Tuesday, April 12, 2011

"බලු වැඩක්"

                   

මාත්තුකාව දැකලා කලබල වෙන්න කාරි නෑ..මෙක මේ බල්ලෙක් කරපු වැඩක්....
             ඔන්න මේ සිද්දිය උනේ අපේ අක්කගෙ මඟුල් ගේ දවසට කලින් දවසේ..අක්කා කිව්වට ඉතින් මෙයා මගෙම අක්ක නෙමෙ..එත් අපේ ගෙදර තමා හිටියෙ වැඩට යන්නයි කියල..අක්කගෙ නංගිට අපි බට්ටි කියමුකෝ..එයාට තමා මේ ඇබැද්දිය උනේ..අක්කගෙ මඟුල් ගෙදර නිසා නංගි ලස්සනටම ඉන්න ඕනි නේ..ඉතින් බට්ටි අක්කත් සතියක විතර ඉඳන් ලස්සන වෙනවා..කෙල්ලොනෙ..හැමොම බට්ටි අක්කා මනමාලි වෙන්න යනවයි කිය කිය හිනා වෙනවා..අපේ ගෙදර ඉන්නව කියල මන් කිව්වෙ අර බලු තඩියෙක් බ්ලැකී කියලා..මෙයාට බට්ටි අක්කව අල්ලන්නෙම නෑ..බට්ටි අක්ක රෙදි වනන්න රෙදි වැල ගාවට ගියා විතරයි අනේ මෙයා ඇඟට පැනලා..අක්ක මෙච්චර කල් උන මහන්සිය වතුරෙ.. :( ..බට්ටි අක්කගෙ අතේ හීරිලා..අක්කගෙ මඟුල් ගේනෙ ඉතින් හීරුනත් දුකයි..අනේ දුක හිතුන පාරට අක්කා අඬාගෙන ගෙට ගිහින්..කට්ටිය විස්තර අහද්දි බට්ටි අක්ක හදිස්සියට අඬ අඬ කියලා තියෙන්නෙ මෙන්න මෙහෙම

"අනේ මං මුකුත් කලේ නෑ..මම එතන බුර බුර හිටියේ...බල්ලා මගෙ ඇඟට වනාගෙන පැන්නා.."

ඉතින් කට්ටියට හිනා යන එක අහන්නත් දෙයක් යේ..ඒ උනාට බට්ටි අක්කට ඌරු ජුවල්..පව්..අන්තිමට මඟුල් ගෙදර ගියෙ අත පුරා ප්ලාස්ටර් අලෝගෙන... :D

7 comments:

  1. ඔයාගෙ අක්ක ගෙ නංගි ඔයාම නේද?? o.O ඔයාද බට්ටි..?? :P

    ReplyDelete
  2. අහා..මටත් ආරංචියි ඔයාට බව්වෙක් කෑවා කියලා

    ReplyDelete
  3. හෆොයි ඔයින් ගියා මදෑයි...රෙදි වෑල ගාව බුර බුර සිටිද්දී බල්ලා විත් වනාගෙන වනා ගෙන ගියා...හිකිස්ස්ස්ස්

    ReplyDelete
  4. වෙන කෙනෙකුට වුන වගේ කියන්න ගනිපු ලස්සන උත්සාහයක්...
    ඕක එදා ලයිව් ඇට් එයිට් වලටත් කිව්ව.සිරසෙන් බ්‍රේකින් නිව්ස්...

    ReplyDelete
  5. හපෝයි මේ ලමයින්ට තේරෙන්නැති හැටි..මගෙ බල්ල මට හපන්නෙ නැතො..

    ReplyDelete
  6. ඔව් ඉතින් වෙන්න ඇති.... හැබැයි හපන්නෙ නෑ කිව්වට ඇගට පයින්නෙ නෑ කියල කිව්වෙ නෑනෙ.... මෙනව වුනත් පට්ට සීන් එක මට තාම හිනාව නතරකරගන්න බෑ

    ReplyDelete
  7. අලි අලි නංගි. බව්වා ඔයාව ඇපුව කිව්වනම් ඉවරයි නෙ.

    ReplyDelete

නොනිමි සිත් අහසට ආපු ඔයාලගේ අදහස් මතක ඇතුව සටහන් කරන්න..මෙන්න ඉඩක්