Tuesday, April 5, 2011

ආහ් එහෙනම් දෙපැත්තෙන් දෙකක්ම දාන්නකො

මේක මේ අපේ ගමේ කෙනෙක්ට සිද්ද උන වැඩක්..අපි එයාට සිරිපාල කියමුකො..ගමේ ඔහේ ඇවිද ඇවිද ඉන්න මෙයාට රස්සාවකට ඉන්ටවිව් එකක් ඇවිත්..දැන් ෆුල් සැටිස්..ඉන්ටවිව් එකට යන්නයි කියල බර වැඩ..ඇදුමකුත් මහගන්න ඕනෙ...කඩ්ඩ දන්නවා වගේ ඉන්න ඔනේ..හරියට රස්සාව දැන්මම හම්බ වෙලා වගේ..කොහොමහරි සිරිපාල කලිසමක් මහ ගන්නත් එපැයි..ඒ නිසා මහන කෙනෙක්ගෙ ගෙදර ගිහින් ඔන්න මහන්න ඕනි විදිහ එහෙම කිව්වා.

"හොඳම රෙද්දෙන් මහන්න ඕනි..ලස්සන ට වැඩේ තියෙන්න ඕනෙ.මට මේ ඉන්ටවිව් එකකට යන්න නොවැ.>"

අහ් හරි හරි මහත්තයා..ඒ ගැන බය වෙන්න එපා..මහත්තයාට කලිසම හොඳටම මහලා දෙන්නම්කො."

"අන්න හොඳයි..කලු රෙද්දෙන් මහන්නකො..පස්සෙ මට තව ටිකක් මහගන්න වෙයි..කොහොමද prices එහෙම..ඉගෙන ගත්ත පොඩි වචනෙකුත් දැම්ම ඉතින්

"මුලු ගාණම දැන්ම ඕන්නැහැ මහත්තයා..මහත්තයා advance කීයක් දානවද?"

සිරිපාලත් .දන්නැති උනාට අත ඇරියෙ නෑ.."ආහ් advace එපැයි නේද?එහෙනම් දෙපැත්තෙන් දෙකක්ම දාන්නකො.

කොහොමහරි advance එකේ ඇත්ත කතාව මහන කෙනාගෙන් දැනගත්තට පස්සෙ නම් සිරිපාල වැඩිය කඩ්ඩෙන් කතා කරන්න යන්නැහැලු.

7 comments:

  1. ඇඩ්වාන්ස් කියන්නේ සාක්කු කියලාද දන්නේ නෑ හිතුවෙ :D

    ReplyDelete
  2. ලොල්ය.... ඉතින් සිරිපාල මමා සම්මුක පරීක්ෂණේට සහභාගී උනේ නැතෙයි?

    ReplyDelete
  3. හික් හික් සාක්කු කියල තමා හිතලා තියෙන්නෙ

    ReplyDelete
  4. බොහොම හොඳ ආරම්භයක්. උණුසුම් සුභපැතුම් සහෝදරී

    ReplyDelete
  5. ස්තූතියි අය්යා..

    ReplyDelete
  6. මගෙ කැත හිතද මන්ද. මාතෘකාව දැක්කම හිතුනෙ වෙන එකක්

    ReplyDelete

නොනිමි සිත් අහසට ආපු ඔයාලගේ අදහස් මතක ඇතුව සටහන් කරන්න..මෙන්න ඉඩක්