Thursday, August 18, 2011

එදා සහ අද !

අගෝස්තු නිවාඩුව ආපුවාම අපිට නිවනක් නෑ,සරුංගල් බලන්න කියලා දවසම ගල උඩ ඉන්නවා.ඒ විතරක් යෑ ඇයි සරුංගල් හදලා යවන්න.මාත් දන්නවා සරුංගල් හදන්න.ඒත් උඩ යන්නැහැ.ඉතින් මට සරුංගල් හදලා දුන්නෙ ඉස්සරහ ගෙදර මල්ලි.මල්ලියි මමයි අක්කයි තුන් දෙනාම යනවා සරුංගල් අරින්න.මම 10 වසරට විතර යනකන්ම සරුංගල් අරින්න ගියා අගෝස්තු නිවාඩුවට.කෙල්ලො කොල්ලො බේදයක් නෑ හැමෝම එක්කහු වෙනවා සරුංගල් බලන්න.කොයිතරම් සුන්දරද?

ඉස්සර පුරුද්දට වගේ රෙදි ටික ගන්න ගලට ගියාම මං වාඩි වෙලා පේන අහස් මානයේ සරුංගලයක් හෙව්වා.ඉස්සර සරුංගල් දහ දොලහක් පේන අහසෙ අද එකම එක සරුංගලයක්වත් නෑ,කාලය යද්දි අපි හැමෝම වෙනස් වෙලා,ඒත් අපි ගෙවපු කාලයටත් වඩා අඩු කාලයක් අද පුංචි එවුන්ට ඉතිරි වෙලා තියෙන්නෙ කියලා හිතෙනවා,අපිටත් හැමදාම හවසට පන්ති තිබුණා තමා ඉස්කෝලෙ ඇරිලා ගෙදර එද්දි 4 විතර වෙනවා තමා ඒත්...ඒත් අපි සෙල්ලම් කලා.හැමෝම කියනවා වගේ පන්ති නිසා අපේ නිදහස අපිට නැති වුණේ නෑ,නැති වෙන්නෙත් නෑ මට හිතෙන්නෙ.පන්ති ගියාමත් අපිට නිදහසක් තිබුණා සාමාන්‍ය පෙල කරද්දිත්.අපේ පන්තියට එහා පැත්තෙ වෙලේ ගොයම් කපලා ඉවර වුණාම අපි යනවා එල්ලෙ ගහන්න.කෙල්ලො එක පැත්තක කොල්ලො එක පැත්තක.නැත්තම් කලවමේ..පන්ති ඉවර වුණ ගමන්ම දුවන්නෙ වෙලට.වැටි වැටි බෝලෙ පස්සෙ ගිය අපි.මඩ අරන් මූණු වල ගෑව අපි පන්න පන්න කහඹිලියා ගා ගත්ත අපි අද උසස් පෙල කරන්න ඇවිත්..

දැන් උසස් පෙල කරනකොට නම් වැඩ කරන්න තියෙනකොට නිදහසක් නැති බව ඇත්ත ඒත් සාමාන්‍ය පෙළ කාලෙත් ඇති තරම් නිදහසක් තිබුණා.ඒ කියන්නෙ ගිය අවුරුද්ද වෙනකන්ම අපි නිදහසේ හිටියා.එහෙනම් ඇයි මේ?නිදහස නැහැ නෙමෙ අද සරුංගල් යවන්න සෙල්ලම් කරන්න නෙමේ ඊට වඩා දේවල් පොඩි එවුන්ගෙ හිත් වලට ළං වෙලා,තාක්ෂණයත් එක්ක ලෝකෙ වෙනස් වෙනවා.අද සරුංගලේ රෝන්දෙ ගහන්න යන බයිසිකලේ වෙනුවට ෆෝන් එකයි කම්පියුටර් එකයි ළං වෙලා.ඇත්ත මටත් එහෙමයි,හැමෝටම එහෙමයි.ඉස්සර වෙලේ,වත්තේ දුව දුව හැංගි මුත්තම් කරපු අපි,ගස් ඔට්‍ටු දාපු අපි අල්ලන ඔට්‍ටු දාපු අපි කුණු අඹ ගහ ගත්තු අපි කාලෙත් එක්ක වෙනස් වෙලා.අපෙන් එහා අය ඊටත් වෙනස් විදිහකට එයාලගෙ නිදහස ගත කරාවි.අපි කාලයටත් වඩා ඉක්මණට ඉස්සරහට දුවනවා තාක්ෂණයත් එක්ක ඔහේ දුවනවා.ඉතින් හෙට දවස කොහොම වේවිද?

7 comments:

  1. ඇත්ත කතාව , එදා ඇඟ හොල්ලල සෙල්ලම් කරපු පැටවුන් , අද උරහිස් අකුල ගෙන ඇස් තද කරගෙන පරිගණකයේ , මොබයිල් ෆෝන් එකේ , නැතනම් ගේම් බෝයි එකේ , අවසන් ප්‍රතිපලය , සරු අත්දැකීම් නැති හිස් පරපුරක් බිහිවෙන එක , ඔවුන්ට ප්‍රශ්නයක් විසඳගන්න , දුකක් දරා ගන්න , පැරදුමක් දරා ගන්න , අමාරුයි.
    අන්තිමට හිතිනුත් ගතිනුත් ලෙඩ්ඩු පිරිසක් ....
    හොඳ මාතෘකාවක්

    ReplyDelete
  2. කොහොම උනත් ඇත්ත කතාව. ජිවිතේ කාලයත් එක්ක වෙනස වෙනවා කියන්නේ ඕක තමා. ඔයා අද විදින අත්දැකීම මම මිට අවුරුදු 6 කට කලින් වින්ඳ හැබැයි ඒ ඔයාට වැඩිය වෙනස් විදියකට ඔයා තාම මට හිතෙන විදියට උසස්පෙළ කරන්න පටන් ගත්තා විතරයි. ඉදිරියට තවත් වෙනස් වෙයි. ලෝකේ ඔහොම තමයි....
    කොහොම උනත් මම ඔයාට සුබ පතනවා

    ReplyDelete
  3. ඇත්ත ඉස්සරහට එන්නේ පරිඝණක යුගයක්. ළමයි බහිර සෙල්ලම් කරන්නේ නෑ. පරිගණකය බදාගෙන ඒවයින් තමා සෙල්ලම් කරන්නේ.

    මොකෝ කාලෙකට පස්සේ. නංගිට වැඩ තියෙන්න ඇති නේ.

    ReplyDelete
  4. මක් කොරන්නද අලේ...ලෝකේ කැරකෙනවානේ නගේ

    ReplyDelete
  5. ඒ දවස්වල අපි ඉස්කෝලේ අරුන හැටියේ දුවන්නෙ බෝල් ගහන්න, ගොයම් කපපු කාලෙට එල්ලෙ ගහන්න. අගෝස්තු මාසෙම සරුංගල් අරිනවා .......

    ඇත්තටම අද කාලේ දරුවෙකුගේ ජීවිතේ මොකක්ද කියලා හිතෙනවා. හරියට අවුරුදු 3 න් මොන්ටිසෝරි ඊට පස්සෙ ඉස්කෝලෙ, ශිෂ්‍යත්වෙ, ඕලෙවල්, ඒලෙවල්, කැමිපස්, රස්සාව, කසාදේ. ජීවිතේ මාර සංකීර්ණ වෙලා .....

    ReplyDelete
  6. මේකෙන් වෙන්නේ අලුත් පරපුර ලෙඩ්ඩු වීම විතරයි.. එළිමහන ක්‍රීඩාවලට යොමු නොවී ගෙවල් අස්සේ ඉන්නන ළමයි දැන් දැන් වැඩියි.. අනේ මන්දා.. තාක්ෂණයේ නරක පැත්තක් තමයි මේ.. ලිපිය බොහොම කාලෝචිතයි..

    ReplyDelete
  7. හැක් හැක්... ඉතින් අප්පේ සරුන්ගල් බලන්ට ගල් ගානෙ රස්තියාදු වෙන්ට ඔනි යෑ... ඔය ගූගල් එකට ගිහින් කයිට් කියල සර්ච් කොරානම් හෙන තොගයක් එන්නේ... :D

    ReplyDelete

නොනිමි සිත් අහසට ආපු ඔයාලගේ අදහස් මතක ඇතුව සටහන් කරන්න..මෙන්න ඉඩක්