Friday, April 22, 2011

"ගායන හැකියාව" හෙවත් ඉල්ලන් කෑම


එක එක අය ඉතින් තමන් ගැන අතිශයෝක්තියෙන් හිතන් ඉන්නවලුනෙ.පුංචි හිතත් ඉස්සර එහෙමයි..හිතන් හිටියෙ මට තරම් හොඳට සින්දු කියන්න වෙන කාටවත් බෑ කියලා.හැබැයි පොඩි පරහකුත් තිබුනා.මොකද මන් හිතන් හිටියෙ ගායන හැකියාව කියන්නෙ පුලුවන් තරම් හයියෙන් බෙරිහන් දීල කෑ ගහන එක කියලා.ඉතින් මන් කරන්නෙ යටි ගිරියෙන් සින්දු කියන එක..තාලයක් නම් ඇත්තෙම නෑ.හැබැයි මගෙ සින්දු ඇහෙන්නෙ ගොඩක් හවස් වරු වලට.මොකද මගේ රසිකොයො ගෙදර ඉන්නෙ ඒ වෙලාවට..ඒ කිව්වෙ මගෙ අම්මා...මට ඉතින් වේදිකාවකුත් තිබුනා.ඒ තමා ගේ ගාව අඹ කොටේ..ඒක උඩට නැගලා මයික් එකට කෝ‍ටුවක් එහෙම ආදේශ කරල තම වැඩ පටන් ගන්නෙ.ඔන්න දැන් ඔක්කොම ලෑස්ති..මන් පටන් ගත්තා සින්දුව."තුම් පාස ආයේ.." වචන දන්නෙත් නෑ ඔහේ කියවනව..මෙන්න ස්න්දුවෙ උච්චතම හරිය එද්දිම පාර පැත්තෙන් කව්ද අත්පුඩි ගහනව..one more one more අස්පට මගෙ රසිකයෙක් නේද?මටත් දැන් මාර සැටිස්..මොකද ඉතින් මගේ සින්දු අහන්නත් අය ඉන්නවනෙ..මාත් ගියා ඉතින් ලොක්කා වගේ පාර පැත්තට..හපෝයි දේයනේ අපේ පැත්තෙ පොල් කඩන එක්කෙනා..ඒ කිව්වෙ පයිලට් උන්නැහැ නොවෙ...එයා පොඩි අඩියක් ගහලා.පොඩි නෑ බෝතලයක් විතර මහිතේ..මං සින්දු කියනවා ඇහිලා එතන පාරෙ නැවතිලා අත්පුඩි ගගහා නටනවා..ළඟ ගෙවල් වල අයත් එලියට ඇවිත් ප්‍රසංගය නරඹනවා..අනේ මගේ කාඩ් කුඩේ කුඩු.අනේ ඉතින් මං එදයින් පස්සෙ ගායන හැකියාව එලි දැක්වීම නැවැත්තුවා...රසිකයො වැඩි නිසා. :D

4 comments:

  1. අපරාදෙ අනේ....ඒක ඔයගෙ සුභ නිමිත්තක්ද දන්නෙ නෑනෙ...

    ReplyDelete
  2. අප්පොච්චියේ.... පයිලට් ප්ලේන් එකෙන් බැහැලද ඇවිත් තියෙන්නෙ ඔයාගෙ සිංදු අහන්න.

    මොනව උනත් හොඳට හිනා ගියා. මේ හැක් බැක් අනම් මනන් දහජරාව අස්සෙ මේ වගෙ එකක් දකින්න ලැබෙන එකත් ලොකු දෙයක්

    ReplyDelete
  3. ලොල්ය.. අපරාදෙනෙ නැවැත්තුවෙ... දිගටම කිවුවනම් සුපර් ඉස්ටාර් කෙනෙක් වෙන්නත් තිබ්බ..

    ReplyDelete
  4. සුබ අනාගතයක පෙර නිමිති.
    වන් මොර්ර්ර්ර්...

    ReplyDelete

නොනිමි සිත් අහසට ආපු ඔයාලගේ අදහස් මතක ඇතුව සටහන් කරන්න..මෙන්න ඉඩක්