Tuesday, July 26, 2011

සමාජ වෙබ් අඩවි පිළිබඳ අදහස් අවශ්‍ය වී තිබේ!

මේ දවස් වල නම් අන්තර්ජාලෙ පැත්තෙ එන්න හම්බෙන්නෙම නෑ,මේ අවුරුදු දෙක කොහොමහරි ඉවසන්නම වෙනවා.:( :( A/L කරගන්නත් එපැයෑ,

අද මට ඔයාලගෙන් පුංචි උදව්වක් ඕනෙ.මං A/L ව්‍යාපෘතියට කරන්න හිතන් ඉන්නෙ සමාජ වෙබ් අඩවි ගැන පොඩි සමීක්ෂනයක්,ඉතින් ඒකට මට එක එක්කෙනාගෙ අදහස් ඕනෙ මෙන්න මේ ප්‍රශ්න වලට,
මුලින්ම ඔයාගෙ නම සඳහන් කරන්න,ඊට පස්සෙ උත්තර සටහන් කරලා යන්න,මට කරන ලොකූ උදව්වක් මගෙ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න.




01.ඔබට සමාජ වෙබ් අඩවියක සාමාජිකත්වය තිබේද?(එසේ නම් පමණක් පහත ඒවට පිලිතුරු සපයන්න.නැති නම් දෙවන ප්‍රශ්නයේ සිට පිලිතුරු ලියන්න)
i.ඒ කුමන වෙබ් අඩවි වලද?
ii.ඔබ එයට එක් වූ වර්ෂය?
iii.ඔබ සමාජ වෙබ් අඩවි භාවිතයට හේතු මොනවාද?
iv.ඔබ සමාජ වෙබ් අඩවියකදී ආශ්‍රය කරනුයේ ඔබේ මිතුරන් පමණක්මද?නාඳුනන අය එකතු කරගන්නවාද?
v.සමාජ වෙබ් අඩවියක ඔබ එකතු කරගෙන ඇති මිතුරන් සංඛ්‍යාව ආසන්න වශයෙන් කොපමණද?
vi.ඔබ ඔබගේ ඡායාරූප ආදිය අනෙක් අයට දර්ශනය වන පරිදී එයට එකතු කර තිබේද?
vii.සමාජ වෙබ් අඩවියක් තුල ඔබ යම් කරුණක් නිසා අපහසු තාවයට පත් වී ඇත්ද? (හැක් වීම්,ෆේක් ප්‍රොෆයිල්)
viii.එසේ නම් ඔබේ අත්දැකීම කෙටියෙන් විස්තර කරන්න
ix. සමාජ වෙබ් අඩවි තුලින් ඔබ ඔබේ ජීවිතයට ලබා ගත්තා යැයි සිතන වැදගත් යමක් ඇත්නම් එය සටහන් කරන්න
x. සමාජ වෙබ් අඩවි තුල ඔබ මෙතෙක් කල් අනුගමනය කල ක්‍රියා කලාපයන් පිළිබඳ ඔබ පසුතැවෙනවාද? ඔබ වෙනස් කරගැනීමට බලාපොරොත්තු වන චර්යාවන් ඇත්නම් ඒ මොනවාද?
xi .ඔබ එය භාවිතා කිරිම හා මෙතුවක් කල් ලබා ගත් දේ පිළිබඳ ඔබ තෘප්තිමත් ද?


02.සමාජ වෙබ් අඩවි භාවිතය සමාජයට එල්ල කරන බලපෑම් ඔබට සිතෙන අයුරින් විස්තර කරන්න.

03.ඔබ සිතන පරිදී සමාජ වෙබ් අඩවි ලංකාවේ සමාජයට උචිතද?ඔබ එසේ සිතීමට හේතු කෙටියෙන් සටහන් කරන්න.

04.සමාජ වෙබ් අඩවි භාවිතා කල යුතු ආකාරය පිලිබඳව ඔබ සිතන ආකාරය?

05.සමාජ වෙබ් අඩවි භාවිතය අනවශ්‍ය ලෙස කාලය වැය කීරිමක් යැයි සිතනවාද?එයට හේතු

06.සමාජ වෙබ් අඩවි භාවිතය ප්‍රයෝජනවත්ද?නැත්ද?

07.ඔබ සමාජ වෙබ් අඩවි පිළිබඳ මුලින්ම දැනුවත් වූ ආකාරය කුමක්ද?

08.සමස්තයක් වශයෙන් ගත් පසු ඔබ සමාජ වෙබ් අඩවි පිළිබඳ දරන මතය විස්තර කරන්න.

09.මෙම ප්‍රශ්නාවලියට පිළිතුරු සැපයීම තුලින් ඔබ ඔබේ සමාජ වෙබ් අවවි තුල හැසිරීම පිලිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගත්තාද?

10.මෙම ප්‍රශ්නාවලියට ඇතුලත් විය යුතු යැයි ඔබ සිතන තවත් කරුණු ඇත්නම් ඒවාද සඳහන් කරන්න

10 comments:

  1. ප්‍රස්න පත්තරයක්නෙ.ලියන්නම්කො එහෙනම් මම.[මගේ නම දන්නවනේ? :P ]
    01.i. ෆේස්බුක්
    ට්විටර්
    ii. ෆේස්බුක්-2009
    ට්විටර්-2011
    iii. *නව මිතුරන් හඳුනා ගැනීම
    *විවිධ අංශ වලට අදාල දැනුම ඇති අයගේ උදව් ගැනීම.
    *සිතුවිලි බෙදාගන්නට
    iv. අදාල පුද්ගලයාගේ ගිණුම හොඳනම් එකතු කරගන්නවා.
    v. මේ වේලාවෙ 1312 යි.
    vi. කිසිම කෙනෙකුට නැරඹිය නොහැක.[100% Privacy]
    vii. ඔව්
    viii. ඉතා කෙටි කාලෙකින් යථා තත්වයට ගත්ත
    ix. හොඳ,වටින මිනිස්සු ටිකක්
    x. ගතකරන කාලය අවම කරගත යුතුය.
    xi. ඔව්.

    02 . සමාජ ජාල වෙත ඇබ්බැහි වීම.
    03 . ඔව්.අලුත් වන ලෝකය සමග ගැටෙන්නට උදව් වේ යැයි සිතමි.
    04 . සීමාවක් ඇතුව.පරිස්සමින්.{දැලි පිහියෙන් කිරි කන්න වගේ.}
    05 . සීමාවක් ඇතුව කලාට කම් නැත.
    06 . ප්‍රයෝජනවත්
    07 . මිතුරෙකුගෙන්
    08 . හරියට කරනවනම් හොඳට වැඩ ගන්න පුලුවන් තැනක්.
    09 . ඔව්.
    10 . ගූගල් Doc එකකින් දැම්මනම් හරි.උඩ ගිහින් ප්‍රශ්නෙ බලන්නයි.උත්තරේ මෙතන කොටන්නයි ගියාම හොඳ ගනන්.අපේ අදහස් ගැන ඔබතුමීගෙ අදහස් පුලුවන්නම් දාන්න.[හෝ පුද්ගලික මේල් එකට දාන්න.]
    අවසන් ප්‍රතිඵල ගැන අදහස් දක්වපු අය දැනුවත් කරන්න.සුභපැතුම්.

    ReplyDelete
  2. 01.ඔව්
    1 ෆේස්බුක්,ට්විටර්,මයිස්පේස්
    2.ෆේස්බුක්-2009
    ට්විටර් - 2011
    මයිස්පෙස් - 2011
    3.විනෝදාස්වාදය,දැනුම,මිතුරන් හා එක්වීම
    4.විශ්වාස කළහැකි ඕනෑම කෙනෙක්
    5.1000
    6.ඔව්,සීමාසහිතව
    7.තවම නෑ.
    8.-
    9.සාමාන්‍ය ජිවිතයේ කිසි දිනක හමු නොවීමට ඉඩ ඇති හොඳම යහළුවන්.
    10.පසුතැවිල්ලක් නෑ.එහි ගත කළ කාලය අඩු කළා නම් හොඳයි
    11.ඔව්

    02.හොඳ නරක දෙකම තියෙනවා.භාවිතා කරන්නා දැන ගත යුතුයි එහි නියම ඵලය ලබාගැනීමට.
    කුඩා ළමුන් නිසි අවබෝධයකින් තොරව භාවිත කිරීමෙන් පහසුවෙන් නොමග යා හැක.

    03.නිසි ලෙස භාවිතා කරයි නම් ප්‍රශ්නයක් නෑ.

    04.කුඩා ළමුන් නම් දෙමාපියන්ගේ අනුදැනුම යටතේ සහ ඕනෑම කෙනෙක් නිසි අවබෝධයක් සහිතව.

    05.සමහරවිට..අනවශ්‍ය ලෙස චැට් වල එල්ලී සිටීම.

    06.ඔව්.

    08.දැනගෙන ගියොත් කතරගම,නොදැන ගියොත් අතරමග කියනවනේ..ඒ නිසා හරියට දැනගෙන භාවිතා කරොත් ගොඩක් ප්‍රතිපල ඇත කරගන්න පුළුවන්.
    අධ්‍යාපන මාධ්‍යක් ලෙස උනත්..

    09.වෙනසක් නැත.

    10.මේ ටිකත් වැඩි වගේ නංගියෝ..:)
    එකම වගේ ගොඩක් අහල තියෙනවා වගේ..උත්තර දෙන්න පැකිලෙන්න පුළුවන් කට්ටිය..

    ReplyDelete
  3. 01.

    i.ඒ කුමන වෙබ් අඩවි වලද?

    Facebook, Twitter, Buzz, Wave, Google +, deviantArt, My Space

    ii.ඔබ එයට එක් වූ වර්ෂය?

    Facebook නම් June 4, 2009, අනිත් ඒවා නම් මේ වසර තුලදී

    iii.ඔබ සමාජ වෙබ් අඩවි භාවිතයට හේතු මොනවාද?

    එකක් කියලා පැහැදිලි කරන්න නම්, අමාරුයි, ආසන්න වශයෙන් කිව්වොත්

    * අපේ වැඩ වලට කට්ටියගෙ කමෙන්ට්ස් දැනගන්න
    * උදව් ඉල්ලගන්න / උදව් කරන්න :\
    * අලුත් කට්ටිය අඳුර ගන්න
    * දන්න කට්ටියට මඩ ගහන්න :P
    * නොදන්න දේවල් ඉගෙන ගන්න

    ඊටීසී ඊටීසී

    iv.ඔබ සමාජ වෙබ් අඩවියකදී ආශ්‍රය කරනුයේ ඔබේ මිතුරන් පමණක්මද?නාඳුනන අය එකතු කරගන්නවාද?

    ඉස්සර නම් හැමෝම වගේ ඇඩ් කරා, දැන් නම් දන්න කියන අය සහ වැඩකට ඇති අය විතරයි ඇඩ් කරන්නේ, ( එක එක පොඩි උන් හින්දා චාටර් කාලා තියෙන්නේ ඇති තරම් )

    v.සමාජ වෙබ් අඩවියක ඔබ එකතු කරගෙන ඇති මිතුරන් සංඛ්‍යාව ආසන්න වශයෙන් කොපමණද?

    ෆේස්බුක් තමයි වැඩිම :- Friends (980), 382 Im Request List :P

    vi.ඔබ ඔබගේ ඡායාරූප ආදිය අනෙක් අයට දර්ශනය වන පරිදී එයට එකතු කර තිබේද?

    ඔව්, ප්‍රොෆයිල් පික්චරය හැරෙන්න අනිත්වා දර්ශනය වනුයේ මිතුරන්ට පමනි

    vii.සමාජ වෙබ් අඩවියක් තුල ඔබ යම් කරුණක් නිසා අපහසු තාවයට පත් වී ඇත්ද? (හැක් වීම්,ෆේක් ප්‍රොෆයිල්)

    මොලේ පාවිච්චි කර වැඩ කරන නිසා, තවම නැත :P

    viii.එසේ නම් ඔබේ අත්දැකීම කෙටියෙන් විස්තර කරන්න

    N/A

    ix. සමාජ වෙබ් අඩවි තුලින් ඔබ ඔබේ ජීවිතයට ලබා ගත්තා යැයි සිතන වැදගත් යමක් ඇත්නම් එය සටහන් කරන්න.

    සෑහෙන දේවල් තියෙනවා, ගොඩක් වෙලාවට කරලා තියෙන දේවල් වලට ගොඩක්ම උදව් උනේ ඔන්ලයින් මිතුරන් තමයි, ඒ වගේම අලුත් කට්ටිය අඳුර ගන්න පුලුවන් උනා, ( බ්ලොග් සෙට් එක වගේ )


    x. සමාජ වෙබ් අඩවි තුල ඔබ මෙතෙක් කල් අනුගමනය කල ක්‍රියා කලාපයන් පිළිබඳ ඔබ පසුතැවෙනවාද? ඔබ වෙනස් කරගැනීමට බලාපොරොත්තු වන චර්යාවන් ඇත්නම් ඒ මොනවාද?

    නිතරම කියනවා වගේ කරපු දෙයක් ගැන කවදාවත් පසු තැවිලා වැඩක් නෑ, ඒක මේකටත් පොදුයි

    xi .ඔබ එය භාවිතා කිරිම හා මෙතුවක් කල් ලබා ගත් දේ පිළිබඳ ඔබ තෘප්තිමත් ද?
    100% ම

    02.සමාජ වෙබ් අඩවි භාවිතය සමාජයට එල්ල කරන බලපෑම් ඔබට සිතෙන අයුරින් විස්තර කරන්න.
    ඔය කට්ටිය උඩ පනින තරම් බලපෑමක් නම් වෙන්නේ නෑ, පාවිච්චි කරන අය අනුව තමයි ඒක තීරනය වෙන්නේ, සමහරු කියනවා ඇඩික්ට් වෙලා කියලා ඉතින්, ඕක අතාරින්න බැරිද ?, පුලුවන්නේ

    03.ඔබ සිතන පරිදී සමාජ වෙබ් අඩවි ලංකාවේ සමාජයට උචිතද?ඔබ එසේ සිතීමට හේතු කෙටියෙන් සටහන් කරන්න.
    ඔව් උචිතයි, ඒකත් තීරනය වෙන්නේ පාවිච්චි කරන කෙනා මත

    04.සමාජ වෙබ් අඩවි භාවිතා කල යුතු ආකාරය පිලිබඳව ඔබ සිතන ආකාරය?

    05.සමාජ වෙබ් අඩවි භාවිතය අනවශ්‍ය ලෙස කාලය වැය කීරිමක් යැයි සිතනවාද?එයට හේතු
    නැත, අපට නවත්වන්න උවමනාව තියෙනවා නම් ඒකත් කරන්න පුලුවන්. ඕනවට වඩා ඇබ්බැහි වෙන්න හොද නෑ

    06.සමාජ වෙබ් අඩවි භාවිතය ප්‍රයෝජනවත්ද?නැත්ද?
    ප්‍රයෝජනවත්

    07.ඔබ සමාජ වෙබ් අඩවි පිළිබඳ මුලින්ම දැනුවත් වූ ආකාරය කුමක්ද?
    පාවිච්චි කරන කෙනෙක්ගෙන්ම තමයි දැක්කේ

    08.සමස්තයක් වශයෙන් ගත් පසු ඔබ සමාජ වෙබ් අඩවි පිළිබඳ දරන මතය විස්තර කරන්න.
    මම නම් හිතන විදිහට මේ දේවල් ඕනේ, නැතුව ඉස්සර වගේ අලුත් දේවල් ගැන දැනගන්න පත්තරේ එනකම් හිටියොත් හැමදාම ඉන්න වෙන්නේ ගල් යුගේ තමයි,

    09.මෙම ප්‍රශ්නාවලියට පිළිතුරු සැපයීම තුලින් ඔබ ඔබේ සමාජ වෙබ් අවවි තුල හැසිරීම පිලිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගත්තාද?
    ඔබ තුමියට අවබෝඳයක් එන්න ඇතී කියලා හිතනවා :P

    10.මෙම ප්‍රශ්නාවලියට ඇතුලත් විය යුතු යැයි ඔබ සිතන තවත් කරුණු ඇත්නම් ඒවාද සඳහන් කරන්න
    අම්මේ මේ ටිකට ලිව්වෙත් බොහොම අමාරුවෙන් තව නම් එපා, O/L වත් මෙච්චර ලියන්න නැතුව ඇති :P

    ReplyDelete
  4. දැන් කම්මැලියි..පස්සෙ ලියන්නම් :)

    ReplyDelete
  5. 01.
    i. පේස්බුකිය, ගූ. බස්, ගූ. පුලස්
    ii.පේස්බුකියටනම් 2010 දුරුතු
    iii. පොර වෙන්ට.
    iv. බොහෝදුරට මිතුරන් පමනයි. ඒත් ඒ නාදුනන අය.
    v. එහෙමටම ගනනක් කියන්න බෑ
    vi. අනෙක් අය කියපු එක තේරුනේ නෑ.. ප්‍රවසිද මොකද්ද එක හදල තියෙන්නෙ.
    vii. ඔව්..
    viii. පරණ ඉස්කොලේ හිටපු කාලෙ ඇෆ් බී එකෙ වැඩිමල් ඩයල් එකකට සද්දයක් දැම්මා.. දැන් අලුත් ඉස්කොලේ.. ඒ සද්දෙ දාපු එකා දැන් ඉස්කොලේ ප්‍රිෆෙක්ට් කෙනෙක්. :( ඌ පන්න පන්න මයේ වැරැදි හොයන්නේ...
    ix. ඕලෙවල් අයිටි වලට ඒ එකක් ආවා.. භෞතික ජීවිතේදි සතේකට ගනන් නොගන්න මට පුරසිද්දියක් ලැබුනා
    x. නෑ. කොහෙත්ම නෑ
    xi. මෙව්ව එකේ ඉන්න කලෙට සාපේක්ශව ගත්තොත් අතිශයින් තුප්තිමත්... ඒත් ඒ හිතට මදි..

    අනික්ව පස්සෙ හොදේ.. මෙන්න අම්ම කොස්ස අරන් එනෝ.................

    ReplyDelete
  6. කල්හාර දිසානායක

    1 ප්‍රශ්නය

    1. ෆේස් බුක්, බස්
    2. ආපු අලුතම මතක නැත
    3. පවුලේ අය හා පැරණි මිතුරන් ආශ්‍රය කිරීමටත්, මඟ හැරුනු මිතුරන් සොයා ගැනීමටත්, බ්ලොග් එක සඳහා ප්‍රසිද්ධියක් දීමටත්, අනෙත් බ්ලොග් වල අලුත්ම අප්ඩේට් කියවීමටත්
    4. ඔව් කවුද කියා සොයා බලා
    5. ඒක බලන්න තේරෙන්නෙ නැහැ දැන් 200 කට කිට්ටුයි
    6. ඔව් හැමෝටම නෙමේ
    7. තවම නැත
    8. සෑහෙන්න ප්‍රයෝජනවත්, මට මගේ පරණ යාලුවො හම්බ උනා, බ්ලොග් එකට සෑහෙන්න වැඩක් උනා, බ්ලොග් අවකාශයේ යාලුවො අඳුරගන්න ලැබුනා.
    9. පැරණි මිතුදම් අලුත් වීම.
    10. එහෙමට කියලා විශේෂයක් තාම නැහැ, යන විදිය හොඳයි
    11. අනිවාර්යෙන්

    2. හොඳ නරක දෙකම ඇත.
    3. අවුලක් නැහැ හොඳ විදියට භාවිතා කරනවනං, මම පාවිච්චි කරන විදියට
    4. අවශ්‍ය අය පමණක් සොයා බලා යාලුවන් කර ගන්න. ඇබ්බැහි නොවන්න.
    5. ඕනෑම දෙයක් ඕනෑවට වඩා හොඳ නැත. ගානකට යූස් කරනවා නං අවුලක් නැත.
    6. ඉමහත් ලෙස වැදගත් වන්නේය.
    7. ඒක නම් මතක නැහැ, අන්තර්ජාලයෙන් තමා මතක හැටියට
    8. හොඳට මෙන්ම නරකටද භාවිතයට ගත හැක, එය භාවිතා කරන්නාගේ අදහස අනුව වෙනස්වේ.
    9. කොහොමත් පැහැදිලි අවබෝධයකින් තමයි මම ඒක යූස් කරන්නෙ.
    10. බුදු අම්මෝ ඒලෙවල් වලට පස්සෙ මේ ප්‍රශ්න පත්තරේකට ලිව්වමයි ඔය හොඳටම ඇති .........

    ReplyDelete
  7. 1)
    1.ෆේස්බුක්,ගූගල් බස්,ට්වීටර්
    2.ෆේස්බුක් 2009,ට්වීටර් 2010 ,බස් එක 2011
    3.එක එක එව්ව ශෙයාර් කරගන්න,අදහස් දැනගන්න,කාලය කන්න,ෆන් එකක් ගන්න,ප්‍රසිද්ද වෙන්න(පොරක් වෙන්න)
    4.නාදුනන අය එකතු කර ගන්නව යම් සීමාවකට.
    5.1000
    6.ඔව්(ලෝ ප්‍රයිවසි කොන්ට්‍රෝල්)
    7.නැත
    8.නැත
    9.සමාජ වෙබ් අඩවි මගින් දැනුම පුද්ගල අත්දැකීම් වගේ දේවල් එකතු කරගෙන තියෙනව
    10.එහෙම එකක් නෑ
    11.ඔව්

    2.භාවිත කරන පුද්ගලයාට අනුව බලපෑම වෙනස් වේ..(හොද නරක දෙකම ඇත)
    3.උචිතයි.(ලන්කාවද දියුනු වන ලෝකයත් සමග ඉදිරියට යා යුතුය )
    4.භාවිත කරන්න සන්යමයකින් යුතුව භාවිත කල යුතුයි.
    5.ඔව් හිතනව...පෞද්ගලිකව මම මේ සදහා අධික කාලයක් වැය කරනව.
    6.ප්‍රයෝජනවත්
    7.ෆේස්බුක්-ඉන්ටනෙට් කැෆේ එකෙන්
    ට්වීටර්-ඉන්ටනෙට් එකෙන්ම තමා
    ගූගල් බස්-ෆේස්බුක් එකෙන්
    8.ඔව්
    9.ඔය ඇති

    ReplyDelete
  8. දැන් නම් ගහන්න බෑ.. හෙට කෙමිස්ට්‍රි.. පස්සෙ ගහන්නම්..

    ReplyDelete
  9. ජනිත නිර්මාල් සෙනෙවිරත්න
    1) ඔවු
    i. ෆේස් බුක්, ට්විටර්, හයි-5, ඉන්ටර්පෑල්ස්
    ii. ෆේස් බුක්-2008
    iii. මිතුරන් හමුවීමට සහ කතාබහ කිරීමට පහසු මගක් වන බැවින්, විනෝදය, මිතුරන් සමග අධ්‍යාපනික කටයුතු වලට
    iv. ආශ්‍රය කරනුයේ දන්නා අය පමණි. හොද පුද්ගලයෙක් යැයි හැගේ නම් එක් කර ගනිමි.
    v. 1425 ක් පමන
    vi. ඡායාරූප එක් කර තිබෙන අතර ඒවා නැරඹිය හැක්කේ මා කැමත් පුද්ගලයන්ට පමනි.
    vii. හැක් වීමක් වී නොමැත. ෆේක් ප්රොෆයිල් යයි හැගෙන්නක් යහළුවන් ගෙන් ඉවත් කරනු ලැබේ. පිළිතුර නම් නැත.
    viii. නැත.
    ix. ඉතා හොද මිතුරන් පිරිසක් ලැබී තිබේ.
    x. පසුතැවීමක් නැත. කාලය කලමනාකරගැනීමට දන්නේ නම් කිසි පසුතැවීමක් නොවනු ඇත.
    xi. ඔවු.
    2) අනවබෝධයෙන් සමාජ ජාල යොදාගන්නා ඇතැමෙක් නිකරුනේ කාගය කෑමට හුරු වී සිටිති. ප්‍රේම සම්බන්ධතා අනවබෝධයෙන් පැවැත්වීම අනෙකයි.
    3) උචිත වේ. (සම්පූර්ණයෙන්ම නොවේ) අනෙක් රටවල් හා සසදන විට අපේ රටට ත් පරිගනක දැනුම හා අන්තර්ජාල දැනුම මද පමනකින් හෝ මේ මගින් ලැබේ.
    4) අවබෝධයෙන්.
    5) එයට ද පිලිතුර එයමයි. දන්නා කෙනා නිවැරදිව යොදාගන්නා අතර අනිකා කාලය කයි.
    6) ප්‍රයෝජනයක් යයි කිව නොහැක. ප්‍රයෝජනවත් ආකාරයට භාවිත කළ හැකිය.
    7) පරිගනක ඉන්ජිනේරුවෙකුගෙන්
    8) සෑම දෙයක් මෙන් ම දන්නා කෙනා ජයගන්න, නොදන්නා කෙනා විදවන දෙයක්.
    9) හැසිරෙන ආකාරය ඇසා තිබුනි. අපි හැසිරෙන ආකාරයෙන් අපිම අවබෝධයක් ලබාගත්තේදැයි ඇසීම නුවනට හුරු නැත.
    10) දැනට නැත. හොද යයි හැගෙන දෑ පසුව..

    ReplyDelete
  10. නංගී.. මං නම් හිතන්නෙ ඔයා google ලා free දෙන ෆොර්ම් එකක් හදා ගන්න.. හදලා ඒකෙ ඔය ප්‍රශ්ණ ටික දාලා.. මෙතන දැම්මා නම් ලෙසියි. එතකොට මේක බලන කෙනාට කමෙන්ට් කරනවාට වඩා ෆොර්ම් එක ෆිල් කරන එක ලේසිනේ... මේ ක්‍රඹේ සාර්ථක නැහැ.. :)

    http://www.google.com/google-d-s/forms/

    ReplyDelete

නොනිමි සිත් අහසට ආපු ඔයාලගේ අදහස් මතක ඇතුව සටහන් කරන්න..මෙන්න ඉඩක්