Saturday, April 30, 2011

අරුම සඳ




හිතට පායපු අරුම සඳ නුඹ
මගේ සිත් අහස එලි කල..
දුකක් දී අද හැර ගිහින් ඔබ
නෙතට කඳුලක් ඉතිරි කරවා...
තව තවත් යලි යලිත් හඬවමින් මා..
මගේ දිවියෙන් ඈත් වී ගොස්
වෙනත් තරුවක සිත් ගනීවිද?

සුවඳ රදමින් මගේ සිත මත
ඔබේ සෙනෙහෙට මා තුරුල් කර
ඒ තුලම මා සැතපවූ මුත්
මටත් හොරෙන් නුඹ නික්ම ගොස්
කඳුල පමණක්ම උරුම වූ මං
නුඹට පෙම් බැඳි තාරකාවිය..

10 comments:

  1. හි හි.... කලින් ඊයෙ උදේ කොල්ල එක්ක තරහ උනා... හවස ආපහු යාලු උනා... දැන් අද හවස විරහ ගී ලියනව.... පොතේ හැටියට හෙට උදේ ප්‍රේම ගීයක් ලියවෙන්න ඕනෙ..... බලමුකෝ.. :D

    ReplyDelete
  2. අයියෝ කිඩෝ මේව මන:කල්පිතයි....

    ReplyDelete
  3. කව්ද දන්නේ අප්පා...ඔය සඳතාරකා පෙම් කතා ගැන..

    ReplyDelete
  4. :) ඒක නොවෙන්නම්..අක්කියෝ...

    ReplyDelete
  5. මටත් හිතෙන්නේ කිඩෝ කියන කතාව හරි...
    හෙට වෙනකං ඉන්නේ ප්‍රේම ගීයක් අහන්න.....:)
    මේ ඔහොම වෙන වෙන තරු ලඟට යන්න දෙන්න එපා.. ලං කරලා තියා ගන්න...හික්

    ReplyDelete
  6. අපෝ නෑ නෑ...හෙට ලමයින්ට පෙම් කවි අහන්න වෙන්නෙ නැ‍තෝ..

    ReplyDelete
  7. :D පුංචි හිත් තමා නේද ලොකු වැඩ පෙන්වන්නෙ :P :D

    ReplyDelete
  8. මේක මම කොපි කර ගත්තට කමක් නෑ නේද?

    ReplyDelete
  9. වෙනත් තරුවකට පෙම් බැන්දාද නුඹ
    මා පෙම් කල මගේ පුර සද
    ඇයි තරහ වී මෙලෙස
    ඈතක යන්නේ මගෙන් නුඹ..

    ReplyDelete
  10. @බනී අය්ය :- :D :D :D

    @තාරක අයියා :-අපෝ ගන්න ගන්න

    ReplyDelete

නොනිමි සිත් අහසට ආපු ඔයාලගේ අදහස් මතක ඇතුව සටහන් කරන්න..මෙන්න ඉඩක්