Thursday, March 31, 2011

හිත හොඳ ඇත්තො..





මේ කියන්න යන්නෙ හොට් හොට් නිව්ස් එකක් ගැන..මේ දැන් සිද්ද උන එකක්..මම මුනූ පොතේ කරක් ගහල පොඩි කතාවකුත් දාගෙන ඉදිදි අපේ කලුවා හෙවත් බ්ලැකී බුරනව ඇහුන..මාත් ඉතින් ඕපෙ හොයන්න කියලා එළියට ගිහින් විපරමක් දැම්මා.අස්පට හෝ ගාලා බුරනවා.එයාගෙ සද්දෙට අනිත් බලු ඇත්තොත් හූ මිටි තියනවා.එක යුද්ධයයි..මාත් ඉතින් සාම හමුදාව වගේ ගියා ඉස්සරහට..බැලුවම තලගොයෙක්ට තමා මේ කට්ටිය සද්ද දාන්නෙ.මව දැක්ක විතරයි බලු හමුදාවට තද වෙලා නායකයා හෙවත් බ්ලැකී තලගොයාව ඇල්ලුවෙ නැතෑ...හපෝයි..දැන් මොකද කරන්නෙ..මහලොකුවට ගියා වගේයැ සාම හමුදාවත් තලගොයින්ටයි බල්ලටයි බයයි..ඒ අස්සෙ තලගොයට දෙතිස් මහා වද පමුනුවනවා බලු හමුදාව..සාම හමුදාවත් ඇරියෙ නෑ බල්ලන්ට වඩා හයියෙන් කෑ ගැහුව..(වෙන කරන්න දෙයක් නෑ නොවැ..)ඔන්න ඉතින් එතකොට තමා හිත හොඳ ඇත්තෙක් මෙතනට ආවෙ..කාගෙ කව්ද කියල මං දන්නෙත් නැහැ..හිත හොඳ ඇත්තා කොහොමින් කොහොමින් හරි තලගොයි මහත්තයව බේරුවා.ඇත්තටම පින් සිද්ධ වෙන වැඩක්..ඔය වගේ මිනිස්සු හරි හිඟයි දැන්..එහෙම කියන්න හේතුව අපෙ ගම්පලාතෙත් තලගොයි මරලා මසට ගන්න ඇත්තො ඉන්නව..සංවේගයෙන් උනත් ඒ දේත් කියන්න ඕනෙ..එහෙව් තලොගොයෙක් මැරෙනකන් බලන් ඉන්න පළාතක මේ වගෙ දෙයක් දුලබයි..ඒ හිත හොඳ ඇත්තට උපහාරයක් විදිහටයි මේ කතාව ලිව්වෙ..මෙහෙව් ඇත්තො ඉන්න රටක් වාසනාවන්ත රටක් නේද?




                              මේ එක්කම පොඩි අතුරු කතාවකුත් ලියන්න හිතුනා..මේ කතාව මේතනට සම්බන්ධෙකුත් නෑ ඕං..මුලින්ම කිව්වා.මේක පුංචි හිතට අහු උනේ පත්තරේකින්..පුංචි හිත නිවාඩු පාඩුවෙ ඉන්න වෙලේක අහුවෙච්ච පත්තරේක ලිපියක උඩින්ම පොල් තඩි අකුරෙන් දාලා තියෙනවා මෙහෙම.."ලෝකයක් වනසන බර්ගර්" අස්පට මේ අපි කන පොඩි බර්ගර් එකකට එච්චර හදියක් කරන්න පුලුවන්ද?තකහණියක්ම ඔක්කොම වැඩ දාලා කියවන්න පටන් ගත්තා ඒ කතාවෙ සුල මුල..බැලුවම වැඩේ ඇත්ත..ඔය හැම් බර්ගර් හදන්න අවශ්‍ය මස් ලබාගන්න ඇති කරන ගව පට්ටිවලට ආහාර වගා කරන්න කැලෑ එලි කිරීම හරි හරියට සිද්ද වෙන දෙයක්.ඒ ගව පට්ටි හිමියන්ට බ්‍රසීලියානු වනාන්තර පවා විනාස කිරීමේ හැකියාව තියෙනවාලු..එ කිව්වෙ ඇමේසන් වනාන්තරය උනත්..අපෙ අප්පො..ඒ විතරක්යැ ගව පට්ටි වලින් නිකුත් වන හරිතාගර වායුවක් හෙවත් මීතේන් නිසා වායුගෝලය උණුසුම් වීම සිද්ද වෙනවලු.මේ වැඩ අස්සෙ ඉන්නවා එක්තරා පුද්ගලයෙක්..නම "බ්ලෙයාරෝ මැගී"..මං හිතන්නෙ ගොඩ දෙනෙක් මෙයා ගැන අහල නැතුවත් ඇති..බ්ලෙයාරෝ සෝය බීජ වෙළදාමෙන් ධනවත් වෙච්ච ඇත්තෙක්.ඒ වගෙම ලොකේ ගව මස් අපනයන කරුවන්ගෙන් ප්‍රමුඛයෙක්.හැබැයි ඒ ඉස්සර.දැන් පරිසරයට ගොඩාක් ආදරෙ කරමින් ඉන්න කෙනෙක්.කැළෑ එලි කරමින් සෝයා වගා කිරීම තාවකාලිකව තහනම් කිරීමට වගේම ඇමේසන් වනාන්තරයේ ගව පට්ටි පාලනය තහනම් කිරීමටත් මුල් උනේ මොහු...බලන්නකො හිතක් වෙනස් උන විදිහ..මේ වගේ මිනිස්සු තමා ලෝකය බබලවන්නෙ..අදහන්න ඕනේ මේ වගේ අය මිස බොරු කරන දේශපාලකයෝ නෙමේ..මිනිසෙක් හොඳ මිනිසෙක් වීම දේවත්වයට පත්වීමට සමාන කාරණයක් කියලයි පුංචි හිත දකින්නෙ..ඉතින් තවත් දෙයක් අරගෙන පුංචි හිත එනකම් මේ කතාව ගැන අදහසක් තියල යන්න.පුංචි හිතට ඒවා ගොඩාක් වටිනවා..

5 comments:

  1. ලොල්ය.. ඔවුව මොනාද ඉතින් නැට්ට පිටින් අලි මැරෙන්නෙ.. හික් ය. හිත හොඳ ඇත්තනම් ඇත්තටම නියමයි. :D

    ReplyDelete
  2. අහ්.. මේ වඩ් වරිෆිකේශන් අයින්කරානම් කමෙන්ට් දාන ඈයන්ට බොහෝම පහසුවක් වෙයි. :D

    ReplyDelete
  3. මං එක අයින් කරන්න දන්නෙ නැතො

    ReplyDelete
  4. මේ විදියට යන්න...
    Settings-
    Comments-
    Show word verification for comments?

    No කියන එක සිලෙක්ට් කරන්න.
    SAVE SETTINGS ක්ලික් කරලා අහක් වෙන්න.

    ඔයා බ්ලොග් එක හොඳට කරනවා නංගි...

    ReplyDelete
  5. වෙලාවට තමයි තලගොයාව ඔයාගෙන් බේරගෙන තියෙන්නේ :P

    බර්ගර් එක දැක්කම බඩගිනි හිතෙනවෝ

    ReplyDelete

නොනිමි සිත් අහසට ආපු ඔයාලගේ අදහස් මතක ඇතුව සටහන් කරන්න..මෙන්න ඉඩක්