නොදැකපු කෙනෙක් නැතී...
නමුදු සිත දුටු අය නැතී...
සුවඳ වත්සුණු නොතවරා
සිනාසෙති කට පුරා
අනේ මහත්තයො සතයක්!
නොකියතී කිසිදා...
ළැම දුටු අය ඇතී
ළය දුටු උන් නැතී
කුස ඇවිලි කරුමෙට
පිටි පැකට් පිහිටට
විකුණතී ඇඟ මස්
පුරවතී පව්කම්...
ගැහැණු කම විකුණතී
පිරිමි ඇවිදින් යතී
ළඟ රැඳුනු කිසිවෙක්
නොඅසතී පැනයක්
කිමද මේ මහ මගට වී?
වෙශ්‍යාවක් වෙන්නැතී
හැඟුම් මිල ගන්නැතී
නුඹට නොදැනෙන්නැතී
මව් සෙනේ කඳ නිම් නැතී...
නොකියන් පුත මගේ
අම්මා නොව මගේ...
"උඹ වෙශ්‍යාවක්"
දෙතන කිරි නැති නිසා
මම නුඹට කිරි හොයා
විකුණුවෙමි ඉස්මස්..
පාරමී නොපුරාම...
පූරුවේ කල පවට
වැටුණා නරා වලකට
වරම් ඒවා මතු භවේකට
පතිනි අම්මා කෙනෙක් වන්නට...
වෛශ්‍යාවක් නොවේ......
ReplyDeleteලස්සන අදහසක්...
ReplyDeleteAththenma lasanata liyala thiyanava nangi! kaalekin needa mee paththe aave!
ReplyDeletethavath mee vagee samaajayee yathaarthaya pennanna puluwan wenna kiyala suba pathanava!
(ubuntu vala unicode hoyaganna bae)
Anyway goodluck with ur studies as well!!!
ලැම පමණක්...ලොවට පෙනෙන....!!!!
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්....
ReplyDelete