Friday, April 29, 2011

අදින් පසු ජීවිතේට වට පිට නොබලමි...

මං අද ලොකු තීරණයක් ගත්තා...මේක මගෙ ජීවිතේට ගොඩා.......ක් වැදගත් එකක් ඔන්න...මොකක්ද දන්නවද තීරණේ බස් එකක යද්දි වට පිට බලන්නැහැ ආයෙ ජීවිතේට.. ::) බලන්ටකො පුංචි හිත අද බස් එකේ ආහාරයක් උනානේ.. :(
මේකයි උනේ...මං ඉතින් බස් එකේ යද්දි වට පිට බල බලම තමා යන්නෙ..බකන් නිලන් යනවට වඩා ඒක හොඳ නැද්ද අප්පා...[ආහ් මං මේ "බකන් නිලන් කියන එකේ තේරුම දැනගත්තෙත් ලඟදි..නොදන්න කෙනෙක් ඉන්නවා නම් මගෙන් අහගන්න හොඳේ...]..කොහොමහරි අදත් සුපුරුදු පරිදී මං බස් එකේ පිටි පස්සෙම සීට් එකේ වාඩි වෙලා සිරි නඹර නඹර ආවා..(ඒ කිව්වෙ නරඹ නරඹ)..කොහොමහරි ඉතින් 1.45 කියන්නෙ ඉස්කෝල ඇරිලා ලමයි ඉන්න වෙලාව නොවැ....මගෙ ඉස්සර ඉස්කෝලෙ ගාවිනුත් ඉතින් බස් එක එක යනවා...මල්ලිලා වගයක් හිටියා අයිස් පැකට් කකා..මං ඉතින් ඒ දිහාත් බලලා ඊට පස්සෙ එතන හිටිය නංගියෙක් එක්ක සුට්ටක් කතා කලා...බස් එක එතන නවත්තපු හින්දන්...හ්ම්ම්ම්...:( ඒ වෙලාව තමා.....වෙලාව..අර නෝටි නරක මල්ලිල ටික අල්ල ගත්තෙ නැතෑ මාව ආහාරයට..
"අනේ අර අක්කි පැටියටත් අයිස් පැකට් එකක් ඕනිලු.."
එතන හිටිය බෝල මල්ලියෙකුත්..එයානම් බෝලම බෝලයි..
"මචං උඹට ඔව්ව වැඩිය කන්න හොඳ නැහැ..ගිහින් දීපන් ඕක අර අක්කට"

"බෑ යකෝ එතකොට මට???"

"ආව් බං මේ බලහන්කො කොල්ලගෙ මනමාල හිනාව..එහෙනම් ඉතින් උඹටත් හරි ගියා ඈ..?"

පිස්සුද යකෝ ඒ අක්ක කෙනෙක්..ඒ මල්ලිත් ලැජ්ජාවෙ ඇඹරෙනවා..මටත් හිනා යන්න එනවා..."

"ආ..නංගියෙක් උනානන් උඹ කැමතී නෙ..ආ.."

"කොතල බටෝ අපි කිව්වෙ උඹෙ අයිස් පැකට් එක දියන් කියලා.හිත නෙමේ..."

දැන් ඒ මල්ලියවයි මාවයි අල්ලං කස්ටියට හොඳ ෆන්...මං කොන්දොස්තරටයි ඩ්‍රයිවර් අන්කල් ටයි හිතින් බැන බැන හිටියා මේ බස් එක අද්දන්නැති හැටි කිය කිය...
දැන් බස් හෝල්ට් එකේ අය හිනා වෙනවා..කමක් නෑ කියමුකො..අපේ ගමේ අයියා කෙනෙකුත් හිටිය බස් එකේ..එයා ඉතින් මගෙ හොඳම යාලුවෙක්..එයා මට ටිකක් ඉස්සරහ හිටගෙන හිටියේ...අපොයි මෙයා දැක්ක මේක...මේ අයිය කරපු කැතම කැත වැඩේ බලන්න..මේ මනුස්පයා මේක දැක්ක ගමන් දගල දඟල හිනා වෙන්න පටන් ගත්තා නොවැ..මං අහන්නේ හිනා උනත් ඔහොම හිනා වෙන එක හරියැ?...එයා හිනා වෙනව දැකලා...බස් එකේ අනිත් අයත් චුට්ටක් වට පිට බැලුවා...එතකොට ඔන්න එයාලත් දැක්කා මං ඉන්න තත්වෙ..:( අනේ...මේ මනුස්පයන්ට හිතක් පපුවක් නැති හැටි..ඔක්කොමලා හිනා වෙනවා..මට උන් හිනාවෙනවා..උන් මට හිනා වෙනවා..මං ජෝකර්...:( ....ඔන්න ඕකයි සිද්දිය..මේ හේතු කොට ගෙන අදින් පසු ජීවිතේට වට පිට නොබලමි...

ආ තව කතාවක්..මේකත් ඉතින් මටම උන වැඩක් තමා..ඒකත් උනේ උදේ ඉස්කෝලෙ යද්දි වට පිට බල බල යන්න ගිහිං...උදේ පාන්දර 5.30 ට විතර ඇති..ඔය පාරෙ ඉන්නවනෙ ඉතින් දුප්පත් අය..එයාල නිදා ගන්නෙත් කඩපිල් අයිනෙ..පව්..ඇත්තටම අපේ රටේ පාලකයෝ මේ ගැනත් ටිකක් හිතන්න ඕනෙ.කොහොමහරි ඒ වගේ ඉන්න තැනක අපේ බස් එක ට්‍රැ‍ෆික් එකට අහු උනා.මේත් ඒ වගේ කෙනෙක්..පොඩ්ඩක් වයස පාටයි..හැබැයි ඩෝප් වගේ... :O උදේ නැගිට්ට ගමන් ඉතින් අර සරම පොඩ්ඩක් හදා ගන්නෙ ඒ වගේ එයත් සරම ලිහිල් කරලා ආයෙ ගැට ගහගන්න හදද්දිම අනේ දෙයියනේ එයාගෙ අතින් සරම අත ඇරුණ නොවැ...:( :( :( අවාසනාවට ඇත්ත කතාවක් මාත් බලන් හිටියෙ ඒ පැත්තමයි..එදත් මං මේ වගේම තීරණේ කලා ආපහු වට පිට නොබලන්න...හික් හික්...හැබැයි තීරණය කොරා මිස ක්‍රියාවට නැංවුනේ නැත...

18 comments:

  1. හික් හික් හූ..... ඕව්වා ගනන් අරගෙන පුලුවන්ද ලමයෝ ජීවත් වෙන්න. ඔය වගේ විහිලු කිරීම සාමන්‍ය දෙයක්. අසභ්‍ය, අසංවර විදියට නැතුව සරල විහිලුවක් කිරීමේ වරදක් මම දකින්නෙ නෑ. කෙල්ලො උනත් ආසයි තමුන්ට කොල්ලෙක් පොඩි විහිලුවක් කරනවට. නැද්ද මන් අහන්නේ :D

    ඔය දෙවෙනි කාරනේ ගැනනම් කියන්න දෙයක් නැත. කියන්න තියෙන්නෙ එකම එක දෙයයි. ඒ තමයි හූ හූ හූ.... :D

    ReplyDelete
  2. ඒක තමා අයියා කිව්වෙ...කිව්වට ක්‍රියාවට නංවන්නැහැ..:)

    ReplyDelete
  3. අනේ වාසනාවන් නගේ. කොල්ලො කියන්නෙ ඒකනෙ. ඔය වගේ අත්දැකීම් ඉතිං ලැබෙන්නෙ ඔය කාලෙ විතරයි. කොල්ලො වගෙම සමරට වෙලාවට කෙල්ලොත් සෙට් වෙලා ඔය ඕන තරම් තනියම ඉන්න කොලු පැට්ටන්ව බයිට් එකට ගන්නෙ. සැලෙන්ඩ නාකයි.. :D

    ReplyDelete
  4. අයියා ඔය මං ඔහොම කරපුව තමා දැන් ආයෙ මටම පල දෙන්නෙ..:)

    ReplyDelete
  5. සිරාවටම චන්දික අයියෙ ‍බොගේ කටේ පොල් ගෙඩියක් ඔබන්න වටිනව ඔය කියපු කතාවට..... සහතික ඇත්ත කතාව..... :D

    ReplyDelete
  6. ඇත්තමම කියන්න ඔය වගේ පොඩි කින්ඩියක් මේ කාලේ කෑවම මොකෝ....
    පස්සේ කාලේක මේ කාලේ මත වෙද්දිත් දුක හිතෙනවා.....
    මොනව උනත් ලස්ස්නට ලියල තියනවා.......
    ඔහ්....... කියන්න අමතක උනානේ හූ... කියලා .....ඔන්න එහෙනම් බීටත් හූ...හූ කිවුවා හරිය....:)

    ReplyDelete
  7. @කිඩො-හහ්...කිව්වට කරන්ට පුලුවන් වැඩක්ද?කටේ පොල් ගෙඩියක්..:)

    @බීටා-හ්ම්,,,ජීවිතේ මේ කාලෙ ලබාගන්න සුන්දර අත්දැකීම් කිසිම දවසක ලබාගන්න බෑ ආයෙ

    ReplyDelete
  8. ලොල්ය.. ඔයාටත් ඉතින් වෙන්නෙ මාර ඇබැද්දි නොවැ. :D ඔවුව ගනන් ගන්න වද ඉතින්... :P කෝකටත් හොදයි ඉතින් වට පිට නොබල බකන් නිලන් යන එක.. :D මේ ඇත්තට බකන් නිලන් යනව කියන්නෙ මක්කෙයි..???

    ReplyDelete
  9. හික් හික් හික් :P
    (මගේ කට කහනවා..ඒක නිසා කට පියාගෙන ඉන්නවා) :D :D

    ReplyDelete
  10. අඩෙහ් ඇත්තමයි පොඩි මල්ලිලාගේ තමා කට.... :)

    අර අන්තිමේ සරම කැඩෙන කතාව නම් අපොයි කියලා හිතුනේ..

    ReplyDelete
  11. ඒ කොල්ලො සෙට් එක බය වෙන්න ඇති මෙයා අයිස් පැකට් එකට කෙල ගිලපු විදියට. නිකමට වත් බඩේ අමාරුවක් වත් හැදුනොත්, ඒකයි දෙන්න හදල තියෙන්නේ.
    ඔය කිව්වට ආයෙ මල්ලියෙක් හරි අයියකෙනෙක් හරි පාරක් අයිනක හිටියොත් නොබලම ඉඳියි..

    සීයලගෙ සරම් බලන එක ගැනනම් මම කතා නොකර ඉන්නම්කෝ

    ReplyDelete
  12. එහෙනම් ඉතින් මේ පාරත් වට පිට බලන්නේ නෑ කියලා තීරණය කලාට වැඩක් වෙන එකක් නෑ...

    ReplyDelete
  13. මොනා කියන්න ද කියල කල්පනා කරේ. විහිලු තහලු නම් හොදයි. නමුත් සමහර අවස්තා වලදි කරන විහිලුත් එවාගේ පරමාර්තත් තමා නරක. මොකද අද සමාජය ගොඩක් වෙනස් වෙලා නිසා. එ වගේ බොහො අවස්තවලදි අහින්සක ගැනු ලමයි අසරන වෙන අවතා ඔන තරම්..
    ´´´´´´´´´´´´´$?¢¶o?¶7´´´´´´´´´´´
    ´´´´´´´´´´´´?¶??¶¢o7´´´´´´´´´´´´
    ´´´´´´´´´´´´7?7o7o$´´´´´´´´´´´´´
    ´´´´´´´´´´´´´´?¶¶¶´´´´´´´´´´´´´´
    ´´´´´´´´´´´´´´¶¶$¶´´´´´´´´´´´´´´
    ´´´´´´´´´´´´´´$?¶¶´´´´´´´´´´´´´´
    ´´´´´´´´´´´´´´¶¶$¶´´´´´´´´´´´´´´
    ´´´´´´´´´´´´´´¶??¶´´´´´´´´´´´´´´
    ´´´´´´´´´´´´´´¶¢¶¶´´´´´´´´´´´´´´
    ´´´´´´´´´´´´´´¶¢$¶´´´´´´´´´´´´´´
    ´´´´´´´´´´´´´1¶¢¶¶´´´´´´´´´´´´´´
    ´´´´´´´´´´´´´1¶¢¶¶´´´´´´´´´´´´´´
    ´´´´´´´´´´´´´?¶o¶¶¢´´´´´´´´´´´´´
    ´?¶¶¶¶´´´´´´´?¶7¶¶$´´´´´´´´´´´´´
    ´¶¶$¶¶´´´´´´´$¶o¶$$´´´´´´´´´´´´´
    ´¶¶??¶´´´´´´´?¶?¶¶¶´´´´´´´´´´´´´
    ´¶¶??¶¶´´´´´´¢$¢¶¶?´´´´´´´´´´´´´
    ´?¶$?$¶¢´´´´´$¶o?¶¶´´´´´´´´´´´´´
    ´1¶¶??¶¶o´´´´o?o¶¶¶´´´´´´$¶¶¶?´´
    ´´¶¶???¶¶¶¶¶¶$?o$?¶´´´´´?¶7´?¶´´
    ´´´¶¶?$¶´¢¶¶¶¶¶1¶¶¶´´´´´¶¶´´¶¶´´
    ´´´?¶$$¶´´´´´?$o¶$¶´´´´¶¶o´´¶o´´
    ´´´´¶¶$¶¶´´´´¶¶$¶¶¶¶¶¶¶¶´´´7¶´´´
    ´´´´´¶¶$¶o´´´1777177¢o1´´´´¶o´´´
    ´´´´´´¶?¶¶´´77´´o´´´´´´´´´¶¶´´´´
    ´´´´´´¶?$¶$1¶¶¶¶¶¶¶¶71´´´¶¶´´´´´
    ´´´´´´¶??¶¢´´´´´´´´´´´´´´¶¶´´´´´
    ´´´´´1¶??¶¶´¶¶¶¶¶¶¶¶7´´´´¶o´´´´´
    ´´´´7¶¶?$¶´´o???¶¶¶¶´´´7´¶o´´´´´
    ´´´o¶¶??¶¶´´??´´´´´´´´1?$¶¶o´´´´
    ´´1¶¶??¶¶o´1¶¶¶¶¶¶¶¶1´´´´¶?¶¶´´´
    ´´¶¶???¶?´´´´´´´$$¶¶´´´´´´´´¶¶´´
    ´?¶$??$¶´´´´17´´7´´´´´´´´´´´7¶?´
    ´¶¶???$¶´´´´´o1´o´11´´´´´´´´´¶¶´
    ´¶¶????¶?´´´´´´´1´´´´´´´´´´´´7¶´
    ´¶¶????$¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶´po
    ´¶¶?????????$$$?$$$?$??¶¶¶¶7op
    ´?¶¶???????$$¢?$¶1¶$$¶?¶1$¶¶;´
    ´´?¶¶¶$????$??¶¢¶o?$$$?$$$$$

    ReplyDelete
  14. ඔව්වා හොදයි හලෝ කෙල්ලො තුන් දෙනෙක්ගෙන් කොල්ලෙක් බයිට් වෙන එකට වඩා :D

    ReplyDelete
  15. ඕකනේ කෙල්ලෝ කොල්ලොන්ගේ දිහා බලලා උන් ෆෝම් උනාම.."වනචරයා" "රස්තියාදු කාරයා" කියල අපිට බනිනවා,, අනේ පව් අපි..

    ReplyDelete
  16. @ DarKneT | ඉෂාර
    @ යසියා
    ╔══╗─╔═════╦══╗
    ║──║─║──║──║──║
    ║──║─║──║──║──║
    ║──╚═╣──║──║──╚═╗
    ║────║─────║────║
    ╚════╩═════╩════╝
    අපොයි ඔව් එහෙම වෙන අවස්තාවලුත් ඔනේ තරම් තියෙන්වා.

    ReplyDelete
  17. හහ්හා.. ඔයා ඕක කියද්දි මට මතක් වෙන්නේ ඒ දවස් වල ස්කූල් වෑන් එකේ යනකොට අපිත් ඔය වගේ හැමදාම එක කොලුවෙක්ට කරා නෙව.. හිතලාම බලාගෙන ඉන්නවා.. අම්මේ ඉතින් මාර විදියට කොලුවා උඩ යන්නේ.. සෑහෙන්න හිතට අරගෙන උන්නේ... හෙහේ... :D

    ReplyDelete
  18. හූ.... හූ.... හූ..... පව් අෆ්ෆා !! මම නම් කන්නෙත් නෑ !!

    මොනව වුනත් එලටම ලියල තියෙනවා !! [මම බකන් නිලන් කියන එකේ තේරුම දන්නෙ නෑ]

    ReplyDelete

නොනිමි සිත් අහසට ආපු ඔයාලගේ අදහස් මතක ඇතුව සටහන් කරන්න..මෙන්න ඉඩක්