Thursday, July 7, 2011

ඉන්න ඉඩ දෙන්න මගේ පාඩුවේ මට



ජීවිතේ ගැන ආදරේ ගැන
මහමෙරක් වන් පැතුම් නෑ
මං මවපු මගේ හීනෙන්
අවදිවෙන්න මට ඔනෙ නෑ
ඒ හිනෙන් අවදි නොවී
ඉන්න පුරන මගෙ හදවත
හොරකම් කරගෙන යන්නට
හිතක් ඇවිත් මගෙ ගාවට

ඉරිතැලූ හදවතක
කඳුලු මිස තව පැතුම් නෑ
වියලුණුම ගහකොලට
වැසි නැතුව පිණි ඕනෙ නෑ
ජීවිතේ මහ දුකක් වුණු මට
ආදරයකින් වැඩක් නෑ
එපා කියපු ඔය හදවත
ආයෙමත් මම යදින්නෑ

13 comments:

  1. ආදරේ අරන් එන්න එපා මගේ හිතට
    කඳුළක් දුන්න ඔය හිතත් අරගෙන
    මට තනිවෙන්න ඉඩ දෙන්න
    නුඹෙන් වෙන්ව මේ ලෝකයේ මට..

    ReplyDelete
  2. නුම මාව තනිකරත්
    අහිතක් හිතන්නැහැ තවත්
    නුඹට හිමි නුඹේ ලෝකය
    නුඹට රිසි ලෙස ගොඩ නගන්

    තනිකමම උරුම කර
    එහිම සුවයක් සොයන
    මගේ හද අසරණයි
    ආදරේ නොකරන තරමටම

    ReplyDelete
  3. අපූරුයි යාළු

    ReplyDelete
  4. කවියකට කවියකින් උත්තර දෙන්න මම නම් දන්නේ නෑ. ඒත් කවි ටික ලස්සනයි කියලා නම් කියන්න පුලුවන්.

    හැබැයි. ඉරිතැලුනු හිත්වලටත් කවදාහරි ආදරයේ වැහි වහින්න ගන්නවා. නිකන් වැහි නෙමේ අනෝරා වැහි !!!

    ReplyDelete
  5. එපා කියපු ඔය හදවත
    ආයෙමත් මම යදින්නෑ

    හ්ම්ම් ඒත් ගොඩක් අමාරුයි

    ReplyDelete
  6. ලස්සන පද පෙලක්...හම්....

    ReplyDelete
  7. “ආදරයකින් වැඩක් නෑ“
    කීයටවත් වෙන්න බැරි වැඩක් ........
    ජීවිතය ජීවත් කරවන්නෙ ආදරය .....

    සරලව ලස්සනට තේරුම් ගන්න පුලුවන් විදියට ලියලා තියනවා නියමයි .....

    ReplyDelete
  8. ඔය හදවත දීල දාන්න.ඇරත් දැන් පලුදු වෙලාත්නේ.

    ReplyDelete
  9. මෙවේලේ නැත හොඳ කවි සිතිවිලි එන්නේ
    …කිමද යාළු මෙලෙසින් ඔඹ දුක් වන්නේ
    …රිදුනු සිතට දුක විතරද හිමි වන්නේ
    …දිනක රිදුනු සිත් ආලෙන් සැනසෙන්නේ

    ReplyDelete
  10. මොකද නගෝ වුනේ? මේක ඇත්තටම කාටහරි ලියපු එකක්ද?

    ReplyDelete
  11. @අයේශා අක්කා-ස්තූතියි අක්කා

    @මධුරංග අයියා-ස්තූතියි...අනෝරා වැහි වහීද බලමුකෝ

    @චාටර් කොල්ලා-ඇත්ත යාලු

    @හිරූ අක්කා-ස්තූතියි අක්කා

    @කල්හාර අයියා-හ්ම්..ඔව් ආදරය අපිව ජීවත් කරවනවා.ඒත් සමහර වෙලාවට ජීවිතේ එපා කරවනවා

    ReplyDelete
  12. @බීටා -ලස්සනයි යාලු,දැන් නම් කවි ලියන්න කම්මැලි :P

    @කසුන් අයියා-අනේ නෑ අයියා දුකකුත් තියෙනවා.ඒත් හිතට ආව නිසා ලිව්වා

    ReplyDelete
  13. අලුතින් එන හිත දිහාව
    ඉවසිල්ලෙන් බලන් ඉන්න
    දිගටම හිත ළඟ ඇත්නම්
    එකත් අරගෙන බලන්න

    සොබාදහම
    කඳුළු දුන්නෙ
    ඇස මතුපිට
    තෙත් කරන්න

    තෙත් කලාම ඇස මතුපිට
    හදවත රිදෙනවා තමයි
    කඳුළු ගලා ඉවර වෙලා
    හදවත තැන්පත් වෙවී

    ReplyDelete

නොනිමි සිත් අහසට ආපු ඔයාලගේ අදහස් මතක ඇතුව සටහන් කරන්න..මෙන්න ඉඩක්