ඉන්න ඉඩ දෙන්න මගේ පාඩුවේ මට
ජීවිතේ ගැන ආදරේ ගැන
මහමෙරක් වන් පැතුම් නෑ
මං මවපු මගේ හීනෙන්
අවදිවෙන්න මට ඔනෙ නෑ
ඒ හිනෙන් අවදි නොවී
ඉන්න පුරන මගෙ හදවත
හොරකම් කරගෙන යන්නට
හිතක් ඇවිත් මගෙ ගාවට
ඉරිතැලූ හදවතක
කඳුලු මිස තව පැතුම් නෑ
වියලුණුම ගහකොලට
වැසි නැතුව පිණි ඕනෙ නෑ
ජීවිතේ මහ දුකක් වුණු මට
ආදරයකින් වැඩක් නෑ
එපා කියපු ඔය හදවත
ආයෙමත් මම යදින්නෑ
ආදරේ අරන් එන්න එපා මගේ හිතට
ReplyDeleteකඳුළක් දුන්න ඔය හිතත් අරගෙන
මට තනිවෙන්න ඉඩ දෙන්න
නුඹෙන් වෙන්ව මේ ලෝකයේ මට..
නුම මාව තනිකරත්
ReplyDeleteඅහිතක් හිතන්නැහැ තවත්
නුඹට හිමි නුඹේ ලෝකය
නුඹට රිසි ලෙස ගොඩ නගන්
තනිකමම උරුම කර
එහිම සුවයක් සොයන
මගේ හද අසරණයි
ආදරේ නොකරන තරමටම
අපූරුයි යාළු
ReplyDeleteකවියකට කවියකින් උත්තර දෙන්න මම නම් දන්නේ නෑ. ඒත් කවි ටික ලස්සනයි කියලා නම් කියන්න පුලුවන්.
ReplyDeleteහැබැයි. ඉරිතැලුනු හිත්වලටත් කවදාහරි ආදරයේ වැහි වහින්න ගන්නවා. නිකන් වැහි නෙමේ අනෝරා වැහි !!!
එපා කියපු ඔය හදවත
ReplyDeleteආයෙමත් මම යදින්නෑ
හ්ම්ම් ඒත් ගොඩක් අමාරුයි
ලස්සන පද පෙලක්...හම්....
ReplyDelete“ආදරයකින් වැඩක් නෑ“
ReplyDeleteකීයටවත් වෙන්න බැරි වැඩක් ........
ජීවිතය ජීවත් කරවන්නෙ ආදරය .....
සරලව ලස්සනට තේරුම් ගන්න පුලුවන් විදියට ලියලා තියනවා නියමයි .....
ඔය හදවත දීල දාන්න.ඇරත් දැන් පලුදු වෙලාත්නේ.
ReplyDeleteමෙවේලේ නැත හොඳ කවි සිතිවිලි එන්නේ
ReplyDelete…කිමද යාළු මෙලෙසින් ඔඹ දුක් වන්නේ
…රිදුනු සිතට දුක විතරද හිමි වන්නේ
…දිනක රිදුනු සිත් ආලෙන් සැනසෙන්නේ
මොකද නගෝ වුනේ? මේක ඇත්තටම කාටහරි ලියපු එකක්ද?
ReplyDelete@අයේශා අක්කා-ස්තූතියි අක්කා
ReplyDelete@මධුරංග අයියා-ස්තූතියි...අනෝරා වැහි වහීද බලමුකෝ
@චාටර් කොල්ලා-ඇත්ත යාලු
@හිරූ අක්කා-ස්තූතියි අක්කා
@කල්හාර අයියා-හ්ම්..ඔව් ආදරය අපිව ජීවත් කරවනවා.ඒත් සමහර වෙලාවට ජීවිතේ එපා කරවනවා
@බීටා -ලස්සනයි යාලු,දැන් නම් කවි ලියන්න කම්මැලි :P
ReplyDelete@කසුන් අයියා-අනේ නෑ අයියා දුකකුත් තියෙනවා.ඒත් හිතට ආව නිසා ලිව්වා
අලුතින් එන හිත දිහාව
ReplyDeleteඉවසිල්ලෙන් බලන් ඉන්න
දිගටම හිත ළඟ ඇත්නම්
එකත් අරගෙන බලන්න
සොබාදහම
කඳුළු දුන්නෙ
ඇස මතුපිට
තෙත් කරන්න
තෙත් කලාම ඇස මතුපිට
හදවත රිදෙනවා තමයි
කඳුළු ගලා ඉවර වෙලා
හදවත තැන්පත් වෙවී