Thursday, September 15, 2011

නුඹ කොහෙද අද? : මොන්ටිසෝරියේ මගේ යාලුවා



මොන්ටිසෝරිය අම්මලගෙ තුරුලෙන් ඈත් වෙලා අපි යන පලවැනි තැන.හැමදේම අලුත්..මගෙ මතකයෙ බොඳ වෙලා තාමත් යන්තමින් සිහියට එන සුන්දරම කාලයක්.ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ සිස්ටර්ස් ලත් එක්ක ආසාවෙන් ගත කරපු කාලෙ.අන්තිම කොන්සට් එක දවසෙ කෙල්ලො කොල්ලො බේදයක් නැතුව ඇඳුම් අඳින්න අපි හැමෝම ඇ‍ඟෙ නූල් පොටක්වත් නැතුව ප්‍රධාන ශාලාවට දුවපු හැටි..හරි පුදුම ඉස්කෝලෙ පරිච්ඡේදයක් මට සිහි කරනවා අදටත්.
පුංචි කාලෙ මතකයන් අවුස්සද්දි මගෙ අම්මා මට මතක් කරලා දුන්න එක්තරා චරිතයක් ආයෙමත් දැක ගන්න ආසාවක් ආවා.මොන්ටිසෝරියෙ මගෙ හොඳම යාලුවා.මට ඒ ගැන කිසිම දෙයක් මතකයෙ තිබුන්නැති වුණත් අම්මා කියපු දේ වලින් මම කරුණු එකතු කලා..පොඩි එවුන්ගෙ හිත් පිවිතුරුයි.විෂ ක‍ටු ඒ හිත් ඇතුලෙ හැංඟිලා නෑ.එහෙම කාලෙ මට ලැබිලා තිබුණ යාලුවගෙ නමවත් මට මතක නෑ.අම්මා කියපු විදිහට නම් "ගනේපොල" කියලා තමා කතා කරලා තියෙන්නෙ.
මොන්ටිසෝරියට ආපු වෙලාවෙ ඉඳන් තොර‍තෝංචියක් නැතුව කියවන මේ කෙල්ලයි කොල්ලයි ගැන පන්තියෙ ටීචර් ට නම් බොහොමයක් නඩු තිබුණලු අම්මලාට කියන්න..කියවන්න ගත්තම ඉවරයක් නැති කතාව..මම නම් තාමත් එහෙමමද මන්දා..අන්තිමට දෙන්නව වෙන් කරලා වාඩි කරවන්න ටීචර් ට සිද්ද වෙලා..ඉතිං මේ පුංචි කෙල්ල පන්තියෙ එක කෙලවරකත් පුංචි කොල්ලා අනිත් කෙලවරෙත් ටීචර් වාඩි කරවලා.එහෙම වාඩි කලත් ඉන්ටවල් එකට පස්සෙ ඒ පුංචි කොල්ලා මාව හොයාගෙන එන්නෙ එයාව වාඩි කරවලා තියෙන පුංචි පු‍ටුවත් උස්සගෙනමලූ.ඉතිං වෙන් කරලා වාඩි කරවන එකත් ටීචර් ට අත් අරින්න සිද්ද වෙලා.එකට කෑම කාපු උදේ ඉඳන් කියවපු ඒ පුංචි යාලුවව මම තාම හොයනවා..එකම එක වතාවත් දැක ගන්න ආසා නිසා.ගම්පහ සිරිකුරුස විද්‍යාලයට මොන්ටිසෝරියට ඇතුල් වුණ ඕලු පන්තියෙ හිටපු ගනේපොල..එච්චරයි මං දන්නෙ..මං ගත කරපු අවුරුදු 17 තුල සිය ගාණක් යාලුවො මගෙ ජීවිතේට ආවා..ඒ අතරෙ මුල්ම යාලුවෙක් වුණ කෙනාව දැක ගන්න මගෙ හිතේ තියෙන ආසාව සුලු ප‍ටු නෑ.කවදා හරි මං එයාව හොයාගන්නවා.අද මොකක්දෝ හේතුවක් නිසා එයාව මතකයා ආවා,ඒකයි මේ පුංචි සටහන දැම්මෙ.

9 comments:

  1. :D :D bala kale ayee enne naaa...... :D :D

    ReplyDelete
  2. ගම්පහ ළමයෙක් එහෙම නම්... මම නම් මීට කාලෙකට කලින් ගිහින් පොඩි කාලෙ එකට හිටපු උන්ව බලල ආව... :)

    ඒත් ඔය වගේම එක යාලුවෙක්ව හොයාගන්න නෑ... ඒ ගමේ උන්වත් දන්නෙ නෑ ඒ අය දැන් ඉන්නෙ කොහෙද කියල...

    ReplyDelete
  3. @සාතන් අයියා-අයියත් ගම්පහද?

    @මාඩා අයියා ඇත්ත අයියා කාලේ ඉක්මනටම ගෙවෙනවා.ආයෙත් එන්නේ නෑ

    ReplyDelete
  4. ලගදිම හොයාගන්න පුළුවන් වේවි. ඉස්සර වගේ නෙවේනෙ ලෝකෙ පුංචි තැනක් නොවැ දැන්.

    ReplyDelete
  5. සංවේදී කතාවක්.එත් සමහරවිට ඔයාගේ පැරණි මිතුරා මුණ ගැසුනොත් දැන් ඔහු පිලිබදව ඔබේ සිතේ ඇති සොඳුරු සිතිවිලි සිදී බිදී යන්නත් පුළුවනි.කාලය විසින් හැමදේම වෙනස් කරනවා.

    ReplyDelete
  6. අනේ... නංගා මටත් මොන්ටිසෝරියෙ හිටපු සමහර අයව අම්මා මතක් කලාම බලන්න ආස හිතිලා තියන්වා. සමහර අයව හම්බෙලත් තියන්වා. එහෙම වුනාම හිතට ආසයි නෙද??

    හැමෝගෙම හිත් සුන්දරම තියන කාලයක්නෙ.. ඔය කාලෙ

    ReplyDelete
  7. පුංචි සන්දිය මතක නෑ. ඒත් මතක් කරන‍කොට ගොඩක් සතුටුයි. අනේ ඒ කාලෙට යන්න ඇත්නම්..

    ReplyDelete
  8. ඔයාගේ යාළුවා ඔයාට මුණගැහෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  9. මගේත් මොන්ට්සෝරි යාළුවොන්ගෙන් හුගක් අය අදටත් මුණගෑහෙනවා.අනේ ඒ කාලෙ ඒවා අපිට එච්චර මතක නෑති උනාට අම්මලාටනම් මතකයි.අදටත් මතක් කරලා හිනා වෙනවා.ඔයාගෙ යාළුවත් ඉක්මනටම මුණගෑහෙයි නන්ගා

    ReplyDelete

නොනිමි සිත් අහසට ආපු ඔයාලගේ අදහස් මතක ඇතුව සටහන් කරන්න..මෙන්න ඉඩක්