඉගෙන ගද්දි නම් හරිම කම්මලි තමා.ඒ උනාට පිස්සු නටන්න හොර වැඩ කරන්න හැමදේටමත් අපට තියෙන්නෙ ඉස්කෝලෙ නෙ.ඒ නිසා තමා මං මේ තරම් ආස.ඉතින් ආයෙ හමුවෙමු.සමාව ඉල්ලනයි මේ ලිපිය ලිව්වෙ.

Sunday, May 29, 2011

වෙරි වුණ කල..! :D :D




ගොඩ කාලෙකින් පෝස්ට් එකක් දැම්මෙ නෑනෙ.ඉතින් ඔන්න අද එකක් දාන්න හිතුනා..මේක මතක් කලේ අපේ අම්මා.අපි ගිය අවුරුද්දෙ අනුරාධපුරේ ගිහාම සිද්ද උන පොඩි කතාවක්.කට්ටියට පොඩ්ඩක් වැඩි උනාම ඉතින් කරන වැඩ දන්නවනෙ.මේක උනේ අපේ මාමා කෙනෙක්ට.ම්ම් නම කිත්සිරි කියමුකො.බෝතලේට පණ වගේ ආදරෙ කරන්නෙ..පුතෙකුත් ඉන්නවා එයාට දැන් 5 වසරෙ.කොහොමහරි අපි හැමදාම අනුරාධපුරේ ගිහින් නවතින්නෙ අක්කලගෙ ගෙදර.මගෙම අක්ක නෙමේ හොඳේ.එහෙ මාමත් ඉතින් කිත්සිරි මාමා වගේම තමා බොන්න ගත්තම.එදත් ඉතින් කට්ටිය හොඳටම වෙරි වෙන්නම පොඩි අඩියක් ගහලා.(පොඩි කිව්වට ඉතින් හොඳටම වෙරි වෙන්න නම් කොච්චර බොන්න ඕනෙද කියලා හිතා ගත්තැහැකිනෙ).එදා ගොඩාක් අය ගිය නිසා නිදාගන්න තැන් එහෙම නම් ප්‍රශ්නයක් උනා.ඔන්න ඒ ගමන තාත්තලා මාමලා තීරණය කරා එයාල ඉස්තෝප්පුවෙ නිදා ගන්නම් කියලා..කිත්සිරි මාමා තමා යෝජනාව දැම්මෙත්.අපි උදේම නැගිට්ටහම මෙන්න කිත්සිරි මාමා කවදාවත් නැතුව උදේම නානවා.ගිහින් බැලුවම මේකයි සිද්දිය.රෑ අර මං කිව්ව මල්ලියාත් නිදාගෙන තියෙන්නෙ කිත්සිරි මාම ගාව.ඒ උනාට රෑ එතන ඉන්න බෑ කියලා ඉස්සරහ කාමරේට ගිහින් නිදා ගෙන.මාමට ඉතින් ඩෝප් නෙ.මාමට ඕක එච්චර ගාණක් වෙලා නෑ..මාම පැදුරෙ එහා පැත්තෙ නිදාගෙන හිටිය එක්කෙනා මල්ලි කියලා හිතාගෙන ළඟට අරගෙන.ඉතින් කියවනවලු..

"ඈ බන් පුතේ උඹ හවස නෑවෙ නෑ නෙද?මේ හොඳටම දාඩිය ගඳයි.."

"මොකෝ පුතේ වකු‍ටු වෙලා නිදා ගෙන ඉන්නෙ.මේ ඉඩ තියෙන්නෙ මෙහාට ඇවිත් නිදාගන්න."

"අනේ කොලුවො හොඳටම නිදිද ගොරෝනවන්නෙ." ඉතින් මාම නින්දෙන්ම රෙද්දකුත් පොරවලා.

ඈහ් කටේ ගඳ මොකද පුතේ මේ උල් දත්...කොහෙද ඒ ගමන යන්නේ? මාමට සැක හිතිලා නැගිටලා බලලා..

හෑ බැලින්නම් මාමලගෙ ගෙදර ඉන්න බල්ල.මෙච්චර වෙලා තුරුල් කොරං ආදරෙ කරල තියෙන්නෙ බල්ලට.සිද්දිය ඇසින් දැක වාර්තා කලේ අපේ තාත්තයි අනිත් මාමයි..

Sunday, May 1, 2011

වැඩියෙන් උසස් කව්ද හැබෑටම?



මේක ලියන්න හිතුනේ මායි මගේ යාලුවෙකුයි පොඩි වලියක් ඇල්ලුව දෙයක් ගැන....එයාම තමා ඉතින් ඔන්න ඉල්ලුවෙ අන්තිමට එයාම කිව්ව නවත්තමු කියලා..මොනා උනත් මේ ගැන පෝස්ට් එකක් දාන එක හොඳය් කියලා හිතුනා...මේක ඉතින් කෙල්ලො කොල්ලො හැමදාම ගහ මරා ගන්න ප්‍රශ්නෙ..වෙන මුකුත් නෙමෙ..වැඩියෙන් හොඳ කෙල්ලො ද කොල්ලොද කියන එක..අපි කියනව කෙල්ලො හොඳයි කියලා..කොල්ලො කියනවා එයාල හොඳයි කියලා..මොකක්ද එතකොට ඇත්ත දැන්...උත්තරේ දෙගොල්ලොම සම තැනක ඉන්නෙ..ඒ කියන්නෙ එක් එක් දෙවල් ගත්තහම ඒඅංශ වල ඉදිරියෙන් ඉන්න විදිහ..කොහොමවත් දෙන්නෙක් එක සමාන වෙන්නැහැනෙ..කාගෙ උනත් අනිත් කෙනෙක් ගාව නැති උසස් හැකියාවක් තියෙනවා..ඒ වගේ තමා මේකත්..අපේ ශ්‍රි ලංකාව තුලනම් පීතෘ මූලික සමාජ ක්‍රමයක් තියෙන බව ඇත්ත..එහෙමයි කියලා ඒකෙන් කොල්ලො උසස් කියවෙන්නැහැ..මොකද සොබාදහම අනුව ගැහැණු පිරිමි දෙගොල්ලොම 50% ක ප්‍රතිශතයක් තමා තියෙන්නෙ..ඒ කාරණය සමාජය තුලින් බිහි වුන දෙයක් විතරයි..අපේ රටට කොහොමත් ගැලපෙන්නෙ ඒ සමාජ ක්‍රමයම තමා.එංගලන්තෙ වගේ රට වල නම් ගොඩක් වෙලාවට ‍රැජිනට තමා සැලකීම..ඒ ඒ රට අනුව.නමුත් මේක සම්මතයක් නෙමෙනෙ..අනිත් කාරණය තමා ආදරය ගැන කියද්දි කොල්ලො කියනව කෙල්ලො චපලයි කියලා,කෙල්ලො කියනව කොල්ලො නරක්යි කියලා..ඒ කොහොම් උනත් වැඩියෙන් බනින්නෙ කෙල්ලන්ටනෙ..ඒක තමා ඇත්ත..ඒත් බැලුවොත් දෙගොල්ලොම සම තත්වයෙන්..නැවතුන affairs වල එහෙම ඇත්තටම කෙල්ලගෙ වගේම කොල්ලගෙ වැ‍රැද්ද නිසා එහෙම උන දේ දකින්න පුලුවන්..ඒ නිසා මේ ගැන කියන එකත් වැරදි කියලයි හිතෙන්නෙ..ඇත්තටම එක වෙලාවකට නම් මට අපේ රටේ සමාජය ගැන තරහක් එනවා..මොකද ගොඩක් තැන් වල ගැහැණු පහත් කරල සැලකීම ගැන..මට අහන්න ලැබුනු එක කතාවක තියෙන්වා ගෑණුන්ගෙ නුවණ හැඳි මීටේ කියලා..ඇත්තෙන්ම මෙතන සිදුවෙලා තියෙන්නෙ ඒ කියමන වැරදියට තේරුම් ගැනීමක්.ඒ තුලින් අදහස් වෙන්නෙ උයද්දි පිහද්දි හරියටම ලුණු රහ එහෙම බලන එක ගැන..බතක් උනට්ඝ් ඉදිලද කියල දැනගන්නෙ හැඳි මිට යොදා ගෙන..අනිත් එක තමා මේ සමාජයෙ ඉන්න සමහරු නිසා අද ගෑණු ළමයෙකුට බියක් සැකක් නැතුව පාරෙ යන්න බැහැ..තනියම බස් එකක යන්න බැහැ..රෑකට ගමනක් යන්න බෑ..මානසික අසහනය තියෙන සමහරු නිසා..ඒත් ඒ වගේ අය අඩුයි ගොඩාක් හොඳ මිනිස්සු ඉන්නවා අපේ රටේ ඒ ගැන නම් මං ගොඩක් ආඩම්බර වෙනවා..මං එක දවසක පත්තරේ කියෙව්ව සිංගප්පූරුවෙ ඉන්න ලාංකිකයෙක් ලියපු ලිපියක්..ඒ රටේ රෑ 12ට විතරත් ගෑණු කෙනෙක්ට බය නැතුව පාරෙ යන්න පුලුවන්ලු..ඒත් ඒ අය කියලා තියෙනව අපේ රට වලින් දැන් ඇවිත් ඉන්න සමහරු නිසා දැන් නම් බයයි කිව්වලු..කොහොම උනත් ලාංකික සමාජයෙ ගෑණු අයටත් නිසි තැන ලැබෙනව නම් තමා හොඳ..මොකද ගෘහස්ත හිංසනය වගේ දේ නිසා අද අපේ රටේ "ගැහැනිය" කියන චරිතය පීඩිත වෙලා..ප්‍රජාතන්ත්‍ර වාදය නිකංම නිකං වචනයක් විතරක් වෙලා..අනික මගේ අදහස තමා දෙගොල්ලොම උසස්..මව් පදවිය කියන උත්තරීතර දේ ලබාගන්න පුලුවන් ගැහැනියකට විතරයි..ඒත් ඒ මව් පදවිය ගැහැනියකුට ලබා දෙන්න පුලුවන් පිරිමීයෙකුට කියන එකත් වැදගත්.ඒ කියන්නෙ පීතෘත්වය.තවත් උදාහරණ ඕනෙ නෑනෙ..

Saturday, April 30, 2011

අස්පට් විද්‍යාව


මේක ඇවිත් පුංචි හිත සා.පෙ ලියන්න මාසෙකට විතර කලින් උන සිදුවීමක්...එතකොටත් අපේ විද්‍යාව විෂය කොටස් 3කට බෙදල නොවැ තිබුනේ..ජීව විද්‍යාවයි,රසායන විද්‍යාවයි,භෞතික විද්‍යාවයි....ප්‍රශ්න පත්තරෙත් ආවෙ එහෙමම තමා...මේ අපේ අන්තිමම වාර විභාගෙදි වුණ කතාවක්....කොහොමහරි අපේ විද්‍යාව පේපරේ නම් හරිම සවුත්තුයි..සා.පෙ දි හම්බ උන එකට දෙවනි නෑ ඕං...විදේශ ආධාර ලබාගෙනවත් ලියන්ට බැරි පාටයි...අනේ පුංචි හිත නම් 9 වසරෙන් පස්සෙ ඔය විදේශාධාර ගැනිල්ල නැවැත්තුවා..ඇයි අනේ තියෙන එව්වත් වරදිනවා නොවැ..අනිත් එක පුංචි හිත ගෙන් කොපි කරන් ලියපු එකීට පුංචි හිතට වඩා ලකුණු ඇවිත්..ඒක තමා පුදුමම...හි...හි..හරි හරි දැන් ඒක නෙමේ සිද්දිය...
අපේ ඔය අන්තිම වාර විබාගෙ ජීව විද්‍යා කොටසට අහපු ප්‍රශ්නයක් ගැන...ඒ ප්‍රශ්නෙ තිබුණෙ ජීවීන් ගහණයක් ගැන...ජීවි ගහණයක් යනු කුමක්ද අරකද මේකද රටේ නැති ප්‍රශ්න...
ඕකෙ එක ප්‍රශ්නයක් තිබුණා කැලේක ඉන්න මුව රංචුවක් ගැන ඡේදයක් දීලා ඒ කැලෑවෙ මුව ගහණය වැඩි වීමට හේතු අහලා..එන උත්තර නම් මට මතක නෑ ...කොහොමහරි අපේ අණ්ඩපාල කෙල්ලෙක් ලියල මෙන්න මෙහෙම උත්තරයක්...

"මුවෙක් හා මුව දෙනක් හොරෙන් කැලයට රිංගා ගත් විට එහි මුව ගහණය අනිවාර්යයෙන් වැඩි වේ..."
.
.හැබැයි ඉතින් අපට හොයා ගන්න බැරි උනා මේ කතාව ලියපු එක්කෙනාවනම්..මොකද අපේ මිස් කිව්ව ප්‍රසිද්දියෙ නම කිව නොහැක කියලා..

අරුම සඳ




හිතට පායපු අරුම සඳ නුඹ
මගේ සිත් අහස එලි කල..
දුකක් දී අද හැර ගිහින් ඔබ
නෙතට කඳුලක් ඉතිරි කරවා...
තව තවත් යලි යලිත් හඬවමින් මා..
මගේ දිවියෙන් ඈත් වී ගොස්
වෙනත් තරුවක සිත් ගනීවිද?

සුවඳ රදමින් මගේ සිත මත
ඔබේ සෙනෙහෙට මා තුරුල් කර
ඒ තුලම මා සැතපවූ මුත්
මටත් හොරෙන් නුඹ නික්ම ගොස්
කඳුල පමණක්ම උරුම වූ මං
නුඹට පෙම් බැඳි තාරකාවිය..

Friday, April 29, 2011

අදින් පසු ජීවිතේට වට පිට නොබලමි...

මං අද ලොකු තීරණයක් ගත්තා...මේක මගෙ ජීවිතේට ගොඩා.......ක් වැදගත් එකක් ඔන්න...මොකක්ද දන්නවද තීරණේ බස් එකක යද්දි වට පිට බලන්නැහැ ආයෙ ජීවිතේට.. ::) බලන්ටකො පුංචි හිත අද බස් එකේ ආහාරයක් උනානේ.. :(
මේකයි උනේ...මං ඉතින් බස් එකේ යද්දි වට පිට බල බලම තමා යන්නෙ..බකන් නිලන් යනවට වඩා ඒක හොඳ නැද්ද අප්පා...[ආහ් මං මේ "බකන් නිලන් කියන එකේ තේරුම දැනගත්තෙත් ලඟදි..නොදන්න කෙනෙක් ඉන්නවා නම් මගෙන් අහගන්න හොඳේ...]..කොහොමහරි අදත් සුපුරුදු පරිදී මං බස් එකේ පිටි පස්සෙම සීට් එකේ වාඩි වෙලා සිරි නඹර නඹර ආවා..(ඒ කිව්වෙ නරඹ නරඹ)..කොහොමහරි ඉතින් 1.45 කියන්නෙ ඉස්කෝල ඇරිලා ලමයි ඉන්න වෙලාව නොවැ....මගෙ ඉස්සර ඉස්කෝලෙ ගාවිනුත් ඉතින් බස් එක එක යනවා...මල්ලිලා වගයක් හිටියා අයිස් පැකට් කකා..මං ඉතින් ඒ දිහාත් බලලා ඊට පස්සෙ එතන හිටිය නංගියෙක් එක්ක සුට්ටක් කතා කලා...බස් එක එතන නවත්තපු හින්දන්...හ්ම්ම්ම්...:( ඒ වෙලාව තමා.....වෙලාව..අර නෝටි නරක මල්ලිල ටික අල්ල ගත්තෙ නැතෑ මාව ආහාරයට..
"අනේ අර අක්කි පැටියටත් අයිස් පැකට් එකක් ඕනිලු.."
එතන හිටිය බෝල මල්ලියෙකුත්..එයානම් බෝලම බෝලයි..
"මචං උඹට ඔව්ව වැඩිය කන්න හොඳ නැහැ..ගිහින් දීපන් ඕක අර අක්කට"

"බෑ යකෝ එතකොට මට???"

"ආව් බං මේ බලහන්කො කොල්ලගෙ මනමාල හිනාව..එහෙනම් ඉතින් උඹටත් හරි ගියා ඈ..?"

පිස්සුද යකෝ ඒ අක්ක කෙනෙක්..ඒ මල්ලිත් ලැජ්ජාවෙ ඇඹරෙනවා..මටත් හිනා යන්න එනවා..."

"ආ..නංගියෙක් උනානන් උඹ කැමතී නෙ..ආ.."

"කොතල බටෝ අපි කිව්වෙ උඹෙ අයිස් පැකට් එක දියන් කියලා.හිත නෙමේ..."

දැන් ඒ මල්ලියවයි මාවයි අල්ලං කස්ටියට හොඳ ෆන්...මං කොන්දොස්තරටයි ඩ්‍රයිවර් අන්කල් ටයි හිතින් බැන බැන හිටියා මේ බස් එක අද්දන්නැති හැටි කිය කිය...
දැන් බස් හෝල්ට් එකේ අය හිනා වෙනවා..කමක් නෑ කියමුකො..අපේ ගමේ අයියා කෙනෙකුත් හිටිය බස් එකේ..එයා ඉතින් මගෙ හොඳම යාලුවෙක්..එයා මට ටිකක් ඉස්සරහ හිටගෙන හිටියේ...අපොයි මෙයා දැක්ක මේක...මේ අයිය කරපු කැතම කැත වැඩේ බලන්න..මේ මනුස්පයා මේක දැක්ක ගමන් දගල දඟල හිනා වෙන්න පටන් ගත්තා නොවැ..මං අහන්නේ හිනා උනත් ඔහොම හිනා වෙන එක හරියැ?...එයා හිනා වෙනව දැකලා...බස් එකේ අනිත් අයත් චුට්ටක් වට පිට බැලුවා...එතකොට ඔන්න එයාලත් දැක්කා මං ඉන්න තත්වෙ..:( අනේ...මේ මනුස්පයන්ට හිතක් පපුවක් නැති හැටි..ඔක්කොමලා හිනා වෙනවා..මට උන් හිනාවෙනවා..උන් මට හිනා වෙනවා..මං ජෝකර්...:( ....ඔන්න ඕකයි සිද්දිය..මේ හේතු කොට ගෙන අදින් පසු ජීවිතේට වට පිට නොබලමි...

ආ තව කතාවක්..මේකත් ඉතින් මටම උන වැඩක් තමා..ඒකත් උනේ උදේ ඉස්කෝලෙ යද්දි වට පිට බල බල යන්න ගිහිං...උදේ පාන්දර 5.30 ට විතර ඇති..ඔය පාරෙ ඉන්නවනෙ ඉතින් දුප්පත් අය..එයාල නිදා ගන්නෙත් කඩපිල් අයිනෙ..පව්..ඇත්තටම අපේ රටේ පාලකයෝ මේ ගැනත් ටිකක් හිතන්න ඕනෙ.කොහොමහරි ඒ වගේ ඉන්න තැනක අපේ බස් එක ට්‍රැ‍ෆික් එකට අහු උනා.මේත් ඒ වගේ කෙනෙක්..පොඩ්ඩක් වයස පාටයි..හැබැයි ඩෝප් වගේ... :O උදේ නැගිට්ට ගමන් ඉතින් අර සරම පොඩ්ඩක් හදා ගන්නෙ ඒ වගේ එයත් සරම ලිහිල් කරලා ආයෙ ගැට ගහගන්න හදද්දිම අනේ දෙයියනේ එයාගෙ අතින් සරම අත ඇරුණ නොවැ...:( :( :( අවාසනාවට ඇත්ත කතාවක් මාත් බලන් හිටියෙ ඒ පැත්තමයි..එදත් මං මේ වගේම තීරණේ කලා ආපහු වට පිට නොබලන්න...හික් හික්...හැබැයි තීරණය කොරා මිස ක්‍රියාවට නැංවුනේ නැත...

Tuesday, April 26, 2011

" කඩියා" හා "බිම්බිසාර රජ්ජුරුවෝ"




ඔන්න මං මේ අවුලුදු කාලෙ මතක තියන් හිටපු කතාවක් කියන්නයි හදන්නෙ..අපේ පවුලේ පුරුද්දක් කිව්වත් වැරදි නැහැ..මොකද දැනටමත් දෙතුන් දෙනෙක්ම මේ අබාග්ග්යට මූන දීලා අපේ කස්ටියගෙ ආහාරයක් වෙලා තියෙන නිසා... මන් හොඳම කතා දෙක විතරක් දාන්නම්කෝ..ඔන්න එහෙනම් අහගන්න...
එකෝමත් එක කාලෙක ගම්පහ පැත්තෙ සුට්ටි ගමක ඉන්නවා අක්කා කෙනෙක්..ටිකක් පොත් ගුල්ලියක්..කොහොමහරි මේ එයා සාපෙට මූණ දෙන්න හිටපු කාලෙ උන දෙයක්..මේ අක්කණ්ඩිට එපාම කොරපු විෂය තමා මේ ඉතිහාසය....පොතක් දැක්කත් අහක බලාගන්නවා.(පුංචි හිත නම් ඉස්සර ආසම ඉතිහාසයට)..ඒත් ඉතින් එහෙමයි කියලා විබාගෙට නොලියා ඉන්නැයි..අන්තිම වාර විබාගෙ දවස් වල ඔලුවට පුලුවන් තරම් ඉතිහාසය පටෝගෙන දැන් අක්ක ඔලුව හොලවන්නෙවත් නෑ අවුල් වෙයි කියලා..අහ් හෝව් හෝව් ඉන්න..අක්කගේ පවුලේ විස්තරත් පොඩ්ඩක් ඕනෙ..එයාලගෙ පවුලෙ කෙල්ලො තුන් දෙනයි එක කොල්ලයි..මෙයා පවුලෙ 3න් වැනියා..ගෙදරට කියන්නෙ සූටි කියලා...දැන් හරි..ඔන්න දැන් එක දවසක් රෑ දෙගොඩහරියෙ සද්දයක් ඇහෙනවලු මෙයාගෙ ඇඳ ගාවින්..ඊට පස්සෙ එහෙ දෙවනි අක්ක ලයිට් එක දාලා බලලා..අනේ සූටි අක්කා බිම පෙරලීගෙන මොනවද හොයනවලු නින්දෙන්...කතා කලත් ම්ම්හු...නෝ කතා...ඒ ගමන ලොකු අක්කණ්ඩිත් ලඟට ඇවිත් අහලා
"සූටි ඔයා මොනාද හොයන්නෙ?"
ඔන්න ඒ ගමන නම් වැඩේ හරි..රිප්ලයියක් එනව සූටි අක්කාගෙන්..
"අනේ මං මේ බිම්බිසාර රජ්ජුරුවන්ව හොයනවා..මේකා කොහෙ ගියාද නෑනෙ" අනේ මන්ද ඉතින් අක්ක හීනෙන් දැක්කෙ මොනාද කියලා..
ඔන්න ඉතින් ඒ වගේ තව කතාවක් මේ අපේ අයියා කෙනෙක් ගැන..ඉස්සර එක කාලයක් තිබුණා ඒ අයිය පුදුම බයයි තනියම නිදා ගන්නත්..හතර අතට වැඳල එහෙම තමා නිදා ගන්න යන්නෙ..දැන් නම් එහෙම නෑ ඕං...කොහොමහරි ඔය ඉස්සෙල්ල කියපු කාලේ එක්තරා භයානක රාත්තිරියක සිද්ද උන දෙයක් මේක..බොහෝම භයානකයි හා සත්‍ය සිදු වීමක්.හදවත් දුර්වල මනුස්පයො එහෙම ඇහැක් ඇරලා මේ කතාව බලනවා නෙවේ ඕං..ඒ දවසේ අයියලගෙ ගෙදර එයාලගෙ ආච්චි ඇවිත් හිටිය නිසා අයියට උණේ බිම නිදාගන්න.මොකද ආච්චිට අයියගෙ ඇඳ පරිත්‍යාග කරපු හින්දං.අයියා නිදා ගත්තේ ඇඳ ගාවම බිම.හැමදාම වගේම අයියා හතර පැත්තටම වැඳලා නිදාගත්තත් එදා නින්ද ගියෙ නෑ..මොකද අයියට ලොකු බයක් තිබුනා මොකෙක් හරි ඇවිත් අයියට කරදර කරයි කියලා.
"අනේ දෙයියනේ මං අද මෙහෙම බිම නිදියං ඉද්දි ඇඳ යට ඉඳලා සර්පයෙක්වත් කෑවොත්..???"ඔහොම හිත හිත ඉද්දිම අයියට සද්දෙකුත් ඇහිලා ඇඳ යටින්..දැන් ඇඳ යට බලන්නත් බයයි..අයිය පුලුවන් තරම් තදට ඇස් දෙක පියා ගෙන..අනේ දෙවියනේ මට නයෙක්වත් කෑවොත් කියලා හිතද්දිම මෙන්න එයාගෙ අත කාලා.."අනේ බුදු අම්මේ අනේ බේරගනියෝ මාව නයෙක් කෑවො"අයිය ෆුල් ඩම් එක දාල ගමටම ඇහෙන්න බෙරිහන් දීලා..අහල පහල අයත් ඇවිත්..හෝදිසි කරලා බැලින්නම් නයෙක් නෙමේ කඩියෙක්....:D

Sunday, April 24, 2011

"නුඹ මං ගාව"



සොඳුරු ඉසව්වක ඉඳන් අතීතයට මං හිමින් හිමින් හිත ගෙන ගියෙ හිතේ තියෙන ප්‍රශ්න වලට විසඳුමක් හොයගන්න.මෙච්චර කල් එකට හිටපු අය වෙනස් වෙන හැටි පුදුමයි..ඒත් "එකම එක කෙනෙක්" එදා ඉඳන් අද වෙනකනුත් මං ගාව.."කවද ඉඳලද?"...."ඔව් මට වයස අවුරුද්දෙදි විතර ඉඳන්..මේ අවුරුද්දට අපේ මිතුදමට අවුරුදු 15ක්..විශ්වාස කරන්න මේ අවුරුදු 15 පුරා එකම දවසක්වත් අපි තරහ වෙලා නෑ කියලා.. :)..කව්ද ඉතින් මේ?මගෙ හොඳම යාලුවා..ඔව් හැමදාටම හොඳම යාලුව..මේ පුංචි සටහන ඔයා වෙනුවෙන්.මගෙ හැම ප්‍රශ්නෙකදිම මගෙ හැම දිනුමකදිම ඔයා මං ගාව.මං අඬද්දි ඔයත් ඇඬුවා.මං හිනාවෙද්දි ඔයත් හිනා උනා.ඇත්තටම මං කොච්චරක් නම් පින් කරලද ඔයා වගේ යාලුවෙක් ලබන්න. අපි දෙන්නගෙ මිතුදමේ කොච්චර සුන්දර දේවල් ‍රැඳිලා තියෙනවද..අනේ අපිට උන ඇබැද්දි නම් අනන්තයි,අපේ සමාජයෙ හැමෝම හිතන්නෙ කොල්ලෙකුයි කෙල්ලෙකුයි එකට ඉන්නවනම් එයාල යාලුයි කියලනෙ..ඒත් එහෙම නෑ..ඇයි මේ අපි දෙන්නා?අපි කොහොමද එහෙම වෙන්නෙ?අපි දෙන්නටම ඉස්සර වගේම අදත් අපි දෙන්න නැතුවම බෑනෙ..කොච්චර යාලුවො හිටියත් අපි දෙන්න එකට..ඉතින් මට කියන්න ඕනෙ ඔයාගෙයි මගෙයි මේ යාලුකම හැමදාමත් ඒ විදිහටම තියෙන්න ඕනෙ කියලා.ඒ වගෙම හැම ප්‍රශ්නෙකදිම මං ගාව හිටියට ස්තූතියි කියලා...ඒ වගේම මේ ලෝකෙ මේ වගේ මිතුදම් වලින් ලස්සන වෙන්න ඔනේ කියලා.මොකද අද අපි අතරෙ ඉන්න ගොඩ දෙනෙක් තමන් ගෙ වාසියට විතරයි..මාත් ඒක හොඳටම තේරුම් ගත්ත කෙනෙක්..ඒ නිසාමයි මගේ හොඳම යාලුවා වෙනුවෙන් මේ සටහන එකතු කලේ..

"මල් මිලින වී ගිහින් අද
කවුරුවත් නෑ පාලුවක් මිස
වසන්තය යලි නො ඒවිද?
බලන්නට නෙත් කඳුලු පිස
ඇස් අරින්නට බයයි මට
අදුර මට ඔච්චම් කලොත්?
නෑ නෑ මං බය නැහැ
නුඹ මං ගාවනෙ"

Friday, April 22, 2011

"ගායන හැකියාව" හෙවත් ඉල්ලන් කෑම


එක එක අය ඉතින් තමන් ගැන අතිශයෝක්තියෙන් හිතන් ඉන්නවලුනෙ.පුංචි හිතත් ඉස්සර එහෙමයි..හිතන් හිටියෙ මට තරම් හොඳට සින්දු කියන්න වෙන කාටවත් බෑ කියලා.හැබැයි පොඩි පරහකුත් තිබුනා.මොකද මන් හිතන් හිටියෙ ගායන හැකියාව කියන්නෙ පුලුවන් තරම් හයියෙන් බෙරිහන් දීල කෑ ගහන එක කියලා.ඉතින් මන් කරන්නෙ යටි ගිරියෙන් සින්දු කියන එක..තාලයක් නම් ඇත්තෙම නෑ.හැබැයි මගෙ සින්දු ඇහෙන්නෙ ගොඩක් හවස් වරු වලට.මොකද මගේ රසිකොයො ගෙදර ඉන්නෙ ඒ වෙලාවට..ඒ කිව්වෙ මගෙ අම්මා...මට ඉතින් වේදිකාවකුත් තිබුනා.ඒ තමා ගේ ගාව අඹ කොටේ..ඒක උඩට නැගලා මයික් එකට කෝ‍ටුවක් එහෙම ආදේශ කරල තම වැඩ පටන් ගන්නෙ.ඔන්න දැන් ඔක්කොම ලෑස්ති..මන් පටන් ගත්තා සින්දුව."තුම් පාස ආයේ.." වචන දන්නෙත් නෑ ඔහේ කියවනව..මෙන්න ස්න්දුවෙ උච්චතම හරිය එද්දිම පාර පැත්තෙන් කව්ද අත්පුඩි ගහනව..one more one more අස්පට මගෙ රසිකයෙක් නේද?මටත් දැන් මාර සැටිස්..මොකද ඉතින් මගේ සින්දු අහන්නත් අය ඉන්නවනෙ..මාත් ගියා ඉතින් ලොක්කා වගේ පාර පැත්තට..හපෝයි දේයනේ අපේ පැත්තෙ පොල් කඩන එක්කෙනා..ඒ කිව්වෙ පයිලට් උන්නැහැ නොවෙ...එයා පොඩි අඩියක් ගහලා.පොඩි නෑ බෝතලයක් විතර මහිතේ..මං සින්දු කියනවා ඇහිලා එතන පාරෙ නැවතිලා අත්පුඩි ගගහා නටනවා..ළඟ ගෙවල් වල අයත් එලියට ඇවිත් ප්‍රසංගය නරඹනවා..අනේ මගේ කාඩ් කුඩේ කුඩු.අනේ ඉතින් මං එදයින් පස්සෙ ගායන හැකියාව එලි දැක්වීම නැවැත්තුවා...රසිකයො වැඩි නිසා. :D

Monday, April 18, 2011

"පුංචි හිත සින්ඩියකට පා තැබූ වගයි"

ඔන්න ඉතින් පුංචි හිත මාසයක් විතර try කොරලා සින්ඩියකට ගොඩ උනාලු...දැන් ඉතින් ඒ සඳහා ස්තූති කතාව..
පොඩි අය ලොකු අය සීයලා  ආච්චිලා නැන්දලා මාමලා අක්කලා අයියලා මල්ලිලා නංගිලා හැමෝගෙන්ම අවසරයි..! වර්ෂ 2011 යි මාස 4 යි දවස් 18ක් වූ සඳු දින පුංචි හිත සින්ඩියකට පා තැබූ වගයි.. :) ...

පුංචි හිතට උදව් කරපු හැමෝටම තුති..මුලින්ම මගෙ බ්ලොග් එක බලලා මාව දිරිමත් කරපු ගම්ලත්ගෙ සටහන් ලියන ගම්ලත් අයියට තමා ස්තූති කරන්න ඕනි..එයා තමා මට බ්ලොග් එකට එන්න මුලින්ම පාර පෙන්නුවෙ..ඒ තමිර අයියාගෙ බ්ලොග් එක පෙන්නලා.ඒ දෙසැම්බර් මාසෙ අන්තිම..කොහොමහරි මාත් එයාගෙන් අහගෙන profile එකක් හැදුවා ඒ කාලෙම.හැබැයි බ්ලොග් ලියන්න පටන් ගත්තෙ නම් ගිය මාසෙ.. :) ඔන්න ඔහොමයි නොනිමි සිත් අහසෙ මූලාරම්භය..ඊට පස්සෙ මලිත් අයියා තමා බ්ලොග් එක ලස්සන කරගන්න එක එක විජෙට්‍ටු එහෙම හොයා දුන්නෙ.ඇත්තටම එයා ඒ වෙනුවෙන් තමන්ගෙ කාලය කැප කරාට ස්තුති කරන්න වචන නෑ මට..මට සින්ඩියට එන්න උදව් කලෙත් එයා ම තමා.මට පාර පෙන්නුව ඔයාලට ගොඩාක් පින්.ඒ වගෙම "බනී" අයිය දිලීප අයිය කොට ජීවිතේ අක්කා මාරයා අයියා සුලැඟිල්ල එයාලත් මාව දිරිමත් කලා..මූනු පොතේ මගෙ යාලුවොත් මාව දිරිමත් කලා ගොඩාක්..එයාල තමා හැමවෙලේම අලුත් පෝස්ට් දාන්න කියල කරදර කලේ..ඉතින් මෙකී නොකී හැම කෙනාටම ස්තූතියි.කාව හරි අමතක වෙලා නම් සමාවෙන්න..එදා වගෙම හෙටත් මා එක්ක ඉඳල මාව දිරිමත් කරන්න කියල ඉල්ලනවා.එ වගෙම ඉක්මනින්ම අලුත් ලිපි පල කරන්නත් බලාපොරොත්තු වෙනව. :)..ඔන්න මන් ගානෙ පොඩි කේක් එකකුත් හැමෝම බෙදාගෙන කන්න.
             

Tuesday, April 12, 2011

"බලු වැඩක්"

                   

මාත්තුකාව දැකලා කලබල වෙන්න කාරි නෑ..මෙක මේ බල්ලෙක් කරපු වැඩක්....
             ඔන්න මේ සිද්දිය උනේ අපේ අක්කගෙ මඟුල් ගේ දවසට කලින් දවසේ..අක්කා කිව්වට ඉතින් මෙයා මගෙම අක්ක නෙමෙ..එත් අපේ ගෙදර තමා හිටියෙ වැඩට යන්නයි කියල..අක්කගෙ නංගිට අපි බට්ටි කියමුකෝ..එයාට තමා මේ ඇබැද්දිය උනේ..අක්කගෙ මඟුල් ගෙදර නිසා නංගි ලස්සනටම ඉන්න ඕනි නේ..ඉතින් බට්ටි අක්කත් සතියක විතර ඉඳන් ලස්සන වෙනවා..කෙල්ලොනෙ..හැමොම බට්ටි අක්කා මනමාලි වෙන්න යනවයි කිය කිය හිනා වෙනවා..අපේ ගෙදර ඉන්නව කියල මන් කිව්වෙ අර බලු තඩියෙක් බ්ලැකී කියලා..මෙයාට බට්ටි අක්කව අල්ලන්නෙම නෑ..බට්ටි අක්ක රෙදි වනන්න රෙදි වැල ගාවට ගියා විතරයි අනේ මෙයා ඇඟට පැනලා..අක්ක මෙච්චර කල් උන මහන්සිය වතුරෙ.. :( ..බට්ටි අක්කගෙ අතේ හීරිලා..අක්කගෙ මඟුල් ගේනෙ ඉතින් හීරුනත් දුකයි..අනේ දුක හිතුන පාරට අක්කා අඬාගෙන ගෙට ගිහින්..කට්ටිය විස්තර අහද්දි බට්ටි අක්ක හදිස්සියට අඬ අඬ කියලා තියෙන්නෙ මෙන්න මෙහෙම

"අනේ මං මුකුත් කලේ නෑ..මම එතන බුර බුර හිටියේ...බල්ලා මගෙ ඇඟට වනාගෙන පැන්නා.."

ඉතින් කට්ටියට හිනා යන එක අහන්නත් දෙයක් යේ..ඒ උනාට බට්ටි අක්කට ඌරු ජුවල්..පව්..අන්තිමට මඟුල් ගෙදර ගියෙ අත පුරා ප්ලාස්ටර් අලෝගෙන... :D

Wednesday, April 6, 2011

ඉතාලි ගිය අපේ එකා..


මේ කතාවත් අර සිරිපාල ගැනම තමා.ඉස්සර අර ගොඩ දෙනෙක්ට ඉතාලි යන පිස්සුවක් තිබුනෙ.බෝට්‍ටු වලින් ගිහින් හොරෙන් ඉතාලියට යන කාලේ.තාමත් ඒක සිද්ද වෙනවද මන්ද කොහොමින් හරි මේ සිද්දියත් ඒ ගැන..සිරිපාලටත් ඕනෙ උනා ඉතාලි යන්න..එතකොට තමා මිනිහගෙ ‍ෆිට් පොරක් කිව්වෙ අඩු ගානට ඉතාලි යන්න පුලුවන් *****ක් විතර තමා ගාන යන්නෙ කියල..ආයෙ මොනාද දිවිය ලෝකෙ යන්න ටිකට් හම්බුනා වගේනෙ..සිරිපාලත් එක පයින් කැමතී වැඩේට..කොහොමහරි දැන් සිරිපාලයි,‍ෆිට් පොරයි ඉතාලි යන්න සල්ලිත් ගෙව්වා..කොහොමහරි එහෙන් දවසක් කියල එදා රෑට යනවා කිව්ව..දැන් ඔන්න ඒ දවසට ගිහින් බෝට්‍ටුවට නැග්ග.එච්චර කට්ටියකුත් නෑ තව 3න් දෙනයි හිටියෙ.බෝට්‍ටුව එලවන්න දෙන්නයි..ඒජන්සි කාරයයිලු..දවස් ගාණක් මුහුදෙ ඉඳල ඉඳල ඔන්න දැන් ගොඩබිමක් යාන්තම් පේනව..

"අර පේන්නෙ ඉතාලිය තමා..බැස්ස ගමන් පුලුව තරම් දුරක් රට ඇතුලට දුවන්න..නවතින්න එපා මොකද ඔයාලට වීසා නෑනෙ."ඒජන්සිකාරයා උපදේසෙකුත් දුන්නා..

කොහොමහරි පාන්දර කට්ට කරුවලෙ මෙයාලව බස්සලා බෝට්‍ටුව ගියා..මේ දෙන්නත් බැස්ස ගමන් පුලුවන් තරම් දුරක් දිව්වා..දුවල දුවල ඔන්න මහ පාරකට ආවා..

"ඈ බන් මේ ඉතාලියෙ මොන සුද්දෙක්වත් නෑනෙ බන්.."

"මේ උදේ උන් නැගිටල නැතුව ඇති බන්"

"ආහ් වෙන්න ඇති වෙන්නති..දැන් අපි කොහෙද යන්නෙ?"

"බස් එකක් ආවම ඒකක නැගල යන් බන්..නවත්තන තැනකින් බහිමු"

ඔන්න දැන් ගාට ගාට බස් එකක් එනව..

"මචං බස් එකක් නම් එනවා"

"Chilaw බස් එකක් මචං නගිමු..කොහෙන් හරි නවත්තන්නෙ නැතැ..

කොන්දා ආවා..මහත්තයලා ටිකට් ගන්න කොහෙටද යන්නෙ?"

අස්පට මචං මේකා සිංහලනෙ.."

ඔයා මෙහෙට ඇවිත් ගොඩක් කල්ද?දෙන්නා කොන්දා ගෙන් ඇහුවා..

"මොනා අහනවද මහත්තයා අපි උපන් දා ඉඳන් මෙහෙ"

මොකක්?අපිත් ලංකාවෙන්.. : D

මොනවා කියවනවද මන්දා මේ ලංකාවනේ..

කෙලියා තමා..මුන් මෙච්චර කල් ඉඳල ඉඳල අපිව ගෙනත් දාල තියෙන්නෙ හලාවතට යකො..
දැන් ඉතින් ගෙදර යමන්..ඉස්සරහ හොල්ට් අපි බහිනවා.ඔන්න ඔහොමයි සිරිපාලගෙ ඉතාලි යාම

Tuesday, April 5, 2011

ආහ් එහෙනම් දෙපැත්තෙන් දෙකක්ම දාන්නකො

මේක මේ අපේ ගමේ කෙනෙක්ට සිද්ද උන වැඩක්..අපි එයාට සිරිපාල කියමුකො..ගමේ ඔහේ ඇවිද ඇවිද ඉන්න මෙයාට රස්සාවකට ඉන්ටවිව් එකක් ඇවිත්..දැන් ෆුල් සැටිස්..ඉන්ටවිව් එකට යන්නයි කියල බර වැඩ..ඇදුමකුත් මහගන්න ඕනෙ...කඩ්ඩ දන්නවා වගේ ඉන්න ඔනේ..හරියට රස්සාව දැන්මම හම්බ වෙලා වගේ..කොහොමහරි සිරිපාල කලිසමක් මහ ගන්නත් එපැයි..ඒ නිසා මහන කෙනෙක්ගෙ ගෙදර ගිහින් ඔන්න මහන්න ඕනි විදිහ එහෙම කිව්වා.

"හොඳම රෙද්දෙන් මහන්න ඕනි..ලස්සන ට වැඩේ තියෙන්න ඕනෙ.මට මේ ඉන්ටවිව් එකකට යන්න නොවැ.>"

අහ් හරි හරි මහත්තයා..ඒ ගැන බය වෙන්න එපා..මහත්තයාට කලිසම හොඳටම මහලා දෙන්නම්කො."

"අන්න හොඳයි..කලු රෙද්දෙන් මහන්නකො..පස්සෙ මට තව ටිකක් මහගන්න වෙයි..කොහොමද prices එහෙම..ඉගෙන ගත්ත පොඩි වචනෙකුත් දැම්ම ඉතින්

"මුලු ගාණම දැන්ම ඕන්නැහැ මහත්තයා..මහත්තයා advance කීයක් දානවද?"

සිරිපාලත් .දන්නැති උනාට අත ඇරියෙ නෑ.."ආහ් advace එපැයි නේද?එහෙනම් දෙපැත්තෙන් දෙකක්ම දාන්නකො.

කොහොමහරි advance එකේ ඇත්ත කතාව මහන කෙනාගෙන් දැනගත්තට පස්සෙ නම් සිරිපාල වැඩිය කඩ්ඩෙන් කතා කරන්න යන්නැහැලු.

Monday, April 4, 2011

අම්මෙ මං ආදරෙයි






ජපන් ත්සුනාමියේ ඡායාරුප අස්සසෙන් මට හමු උන හදවත් සසල කල පුංචි ඡායාරූපයක් නිසා මට මගේ අම්මා වගේම සියලුම අම්මාවරුන්ගේ අපිරිමිත ස්නේහය ගැන වචනයක් සටහන් කරන්න හිතුනා.මේ ඡායාරූප විවිධ ව්‍යසනයන් නිසා ජීවිතයෙන් සමු ගන්නට උනු පුංචි මල් කැකුලු ළඟ අම්මා කෙනෙක්ගෙ කදුලු ගැන..හැමොම එක වගේ.ඒත් ජපන් සුනාමියේ ඡායාරුපය වෙනස්..ඒ අම්මා තමන්ගෙ පුංචි කිරිකැටියව අතේ තියාගෙන දෙන්නම මරණයට පත් වෙලා..මට මගේ අම්මා ගේන අසීමිත ආදයක් ඇති උනා.මට වගේම ඔයාලා හැමෝගෙම ඇස් වලට කදුලක් ගේන්න මේ පින්තූරය සමත් වෙවි..
                             අම්මා කෙනෙක්ගෙ සෙනෙහසට ළං කරන්න පුලුවන් තවත් සෙනෙහසක් ඇත්තටම නැහැ.. ඒත් ඒ අම්මගෙ ඇස් වලට කදුලු ගෙන්න වැඩ කරන කීදෙනෙක් නම් අය ඉන්නවද..මේක කියවන ඔයාලවත් කිසිම දවසක අම්මගෙ ඇස් වලට කදුලු ගේන්න එපා.අම්මට සතුටක් ආඩම්බරයක් වෙන්න..ජීවිතේ සමහර ප්‍රශ්න නිස ජීවිතෙන් සමුගන්න තීරණය කරන එකෙන් අම්මල කී දෙනෙක් නම් අඬනවද.ඒත් ඔයා මැරෙන්න හදන්නෙ පිට කෙනෙකුගෙ ආදරයක් නොලැබීම නිසා නම්?ඒක මහා පවක්..අම්මගේ ඇස් වලට දුකක් දීල කොහොමද දෙයියනේ එහෙම යන්නෙ..අම්මා කෙනෙක්ට මොන තරම් දුකක්ද..වදාපු අම්මගෙ හදාපු අම්මගෙ ආදරේ අමතක කරලා වෙන කෙනෙක් නිසා ජීවිතෙන් පලි ගද්දි දහ දුක් විඳල ඔයාව මේ ලෝකෙට බිහි කරපු අම්මගෙ හිතට මොනවා දැනෙනවා ඇත්ද?මට ආපු පුංචි ප්‍රශ්නයක් නිසා මං එක දවසක් හොඳටම ඇඬුව මට මතකයි..ඒ වෙලාවෙ මගෙ රත්තරං අම්මා මං ගාවට ඇවිත් මාව තුරුලු කරගෙන ඇඬුව.. පුංචි කාලෙ අඬද්දි සින්දු කියලා මාව නලවගත්තා..ඒත් මන් දැන් කොහොම මගෙ පැටියව නලවන්නද කියලා.මාව අඬවපු අයට වෛර කරනවා කිය කියා අම්ම ඇඬුව.සත්තකින්ම ම්ං ආදරෙයි මගේ අම්මෙ..එදා ඉඳන් කිසිම දවසක මං මගෙ අම්මට පෙන්න ඇඬුවෙ නෑ..
                          අම්මා කියන්නෙ අපට ලැබිල තියෙන වටිනාම ආදරේ..අම්මා කියන්නෙ ලස්සනම වචනෙ කියන්නෙ ඒ හින්දමයි..ආදරයකට ලේ කිරට හරවන්න පුලුවන් නම් ඒ අම්මගේ ආදරයට විතරමයි.සත්තයි මගේ අම්මෙ මම ඔය ඇස් වලට ආයෙ කවමදාකවත් කඳුලු ගේන්නෙ නැහැ..කව් රු කොහොම ආදරේ කලත් අම්ම තරම් මට ආදරේ කෙනෙක් නැහැ..මං දන්නවා මගෙ අම්මේ..හැම කෙනෙක්ම තමන්ගේ අම්මට ආදරේ කරනව නම් මොන තරම් හොඳඳ?එහෙනම් කිසිම අම්මා කෙනෙක් පාරේ හිඟා කන තත්වෙට මහලු මඩම් වල ඉන්න තත්වෙට පත් වෙන්නැහෑ.ඒ වගේම..තවත් පුංචි කතාවක්..අපේ ගමේ ඉන්නව ආච්චි කෙනෙක්..ගොඩාක් දුප්පත්.එකම එක පුතයි ඉන්නේ..රස්සාවක් කරන්නෙත් නැහැ..මේ අම්ම හැමදාම හිඟා කාලා තමන්ට හම්බෙන සල්ලි වලින් බත් ගෙනත් පුතාට දෙනව..ඒත් ඒ පුතා අම්මා ගැන හිතන්නෙවත් නැහැ..අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ ආදරේ දැනෙන්නෙ තමන් ඒ තත්වෙට පත් උන දාකම තමයි
තමන්ගේ පැටියා මුහුදට වැටිලා ඒ පැටියව හොයන්න මුහුදක් සිඳින්න හැදුව ලේනි ගෙ කතාවෙ වගේම ආදරේ වෙනුවෙන් එහෙම නොකලත් අපේ අම්මලත් ඒ වගේ..වචනින් විස්තර කරන්න බැරි ලස්සන ආදරයක්..ඒ හින්දන් ඔයාලත් ඔයාලගේ අම්මලට දුකක් නොදී ආදරේ කරන්න..කවමදාකවත් අම්මගේ ආදරේ අමතක කරන්න එපා..!

ප.ලි ;අම්මා කෙනෙක් ගැන ලිය උන තවත් කතාවක් මේ එක්කම මම ඇමිණුවා..මේ ඒක..මට යාලුවෙක් එව්ව් E mail පණිවිඩයක්..


Sunday, April 3, 2011

අපි මෙතනමයි මිස් හිටියෙ





ඉස්කෝලෙ කාලේ පීරියඩ් එකක් කට් කලේ නැත්තම් වැඩක් නෑ කියනවනෙ ඉතින්..ඒ හින්දන් ඔන්න පුංචි හිතයි එයාගෙ යාලුවො ටිකයි කස්ටිය කල්පනා කොලා IT පීරියඩ් එකක් කට් කරමු කියලා..ඔන්න දැන් වැඩිය කට්ටියත් නැති දවසක් බලලා නමෝවිත්තියෙන්ම වැඩේ පටන් ගත්තා.IT පීරියඩ් එක කට් කරල LAB එකට නොයා කස්ටිය පන්තියේ සාජ්ජයක් දාගෙන..දැන් වැඩේ නැගලා යනවා..එතකොට තමා කට්ටියට කෙල උනෙ..අපි ආවේ නැති නිසා මිස් ඇවිත් අපිව හොයන්න..මිස්ව දැකපු ගමන් පිටිපස්සෙ හිටිය අපේ සෙට් එක මේස යටට රිංඟුවා..එත් ඉස්සරහම එකාට කරගන්න දෙයක් නෑ.මිස් ආවා..
"පුතේ IT ළමයි ටික නැද්ද පන්තියෙ"

ළමයගෙ වාසනාවට මිස්ට එයාව මතක නැ..එයත් පැනපු ගමන් කියපි

"අනේ දන්නැහැ මිස් මම Health කරන්නේ"

"ආහ් කමක් නෑ පුතේ දැක්කොත් කියන්නකො මං ආවා කියල..මිස් ගියා..

දැන් කරන්න දෙයක් නැහැ..lab එකට යන්නම වෙනව..මිස් එක පැත්තක කොරිඩො එකෙන් යද්දි අපි ඔක්කොමලා අනිත් පැත්තෙ කොරිඩෝ එකෙන් දුවලා පල්ලෙහාට බැහැලා lab එකට දිව්ව..සුසන්තිකාලා කැලේ..බැලුවම මිස් තාම ඇවිත් නැහැ..අපි ඉතින් මුකුත් නොදන්න පොඩි එවුන් ටික වගේ ඇවිත් වාඩි වෙලා හිටියා.,අපිව දැක්කම මිස්ට හුස්ම හිර උනේ නැති ටික විතරයි..

"කොහෙද පුතේ හිටියෙ"

"අපි මෙතනමයි මිස් හිටියෙ.අපි එද්දි මිස් හිටියෙ නෑනෙ..අපි ඉතින් ඇතුලෙන් වාඩි උනා ටික වෙලාවක් බලලා..

"මිස්ට පුදුමෙනුත් පුදුමයි..කමක් නෑ එහෙනම් පාඩම කරමු කියලා පටන් ගහ්දිම බෙල් එක ගැහුව පීරියඩ් එක ඉවරයි...ඔන්න ඔහොමයි මගේ පළවැනි පීරියොඩ් කට් කිරිල්ල..

Saturday, April 2, 2011

ගිලිහුන කුසලානය


ලෝක කුසලානෙත් ඉවරයි ඕං..පුංචි හිතට නම් හරිම දුකයි මොකද මහේල යි කුලෙයි අමාරුවෙන් ගොඩ දාපු මැච් එක ෆීල්ඩින් අන්තිම හින්ද බලන් ඉද්දි පැරදුනා..මැච් එක බලද්දි මට නම් හොඳටම තේරුන දෙයක් තමා අපේ කණ්ඩායමේ කණ්ඩායම් හැඟීම ගොඩාක් දුර්වල වෙලා තිබුන වග...අනේ මන්ද මන් දැකපු දෙ තමා ඕං මට මඩ ගහන්න එපා...සංගා අතින් මිස් උන විකට්‍ටුවෛ කුලේ අතින් මිස් උන උඩ පන්දුවයි අපට ලබාගන්න තිබුනා නම් සමහරවිට අපට තරඟය දිනන්නත් තිබුනා..ඒත් ඉතින් ගිය දේ ගියා නොවැ..කොහොම උනත් මේ පාර වැරදි හදාගෙන ඉදිරියට ගියොත් තම හොඳ..සංගා නායකයා විදියට ඊයෙ තමන්ගෙ යුතුකම හරියට ඉෂ්ඨ කලේ නෑ වගේ..මැච් එක මුලදිම අත ඇරලා....ෆීල්ඩින් නම් අන්තිමයි..අන්තිම ඔවර් 2 හරියෙදි මහේලයි සංගයි මුරලි යි කතා කරද්දිත් මොකද්දෝ හුටපටයක් උනා නොවැ..මුරලි ගෙ අන්තිම මැච් එකේදි එයාට හිත රිදුමක් උනා වගෙයි පෙනුනෙ..මාලිංග තමන්ගේ යුතුකම හොඳටම ඉ‍ටු කර..ඒ වගේම හතර අතෙ ගහපු කුලේත් 274ක ලකුනු ‍රැස් කරන්න ලොකු උදව්වක් දුන්නා..අන්තිමට ඉතින් මලයාලම් කාරයන්ගේ සාස්තරයි ඔක්කොම අස්සෙ ඉන්දියාව තර‍ඟෙ දිනුව..ඇත්තටම දක්ෂ කණ්ඩායමක්.අපේ ඇත්තන්ට එයාලගෙන් ඉගෙන ගන්න නම් දෙවල් බොහොමයි..අපේ කණ්ඩායම කණ්ඩායමක් විදිහට එකිනෙකාව දිරිමත් නොකරපු අඩුව ඊලඟ පාරවත් හදාගන්න ඕනෙයි කියලායි පුංචි හිත කියන්නෙ,,ශෙවාග් ලකුනු නොලබාම දැවී ගියා..සචින් දවාගත්තා..ලොකු බල කණු දෙකක් බිඳ හෙලිලත් ඔවුන් තරඟය ජයග්‍රහණයට ගෙන ගියපු හැටි නම් අපූරුයි...උන්නු විදිහට මළා මදැ ඉතින් අපි..

                                 ඔය අතරේ ලෝක කුසලානෙ පොඩි රස කතා ටිකකුත් තිබුනා,ශෙවාග් ට එයාගෙ අංකෙන් අපලයි කියලා තිබුන හින්දන් ශෙවාග් එයාගෙ අංකෙ අයින් කොරලා..හොඳට මැච් එක බලපු අය දකින්නත් ඇති එයාගෙ අංකෙ ඉවත් කරලා තිබුන බව..ඒඅස්සෙ අර පූනම් නෝනා උපන් ඇඳුමෙන් ඇවිදිනව කිව්වලු නොවැ ඉන්දියාව දින්නොත්..බලමුකො කටින් බතල හිටෙව්ව වගේද කියල..ආහ් ඩිල්ශාන්ගෙ විශිෂ්ඨ උඩ පන්දුව ගැනත් කියනම එපැයි..ප්‍රතික්‍රියා වේගය 0.64යි කොහොමද වැඩ?මහේලගෙ ශතකයත් එහෙමමයි..මොනා වුනත් එයා "මහේල නොනා" කියන ඒවනම් හොඳට අහනවා වගේ.. කොහොමින් කොහොමින් හරි ලෝක කුසලානේ අස්සෙ ගෑස්,පෙට්‍රල්,ඩීසල් ගණන් යවපු එක නම් හරිම වැරදී ඕං..අපටත් කෙල උනා..මැච් එකත් කෙල උනා...ඒක තමා පසුවදන..

Thursday, March 31, 2011

හිත හොඳ ඇත්තො..





මේ කියන්න යන්නෙ හොට් හොට් නිව්ස් එකක් ගැන..මේ දැන් සිද්ද උන එකක්..මම මුනූ පොතේ කරක් ගහල පොඩි කතාවකුත් දාගෙන ඉදිදි අපේ කලුවා හෙවත් බ්ලැකී බුරනව ඇහුන..මාත් ඉතින් ඕපෙ හොයන්න කියලා එළියට ගිහින් විපරමක් දැම්මා.අස්පට හෝ ගාලා බුරනවා.එයාගෙ සද්දෙට අනිත් බලු ඇත්තොත් හූ මිටි තියනවා.එක යුද්ධයයි..මාත් ඉතින් සාම හමුදාව වගේ ගියා ඉස්සරහට..බැලුවම තලගොයෙක්ට තමා මේ කට්ටිය සද්ද දාන්නෙ.මව දැක්ක විතරයි බලු හමුදාවට තද වෙලා නායකයා හෙවත් බ්ලැකී තලගොයාව ඇල්ලුවෙ නැතෑ...හපෝයි..දැන් මොකද කරන්නෙ..මහලොකුවට ගියා වගේයැ සාම හමුදාවත් තලගොයින්ටයි බල්ලටයි බයයි..ඒ අස්සෙ තලගොයට දෙතිස් මහා වද පමුනුවනවා බලු හමුදාව..සාම හමුදාවත් ඇරියෙ නෑ බල්ලන්ට වඩා හයියෙන් කෑ ගැහුව..(වෙන කරන්න දෙයක් නෑ නොවැ..)ඔන්න ඉතින් එතකොට තමා හිත හොඳ ඇත්තෙක් මෙතනට ආවෙ..කාගෙ කව්ද කියල මං දන්නෙත් නැහැ..හිත හොඳ ඇත්තා කොහොමින් කොහොමින් හරි තලගොයි මහත්තයව බේරුවා.ඇත්තටම පින් සිද්ධ වෙන වැඩක්..ඔය වගේ මිනිස්සු හරි හිඟයි දැන්..එහෙම කියන්න හේතුව අපෙ ගම්පලාතෙත් තලගොයි මරලා මසට ගන්න ඇත්තො ඉන්නව..සංවේගයෙන් උනත් ඒ දේත් කියන්න ඕනෙ..එහෙව් තලොගොයෙක් මැරෙනකන් බලන් ඉන්න පළාතක මේ වගෙ දෙයක් දුලබයි..ඒ හිත හොඳ ඇත්තට උපහාරයක් විදිහටයි මේ කතාව ලිව්වෙ..මෙහෙව් ඇත්තො ඉන්න රටක් වාසනාවන්ත රටක් නේද?




                              මේ එක්කම පොඩි අතුරු කතාවකුත් ලියන්න හිතුනා..මේ කතාව මේතනට සම්බන්ධෙකුත් නෑ ඕං..මුලින්ම කිව්වා.මේක පුංචි හිතට අහු උනේ පත්තරේකින්..පුංචි හිත නිවාඩු පාඩුවෙ ඉන්න වෙලේක අහුවෙච්ච පත්තරේක ලිපියක උඩින්ම පොල් තඩි අකුරෙන් දාලා තියෙනවා මෙහෙම.."ලෝකයක් වනසන බර්ගර්" අස්පට මේ අපි කන පොඩි බර්ගර් එකකට එච්චර හදියක් කරන්න පුලුවන්ද?තකහණියක්ම ඔක්කොම වැඩ දාලා කියවන්න පටන් ගත්තා ඒ කතාවෙ සුල මුල..බැලුවම වැඩේ ඇත්ත..ඔය හැම් බර්ගර් හදන්න අවශ්‍ය මස් ලබාගන්න ඇති කරන ගව පට්ටිවලට ආහාර වගා කරන්න කැලෑ එලි කිරීම හරි හරියට සිද්ද වෙන දෙයක්.ඒ ගව පට්ටි හිමියන්ට බ්‍රසීලියානු වනාන්තර පවා විනාස කිරීමේ හැකියාව තියෙනවාලු..එ කිව්වෙ ඇමේසන් වනාන්තරය උනත්..අපෙ අප්පො..ඒ විතරක්යැ ගව පට්ටි වලින් නිකුත් වන හරිතාගර වායුවක් හෙවත් මීතේන් නිසා වායුගෝලය උණුසුම් වීම සිද්ද වෙනවලු.මේ වැඩ අස්සෙ ඉන්නවා එක්තරා පුද්ගලයෙක්..නම "බ්ලෙයාරෝ මැගී"..මං හිතන්නෙ ගොඩ දෙනෙක් මෙයා ගැන අහල නැතුවත් ඇති..බ්ලෙයාරෝ සෝය බීජ වෙළදාමෙන් ධනවත් වෙච්ච ඇත්තෙක්.ඒ වගෙම ලොකේ ගව මස් අපනයන කරුවන්ගෙන් ප්‍රමුඛයෙක්.හැබැයි ඒ ඉස්සර.දැන් පරිසරයට ගොඩාක් ආදරෙ කරමින් ඉන්න කෙනෙක්.කැළෑ එලි කරමින් සෝයා වගා කිරීම තාවකාලිකව තහනම් කිරීමට වගේම ඇමේසන් වනාන්තරයේ ගව පට්ටි පාලනය තහනම් කිරීමටත් මුල් උනේ මොහු...බලන්නකො හිතක් වෙනස් උන විදිහ..මේ වගේ මිනිස්සු තමා ලෝකය බබලවන්නෙ..අදහන්න ඕනේ මේ වගේ අය මිස බොරු කරන දේශපාලකයෝ නෙමේ..මිනිසෙක් හොඳ මිනිසෙක් වීම දේවත්වයට පත්වීමට සමාන කාරණයක් කියලයි පුංචි හිත දකින්නෙ..ඉතින් තවත් දෙයක් අරගෙන පුංචි හිත එනකම් මේ කතාව ගැන අදහසක් තියල යන්න.පුංචි හිතට ඒවා ගොඩාක් වටිනවා..

Wednesday, March 30, 2011

"ළඳුනේ"


අපේ රටේ,නමට කලා කාරයොයි සින්දුයි වැස්ස කාලේට මේරු එනවා වගේ එනවා යනවා නොවැ..ඔය අය අතර එද ඉඳන්ම තාමත් රසවිඳින්න පුලුවන් බොහොමයක් සින්දුත් තියෙනවනෙ..මේ කියන්න යන්නෙ ඒ වගෙ ගීතයක් ගැන..අපේ රට ගොඩාක් ගීත වලට ප්‍රේමය පාදක කරගන්නෙ  උනත් මේ ගීතයේ පද ලියැවිලා තියෙන්නෙ සමාජය කතාබහට ලක්විය යුතු මාතෘකවක් පිලිබඳව..මං මේ ගැන ලියන්න පොඩි වැඩිද මන්ද ඒත් මේ ගීතය ගැන වචනයක් ලියන්න කියලමයි මට හිතුනෙ..

"ලඳුනේ" ගීතය අමරසිරි පීරිස් කලාකරුවාණන්ගේ හඬින් ගැයෙන්නක්..ආදරයයි විරහවයි ගැන හතු පිපෙන්නා වගේ ගීත ලියවෙද්දි ගැඹුරු අර්ථයකින් යුක්තව ලිය වුන ගීතයක්..


"ළඳුනේ ළඳුනේ
ඔබේ දැස දැකගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ
දෙනෝ දහක් අත ගත්තද
සැමියෙකු නැති ළඳුනේ
නෑයින් නෑකම නොකියන
වීදි සරණ ළඳුනේ..


තෙල්මල් ගෙන දෝත පුරා
මුනිකුටියට පියමං වන
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ..
බුදුන් දැක නිවන් දකිමැයි
දෙව් රම යන පාර අහන
ඔබද පටාචාරාවකී ඔබද කිසාගෝතමියකි..




පිරිමින්ගෙ පාප කඳට
දෝස විඳින ළඳුනේ
අඳුරේ පව් කරන දනා
එළියෙ ලවන ළඳුනේ
ළැම පමණක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති
වැරදිකාර ළඳුනේ

"ළැම පමණක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළඳුනේ.."
ගීතයෙ ගැඹුරු කම රැඳිල තියෙන්නෙ මේ තුල කියලයි පුංචි හිත කියන්නෙ..
ගැහැණියක් කියන කෙනා උත්තරීතර මව් පදවිය ලබන්න සොබාදහම නිර්මාණය කරපු කෙනෙක්..ඒත් මේ පදවැලෙන් කියවෙන තැනැත්තිය එයට වෙනස්..නමුත් කව් රුත් නොදකින ඇගේ හිත තුල මොන තරම් නම් දුක් කන්දක් ඇත්ද?අන්ත අසරණ කම නිසා තමන්ගෙ ඇඟ විකුණනවා මිස කැමැත්තෙන් මේ දේ කරන කෙනෙක් සොයගන්න වත් බැරි තරම්. පුවත් පත් වල තියෙන විවිධ සිදුවීම් දැකලයි පුංචි හිත මෙහෙම කිව්වෙ.


"කුහුඹුවකුට වරදක් නැති වැරදි කාර ලඳුනෙ"
මේ පද පේළියෙ තේරුම නම් පුංචි හිතට තේරුම් ගන්න බැරි උනා එකපාරටම.කොහොමද එහෙම වෙන්නෙ?අන්තිමට ඉතින් පිළිතුරක් හදාගන්න එපැයි..මෙන්න මෙහෙමයි..මේ තැනැත්තිය වරදක් කරගන්නෙ තමන්ට තමන්ගෙ ආත්මෙට නොවැ.පිරිමි අය වැරද්ද කරන්නෙ දැන දැනමනෙ..ඒක හින්දම වෙන්න ඇති මෙ වගෙ පද පේලියකුත් ලිය උනෙ
" පිරිමින්ගෙ පාප කඳට
දෝස විඳින ළඳුනේ”

ඉතින් සමාජයේ අඳුරු පැත්තක් ගැන ලිය උන මේ ගීතය ගැන කියද්දි නොකියම බැරි දෙයක් තියෙනවා..කොයිතරම් අසරණ උනත් පහත් තත්වයක නොවැටී ඉන්න එක වටිනවනෙ..ඒ වගෙම දැන දැන වැරදි කරන්නැතුව හොඳින් ජීවත් වෙන්නත් ඕනෙ.පුංචි හිත ප්‍රාර්ථනා කරන්නෙ ලස්සන හිත් තියෙන හොඳ අය ඉන්න රටක්..ඒ රට බිහිකරන්න පුලුවන් අපිටම විතරයි..ලිපිය කියවලා මේ ගැනත් හිතනවනම් ඒ මගෙ උත්සාහය ඵල දැරීමක් වෙවි..!

Tuesday, March 29, 2011

ෆුකුශිමා කතාව..

මේකත් ජපානෙ පැත්තෙන් ඇහෙන කතාවක්..කවි ගැන නම් නෙමෙ ජපානෙ අපේ සොයුරන්ට උන මහ විනාසෙ ගැන..ජපාන අධිරාජ්‍ය ට ත්සුනාමියක් එක්ක භූමි කම්පාවක් ආපු එක කව් රු කව් රුත් දන්නවනේ..
ඒ අස්සෙ ආපු අනිත් ප්‍රශ්නෙ තමා විකිරණ කාන්දුවක්..මේක ඉතින් අපෙ රටේ අයට ගොඩක් බලපෑවනෙ..මොකද විවිධාකාරයේ කතා පැතිරුණා..ඒ හින්දන් ඒ ගැන සටහනක් දන්න හිතුනා..
කොහොමහරි ඔය සිද්දිය වෙලා ටික දවසකින් මූනූ පොත පැත්තෙ කරක් ගහපු මට මෙන්න පනිවිඩ ගොඩක් ඇවිත් වැස්සට තෙමෙන්න එපාලු ලිඳ වහන්නලු අරක මේක කියල..එ විතරක් යෑ ඊ මේල් එකකුත් ඇවිත්..දුරකතනයට කෙටි පණිවිඩ දන්නත් ගොඩ දෙනෙක්ට මතක් වෙලා තිබුන..හැමොටම ස්තුතී මං ගැනත් හොයා බැලුවට..






කොහොම වෙතත් මේ කතාවෙ ඇත්ත තත්වෙත් දැන ගන්න එපැයි කියල පොඩියක් මකුලු දැල් අස්සෙ හෙම රිංඟලා බැලුවා.මෙන්න ඉතින් මං හොයාගත්ත ඒවා..ශ්‍රි ලංකා පරමාණුක බලශක්ති අධිකාරිය කියන විදියට නම් අපේ රටට මෙ ෆුකුෂිමා වල ඇති උන විකිරණ කාන්දුවෙන් දැනට කිසිම බලපෑමක් නැහැ..ඒ උනත් එ ගැන පරික්ෂාවෙන් ඉන්න එයාලා අමතක කරලත් නැහැ..ඒ අනුව ලංකාවෙ විවිධ ප්‍රදේශ වලදි මේ ගැන හොයා බලනවා..මීට කලින් යුක්රේනයෙ චර්නොබිල් වල උන විකිරණ කාන්දුවෙනුත් අපට බලපෑමක් උනෙ නැලු නොවෙ..ඒ නිසා මේකෙන් බලපෑමක් සිද්ද වෙන්න තියෙන සම්භාවිතාවත් අඩුයි.
මිනිසාට හානිකර වෙන විකිරන ප්‍රමාණයත් දැන ගන්නකො.ආහාර වල මිලිසිවට් 0.33කට වැඩි වීම,පසේ නම් 0.41ක් වායු ගෝලයෙ නම් 1.3 තරම් වැඩි වීම භයානකයිලු..ඔන්න ඉතින් මන් දන්න තරම..කොහොම උනත් ලෝක යුද්ධ වලදි නාගසාකි හිරොශිමා නගර වලට උන හානියත් මතක් කරන්න ඕනි..ඒ අනතුරු නිසා තවමත් ඒ ප්‍රදේශ වල මල දරු උපත් විකෘති දරු උපත් බහුලයි..ඒ තරම් විනාසයක් උනේ පොඩි ඉඩක ලොකු ශක්තියක් විහිදි ගිය හින්දන්,,ලෝක බලවත්තු උනත් අනවශ්‍ය විදිහට මෙහෙම පරමාණුක ශක්තිය යොදා ගන්න එකට නම් අපි විරුද්ධයි..අන්තිමට කියන්න තියෙන්නෙ මූද හත් ගව්වක් තියන් අමුඩ නොගැහුවට කමක් නෑ.ඒත් ඉතින් කෝකොටත් විමසිල්ලෙන් ඉන්නකො..