මම හිටියෙ දොරකඩට වෙලා පාර දිහා බලාගෙන.මේ පාර දිගෙ අපි දෙන්නා කොයිතරම් නම් දුවන්න ඇත්ද?අපි කෑම කෑවෙත් බෙදාගෙන.මට දෙන බත් එක ඉතුරු කරන් ඉඳලා ඔයා ආවම හිමීට ඔයාට ළං කරනවා.ඒත් ඇයි අද උඹ පරක්කු?
ගේ ඇතුලෙ ලොකු කලබලයක් ද කොහෙද.පුංචි මහත්තයා හොඳටම තරහින් ඉන්නෙ.මම ගිහින් ඇඟෙ ඇතිල්ලුනාමත් ගිනි පුපුරු ඇස් දෙකකින් මං දිහා බැලුවෙ.මම පැත්තකට වුනේ එක දවසක් වගේ පයින් පාරක් උරුම වෙයි කියලා බයටම.එදා එහෙම කරලා පුංචි මහත්තයා තරහ නිවුනම ඇවිත් මාව අතගාලා සමාවෙයන් කොල්ලො කිව්වා තමා.ඒත් එහෙම කලා කියලා හිත ඇතුලෙ වුණ තුවාලෙ මකන්න බෑ..
"මෙච්චර කෙල්ලො ඉන්න රටේ උඹට ලොකු වුණේ හකුරු කෙල්ලෙක්ද බොල.උඹව හැදුවට වඩා හොඳයි සතෙක් හැදුවා නම්."
හකුරු කෙල්ලො?ඒ කවුද?අනේ මන්දා පුංචි මහත්තයා වටේ තියෙන හැම බඩුවකටම පයින් ගහනවා.
"අම්මෙ අම්මලගෙ මහ ලොකු වලව් පැලැන්තියෙ උන්ගෙ තියෙන ඉරිසියාකාර කම ඒ දුප්පත් කෙල්ල ගාව නෑ.රජ කාලෙ වුණ දේවල් වලට ඒ කෙල්ලො පලි නැහැ අම්මෙ.එයාලටත් හෙටක් තියෙන්න ඕනෙ.අපේ රට දියුණු වුණා කියල උඩප්පරන් ගැහුවට අපේ රටේ තියෙන අදහස් තාම වෙනස් වෙලා නෑ.මං ඒ අහිංසක කෙල්ලව මිස වලව් පැලැන්තියෙ ඉරිසියාකාරියක් බඳින්න ලෑස්ති නෑ අම්මෙ."
එකත් එකටම ඔය කියන්නෙ අර පුංචි මහත්තයගෙ කෙලි පොඩිත්ති ගැන වෙන්ට ඕනෙ.අනේ සීදේවි කෙල්ල.එදා ආපු වෙලාවෙ මාව ළඟ තියාගෙන කියෝ කියෝ හිටියේ හරියට මම එයාල වගේම මනුස්ස පරාණයක් කියලා හිතාගෙන.ඇස් වහ කට වහ නෑ එයා තමා අපේ මහත්තයට හරියනම කෙනා.
"හහ් ඇයි උඹ බඳිනකන් අපි උඩ බලන් ඉදී කියලා හිතුවද.මෙහෙ නම් හරියන්නැහැ පුතෝ ඒවා.මං මෙහෙ ඉන්නකන් මේ ගෙදරට ඒ කෙල්ලව එක්කං එන්න බෑ උඹට.අපි ඔවුන්ගෙ ගෙවල් වලින් වතුර පොදක්වත් බොන ඈයො නෙමෙ"
"අම්මලා මෙහෙම ඉන්න.මං යනවා යන්න.මෙහෙට ගේන්න නොදුන්නට කමක් නෑ.අපි අපේම කියලා ගෙයක් හදාගෙන සතුටින් ජීවත් වෙන්නම්.එයාව එක්කං ආපු දවසෙ අම්මලා ඔහොම කිව්වෙ නෑ.පවුලෙ විස්තර දැනගෙන දැන් බැන්නට"
පුංචි මහත්තයා එයාගෙ ඇඳුම් ඔක්කොම කුදලගෙන එලියට බැස්සා.මම යනවා කොල්ලො මගෙ ඔලුව අත ගාලා වංගුවෙන් හැරිලා නොපෙනී ගියා.ලොකු නෝනා අඬාගෙනම පුටුවකට වාරු වුණා.
එතකොටමයි උඹ ආවේ.ඉතුරු කොරං හිටිය බත් පත දෙන්න කියලා වලව්වෙ පිලිකන්න පැත්තට මං ගියා.උඹ හිමින් හිමින් අඩි තිය තිය මගෙ පස්සෙන් වැටුණා.
"ඈ බොල ඒ ගමන මේකත් ගෙන්නල්ල කොහෙද යන වල් බැල්ලියක්.පුංචි මහත්තය ගියා වගෙ උඹත් පලයන් මේ බැල්ලිවත් අරගෙන මගෙ දෑහැට නොපෙනි."
ලොකු නෝනගෙ කටහඬත් එක්කම මගෙ ඇස් නිලංකාර වුණා වගේ දැනුණා.පිට කොන්දට දැනුන වේදනාවට මට කෙඳිරි ගෑවුණා.උඹ රිදුණු තැන සුවපත් කරන්න වගේ ලොකු නෝනා දිහා බයාදු බැල්මක් හෙලලා මගෙ මූන ලෙව කෑවා.ඔව් තිරිසන්නු වුණත් අපිටත් මෙහෙ නිදහස නෑ මයෙ කෙල්ලෙ.වරෙන් යන්න පුංචි මහත්තය ගිය දිහාවටම අපේ නිදහස හොයාගෙන.මම උඹත් එක්කම කඩුල්ලෙන් පැන්නා.අලුත් ලෝකෙට පාර හොයාගන්න.
අපුරු කතාව.. මිනිසුන්ට මදිවට දැන් තිරසනුන් ටත් කුල තියෙනවා නොව..ගෙදරකට බල්ලෙක් ගෙනාවත් ඌත් උසස්ම කුළේ වෙන්නට ඔනි.. නැත්තම් ගෙදරට හරි නෑ නේ.. හික්ස්..:P :D
ReplyDeleteස්තූතියි චතු මිතු අක්කා මේ පැත්තට ආවට :)
ReplyDeleteනියමයි, අති විශිෂ්ඨයි ලස්සනට ලියලා තියනවා .......
ReplyDeleteආසාවෙන් කියෙව්වා ........
ස්තූතියි කල්හාර අයියා හැමදාම වගේ මේ පැත්තට එනවට
ReplyDeleteඅන්තිමට ගියාමයි මට තේරුනේ මේ මගේ යාලුවෙක්නෙ කතාව කියන්නේ කියල.. අපුරුයි මමත් කැමතියි සතෙකුගේ ඇහෙන මිනිසුන්ව දකින්න..
ReplyDeleteගොඩක් දවසකින් හිතට වදින විදිහට ලිව්ව කතාවක් කියෙව්වා...
ReplyDeleteලස්සනයි ගොඩක්..දිගටම ලියන්න...
මෙවන් පුංචි මහත්වරු තව තවත් බිහිවේවා..
ReplyDeleteලංකාවෙ තවමත් හොරාට හැංගිල තියන මෝඩම මෝඩ ලොකු ප්‍රශ්නයක් බොහොම ලස්සනට විග්රහ කරල තියනව.. ගොඩක් ලස්සනයි.
අපූරු පරිකල්පනයක්....
ReplyDeleteවෙනස් වීම අවශ්‍යයි සමාජයට...
කුල මල නම් නැති වීම අවශ්‍යයි...
අම්මෝ ගොඩක් වෙලා ගියා මේ කතාව තේරුම් ගන්න. වෙනස්ම ආරක තමයි ලියලා තියෙන්නේ. ඉස්සර වගේ නෙමේ දැන් සත්තුන්ටත් කුල තියෙනවා. ඒ නිසා ගොඩක් අය උත්සහ කරන්නේ ලොකු කුලයක සතෙක්ව ගේන්න.
ReplyDeleteවෙනස්ම විදියක කථාවක්. හරිම ලස්සනයි. සත්තුන්ටත් කුල මල භේද ඇති කරලා දෙන්නේ මිනිස්සුම තමයි. ඇල්ටේශන්, ලැබ්රඩෝ වගේ උසස් කියල කියන බල්ලෝ අතරේ පාරේ නිදහසේ සැරිසරන සතෙක්ට තියෙන්නේ පහත් සැලකීමක්.
ReplyDeleteඇත්තටම හරි අපූරුයි යාළු
ReplyDeleteයමින් ගමන් ගොඩ උනා කඩේ හාමිනේ ගේ බ්ලොග් එකටත්. කවුද දැනගෙන හිටියෙ මෙච්චර අපූරු කල්පනා තියෙන අය ඉන්නවා කියලා. ආගන්තුකයා ආයෙ නොලිවුවාට හාමිනේ ලියන්ටකෝ. ලස්සන අදහසක්. ආසාවෙන් කියෙව්වා..!!! බොහොම ස්තුතියි..!!!
ReplyDeleteලස්සන කථාවක්නෙ...
ReplyDeleteතරහ නැතුව කියනවද කඩේ හාමිනේ බ්ලොග් කීයක් ලියනවද කියල... මේක මිස් වෙලානෙ තිබුනෙ...
@සරත් අන්කල්,තරූ අක්කා,හපා අයියා චතුර අයියා,මධුරංග අයියා,අයේශා අක්කා ප්‍රාර්ථනා අක්කා ස්තූතියි මේ පැත්තෙ ආවට.සමාවෙන්න වෙන වෙනම කොමෙන්ට් නොදැම්මට ඉස්කෝලෙ වැඩ නිසා බ්ලොග් එකට එන්නම බැරි වුණා
ReplyDelete@ආගන්තුකයා අයියා-මම තරහයි ඔයා එක්කනම් අයියේ ඔයා බ්ලොග් එක මකලාම දැම්මා නේද?
ReplyDelete@සාතන් අයියා-අයියෝ අයියා එකත් එහෙමද?මේක තමා කඩේ හාමිනේගෙ බ්ලොග් එක,මගෙ යාලුවා කුරුං ගුරුං ගෙ බ්ලොග් එකෙ ඒ කිව්වෙ කෝපි කඩේත් ලියනවා.අනික සිතිවිලි පවුර :) :) ඔන්න එන්න පුලුවන් වෙලාවක මේ පැත්තෙ