Monday, April 4, 2011

අම්මෙ මං ආදරෙයි






ජපන් ත්සුනාමියේ ඡායාරුප අස්සසෙන් මට හමු උන හදවත් සසල කල පුංචි ඡායාරූපයක් නිසා මට මගේ අම්මා වගේම සියලුම අම්මාවරුන්ගේ අපිරිමිත ස්නේහය ගැන වචනයක් සටහන් කරන්න හිතුනා.මේ ඡායාරූප විවිධ ව්‍යසනයන් නිසා ජීවිතයෙන් සමු ගන්නට උනු පුංචි මල් කැකුලු ළඟ අම්මා කෙනෙක්ගෙ කදුලු ගැන..හැමොම එක වගේ.ඒත් ජපන් සුනාමියේ ඡායාරුපය වෙනස්..ඒ අම්මා තමන්ගෙ පුංචි කිරිකැටියව අතේ තියාගෙන දෙන්නම මරණයට පත් වෙලා..මට මගේ අම්මා ගේන අසීමිත ආදයක් ඇති උනා.මට වගේම ඔයාලා හැමෝගෙම ඇස් වලට කදුලක් ගේන්න මේ පින්තූරය සමත් වෙවි..
                             අම්මා කෙනෙක්ගෙ සෙනෙහසට ළං කරන්න පුලුවන් තවත් සෙනෙහසක් ඇත්තටම නැහැ.. ඒත් ඒ අම්මගෙ ඇස් වලට කදුලු ගෙන්න වැඩ කරන කීදෙනෙක් නම් අය ඉන්නවද..මේක කියවන ඔයාලවත් කිසිම දවසක අම්මගෙ ඇස් වලට කදුලු ගේන්න එපා.අම්මට සතුටක් ආඩම්බරයක් වෙන්න..ජීවිතේ සමහර ප්‍රශ්න නිස ජීවිතෙන් සමුගන්න තීරණය කරන එකෙන් අම්මල කී දෙනෙක් නම් අඬනවද.ඒත් ඔයා මැරෙන්න හදන්නෙ පිට කෙනෙකුගෙ ආදරයක් නොලැබීම නිසා නම්?ඒක මහා පවක්..අම්මගේ ඇස් වලට දුකක් දීල කොහොමද දෙයියනේ එහෙම යන්නෙ..අම්මා කෙනෙක්ට මොන තරම් දුකක්ද..වදාපු අම්මගෙ හදාපු අම්මගෙ ආදරේ අමතක කරලා වෙන කෙනෙක් නිසා ජීවිතෙන් පලි ගද්දි දහ දුක් විඳල ඔයාව මේ ලෝකෙට බිහි කරපු අම්මගෙ හිතට මොනවා දැනෙනවා ඇත්ද?මට ආපු පුංචි ප්‍රශ්නයක් නිසා මං එක දවසක් හොඳටම ඇඬුව මට මතකයි..ඒ වෙලාවෙ මගෙ රත්තරං අම්මා මං ගාවට ඇවිත් මාව තුරුලු කරගෙන ඇඬුව.. පුංචි කාලෙ අඬද්දි සින්දු කියලා මාව නලවගත්තා..ඒත් මන් දැන් කොහොම මගෙ පැටියව නලවන්නද කියලා.මාව අඬවපු අයට වෛර කරනවා කිය කියා අම්ම ඇඬුව.සත්තකින්ම ම්ං ආදරෙයි මගේ අම්මෙ..එදා ඉඳන් කිසිම දවසක මං මගෙ අම්මට පෙන්න ඇඬුවෙ නෑ..
                          අම්මා කියන්නෙ අපට ලැබිල තියෙන වටිනාම ආදරේ..අම්මා කියන්නෙ ලස්සනම වචනෙ කියන්නෙ ඒ හින්දමයි..ආදරයකට ලේ කිරට හරවන්න පුලුවන් නම් ඒ අම්මගේ ආදරයට විතරමයි.සත්තයි මගේ අම්මෙ මම ඔය ඇස් වලට ආයෙ කවමදාකවත් කඳුලු ගේන්නෙ නැහැ..කව් රු කොහොම ආදරේ කලත් අම්ම තරම් මට ආදරේ කෙනෙක් නැහැ..මං දන්නවා මගෙ අම්මේ..හැම කෙනෙක්ම තමන්ගේ අම්මට ආදරේ කරනව නම් මොන තරම් හොඳඳ?එහෙනම් කිසිම අම්මා කෙනෙක් පාරේ හිඟා කන තත්වෙට මහලු මඩම් වල ඉන්න තත්වෙට පත් වෙන්නැහෑ.ඒ වගේම..තවත් පුංචි කතාවක්..අපේ ගමේ ඉන්නව ආච්චි කෙනෙක්..ගොඩාක් දුප්පත්.එකම එක පුතයි ඉන්නේ..රස්සාවක් කරන්නෙත් නැහැ..මේ අම්ම හැමදාම හිඟා කාලා තමන්ට හම්බෙන සල්ලි වලින් බත් ගෙනත් පුතාට දෙනව..ඒත් ඒ පුතා අම්මා ගැන හිතන්නෙවත් නැහැ..අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ ආදරේ දැනෙන්නෙ තමන් ඒ තත්වෙට පත් උන දාකම තමයි
තමන්ගේ පැටියා මුහුදට වැටිලා ඒ පැටියව හොයන්න මුහුදක් සිඳින්න හැදුව ලේනි ගෙ කතාවෙ වගේම ආදරේ වෙනුවෙන් එහෙම නොකලත් අපේ අම්මලත් ඒ වගේ..වචනින් විස්තර කරන්න බැරි ලස්සන ආදරයක්..ඒ හින්දන් ඔයාලත් ඔයාලගේ අම්මලට දුකක් නොදී ආදරේ කරන්න..කවමදාකවත් අම්මගේ ආදරේ අමතක කරන්න එපා..!

ප.ලි ;අම්මා කෙනෙක් ගැන ලිය උන තවත් කතාවක් මේ එක්කම මම ඇමිණුවා..මේ ඒක..මට යාලුවෙක් එව්ව් E mail පණිවිඩයක්..


5 comments:

  1. අම්මෝ නංගියා..මේකනම් මරු කතාව..මගේ අම්මත් මගේ ලග නැ..දුකයි ගොඩක් දුකයි...මේ අත්දැකීම මන් දැන් හැබැහින් විදිනවා නංගියෝ...
    ඔබට ජය

    ReplyDelete
  2. GODAK LASANAI NANGA........

    ReplyDelete
  3. දිරි දුන්නට හැමොටම තුති..අනේ පුලුවන් නම් නමත් එක්ක සටහන් කරල යන්න ඔයාලගේ

    ReplyDelete
  4. කියවගෙන යනකොට ඇහැ කදුලු වලින් පිරීල ගියා. ඇත්තටම දරුවෙක් වෙනුවෙන් අම්ම කෙනෙකුට මොනතරම් දේවල් කැප කරන්න පුලුවන්ද.... මොන කරම දේවල් දරාගෙන ඉන්න පුලුවන්ද....

    ReplyDelete

නොනිමි සිත් අහසට ආපු ඔයාලගේ අදහස් මතක ඇතුව සටහන් කරන්න..මෙන්න ඉඩක්