Tuesday, March 29, 2011

ඉස්කෝලෙක කතාවක්

ඉස්සෙල්ල  කිව්ව වගෙ "මමත්වය" මගේ කියන හැඟීම හින්දන්මදෝ මගෙ ආදරණීය පාසල් බිම ගැන බ්ලොග් සටහනක් සයිබර් අවකාශයට එකතු කරන්න හිතුන..මම විසාඛා මව් තුරුලට ගියෙ 6 වසරට..එදා මට දැනුණ හැඟීම අද දැනෙනවට වඩා වෙනස්..අද මම අරලියා මල් වැටිල සුන්දර උන භූමියට ආදරේ කරනවා උනත් එදා මම මේ පාසලට පා තබන හැමදවසකටම අකමැති උනා.. නුහුරු කම නිසා වෙන්න ඇති.ඒත් අද මම විසඛාවට ගොඩක් ඇලුම් කරනව.මගේ ජීවිතයට සොඳුරුම අත්දැකීම් ගොන්නක් එකතු කලේ පින් බිම.අමතක නොවෙන විවිධාකරයේ සිදුවීම් වලින් පුංචි සිදුවීම් කිපයක් සටහන් කරන්නටත් මට හිතුනා..

මුලින්ම කියන්න ඕනේ මම "අණ්ඩපාල කෙල්ලක්" එහෙම නෙමේ.මගේ පාඩුවෙ මගේ වැඩ ටික කරගෙන හිටිය කෙනෙක්..(මගේ ඉස්කොලෙ යාලුවො බ්ලොග් ලියන්නැති නිසා බය නැතුව කිව්වෙ.)..කොහොම උනත් 7 වසරෙදි corridor 1ke දවස් 2ක්ම දණ ගහගෙන ඉන්න තරම් වාසනවන්ත උන කෙනෙක්..පාසල් බිමේ අපි ගෙව්වෙ සුන්දරම කාලයක්..අපට බඩජාරි කම නම් පොඩ්ඩක්වත් අඩු නැතුව පිහිටල තියෙනව..9 වසරෙදි home science room 1ke missගෙ ශීතකරණයේ තිබුන කැම වර්ග වලට වග කියන්න කිසිම දුකක් නැතුව අපි ඉදිරි පත් උනා.ඒවට විපාක විදිහට හැමදම P.T.S කාල පරිඡේදයෙදි අපි සමාජ සේවයෙ(ඒ කියන්නෙ අහුමුලු සුද්ද කිරීම)යෙදෙනවා කියන එක නම් ඉතින් නොකියම බෑ...එ වගෙම 10 වසරෙ ඉංග්‍රීසි කාල පරිඡේදයෙදි අපි හිටගෙන ඉන්න එකත් සුලබව දක්නට ලැබුන දෙයක්.. අන්තිමට කියන්නම ඕනේ මෙ මොන වැඩ කලත් අපි විභාගය හොඳටම කලා,,අපි කව් රුත් විදේශ අධාර ගත්තෙත් නෑ..(එ කිව්වෙ සිංහලෙන් කියනව copy නම් කලේ නැ)…



ඉතින් මගෙ ආදරණීය පින් බිමට මම හැමදාමත් ණයගැතී...
"සියක් ආයු ලැබ අපෙත් ආයු ගෙන අපට වඩා කල් ඔබ ජීවත් වෙවා
  මෙතෙ බුදුන් කල ලොවේ උතුම් ලඳ විශාඛාව වේවා"

මගේ දිවියට පහන් වැටක් වී එලිය දුන් මගෙම ආදර විශාඛා මවුන් සදාකල් වැජබෙවා..!!!





4 comments:

  1. මමත් අපේ ඉස්කෝලෙට ඇතුලු වුනේ හය වසරෙන්. ඔයාලගේ ඉස්කෝලෙට එන්න මට එක ලකුණක් මදි උනා.
    මමත් මුල දවස්වල ඉස්කෝලේ ගියේ හරිම අකමැත්තෙන්. ඒත් දැන් මතක් වෙනකොටනම් ආයිත් යන්න හිතෙනවා. හැබැයි ඉතින් මමනම් ඉස්කෝලේ හිටපු "අණ්ඩපාල කෙල්ලන්ගෙන්" එක්කෙනෙක්... :D

    ReplyDelete
  2. අනේ අක්කියො මාත් එහෙමම තමා..පස්සෙ දාන්නම්කො අපේ කතා බ්ලොග් එකට

    ReplyDelete
  3. අට නවය වසරවල් මතක්වෙද්දී නම් අය ඒ කාලෙට යන අසා හිතෙනවා

    ReplyDelete
  4. :)8,9,10,11 තමා හොඳම..අනිත් අවුරුදු 2ක්ත් එහෙම වෙවි කියලා හිතනව..

    ReplyDelete

නොනිමි සිත් අහසට ආපු ඔයාලගේ අදහස් මතක ඇතුව සටහන් කරන්න..මෙන්න ඉඩක්