Sunday, April 24, 2011

"නුඹ මං ගාව"



සොඳුරු ඉසව්වක ඉඳන් අතීතයට මං හිමින් හිමින් හිත ගෙන ගියෙ හිතේ තියෙන ප්‍රශ්න වලට විසඳුමක් හොයගන්න.මෙච්චර කල් එකට හිටපු අය වෙනස් වෙන හැටි පුදුමයි..ඒත් "එකම එක කෙනෙක්" එදා ඉඳන් අද වෙනකනුත් මං ගාව.."කවද ඉඳලද?"...."ඔව් මට වයස අවුරුද්දෙදි විතර ඉඳන්..මේ අවුරුද්දට අපේ මිතුදමට අවුරුදු 15ක්..විශ්වාස කරන්න මේ අවුරුදු 15 පුරා එකම දවසක්වත් අපි තරහ වෙලා නෑ කියලා.. :)..කව්ද ඉතින් මේ?මගෙ හොඳම යාලුවා..ඔව් හැමදාටම හොඳම යාලුව..මේ පුංචි සටහන ඔයා වෙනුවෙන්.මගෙ හැම ප්‍රශ්නෙකදිම මගෙ හැම දිනුමකදිම ඔයා මං ගාව.මං අඬද්දි ඔයත් ඇඬුවා.මං හිනාවෙද්දි ඔයත් හිනා උනා.ඇත්තටම මං කොච්චරක් නම් පින් කරලද ඔයා වගේ යාලුවෙක් ලබන්න. අපි දෙන්නගෙ මිතුදමේ කොච්චර සුන්දර දේවල් ‍රැඳිලා තියෙනවද..අනේ අපිට උන ඇබැද්දි නම් අනන්තයි,අපේ සමාජයෙ හැමෝම හිතන්නෙ කොල්ලෙකුයි කෙල්ලෙකුයි එකට ඉන්නවනම් එයාල යාලුයි කියලනෙ..ඒත් එහෙම නෑ..ඇයි මේ අපි දෙන්නා?අපි කොහොමද එහෙම වෙන්නෙ?අපි දෙන්නටම ඉස්සර වගේම අදත් අපි දෙන්න නැතුවම බෑනෙ..කොච්චර යාලුවො හිටියත් අපි දෙන්න එකට..ඉතින් මට කියන්න ඕනෙ ඔයාගෙයි මගෙයි මේ යාලුකම හැමදාමත් ඒ විදිහටම තියෙන්න ඕනෙ කියලා.ඒ වගෙම හැම ප්‍රශ්නෙකදිම මං ගාව හිටියට ස්තූතියි කියලා...ඒ වගේම මේ ලෝකෙ මේ වගේ මිතුදම් වලින් ලස්සන වෙන්න ඔනේ කියලා.මොකද අද අපි අතරෙ ඉන්න ගොඩ දෙනෙක් තමන් ගෙ වාසියට විතරයි..මාත් ඒක හොඳටම තේරුම් ගත්ත කෙනෙක්..ඒ නිසාමයි මගේ හොඳම යාලුවා වෙනුවෙන් මේ සටහන එකතු කලේ..

"මල් මිලින වී ගිහින් අද
කවුරුවත් නෑ පාලුවක් මිස
වසන්තය යලි නො ඒවිද?
බලන්නට නෙත් කඳුලු පිස
ඇස් අරින්නට බයයි මට
අදුර මට ඔච්චම් කලොත්?
නෑ නෑ මං බය නැහැ
නුඹ මං ගාවනෙ"

12 comments:

  1. ලොල්ය.. ට්වින්ස්ලද...?? අනිව විශම යුග්මික නිවුන්නු වෙන්න ඔනි...

    ReplyDelete
  2. අනේ නැහැ..අපි යාලුවො..එක අතකින් ට්වින්ස් ල වගේ තමා

    ReplyDelete
  3. ඇත්තටම මාර වාසනාවත කෙල්ලක් නොවැ........
    ඔන්න මමත් සුභ පතනවා දෙන්නටම..!

    ReplyDelete
  4. ඔන්න මමත් අද තමයි මේ පැත්තේ ආවේ. සුභපතනවා මමත්.

    ReplyDelete
  5. මමත් ඔය දෙන්නගෙ යාලුකම තවදුරටත් ඔය විදිහටම තියෙන්න කියල සුභපතනවා..... ඒ වගේම ලබන ආත්මෙදිත් මේ වගේ යාලුවෙක් ලැබෙන්න කියල දැන්ම පින් ටිකක් කරගන්න මොකද හොද අම්ම කෙනෙක්, හොද තාත්ත කෙනෙක්, හොද යාලුවෙක් ඉන්න එක තරම් සතුටුදායක දෙයක් තවත් මේ ලෝකෙ නැති නිසා....

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ෆේස්බුකිය පැත්තෙ කැරකි කැරකි ඉන්නකොට අපේ එකෙක් ටැග් ‍වුන පොටෝ කෑල්ලක් දැක්ක.කමෙන්ට්ස් එක්කම කියවල බලන්නකො

    https://www.facebook.com/photo.php?fbid=197567603618897&set=p.197567603618897&type=1&theater

    ReplyDelete
  8. හැමෝටම ඔහොම හොඳ යාලුවො ලබෙන්නෙ නෑ...ඒ අතින් ඔයා ගොඩක් වාසනාවන්තයි....

    ReplyDelete
  9. ස්තූතියි හැමෝටම..ඔයාලටත් මේ වගේ යාලුවො ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනව මං :D

    @කිඩෝ-ම්...ඒ ලින්ක් එක නම් මගෙ මූණු පොතෙන් පෙන්නන්නැහැනෙ :(

    ReplyDelete
  10. ඔහ්.. මං හිතන්නෙ මේ Photo එක අප්ලෝඩ් කර කෙනා එයාගෙ status, photos, posts Friends of Friends ලට විතරක් පේන විදිහට එයාගෙ Privacy Settings හදල ඇති... මං ස්ක්‍රීන් ශොට් ටිකක් අරන් දාන්නංකො.....
    http://3.bp.blogspot.com/-2Ii2eOeImLk/TbaVCRP1EpI/AAAAAAAAAQI/EFkMcIImitk/s1600/gf105.jpg
    ඔන්න මේ ලින්ක් එකෙන් ගිහින් බලන්නකො.... මං හිතන්නෙ ඔයයි ඔයාගෙ අතිජාත මිත්‍රයයි ගැනම තමයි ලියල තියෙන්නෙ....

    ReplyDelete
  11. හරි හරි ඔන්න මන් දැක්කා..මන් නම් කියන්නෙ පුලුවන් හොඳම උදාහරනෙ අපි දෙන්නා..අපි දෙන්නට වෙනම ආදරය තියෙනවා.මට වගේම එයාටත්,ඒත් අපි දෙන්නා තාමත් හොඳම යාලුවො :D

    ReplyDelete

නොනිමි සිත් අහසට ආපු ඔයාලගේ අදහස් මතක ඇතුව සටහන් කරන්න..මෙන්න ඉඩක්