Friday, June 17, 2011

ආයෙත් ඉස්කෝලේ...



කඩේ හාමිනේ ටත් ඉස්කෝලෙ පටන් ගත්තනෙ.ඉතිං දැන් නම් ඉස්සර වගේ පැය ගණන් මූණු පොත අස්සෙ ඉන්නයි බ්ලොග් ලියන්නයි බෑ.2013 උ.පෙ කරන නිසා වැඩ ගොඩයි.පලවැනි පාරම ගොඩ දාගන්න කියලයි හිතුවෙ.ආයෙ දුක් විඳින්න බෑ.ඉතින් අනිත් වැඩ පොඩ්ඩක් නවත්තලා ඉගෙනීම කරන්න තමා මගේ හිතේ තියෙන්නෙ.ඒ උනාට අතරින් පතර ඉඳල හිටලා බ්ලොග් එකත් ලියනවා.මොකද මාව සින්ඩිවලින් පැන්නුවොත් එහෙම නොලියා ඉඳලා.. :) ඉතින් හැමෝගෙන්ම සමාව ඉල්ලනවා.ඒ වගේම මාව අමතක කරන්නත් එපා හො‍ඳෙ :D වැඩ ඔක්කොම සමබරව කරගෙන ගිහින් හොඳ තැනකට එන්න ඕනෙ.ඒ වගෙම මගෙ වයසෙ අනිත් සහෝදරයන්ටත් සුබ පතනවා.(සහෝදරියො නම් නැද්ද මන්දා.ඉන්නවා නම් එයාලටත් එක්ක කිව්වෙ.තරහ වෙන්න එපෝ.හැබැයි ඉස්කෝලෙ පටන් ගත්ත එක නම් හරිම හොඳයි.ගෙදරට වෙලා කකා බිබී නිදා ගන්නවට වඩා කොච්චර හොඳද ඉස්කෝලෙ.ඉගෙන ගද්දි නම් හරිම කම්මලි තමා.ඒ උනාට පිස්සු නටන්න හොර වැඩ කරන්න හැමදේටමත් අපට තියෙන්නෙ ඉස්කෝලෙ නෙ.ඒ නිසා තමා මං මේ තරම් ආස.ඉතින් ආයෙ හමුවෙමු.සමාව ඉල්ලනයි මේ ලිපිය ලිව්වෙ.

10 comments:

  1. ඇත්ත තමයි. ඉස්කෝලේ කාලේ වගේ ලස්සන කාලයක් ආයේ කවදාවත් ජීවිතේට එන්නේ නෑ. ඒ කාලේ උපරිමෙන්ම විඳින්න නංගියෝ. හැබැයි බ්ලොග් එකත් අමතක කරන්න එපා.

    ReplyDelete
  2. ඔන්න එහෙනම් බීටත් සුභ පතනවා 2013 න්ම ගොඩ යන්න කියලා......
    කියනකොට තමා මතක් උනේ... අපිත් ඉස්කෝලේ ගිය අවුරුදුවල වගේ මල විකාර කරන්න පටන්ගත්තා ගිහින් සතියකින් විතර....... උ.පෙ ත් පට්ට ආතල්... හික්:)

    ReplyDelete
  3. හ්ම්ම්ම්, ඒක තමයි මෙයා මේ මිසින් වෙලා හිටියේ :(

    ReplyDelete
  4. හක් හක් ඔන්න අපිටත් උ.පේ. ට එන්ටර් වීමේ සතුට සමරවන්න කියලා ඇවිල්ලා සුමානයක් යන්න කලින් දුන්නෙ නැද්ද සිල්... හක් හක් මේ සිල්සමාදන් වෙලා ගෙදර ආපුගමන් දැහැමි සිතින් දාන පලවෙනි කමෙන්ටුව (අනේ මගේ දැහැමි සිත) මටනං පෝස්ට් දැමිල්ල අතඅරින්නත් බෑ වගේ දවස් 3න් තුනටවත් පෝස්ට් එකක් දාන්න බලනවා :D

    ReplyDelete
  5. සුභපැතුම් වේවා ඉන්ජිනේරු නෝනටත්....
    ජයවේවා!

    ReplyDelete
  6. මටත් ඉතින් ඔය සෙතේම නොවැ... :)

    ReplyDelete
  7. හේ හේ...මගෙන් උණුසුම් සුභපැතුම් නංගියෝ....මටනම් ඕක සිහිනයක්ම විතරය්.....:(

    ReplyDelete
  8. ඇත්ත තමා නංගියෝ.ස්කොලේ කාලේ තමා මරු.අපිනම් දැන් ඉතින් ලොකු විබහගේත් කරලනේ ඉන්නේ.ඔන්න ජොබ් වලට එන්න කියල අද ගියා එහෙකට.වැඩේනම් ගොඩ වගේ බලමුකෝ මොකද වෙන්නේ කියල.
    මොනවා උනත් උ/පෙ හොදට කරගන්න.සුබ පැතුම්

    ReplyDelete
  9. විභාගය හොඳින් කරන්න !
    අන්තිමේ දී ඉතුරු වෙන්නේ ඒවා තමයි.
    නමුත්, විනෝදාංශත් අමතක කරන්න එපා. මාත් ඒලෙවල් කරන කාලේ තමයි වැඩිම වේගයකින් කවි ලිව්වේ!

    ReplyDelete
  10. මොන දේ නැතත් විභාගේ හොඳට කරන්න ඕන ....
    ඒක තමා අනාගතේ තීරණේ කරන්නෙ .....

    ReplyDelete

නොනිමි සිත් අහසට ආපු ඔයාලගේ අදහස් මතක ඇතුව සටහන් කරන්න..මෙන්න ඉඩක්