නොනිමි සිත් අහස වියන්නෙ "පුංචි හිතක්"..ජීවිත කතාවේ සොඳුරු කතා වගේම විනොදාස්වාදයට ලියන මේ අහසට ඇවිත්ම පියාසලලා බලන්නකෝ..
Sunday, May 29, 2011
වෙරි වුණ කල..! :D :D
ගොඩ කාලෙකින් පෝස්ට් එකක් දැම්මෙ නෑනෙ.ඉතින් ඔන්න අද එකක් දාන්න හිතුනා..මේක මතක් කලේ අපේ අම්මා.අපි ගිය අවුරුද්දෙ අනුරාධපුරේ ගිහාම සිද්ද උන පොඩි කතාවක්.කට්ටියට පොඩ්ඩක් වැඩි උනාම ඉතින් කරන වැඩ දන්නවනෙ.මේක උනේ අපේ මාමා කෙනෙක්ට.ම්ම් නම කිත්සිරි කියමුකො.බෝතලේට පණ වගේ ආදරෙ කරන්නෙ..පුතෙකුත් ඉන්නවා එයාට දැන් 5 වසරෙ.කොහොමහරි අපි හැමදාම අනුරාධපුරේ ගිහින් නවතින්නෙ අක්කලගෙ ගෙදර.මගෙම අක්ක නෙමේ හොඳේ.එහෙ මාමත් ඉතින් කිත්සිරි මාමා වගේම තමා බොන්න ගත්තම.එදත් ඉතින් කට්ටිය හොඳටම වෙරි වෙන්නම පොඩි අඩියක් ගහලා.(පොඩි කිව්වට ඉතින් හොඳටම වෙරි වෙන්න නම් කොච්චර බොන්න ඕනෙද කියලා හිතා ගත්තැහැකිනෙ).එදා ගොඩාක් අය ගිය නිසා නිදාගන්න තැන් එහෙම නම් ප්රශ්නයක් උනා.ඔන්න ඒ ගමන තාත්තලා මාමලා තීරණය කරා එයාල ඉස්තෝප්පුවෙ නිදා ගන්නම් කියලා..කිත්සිරි මාමා තමා යෝජනාව දැම්මෙත්.අපි උදේම නැගිට්ටහම මෙන්න කිත්සිරි මාමා කවදාවත් නැතුව උදේම නානවා.ගිහින් බැලුවම මේකයි සිද්දිය.රෑ අර මං කිව්ව මල්ලියාත් නිදාගෙන තියෙන්නෙ කිත්සිරි මාම ගාව.ඒ උනාට රෑ එතන ඉන්න බෑ කියලා ඉස්සරහ කාමරේට ගිහින් නිදා ගෙන.මාමට ඉතින් ඩෝප් නෙ.මාමට ඕක එච්චර ගාණක් වෙලා නෑ..මාම පැදුරෙ එහා පැත්තෙ නිදාගෙන හිටිය එක්කෙනා මල්ලි කියලා හිතාගෙන ළඟට අරගෙන.ඉතින් කියවනවලු..
"ඈ බන් පුතේ උඹ හවස නෑවෙ නෑ නෙද?මේ හොඳටම දාඩිය ගඳයි.."
"මොකෝ පුතේ වකුටු වෙලා නිදා ගෙන ඉන්නෙ.මේ ඉඩ තියෙන්නෙ මෙහාට ඇවිත් නිදාගන්න."
"අනේ කොලුවො හොඳටම නිදිද ගොරෝනවන්නෙ." ඉතින් මාම නින්දෙන්ම රෙද්දකුත් පොරවලා.
ඈහ් කටේ ගඳ මොකද පුතේ මේ උල් දත්...කොහෙද ඒ ගමන යන්නේ? මාමට සැක හිතිලා නැගිටලා බලලා..
හෑ බැලින්නම් මාමලගෙ ගෙදර ඉන්න බල්ල.මෙච්චර වෙලා තුරුල් කොරං ආදරෙ කරල තියෙන්නෙ බල්ලට.සිද්දිය ඇසින් දැක වාර්තා කලේ අපේ තාත්තයි අනිත් මාමයි..
Labels:
අත්දැකීම්,
විනෝදාත්මක
Subscribe to:
Post Comments (Atom)
මේ මේ.. අර බල්ලව නාවලා නැද්ද??
ReplyDeleteබිව්වට හොඳ වැඩේ...හොඳ පුතා කියල ඉම්බනම් තවත් වාසනාවන්
ReplyDelete"ඈ බන් පුතේ උඹ හවස නෑවෙ නෑ නෙද?මේ හොඳටම දාඩිය ගඳයි.."
ReplyDeleteබලු ගද = දාඩිය ගද???? o_O
මොනව උනත් මරුවැඩේ....
:D
ReplyDeleteබල්ලවත් නාවන්න තිබුණේ කෝකටත්
පව් අප්ප ඒ බල්ල...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඬහ් හොද වෙලාවට පුතා වෙනුවට බැල්ල ආදේශ උනේ.. නොනා වෙනුවට ආදේශ් උනානම් තමා.. හොද හොද සෙල්ලම් ටිකක් ඔයාලගෙ තාත්තලට ඇහෙන් දකින්න තිබ්බෙ... :D :D :D :D :D
ReplyDeleteඒ කියන්නේ එදා මාමා සෑහෙන්න බීලා තියෙනවා..
ReplyDeleteබිව්වම වෙන දේවල්...
ReplyDeleteමට බඩ පැලෙනකම් හිනා මේක කියවලා.... හොඳ වැඩේ බොනවට... :)
ReplyDeleteඅනේ කෙල්ල ගොඩ කාලෙකට පස්සේ....කොහොමද ඉතින් ඔයාට...
ReplyDeleteබිව්ට පස්සේ ඉන්නේ කොහෙද , කරන්නේ මොනවද කියලත් අමතනය් නේ.....හොඳවැඩේ උන්න තැන් අමතක වෙන්න ලොකු අඩි ගහනවට....:P
paw wade monawa unath ballata une...balla nagitala gihin thiyenne nannada nangiyo??
ReplyDeleteඅනේ ඉබ්බේ නැති එක විතරයි.. :P
ReplyDeleteඔකනේ කියන්නෙ අපි වගේ ගානකට බිවානම් ශෙප්නේ :D
ලොවෙත් නෑ...
ReplyDeleteබල්ලා ලොකු එකෙක් උනා නම් වයිෆ් කියල සලකන්නත් තිබුනා නේද...??
හොද වෙලාවට පුතාව මතක් වුනේ නේද බන්....
ReplyDeleteනෝනා කියල හිතාගෙන හ්ටියනම්...
චී... ඈක්කා....
අපෝ මම නම් බොනකොට බල්ලව ගැට ගහලා බොන්නේ....
එල එල.
ජය වේවා
මම තව දෙයක් එකතු කරන්නද???
ReplyDeleteමගේ නංගියෙක් වුනානම් කන මිරිකලා අතට දෙනවා....
"ඔය පුංචි වයසට ලියන ඒවද ඕවා??"
පැහිච්ච ආච්චි.........
limit නැතුව බොනවට ඕව හොද පාඩම්
ReplyDeleteනියම කතාවක්නෙ නංගියෝ...හෙහ් හෙහ්....ඔන්න මකුළු පැංචිත් අද ඉඳන් නොනොමි සිත් අහස පැත්තෙ එනවා...කමක් නැද්ද මංදා... :D
ReplyDeleteඕං මාත් ගෙඩවෙලා ගියා, අල්ලපු පුරේ කෙනෙක් නෙ... :D
ReplyDelete(ඇතුගල් පුරයෙන් සියනෑ පුරයට)
ඔයාගේ කොපි කඩෙත් කොමෙන්ට් වලට නේම් url දාන්නකෝ
ReplyDeleteකෝපි කඩේ මගෙ නෙමෙ අනෙ.මගෙ යාලුවෙක් ගෙ.මන් ඒකෙ ලියනව විතරයි
ReplyDeleteබල්ලට එපා වෙන්න ඇති ........
ReplyDeleteමොකද කන පැලෙන්න අරක්කු ගහලා ගඳ හින්දා ......
හෆෝ! මාමත් පව්, බල්ලත් පව්.
ReplyDeleteමේක නම් බලලා එකක් නොදා යන්න හිතුනෙම නෑ. ගෙදර බල්ලො ඉන්නවනම් හොඳට නාවලා තියන්න. නැත්නම් ඔයාලගෙ ගෙදරදිත් කාට හරි ඔහොම දෙයක් වෙයි.
ReplyDeleteබල්ලට මොන ලෙඩක් හැදුනද දන්නෑ..
ReplyDeleteහික්ස්...............
heh hehhh...
ReplyDelete