Sunday, May 29, 2011

වෙරි වුණ කල..! :D :D




ගොඩ කාලෙකින් පෝස්ට් එකක් දැම්මෙ නෑනෙ.ඉතින් ඔන්න අද එකක් දාන්න හිතුනා..මේක මතක් කලේ අපේ අම්මා.අපි ගිය අවුරුද්දෙ අනුරාධපුරේ ගිහාම සිද්ද උන පොඩි කතාවක්.කට්ටියට පොඩ්ඩක් වැඩි උනාම ඉතින් කරන වැඩ දන්නවනෙ.මේක උනේ අපේ මාමා කෙනෙක්ට.ම්ම් නම කිත්සිරි කියමුකො.බෝතලේට පණ වගේ ආදරෙ කරන්නෙ..පුතෙකුත් ඉන්නවා එයාට දැන් 5 වසරෙ.කොහොමහරි අපි හැමදාම අනුරාධපුරේ ගිහින් නවතින්නෙ අක්කලගෙ ගෙදර.මගෙම අක්ක නෙමේ හොඳේ.එහෙ මාමත් ඉතින් කිත්සිරි මාමා වගේම තමා බොන්න ගත්තම.එදත් ඉතින් කට්ටිය හොඳටම වෙරි වෙන්නම පොඩි අඩියක් ගහලා.(පොඩි කිව්වට ඉතින් හොඳටම වෙරි වෙන්න නම් කොච්චර බොන්න ඕනෙද කියලා හිතා ගත්තැහැකිනෙ).එදා ගොඩාක් අය ගිය නිසා නිදාගන්න තැන් එහෙම නම් ප්‍රශ්නයක් උනා.ඔන්න ඒ ගමන තාත්තලා මාමලා තීරණය කරා එයාල ඉස්තෝප්පුවෙ නිදා ගන්නම් කියලා..කිත්සිරි මාමා තමා යෝජනාව දැම්මෙත්.අපි උදේම නැගිට්ටහම මෙන්න කිත්සිරි මාමා කවදාවත් නැතුව උදේම නානවා.ගිහින් බැලුවම මේකයි සිද්දිය.රෑ අර මං කිව්ව මල්ලියාත් නිදාගෙන තියෙන්නෙ කිත්සිරි මාම ගාව.ඒ උනාට රෑ එතන ඉන්න බෑ කියලා ඉස්සරහ කාමරේට ගිහින් නිදා ගෙන.මාමට ඉතින් ඩෝප් නෙ.මාමට ඕක එච්චර ගාණක් වෙලා නෑ..මාම පැදුරෙ එහා පැත්තෙ නිදාගෙන හිටිය එක්කෙනා මල්ලි කියලා හිතාගෙන ළඟට අරගෙන.ඉතින් කියවනවලු..

"ඈ බන් පුතේ උඹ හවස නෑවෙ නෑ නෙද?මේ හොඳටම දාඩිය ගඳයි.."

"මොකෝ පුතේ වකු‍ටු වෙලා නිදා ගෙන ඉන්නෙ.මේ ඉඩ තියෙන්නෙ මෙහාට ඇවිත් නිදාගන්න."

"අනේ කොලුවො හොඳටම නිදිද ගොරෝනවන්නෙ." ඉතින් මාම නින්දෙන්ම රෙද්දකුත් පොරවලා.

ඈහ් කටේ ගඳ මොකද පුතේ මේ උල් දත්...කොහෙද ඒ ගමන යන්නේ? මාමට සැක හිතිලා නැගිටලා බලලා..

හෑ බැලින්නම් මාමලගෙ ගෙදර ඉන්න බල්ල.මෙච්චර වෙලා තුරුල් කොරං ආදරෙ කරල තියෙන්නෙ බල්ලට.සිද්දිය ඇසින් දැක වාර්තා කලේ අපේ තාත්තයි අනිත් මාමයි..

26 comments:

  1. මේ මේ.. අර බල්ලව නාවලා නැද්ද??

    ReplyDelete
  2. බිව්වට හොඳ වැඩේ...හොඳ පුතා කියල ඉම්බනම් තවත් වාසනාවන්

    ReplyDelete
  3. "ඈ බන් පුතේ උඹ හවස නෑවෙ නෑ නෙද?මේ හොඳටම දාඩිය ගඳයි.."
    බලු ගද = දාඩිය ගද???? o_O
    මොනව උනත් මරුවැඩේ....

    ReplyDelete
  4. :D

    බල්ලවත් නාවන්න තිබුණේ කෝකටත්

    ReplyDelete
  5. පව් අප්ප ඒ බල්ල...

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ඬහ් හොද වෙලාවට පුතා වෙනුවට බැල්ල ආදේශ උනේ.. නොනා වෙනුවට ආදේශ් උනානම් තමා.. හොද හොද සෙල්ලම් ටිකක් ඔයාලගෙ තාත්තලට ඇහෙන් දකින්න තිබ්බෙ... :D :D :D :D :D

    ReplyDelete
  8. ඒ කියන්නේ එදා මාමා සෑහෙන්න බීලා තියෙනවා..

    ReplyDelete
  9. බිව්වම වෙන දේවල්...

    ReplyDelete
  10. මට බඩ පැලෙනකම් හිනා මේක කියවලා.... හොඳ වැඩේ බොනවට... :)

    ReplyDelete
  11. අනේ කෙල්ල ගොඩ කාලෙකට පස්සේ....කොහොමද ඉතින් ඔයාට...

    බිව්ට පස්සේ ඉන්නේ කොහෙද , කරන්නේ මොනවද කියලත් අමතනය් නේ.....හොඳවැඩේ උන්න තැන් අමතක වෙන්න ලොකු අඩි ගහනවට....:P

    ReplyDelete
  12. paw wade monawa unath ballata une...balla nagitala gihin thiyenne nannada nangiyo??

    ReplyDelete
  13. අනේ ඉබ්බේ නැති එක විතරයි.. :P

    ඔකනේ කියන්නෙ අපි වගේ ගානකට බිවානම් ශෙප්නේ :D

    ReplyDelete
  14. ලොවෙත් නෑ...

    බල්ලා ලොකු එකෙක් උනා නම් වයිෆ් කියල සලකන්නත් තිබුනා නේද...??

    ReplyDelete
  15. හොද වෙලාවට පුතාව මතක් වුනේ නේද බන්....
    නෝනා කියල හිතාගෙන හ්ටියනම්...
    චී... ඈක්කා....
    අපෝ මම නම් බොනකොට බල්ලව ගැට ගහලා බොන්නේ....

    එල එල.

    ජය වේවා

    ReplyDelete
  16. මම තව දෙයක් එකතු කරන්නද???
    මගේ නංගියෙක් වුනානම් කන මිරිකලා අතට දෙනවා....

    "ඔය පුංචි වයසට ලියන ඒවද ඕවා??"

    පැහිච්ච ආච්චි.........

    ReplyDelete
  17. limit නැතුව බොනවට ඕව හොද පාඩම්

    ReplyDelete
  18. නියම කතාවක්නෙ නංගියෝ...හෙහ් හෙහ්....ඔන්න මකුළු පැංචිත් අද ඉඳන් නොනොමි සිත් අහස පැත්තෙ එනවා...කමක් නැද්ද මංදා... :D

    ReplyDelete
  19. ඕං මාත් ගෙඩවෙලා ගියා, අල්ලපු පුරේ කෙනෙක් නෙ... :D
    (ඇතුගල් පුරයෙන් සියනෑ පුරයට)

    ReplyDelete
  20. ඔයාගේ කොපි කඩෙත් කොමෙන්ට් වලට නේම් url දාන්නකෝ

    ReplyDelete
  21. කෝපි කඩේ මගෙ නෙමෙ අනෙ.මගෙ යාලුවෙක් ගෙ.මන් ඒකෙ ලියනව විතරයි

    ReplyDelete
  22. බල්ලට එපා වෙන්න ඇති ........
    මොකද කන පැලෙන්න අරක්කු ගහලා ගඳ හින්දා ......

    ReplyDelete
  23. හෆෝ! මාමත් පව්, බල්ලත් පව්.

    ReplyDelete
  24. මේක නම් බලලා එකක් නොදා යන්න හිතුනෙම නෑ. ගෙදර බල්ලො ඉන්නවනම් හොඳට නාවලා තියන්න. නැත්නම් ඔයාලගෙ ගෙදරදිත් කාට හරි ඔහොම දෙයක් වෙයි.

    ReplyDelete
  25. බල්ලට මොන ලෙඩක් හැදුනද දන්නෑ..
    හික්ස්...............

    ReplyDelete

නොනිමි සිත් අහසට ආපු ඔයාලගේ අදහස් මතක ඇතුව සටහන් කරන්න..මෙන්න ඉඩක්