Tuesday, April 26, 2011

" කඩියා" හා "බිම්බිසාර රජ්ජුරුවෝ"




ඔන්න මං මේ අවුලුදු කාලෙ මතක තියන් හිටපු කතාවක් කියන්නයි හදන්නෙ..අපේ පවුලේ පුරුද්දක් කිව්වත් වැරදි නැහැ..මොකද දැනටමත් දෙතුන් දෙනෙක්ම මේ අබාග්ග්යට මූන දීලා අපේ කස්ටියගෙ ආහාරයක් වෙලා තියෙන නිසා... මන් හොඳම කතා දෙක විතරක් දාන්නම්කෝ..ඔන්න එහෙනම් අහගන්න...
එකෝමත් එක කාලෙක ගම්පහ පැත්තෙ සුට්ටි ගමක ඉන්නවා අක්කා කෙනෙක්..ටිකක් පොත් ගුල්ලියක්..කොහොමහරි මේ එයා සාපෙට මූණ දෙන්න හිටපු කාලෙ උන දෙයක්..මේ අක්කණ්ඩිට එපාම කොරපු විෂය තමා මේ ඉතිහාසය....පොතක් දැක්කත් අහක බලාගන්නවා.(පුංචි හිත නම් ඉස්සර ආසම ඉතිහාසයට)..ඒත් ඉතින් එහෙමයි කියලා විබාගෙට නොලියා ඉන්නැයි..අන්තිම වාර විබාගෙ දවස් වල ඔලුවට පුලුවන් තරම් ඉතිහාසය පටෝගෙන දැන් අක්ක ඔලුව හොලවන්නෙවත් නෑ අවුල් වෙයි කියලා..අහ් හෝව් හෝව් ඉන්න..අක්කගේ පවුලේ විස්තරත් පොඩ්ඩක් ඕනෙ..එයාලගෙ පවුලෙ කෙල්ලො තුන් දෙනයි එක කොල්ලයි..මෙයා පවුලෙ 3න් වැනියා..ගෙදරට කියන්නෙ සූටි කියලා...දැන් හරි..ඔන්න දැන් එක දවසක් රෑ දෙගොඩහරියෙ සද්දයක් ඇහෙනවලු මෙයාගෙ ඇඳ ගාවින්..ඊට පස්සෙ එහෙ දෙවනි අක්ක ලයිට් එක දාලා බලලා..අනේ සූටි අක්කා බිම පෙරලීගෙන මොනවද හොයනවලු නින්දෙන්...කතා කලත් ම්ම්හු...නෝ කතා...ඒ ගමන ලොකු අක්කණ්ඩිත් ලඟට ඇවිත් අහලා
"සූටි ඔයා මොනාද හොයන්නෙ?"
ඔන්න ඒ ගමන නම් වැඩේ හරි..රිප්ලයියක් එනව සූටි අක්කාගෙන්..
"අනේ මං මේ බිම්බිසාර රජ්ජුරුවන්ව හොයනවා..මේකා කොහෙ ගියාද නෑනෙ" අනේ මන්ද ඉතින් අක්ක හීනෙන් දැක්කෙ මොනාද කියලා..
ඔන්න ඉතින් ඒ වගේ තව කතාවක් මේ අපේ අයියා කෙනෙක් ගැන..ඉස්සර එක කාලයක් තිබුණා ඒ අයිය පුදුම බයයි තනියම නිදා ගන්නත්..හතර අතට වැඳල එහෙම තමා නිදා ගන්න යන්නෙ..දැන් නම් එහෙම නෑ ඕං...කොහොමහරි ඔය ඉස්සෙල්ල කියපු කාලේ එක්තරා භයානක රාත්තිරියක සිද්ද උන දෙයක් මේක..බොහෝම භයානකයි හා සත්‍ය සිදු වීමක්.හදවත් දුර්වල මනුස්පයො එහෙම ඇහැක් ඇරලා මේ කතාව බලනවා නෙවේ ඕං..ඒ දවසේ අයියලගෙ ගෙදර එයාලගෙ ආච්චි ඇවිත් හිටිය නිසා අයියට උණේ බිම නිදාගන්න.මොකද ආච්චිට අයියගෙ ඇඳ පරිත්‍යාග කරපු හින්දං.අයියා නිදා ගත්තේ ඇඳ ගාවම බිම.හැමදාම වගේම අයියා හතර පැත්තටම වැඳලා නිදාගත්තත් එදා නින්ද ගියෙ නෑ..මොකද අයියට ලොකු බයක් තිබුනා මොකෙක් හරි ඇවිත් අයියට කරදර කරයි කියලා.
"අනේ දෙයියනේ මං අද මෙහෙම බිම නිදියං ඉද්දි ඇඳ යට ඉඳලා සර්පයෙක්වත් කෑවොත්..???"ඔහොම හිත හිත ඉද්දිම අයියට සද්දෙකුත් ඇහිලා ඇඳ යටින්..දැන් ඇඳ යට බලන්නත් බයයි..අයිය පුලුවන් තරම් තදට ඇස් දෙක පියා ගෙන..අනේ දෙවියනේ මට නයෙක්වත් කෑවොත් කියලා හිතද්දිම මෙන්න එයාගෙ අත කාලා.."අනේ බුදු අම්මේ අනේ බේරගනියෝ මාව නයෙක් කෑවො"අයිය ෆුල් ඩම් එක දාල ගමටම ඇහෙන්න බෙරිහන් දීලා..අහල පහල අයත් ඇවිත්..හෝදිසි කරලා බැලින්නම් නයෙක් නෙමේ කඩියෙක්....:D

12 comments:

  1. ලොල්ය.. සෙල වෙන මනස.. :D වෙලාවකට කඩිය නයා වෙනව තමා.. :D

    ReplyDelete
  2. හික් හික් හික්.. අර පළවෙනි කතාව නම් ඔයාට උන එකක් ද කොහෙද :P :D :D

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ගම්පහ පැත්තේ අක්කා කෙනෙක් කියලා කිවුවට අපි දන්නවා කාටද වැඩේ උනේ කියලා හික්....
    http://sithehisithuwam.blogspot.com/2011/04/blog-post_25.html

    ReplyDelete
  5. අප්පා මෙහෙමත් බය ගුල්ලෝ

    ReplyDelete
  6. සිරාවටම බීටා මාත් උඔත් එක්ක එකගයි.. එදා වැල ලග බුරබුර හිටියෙ නංගි කෙනෙක් කිව්ව... අද බිම්බිසාර රජ්ජුරුවෝ හෙව්වෙ අක්ක කෙනෙක් කිව්ව... කෙලින්ම කිව්වනං ඉවරයිනෙ එයාට වෙච්ච වැඩක් කියල...

    ReplyDelete
  7. ඔන්න නංගි මන් එදා කිව්වනේ විවේක වෙලාවක මුල ඉදන්ම බලන්නම් කියලා. කිව්වා වගේම ඔන්න මම මුල ඉදලම කියවගෙන ආවා. හැබැයි එකක්නම් කියෙව්වෙ නෑ. මොකද මට ක්‍රිකට් ඇලජික් නිසා. :D
    ඔයා හොදට වැඩේ ක‍රගෙන යනවා. හොද දිගු ගමනක් යන ලකුණු පෙන්නුම් ක‍රනවා. මම මේකෙ මුලින්ම කමෙන්ට් ක‍රන්නෙ අද නිසා ඔන්න බාරගන්න, මගෙන් ලැබෙන උණුසුම් සුභ පැතුම්!

    ReplyDelete
  8. @බනී අයියා :-අනේ නැ‍තෝ මං නම් හීනෙන් ඔය වගේ වැඩ කරන්නැහැ

    @දිලීප අයියා :-ස්තූතියි අයියා

    @බීටා :-අනේ නැ‍තෝ මෙයා අක්ක කෙනෙක්

    @ධනුශ්ක අයිය :-ඒක නොවෙන්නම්

    @කිඩෝ :-ඔන්න කෙලින්ම කිව්වෝ මේ මං නෙමෙ :D

    @අනුරාධ අයියා :-ස්තූතියි අයිය :D

    ReplyDelete
  9. අම්මේ කතාව නම් ඇත්ත.. හිත බය වෙලා තියෙන වෙලාවට පොඩි සද්දයකට උනත් බය හිතෙනවා..මාත් සමහර දවසට වැඩකාරයා වගේ හොල්මන් චිත්‍රපටි බලලා නිදාගන්න යද්දි ඔය වගේ වැඩ වෙලා තියෙනවා... :D

    ReplyDelete
  10. "අනේ මං මේ බිම්බිසාර රජ්ජුරුවන්ව හොයනවා..මේකා කොහෙ ගියාද නෑනෙ"

    :D :D :D

    ReplyDelete
  11. ඉතිං සූ‍ටි අක්කට බිම්බිසාර රජ්ජුරුවන්ව හම්බුවෙලාද?....

    ReplyDelete

නොනිමි සිත් අහසට ආපු ඔයාලගේ අදහස් මතක ඇතුව සටහන් කරන්න..මෙන්න ඉඩක්