නොනිමි සිත් අහස වියන්නෙ "පුංචි හිතක්"..ජීවිත කතාවේ සොඳුරු කතා වගේම විනොදාස්වාදයට ලියන මේ අහසට ඇවිත්ම පියාසලලා බලන්නකෝ..
Monday, June 20, 2011
හිත සනසපු බුදු වදන්
අපේ පවුලෙ අය එකතු වෙලා පොසොන් එකට පුංචි දන්සැලක් දුන්නා.සිරිත් පරිදි ඒකට සමගාමීව ධර්ම දේශනයක් තියන්නත් ඕනෙනෙ.ඒ නිසා ඊයෙ රෑ ධර්ම දේශනාවකුත් තිබ්බා.අද ඒ ගැන. ඉස්සර මං ආසම නැති වැඩේ තමා බණ අහන්න යන එක..ඒත් දැන් නම් පන්සලකට යන්න,පහන් වැටක් දිහා බලන් ඉන්න බණ අහන්න පුදුම ආසයි.ප්රශ්න වලට සහනයක් ගේන්න පුලුවන් බුදුන් වහන්සේ ගෙ ධර්මයටමයි කියලා මට හිතෙන්නෙ මං බෞද්ධ නිසා වෙන්න ඇති.අනිත් ආගම් වල අයත් තමන්ගෙ ශාස්තෲන්ට මේ වගේම ගරු කරනවනෙ..
ධර්ම දේශනාව නම් මං මුල ඉඳන් අගටම ගොඩාක් ආසාවෙන් අහන් හිටියා.හරිම රසවත්.ඒ බණ තුළින් මූලිකවම කියා දුන්නෙ පවුලක් තුල යුතුකම්,සැබෑ ආදරය කියන දේ වගේම ධර්මයෙ හැසිරීමෙන් ලැබෙන ආනිසංශ.මනස රැක ගැනීම ගැනත් කිය උනා.බුදු දහමේ මූලිකම ඉගැන්වීමක් වෙන්නෙ ඒක.ඇත්තටම අපි මනස රැක ගත්තා නම් මේ ලෝකෙ මොන තරම් වෙනස් කරන්න පුලුවන්ද.අපි ඉක්මන් වෙලා ගන්න තීරණ,අනුන්ව තලා පෙලා දාල තමන් උඩට එන්න හදන එක,වැරදි වැටහීම් වගේම අන් සතු දේ තමන් සතු කරගන්න ගන්නා උත්සාහයන්.මට මේ සතිය තුල සිද්ද වුන දේවල් වලින් රිදිලා තිබුන හිත හොඳටම සුවපත් කරගන්න මට හැකි වුණා.
එහි කිය වුණ පුංචි කතාවකුත් කියන්නම්.මේක රසවාහිනියෙ එන මිගපෝතක කියන කතා වස්තුවේ සාරාංශයක්.ඒ කාලෙ කිරින්දට අල්ලපු ගම මාගම තිබුණලු උඳුලොල් කියලා විහාරයක්.ඒ විහාරයේ ළඟම ජීවත් වුණ වැද්දෙක් හිටියලු.එහෙම සමහරු ඉන්නවනෙ.කොයිතරම් හොඳ තැනක හිටියත් කරන්නෙම නරක වැඩ.ඉතින් පන්සලක් ගාව පිනක් දහමක් නොහිතන අය ඉන්න එක පුදුමයක් නෙමේ,බුදු හාමුදුරුවන් වැඩ වසන කාලෙ චුන්දසුකරික මස් වෙළදාම් කලේ ඡේතවන විහාරය අබියසමලු.ඉතින් මේක පුදුම වෙන්න දෙයක් නෙමෙ.දැනුත් බලන්න අපි කොච්චර හොඳ උනත් අපි අතරෙත් වැද්දො වගේ අය ඉන්නවා නේද කියලා?,
ඉතින් මේ පන්සලේම ඉන්නවලු පුංචි මුව පැටියෙකුත්.දැන් කාලෙ වගේ නෙමෙ ඉස්සර කාලෙ පන්සලේ හැමදාම බණ කිව්වනෙ.(අරිය වංශ දේශනාව නමින් හැඳින් වුනාලු),ඉතින් හවසට හැමදාම ගමේ අය එනවා බණ අහන්න.මේ දවසත් එහෙමයි.මේ පුංචි මුව පැටිය වතුර බොන්න කියලා පොකුණ ගාවට යනවා ධර්ම දේශනාව ආරම්භ වෙන්න ටිකක් කලියෙන්.ඒ මුව පැටියව දර වැද්දා දකිනවා.දැකලා දඩයම් කරගන්න හිතල දුනු ඊ ඒ පුංචි මුව පැටියට එල්ල කරනවා.එකෙනෙහිම ධර්ම දේශනාව ආරම්භ වෙන්න ඝාන්ටාරය නාද වෙනවා.මුව පැටියා පන්සලේ හැදී වැඩුන හින්දම මේ ශබ්දය අඳුනනවා.ඉතින් මුව පැටියගෙ හිත පිරිසිදු වෙලා සැදැහැවත් සිතිවිලි පහල වෙනවා.ඒ වෙලේම වැද්දා ඊයක් විදලා මුව පැටියව මරණයට පත් කරනවා.ඒත් ඒ ඇති වුණ හොඳ සිතිවිලි වල බලෙන් මුව පැටියා පංසලේ ලොකු හාමුදුරුවන්ගේ නැගණියගේ කුසේ පිලිසිඳ ගන්නවා.එයින් පස්සෙ අවුරුදු 7 දි පන්සලේ පැවිදි වෙලා අරහත් ඵලය ලබා ගන්නවා.ඉතින් හොඳ සිතිවිල්ලකට කරන්න පුලුවන් දේ කොයිතරම් ද බලන්න.
හැමෝම තමන්ගෙ හිත් පිරිසිදු කරගෙන හොඳ දේවල්ම කරන්න උත්සහ ගන්නවා නම් මං මේ දේ තුලින් දෙන්න උත්සහ කරපු දේ ඉටු වේවි.අපි අතරේ ඉන්න නරක අයත් හොඳ මගට ගන්න පුලුවන් වෙනවා නම් තවත් හොඳයි.ඉතින් මේ බුද්ධ ජයන්ති වසරේ හැමෝම තමන්ගෙ උත්සාහයෙන් හොඳ දෙයක් කරලා මේ ලෝකය තවත් ලස්සන කරන්න අත්වැල් බැඳගමු නේද?.
Labels:
සමාජයීය
Subscribe to:
Post Comments (Atom)
මේ හැමදේටම මුල් වෙන්නේ හිත කියන එක තමයි මට නම් හිතෙන්නේ. හරිම ලස්සන බණ කතාව.
ReplyDeleteහැමෝම තමන්ගෙ හිත් පිරිසිදු කරගෙන හොඳ දේවල්ම කරන්න උත්සහ ගන්නවා නම් මං මේ දේ තුලින් දෙන්න උත්සහ කරපු දේ ඉටු වේවි.අපි අතරේ ඉන්න නරක අයත් හොඳ මගට ගන්න පුලුවන් වෙනවා නම් තවත් හොඳයි.ඉතින් මේ බුද්ධ ජයන්ති වසරේ හැමෝම තමන්ගෙ උත්සාහයෙන් හොඳ දෙයක් කරලා මේ ලෝකය තවත් ලස්සන කරන්න අත්වැල් බැඳගමු නේද?
ReplyDeleteගොඩක් වටිනා අදහසක්. වෙන්න ඕන මේ වගේ අදහස් සමාජ ගත වීමයි.
බණ.මටත් ඔයාට වගේම බණ අහන්න හිතෙන්නෙම නැ...
ReplyDeleteදන්සැලක් දුන්න කියල කිව්වෙවත් නෑ..අපි නම් ඔන්න අනුරාදපුරේට යනකම් ඔක්කොම දන්සැල් වලට වග කිව්ව :ඩී
ReplyDeleteekanam lassana kathawak nangiyo...hithata waduna ouduma widihata....:)
ReplyDeleteඇත්ත අක්කේ අපි සිතුවිලි පිරිසිදු වෙන්න වෙන්න අපේ ජීවිතත් ලස්සන වෙනවා..
ReplyDeleteඅනේ සාදු සාදු ......
ReplyDeleteලස්සන බණ කතාවක් ........
@දිනෙශ් අයිය-අලේ මන් අක්ක නෙමේ.නංගි.අද දවසට කී දෙනෙක් මට අක්කා කිව්වද? :'(
ReplyDeleteකුරුං ගුරුං-අනේ දැන් නම් ඒ උනාට ආසයි ඉස්සර තමා ආස නැත්තෙ.:
ReplyDelete@මධුරංග අයියා-හ්ම්ම් ඒක ඇත්ත අයියා හිත පාලනය කර ගන්න එක ගොඩාක් වටින දෙයක්.
ReplyDelete@all in one-හැමෝම එකතු වුනොත් බැරි වෙන එකක් නෑ නේද?
@චාටර් කොල්ලා-අපෝයි පුදුම ලමයි.අනේ අපි පොඩී දන්සැලක් දුන්නෙ.ඊලග පාර කියන්නම්කො.
@දිලීප අයියා- :) :)
@කල්හාර අයියා-සාදු සාදු නෙමේ පිනක් දහමක් කරගන්න.දැන් වයසය් නෙ :P
එල
ReplyDelete