නොනිමි සිත් අහස වියන්නෙ "පුංචි හිතක්"..ජීවිත කතාවේ සොඳුරු කතා වගේම විනොදාස්වාදයට ලියන මේ අහසට ඇවිත්ම පියාසලලා බලන්නකෝ..
Sunday, May 1, 2011
වැඩියෙන් උසස් කව්ද හැබෑටම?
මේක ලියන්න හිතුනේ මායි මගේ යාලුවෙකුයි පොඩි වලියක් ඇල්ලුව දෙයක් ගැන....එයාම තමා ඉතින් ඔන්න ඉල්ලුවෙ අන්තිමට එයාම කිව්ව නවත්තමු කියලා..මොනා උනත් මේ ගැන පෝස්ට් එකක් දාන එක හොඳය් කියලා හිතුනා...මේක ඉතින් කෙල්ලො කොල්ලො හැමදාම ගහ මරා ගන්න ප්‍රශ්නෙ..වෙන මුකුත් නෙමෙ..වැඩියෙන් හොඳ කෙල්ලො ද කොල්ලොද කියන එක..අපි කියනව කෙල්ලො හොඳයි කියලා..කොල්ලො කියනවා එයාල හොඳයි කියලා..මොකක්ද එතකොට ඇත්ත දැන්...උත්තරේ දෙගොල්ලොම සම තැනක ඉන්නෙ..ඒ කියන්නෙ එක් එක් දෙවල් ගත්තහම ඒඅංශ වල ඉදිරියෙන් ඉන්න විදිහ..කොහොමවත් දෙන්නෙක් එක සමාන වෙන්නැහැනෙ..කාගෙ උනත් අනිත් කෙනෙක් ගාව නැති උසස් හැකියාවක් තියෙනවා..ඒ වගේ තමා මේකත්..අපේ ශ්‍රි ලංකාව තුලනම් පීතෘ මූලික සමාජ ක්‍රමයක් තියෙන බව ඇත්ත..එහෙමයි කියලා ඒකෙන් කොල්ලො උසස් කියවෙන්නැහැ..මොකද සොබාදහම අනුව ගැහැණු පිරිමි දෙගොල්ලොම 50% ක ප්‍රතිශතයක් තමා තියෙන්නෙ..ඒ කාරණය සමාජය තුලින් බිහි වුන දෙයක් විතරයි..අපේ රටට කොහොමත් ගැලපෙන්නෙ ඒ සමාජ ක්රමයම තමා.එංගලන්තෙ වගේ රට වල නම් ගොඩක් වෙලාවට රැජිනට තමා සැලකීම..ඒ ඒ රට අනුව.නමුත් මේක සම්මතයක් නෙමෙනෙ..අනිත් කාරණය තමා ආදරය ගැන කියද්දි කොල්ලො කියනව කෙල්ලො චපලයි කියලා,කෙල්ලො කියනව කොල්ලො නරක්යි කියලා..ඒ කොහොම් උනත් වැඩියෙන් බනින්නෙ කෙල්ලන්ටනෙ..ඒක තමා ඇත්ත..ඒත් බැලුවොත් දෙගොල්ලොම සම තත්වයෙන්..නැවතුන affairs වල එහෙම ඇත්තටම කෙල්ලගෙ වගේම කොල්ලගෙ වැරැද්ද නිසා එහෙම උන දේ දකින්න පුලුවන්..ඒ නිසා මේ ගැන කියන එකත් වැරදි කියලයි හිතෙන්නෙ..ඇත්තටම එක වෙලාවකට නම් මට අපේ රටේ සමාජය ගැන තරහක් එනවා..මොකද ගොඩක් තැන් වල ගැහැණු පහත් කරල සැලකීම ගැන..මට අහන්න ලැබුනු එක කතාවක තියෙන්වා ගෑණුන්ගෙ නුවණ හැඳි මීටේ කියලා..ඇත්තෙන්ම මෙතන සිදුවෙලා තියෙන්නෙ ඒ කියමන වැරදියට තේරුම් ගැනීමක්.ඒ තුලින් අදහස් වෙන්නෙ උයද්දි පිහද්දි හරියටම ලුණු රහ එහෙම බලන එක ගැන..බතක් උනට්ඝ් ඉදිලද කියල දැනගන්නෙ හැඳි මිට යොදා ගෙන..අනිත් එක තමා මේ සමාජයෙ ඉන්න සමහරු නිසා අද ගෑණු ළමයෙකුට බියක් සැකක් නැතුව පාරෙ යන්න බැහැ..තනියම බස් එකක යන්න බැහැ..රෑකට ගමනක් යන්න බෑ..මානසික අසහනය තියෙන සමහරු නිසා..ඒත් ඒ වගේ අය අඩුයි ගොඩාක් හොඳ මිනිස්සු ඉන්නවා අපේ රටේ ඒ ගැන නම් මං ගොඩක් ආඩම්බර වෙනවා..මං එක දවසක පත්තරේ කියෙව්ව සිංගප්පූරුවෙ ඉන්න ලාංකිකයෙක් ලියපු ලිපියක්..ඒ රටේ රෑ 12ට විතරත් ගෑණු කෙනෙක්ට බය නැතුව පාරෙ යන්න පුලුවන්ලු..ඒත් ඒ අය කියලා තියෙනව අපේ රට වලින් දැන් ඇවිත් ඉන්න සමහරු නිසා දැන් නම් බයයි කිව්වලු..කොහොම උනත් ලාංකික සමාජයෙ ගෑණු අයටත් නිසි තැන ලැබෙනව නම් තමා හොඳ..මොකද ගෘහස්ත හිංසනය වගේ දේ නිසා අද අපේ රටේ "ගැහැනිය" කියන චරිතය පීඩිත වෙලා..ප්රජාතන්ත්ර වාදය නිකංම නිකං වචනයක් විතරක් වෙලා..අනික මගේ අදහස තමා දෙගොල්ලොම උසස්..මව් පදවිය කියන උත්තරීතර දේ ලබාගන්න පුලුවන් ගැහැනියකට විතරයි..ඒත් ඒ මව් පදවිය ගැහැනියකුට ලබා දෙන්න පුලුවන් පිරිමීයෙකුට කියන එකත් වැදගත්.ඒ කියන්නෙ පීතෘත්වය.තවත් උදාහරණ ඕනෙ නෑනෙ..
Labels:
සමාජයීය
Subscribe to:
Post Comments (Atom)
ඔන්න නංගි දැන් මටත් කට අරින්න වෙනවා හරිද..
ReplyDeleteඑක උදාහරණයක් දෙන්නම්.. උත්තරීතර මාතෘත්වය ලබන්න තනියෙම බැ හරිද.. !
එහෙම බැලුවාම කොල්ලොත් එක සමානව උසස් :D
ආයේ හදන ලමයිට කන්න දෙන්නෙ මොන යකාද ? කොල්ලාමනේ හම්බ කරන්ටොන නේද ? :D
අපේ රටේ බලු නීතිය එක්ක තමා නංගි මේ හැම මගුලම.. ඔය අසහාන කාරයින්ට යන්න ඔනි තැන් තිබ්බා නම්.. ඔය ගැටලුව නැ නෙද ?
ReplyDeleteපුංචි හිත උනාට තෙරෙනවා ඇති මං කියන දේ..
මට මෙතන ආයෙ ලියන්න දෙයක් නෑ. මන් ඕක ගැන සවිස්තරාත්මකව ලියලා තියෙනවා මගේ අදහස. ඕන් ගොහින් බලන්නකො.
ReplyDeleteමෙන්න මේක ඔබලා යන්නකො
පුංචි හිත ලියපු එකේ මටනම් පොඩි පරහක් පේනව... කවුද කියන්නෙ වැඩියෙන්ම බැනුම් අහන්නෙ කෙල්ලො කියල... සමහර විට ඔයා නොදන්නව වෙන්න පුලුවන් කෙල්ලෙක් කියන එක ප්‍රයෝජනයට අරන් කෙල්ලො කොයිතරම් කොල්ලගෙ පිටට වැරැද්ද දාල ෂේප් වෙනවද, කොල්ලො කොයිතරම් අසරණ වෙනවද කියල...
ReplyDeleteඅනිත් කාරනේ ගෟහස්ත හිංසනය කියන එකෙන් තැලෙන්නෙ ගැහැණු කියන එක... කවුරුහරි කිව්වොත් පිරිමියෙක්ට ගෟහස්ත හිංසනයක් වෙනව කියල ඒ මිනිහ දිහා බලන්නෙ මූ නපුන්සකයෙක් කියන බැල්මෙන්... ඒ හින්දම ඒව එළියට එන්නෙ නෑ... සමාජය දකින්නෙ එක පැත්තක් විතරයි.... කායිකව ගෟහස්ථ හිංසනයට ලක්වෙන ගැහැණු වගේම මානසික ගෟහස්ථ හින්සනයට ලක්වෙන පිරිමිත් ඉන්නව.... ගෑණු කියන්නෙ අහින්සක සුකුමාල සත්තු ජාතියක් කියල සාමාජයෙ මුල් බැහැල තියෙන හින්ද තමයි ගෑණු පීඩාවට පත් වෙනව කියන එක හොඳට මාකට් වෙලා තියෙන්නෙ...
අනිත් කාරනේ මව් පදවිය ගන්න පුලුවන් ගැහැණියකට විතරයි කියන එක මතු කරන තරමටම වැදගත් කමක් පිය පදවිය ගන්න පුලුවන් පිරිමියෙකුට විතරයි කියන කාරණේටත් දෙන්න ඕන කියන එක.... :)
මේ ලියලා තියෙන දේ නම් ඇත්ත... අපි හැමෝම එක වගෙ නැහැ.. අපි හැමෝම ලගම හොද නරක දෙකම තියෙනවා..
ReplyDeleteලොල්ය..
ReplyDeleteදර්ශනන් චිත්ත වෛයිකලනන්
ස්පර්ශන් ධන නාසිකන්
සයනේ මරනන් තූර්යයන්
ස්ත්‍රී පරමත්ත රාක්ෂණී
ඕන් මේක මම නෙවේ කියල තියෙන්නෙ.. හරිය..??
ඡේද වෙන් කරල ලියනවනම් කියවන්නන්ට පහසුවක් වේවි!
ReplyDeleteටිකක් පුලුල්ව කතා කරන්න ඔනෙ කියල හිතෙනවා මටනම්. එකනිසා මන් බ්ලොග් එකේ ලිපියක් ලියන්නම්..
ReplyDeleteහම්....ඒ කාවෙත් ඇත්තක් තියෙනව...
ReplyDeleteහිතන්න දෙයක්... :D
ඕකේ දෙපැත්තම තියනවා .......... කාන්තාවන් නිසා තැලෙන මිනිස්සුත්, මිනිස්සු නිසා තැලෙන කාන්තාවනුත් ඉන්නවා.........
ReplyDeleteඒ උනාට තාමත් මමනම් කියන්නේ කොල්ලො හොඳයි.
ReplyDelete:P
පිරිමි හින්දා නේද ලෝකේ ගෑනු උපන්නේ ? ඇයිද අපිට ඉන්න නොදී කන්න හදන්නේ ?
ReplyDeleteබ්ලොග් එක බලන්න කරපු ආරාධනාවට ස්තුතියි. comment නොකලට මම ඔයාගේ ලිපි 2 ක් බැලුවා. දිගටම ලියන්න ශක්තිය ලැබේවා.
ReplyDeleteස්තූතියි..:) මන් නම් ඔන්න ඔයාගෙ බ්ලොග් එකේ ගොඩාක් කොමෙන්ට්ස් දැම්මා..
ReplyDeleteඔන්න මම ඔයා පස්සෙන් පන්නන්න පටන් ගත්තා
ReplyDeleteඔන්න මාත් මේ පැත්තේ ආවා.. ආවත් හරි සුපිරි මාට්ටුකාවක් නෙ මෙතන යන්නේ.. මොනව කියන්නද මන්ද...
ReplyDeleteකියන්න තියන දේවල් ඔක්කොම කට්ටිය ලියල නේ..
මේක පුලුල් විදියට ගැඹුරෙන් කතාකරන්න ඕන මාතෘකාවක්.. ලිංගිකත්වයෙන් පටන් අරගෙන.. කට්ටිය මොනව කියයිද දන්නැති නිසා මම මීට වඩා කියන්න යන්නෑ.. මේ කතිකාවත ඉස්සරහට අරං යනවනං මටත් කියන්න....
මමත් දෙයක් කොටන්නද නන්ගි? මම දකින විදියට ගැහැනියකට පිරිමියෙක් සහ පිරිමියෙකුට ගැහැනියෙක් කියන්නේ අපේ ජීවිතවල අපි ඉපදුනාට පස්සෙ හොයාගන්න ඕන එකම දේ...ඒක හරියට ඉබ්බයි යතුරයි වගේ..සමහර කෙල්ලෝ ඉන්නව න0ගි කොල්ලෙක්ක මිනිහෙක් කරල කොල්ලව තනිකරල යනවා.. එයල දේවතාවියෝ විදියට මම නම් දකින්නේ..ඒත් නන්ගියා.....ඒකෙ අනිත් පැත්තත් එහෙම්මයි.....ජීවිතය නම් කිමැයි කියාදුන්නේ නුබයි..
ReplyDeleteජය වේවා...ආයෙහ් හමුවෙමු.....
නංගි මගේ බ්ලොග් එකේ කමෙන්ට් කලාට පස්සේ තමයි මම ඔයාගේ බ්ලොග් එක දැක්කේ. ඔයා හොදට ලියනවා. මගේ සුභ පැතුම්.
ReplyDeleteමෙවට තමා "ෆුඩ් ෆො ටොට්ස්" කියන්නෙ....හොදයි හොදයි.
ReplyDeleteමගෙ එකටත් ඈවිත් බලන්න
අදමනේ බොලේ මේක දැක්කේ... ඉතින් දිගටම එන්න සිතා ගතිමි.....
ReplyDeleteමෙක ටිකක් දිගට කතා කරන්න ඔනේ මාතෘකවක්
ReplyDeleteඕවා අහස පොලොව ගැටලන්න දේවල් නෙමෙයි.
ReplyDeleteකෙල්ලො කරන්නෙ බොරුවට කෙල්ලො හොඳයි කියන එක. හැබැයි හිතිං හොයන්නෙම කොල්ලෙක්.
කොල්ලො කරන්නෙ කොල්ලො හොඳයි කියල කෙල්ලොන්ව අවුස්ස ගන්න එක. එතකොට කෙල්ලො වලියට ආවාම පොඩි ඇඩ් එකක් දෙකක් දාලා කතාවට ඇදල ගන්න පුලුවන් නිසා. කොල්ලො එලිපිටම හොයන්නෙ කෙල්ලෙක්.
ගැටළුව විසඳල අවසානයි.
අදමයි ඔයාගේ බ්ලොග් එකට ගොඩවැදුනෙ.
ReplyDeleteඅපිත් තාමත් රන්ඩු වෙනවා කෙල්ලොද කොල්ලොද වැඩිය හොද කියලා වාද කරලා.මොනා උනත් අන්තිමට දෙපැත්තටම ජය ලබෙනවනේ
අපේ වයසෙ ගොඩක් අය කැමතියිනෙ ඔය වගේ මාතෘකා ගැන කතා කරලා වලි දාගන්න.
මගේ බ්ලොග් එක පැත්තෙත් ඇවිත් යන්න එන්න.
දෙගොල්ලොම නරකයි
ReplyDeleteඅර ගෘහස්ත හිංසනය ගැන කියපු කතාවට නම් මම එකඟ වෙන්නෙ නෑ. මම ඇත්තටම ජීවිතේට දැකල නෑ ඔය කියන විදියට කායිකව ගෘහස්ත හිංසනය වෙන ගෙවල්. ඒත් පත්තර වලයි හැම තැනම කියනව ලංකාවෙ ගෘහස්ත හිංසනය ගොඩක් වෙනව කියල. ඒක නම් පිලිගන්න අමාරුයි. අනිත් එක සාතන් කියපු කතාවත් සම්පූර්ණ ඇත්ත. ඒව ගැනත් හිතල බලන්න. ගෑනුන්ගෙ පැත්තෙන් විතරක් හිතන්න එපා.
ReplyDeleteතව දෙයක්, එංගලන්තෙ රැජින ගැන ඔයා හිතන් ඉන්න විදිය වැරදියි. එයාට ඒ සැලකිලි ලැබෙන්නෙ රාජකීය ලේ තියෙන්නෙ එයාට නිසා. ඒ කියන්නෙ පළවෙනි එලිසෙබෙත් රැජිනගෙ දුව එයා. එතකොට එයාටයි රාජ්‍යත්වය ලැබෙන්නෙ. එංගලන්තෙ රජෙක් නෑ, රැජිනක් විතරයි ඉන්නෙ. තව ටික කාලෙකින් විලියම් කුමාරය රජ වුනාම, ඒ හැම සැලකිල්ලක්ම ලැබෙන්නෙ විලියම් කුමාරයට. එහෙම නැතුව කේට් කුමරියට රැජිනි වගේ ඉන්න ලැබෙන්නෙ නෑ.