Tuesday, March 29, 2011

ජීවිතේ දකින්න කවියකින්...

බ්ලොග් ලිපි ගොඩක් කියවලා මාත් අර්ථාන්විත ලිපියක් ලියන්න කියලා හිතුව..පැය ගානක් හිතල හිතල නොදැකපු පැත්තක් ගැන ලියන්න හිතුනා.හයිකු කවි ගැන..ජපන් සාහිත්යයෙ සොඳුරු පැත්තක් ගැන.හයිකු ගැන දන්න කෙනෙක්ට නම් මතක් වෙන්නෙ මුලින්ම ඉසා කොබයාෂි කවියානන්ව..
හයිකු තුල දකින්න පුලුවන් ලස්සනම දේ සොබාදහම රසවිඳිම..මම ගොඩක් අගයන දෙයක් නිසමද මන්ද මට මෙ ගැන බ්ලොග් සටහනක් ලියන්න හිතුනෙ..හයිකු කවි තුල දයාව,මානුෂීය බව මේ හැමදේකම සංකලනයක් ගැබ් වෙලා තියෙනව..මෙ බ්ලොග් අඩවියෙ ඉන්න සුන්දරව හිතන හැමදෙනාම ආදරයෙන් වැලඳ ගනී කියලා හිතන හයිකු කවි කීපයක් මෙන්න…

“අර කොනේ ඉන්නෙ
වෙහෙස උන බෝනික්කන් දෙන්නෙක්
ඕ හරි හරි.
ඒ දෙන්න අම්මයි තාත්තයි”

බලන්න කොයිතරම් සරලව ගැබුරු අදහසක් අපට ගේනවද කියලා..අම්මයි තාත්තයි ගොඩාක් වෙහෙස වෙලා මහලු වෙලා.ඒත් අපට හැමදාම එයාලා තරුණ අය වගේ..

“ලස්සන තමයි
ඒත්
මිනිසුන් මරණවා
මේ බිම්මල.."

ඇත්ත නේද සුන්දරව අහිංසකව වගේ ඉඳගෙන අපිව විනාස කරන අය මේ ලෝකෙ සුලබයි..විචාරයක් නැතුව ඒ අය විශ්වාස කරන්න එපා කියලා අපට කිය දෙන අපූරුව බලන්න..

“රතු ගම්මිරිස් ඇටයකට
දෙන්න පියාපත් යුගලක්
මෙන්න බත් කූරෙක්..”

ඉතින් මේ වගෙ සොඳුරු විදියට හිතන්න මේ ලිපිය නිසා ඔබටත් හිතෙනවා නම් එක මගේ බලාපොරොත්තුව ඉටු වීමක්..
සයිබර් අවකාශයේ මගේ මුල්ලට ඇවිත් මේ ලිපි කියවල ගුණ දොස් දැකල ඒ ගැන ලියලා යන්න මගෙන් හැමදෙනාටම ආරාධනා....!!

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මගේ බ්ලොහ් ලිපියට මුලින්ම comment කරපු ගම්ලත් අය්යට තුති..!

    ReplyDelete

නොනිමි සිත් අහසට ආපු ඔයාලගේ අදහස් මතක ඇතුව සටහන් කරන්න..මෙන්න ඉඩක්