Saturday, April 30, 2011

අස්පට් විද්‍යාව


මේක ඇවිත් පුංචි හිත සා.පෙ ලියන්න මාසෙකට විතර කලින් උන සිදුවීමක්...එතකොටත් අපේ විද්‍යාව විෂය කොටස් 3කට බෙදල නොවැ තිබුනේ..ජීව විද්‍යාවයි,රසායන විද්‍යාවයි,භෞතික විද්‍යාවයි....ප්‍රශ්න පත්තරෙත් ආවෙ එහෙමම තමා...මේ අපේ අන්තිමම වාර විභාගෙදි වුණ කතාවක්....කොහොමහරි අපේ විද්‍යාව පේපරේ නම් හරිම සවුත්තුයි..සා.පෙ දි හම්බ උන එකට දෙවනි නෑ ඕං...විදේශ ආධාර ලබාගෙනවත් ලියන්ට බැරි පාටයි...අනේ පුංචි හිත නම් 9 වසරෙන් පස්සෙ ඔය විදේශාධාර ගැනිල්ල නැවැත්තුවා..ඇයි අනේ තියෙන එව්වත් වරදිනවා නොවැ..අනිත් එක පුංචි හිත ගෙන් කොපි කරන් ලියපු එකීට පුංචි හිතට වඩා ලකුණු ඇවිත්..ඒක තමා පුදුමම...හි...හි..හරි හරි දැන් ඒක නෙමේ සිද්දිය...
අපේ ඔය අන්තිම වාර විබාගෙ ජීව විද්‍යා කොටසට අහපු ප්‍රශ්නයක් ගැන...ඒ ප්‍රශ්නෙ තිබුණෙ ජීවීන් ගහණයක් ගැන...ජීවි ගහණයක් යනු කුමක්ද අරකද මේකද රටේ නැති ප්‍රශ්න...
ඕකෙ එක ප්‍රශ්නයක් තිබුණා කැලේක ඉන්න මුව රංචුවක් ගැන ඡේදයක් දීලා ඒ කැලෑවෙ මුව ගහණය වැඩි වීමට හේතු අහලා..එන උත්තර නම් මට මතක නෑ ...කොහොමහරි අපේ අණ්ඩපාල කෙල්ලෙක් ලියල මෙන්න මෙහෙම උත්තරයක්...

"මුවෙක් හා මුව දෙනක් හොරෙන් කැලයට රිංගා ගත් විට එහි මුව ගහණය අනිවාර්යයෙන් වැඩි වේ..."
.
.හැබැයි ඉතින් අපට හොයා ගන්න බැරි උනා මේ කතාව ලියපු එක්කෙනාවනම්..මොකද අපේ මිස් කිව්ව ප්‍රසිද්දියෙ නම කිව නොහැක කියලා..

15 comments:

  1. හික් හික් හික්.. :D :D ඇත්තනේ කතාව :D

    ReplyDelete
  2. ඌ OL විද්‍යාව A එකක් ගහන්න ඇති නේ....
    මටත් දැන් ඕවා මතක නැ බොලේ...

    ReplyDelete
  3. ඒක ලිව්වෙ ඔයා කියලයි මට හිතෙන්නෙ :P
    විහිලුවට කිව්වෙ! :)

    ReplyDelete
  4. දවසට මාරම පෝස්ට් ගොඩක් ලියනව නේ......නියමය් ඈ
    කවුරු උනත් ලියලා තියන උත්තරේ නම් මරුය.....
    මට නම් අය ජීව විජ්ජාව ඉගෙන ගන්න නැති එක ලොකු දෙයක්...

    ReplyDelete
  5. ඉතින්.. කතාව ඇත්ත නොවැ.. ඇයි ඔයා මක්කෙයි ලිවුවෙ...????

    ReplyDelete
  6. ඒ උත්තරේ ලියපු කෙනානම් විද්‍යාව පැත්තෙන් හොද අනාගතයක් තියෙන හෙනෙක්..

    ReplyDelete
  7. එක ලියලා තියෙන අණ්ඩපාල කෙල්ල මෙයාදෝ මන්දා..

    ReplyDelete
  8. වැරදියිනේ. එක මුව ජෝඩ්ඩක් ගියාම ඕනනම් එකෙක්ගෙන් මුව ගහණය වැඩිවෙයි. ඕක හොදටම වැඩි වෙන්නනම් ඉන්න ඔක්කොම මුව ජෝඩු ටික කැලේ රින්ගන්න වෙනවා. :D

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. ස්තූතියි හැමෝටම.....

    @ඩිරේන් අයිය,නිම්ශා අක්කා, :-අනේ මාත් ඉතින් ඔය වගේ එව්වා ලියනවා තමා..හැබැය් මේක නම් මගෙ වැඩක් නෙමේ...

    @සුළඟිල්ල-මං ඒ ප්‍රශ්නෙ අත ඇරියෝ...

    @දිනෙශ් අයියා -ආයෙත් අහලා විද්‍යාව පිලිබඳ මහාචාර්ය කෙනෙක්..

    @තාරක අයියා-අනේ අනිත් අය කෙල්ලො නෙමේද?

    @බීටා -අද විතරයි දවසට දෙකක් ලිව්වෙ...මටත් එහෙමමයි..එක නම් ඕන්නැහැ..

    @කුරුං ගුරුං :-උඩින්ම A එකක් ඇති

    @අනුරාධ අයියා :-ඒකත් එහෙමද?

    @බනී අයියා :-ඇත්ත නේන්නම්..ඒත් වෙන කාටවත් ඔය උත්තරේ හිතුන්නැහැනෙ

    ReplyDelete
  11. aniwa set ekama rinaganna athi.. eka muwata. eka muwida inne...
    ╔══╗─╔═════╦══╗
    ║──║─║──║──║──║
    ║──║─║──║──║──║
    ║──╚═╣──║──║──╚═╗
    ║────║─────║────║
    ╚════╩═════╩════╝

    ReplyDelete
  12. මරුම උත්තරේ... ආයි ඉතිං අඩුපාඩුවක් නැති වෙන්නම උත්තර දීල තියෙනව...

    ReplyDelete
  13. මට හිතා ගන්න පුළුවන් කවුද එහෙම ලියන්න ඇත්තේ කියල?

    ReplyDelete
  14. කෙල්ලොත් දැක්කා මෙහෙම කස්ටිය නම් දැකල නෑ !! ඔන්න කෙල්ලෝ එලම තමා !!

    ReplyDelete

නොනිමි සිත් අහසට ආපු ඔයාලගේ අදහස් මතක ඇතුව සටහන් කරන්න..මෙන්න ඉඩක්