Monday, July 11, 2011

නැති වුන චීත්තය



මේ දවස් වල ලියන්න කතාවක් නැතුව වේලි වේලි ඉද්දි හම්බුනා පොඩි කතාවක්,මගෙ යාලුවෙක් ගේ ආච්චි කෙනෙක් ගැන.මේක ලියන්නෙ රසවිඳින්නම මිස එයාව සමච්චලයට ලක් කරන්න නම් නෙමේ,

මගෙ යාලුවා නම් ගොඩාක් ආදරෙයි ඒ ආච්චිට.එයා ගෙදර ඉද්දි පාලු නෑලු..ඔහේ කියව කියව ඉන්නවලු.ආච්චි වයස නිසා මතකය නැතුව ගිහින්,කතාවට කියනවනෙ මහලු කාලය කියන්නෙ ආයෙත් පුංචි කාලයට පා තැබීමක් වගේ කියලා.ඒ එයාල වයසට ගියාම මතකය නැතුව ගිහින් පොඩි අය වගේ හැසිරෙන නිසා,ඉතින් මගෙ යාලුවගෙ ආච්චිත් එහෙමයි,එයා මගෙ යාලුවගෙ තාත්තගෙ අම්මා.ඒත් කියන්නෙ ඒ එයාගෙ අයියා කියල..:) එයාල ඔය නෑයන්ගෙ ගෙවල් වල එහෙම ගියාම ආච්චි කියන්නෙ අයියට මනමාලයෙක් බලන්න කියලලු.ඒ විතරක් යේ හොඳම දේ මගෙ යාලුවගෙ අයියට එයා කියන්නෙ තාත්තා කියල :P.සමහර දාට ආච්චි ඔහේ යනවලු අරෙහෙ යනවා මෙහෙ යනවා කියලා,ඒක තමා බයම දේ මොකද බස් එකකවත් නැගල ගියොත් කොහෙ කියලා හොයන්නද?වයසට ගියාම තමන්ගෙ අම්මා තාත්තව පොඩි කෙනෙක් බලාගන්නවටත් වඩා පරිස්සමෙන් බලා ගන්න ඕනෙ.එයාල අපි වෙනුවෙන් කොයිතරම් කැපකිරීම් කරල තියෙනවද කියලා හිතල.


ඉතින් මේ එකක් වත් නෙමේ කතාව,වෙන එකක්..මේ ළඟදි දවසක උන දෙයක්මත් නෙමේ අවුරුද්දකට විතර කලින් උන දෙයක්.

එදා මගෙ යාලුවයි අයියායි ඉස්කෝලෙ ගිහින් තාත්තත් වැඩට ගිහින්.අම්මත් එයාලගෙ ලොකු අම්මලගෙ ගෙදර ගිහින්.හවස මගෙ යාලුවවත් එක්කගෙන අම්මා ගෙදර එද්දි ආච්චි ඉන්නවලු චීත්තයත් නැතුව ඉස්සරහට වෙලා.(මීට වඩා විස්තර කරන්න බැහැ හො‍ඳෙ.ආච්චිට හොඳ නෑනෙ).ආන්ටි ට දෙලෝ රත් වෙලා,ඇයි දෙයියනේ පාරෙ මිනිස්සුත් යනවා.ආච්චි ඉස්සරහටම වෙලා මෙහෙම ඉද්දි :( :( ඉතින් ආන්ටි වැඩිය කලබල නැතුව අහලා මොකද උනේ කියලා..කෝ චීත්තෙ කියලා..මෙන්න බොලේ ආච්චි හතර අතට දිවුරලා කියනවලු පාරෙ යන මනුස්සයෙක් ඇවිත් රෙද්ද ගලවගෙන ගියා කියලා..කොච්චර ඇහුවත් කියන්නෙ ඒකමලු,,මගෙ යාලුවා හිනාවෙන්න බැරුව පුපුරන්නම ගියා කියලා තමා කිව්වෙ,පස්සෙ හොයලා බලද්දි තමා ඇත්ත විස්තරේ දැනගෙන තියෙන්නෙ.:)

එයාලගෙ ගේ ඉස්සරහ ත්‍රී විල් එකක් කැඩිලා,ආච්චි විතරයිනෙ ඉතින් ගෙදර ඉඳලා තියෙන්නෙත්.ත්‍රී වීල් එක කැඩිලා හදනකොට ඒ අයට මජං පිහ දාන්න රෙදි කෑල්ලක් ඕනෙ වෙලා,ආච්චිගෙන් ගිහින් රෙදි කෑල්ලක් ඉල්ලලා.ආච්චි කරල තියෙන්නෙ වැඩි හොඳටත් එක්ක ඇඳන් හිටපු රෙද්ද ගලවල බලෙන්ම අතට දීල යවලා.(මට තාමත් හිතා ගන්න බෑ ඒ මනුස්සයට මොනා හිතෙන්න ඇත්ද කියලා).

.ඕක තමා චීත්තෙට වෙලා තියෙන සන්තෑසිය..:P ඔහොම උන නිසා හොඳා ඒත් අපි මීට වඩා එයාල ගැන හොයන එක හොඳයි නේද?එදයින් පස්සෙ නම් මගෙ යාලුවගෙ අම්මා ආච්චිව තනියම දාලා කොහෙවත් ගියෙ නැහැලු.අපිත් මේක අහලා හිනා වුනා.ඒත් එයා තනියම ඉඳල වැ‍ටුන හරි එහෙම කරදරයක් උනා නම් මොනා වේවිද,ඒ නිසා කවුරු කවුරුත් ආච්චිලා සීයලා ගැන හොඳට හොයලා බැලුවොත් වටිනවා

13 comments:

  1. හිනාවෙන්නද අඬන්නද මොනවා ලියනද කියලා තෙරෙන්නේ නැ.පුදුමයි.හැබැයි ලියලා තියන පරමර්ථය හුඟක් හොඳයි

    ReplyDelete
  2. මේවාට හිනා වෙලා කෝමද දරුවෝ ?

    ReplyDelete
  3. @මාල්යා අක්කා(නම හරිද දන්නැහැ-ස්තූතියි මේ පැත්තෙ ආවට

    @බනී අයියා-හිනා වෙන්න නෙමෙ කිව්වෙ අයියා හිතන්න දෙයක්.අපි මීට වඩා අපේ වැඩිහිටියො ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ කියන එක

    ReplyDelete
  4. මේවට කමෙන්ට් කරලා අපේ රෙදි ගැලවෙයිද මන්දා. :(
    පව්. වයසට ගියාම මතකය නැතුව යනවනේ. ඒයැයිය දැන් ඉස්සරට වඩා පරිස්සම් කරන්නෝන.

    ප.ලි. - කඩේ නංගිට ලියන්න කතා නැති වෙන එකට කරන්න තියෙන්නේ. කතාවක් මතක් වෙනකොට ෆෝන් එකේ හරි කොළ කෑල්ලක හරි පොඩිවට ලියන්න. නෙට් ලොග් උනාම ලියන්න බැරියෑ.
    මම් නම් කරන්නේ එහෙමයි. කතාවක් මතක් උනාම කොලයක නෝට් එකක් දාගන්නවා. පස්සේ ලියනවා. අත්දුටුවයි. කරලා බලන්න. :)

    ReplyDelete
  5. @මධුරංග අයියා-ස්තූතියි අයියා මම උත්සහ කරල බලන්නම්.කොමෙන්ට් කලාට රෙදි ගැලවෙන්නැ‍තෝ..:P.වැඩිහිටියො ගැන හොයන්න ඕනෙ අයියා.එක කියන්නයි ඕනෙ උනේ

    ReplyDelete
  6. ඇත්තටම හිතන්න ඕන දෙයක් තමයි...

    මධුරංගගේ ක්‍රමේ මාත් කරලා බලන්න ඕන...

    ReplyDelete
  7. පුංචි ළදරුවෙක් වගේ තත්වයට ආයිත් පත් වීම තමයි මහලුවිය කියන්නේ. ජීවිතේ චක්රයක්නේ..
    එහෙම උනාම හිත බොහොම නිශ්චල වෙනවා. හිතේ කුණු කන්දල් අයින් වෙනවා මන් හිතන්නේ. අපේ තාත්ත අන්තිම කාලේ ඒ වගේ උනා. හැම වෙලේම හිටියේ සිනාවෙන් සතුටෙන්.. අන්තිමට ගියෙත් හිනාවක් මුවේ රඳවාගෙන..

    ReplyDelete
  8. මතකය නැති වීම් වගේ තත්ව වලට පත් වෙලා ඉන්න වැඩිහිටි අය වෙන වයසක කට්ටියට වඩා හොදින් ඒ අය ගැන හොයලා බලන්න ඕනෙa

    ReplyDelete
  9. හිතන්න දෙයක් තේරම් ගන්න දෙයක් ඉතුරැ කරපු කතාවක්.....

    ReplyDelete
  10. මේව දැකල හිනාවෙන්න නම් අමාරුයි නේද නංගියෝ??
    :)
    අපි කාගෙත් පුංචි කාලෙ ඉඳන්ම අම්මල තාත්තල ගැන හිතේ තියෙන ආදරේ දිගටම ඒ විදියටම තියෙනවනම් තමයි හොඳ..

    ReplyDelete
  11. ඔව් අයියෙ අපේ යාලුවා ඇවිත් කිව්වම අපි හිනා උනා,ඒත් තේරුම් ගත්ත අපි මීට වඩා එයාල ගැන හොයන්න ඕනෙ කියලා

    ReplyDelete

නොනිමි සිත් අහසට ආපු ඔයාලගේ අදහස් මතක ඇතුව සටහන් කරන්න..මෙන්න ඉඩක්