Tuesday, August 23, 2011

මවක හා දියණියක දු‍ටුවෙමි!

අම්මා කෙනෙකු දරුවෙකු වදන්නේ දහ දුක් විඳගෙනය..එසේ වැදූ දරු පැටියා දියණියක ලෙසින් පෝෂණය කර ‍රැක බලා ගැනීම කොයිතරම් අසීරු කරුණක් දැයි තේරුම් ගත හැකි වනු ඇත්තේ ඒ දුක විඳි දිනකමය.කෙල්ලෙක් යනු ශ්‍රී ලාංකික සමාජය තුල ඇහැකටත් වඩා ප්‍රවේශමෙන් බලා ගන්නට ඇවැසි තැනැත්තියකි.කොල්ලෙකු මෙන් නොව කෙල්ලෙකුට සමාජය තුල ලැබෙන දෑ සීමිතය.

නිදහස?සීමිතයි.

‍රැකියා?සීමිතයි.

පිරිමින්ගෙ දහසකුත් බැලුම්?අසීමිතයි.

පුංචි වරදටත් ගැරහුම්?අසීමිතයි..

ඉතිං දියණියක ‍රැක බලා ගැනීම අසීරු යැයි කීම පිළිබඳ තව කවර කතාද?එසේ දුක් මහන්සියෙන් බලාගත් දියණියගේ සිතට ආදරයක් ඇතුලු වීම?අන්ධ ආදරය.ආදරයක් සිතට ආ දා පටන් මෙතුවක් කල් සිතේ තිබුණු සියලු ප්‍රතිපත්තීන්ගේ අවසානය..ආදරය පිළිබඳ අත් දැකීම් ඇත්තවුන් ඒ ගැන දන්නවා ඇති ආදරයක බලගතු කම..

"කෙල්ලෙක්ට පළවැනි ආදරේ තමංගේ ජීවිතේ වෙනවා."උසස් පෙළ ගුරු පියෙකුගෙන් ඇසූ කරුණක්.පළවැනි ආදරය හමුවේ වැදූ මවත් හැදූ පියාත් දෙවනි කොට ලෑම සාධාරණ නොවේ..අන්ධ ආදරය ඒ බව සඟවයි.හරි අපූරුවට..වැ‍රැද්ද හරි යැයි සාධනය කර පෙන්නන ලස්සන.

ජීවිතයේ පලවැනි වතාවට මගේ මිතුරියක පිළිබඳ මම කලකිරුණෙමි..පන්ති ආවා යැයි කියා නුඹේ අලුත් පැතුම් එක්ක නිදහස හොයාගෙන ගියාට මං තරහ නෑ.නුඹේ ජීවිතයට අලුතෙන් ඇතුල් වූ උරුමක්කාරයාගෙ ජයග්‍රහණයකට සවියක් වනු පිණිස ගියාට මං තරහ නෑ..ඒ වුණත් නුඹේ අහිංසක අම්මා හමුවේ අසනීපයැයි කියා හිත තුල ගිනි පත්තු කිරීම?උඹට පව් කෙල්ලෙ...පන්ති කට් කරගෙන කොහෙවත් යන්න එපා කිය කිය උඹ ඉස්සරහ අපි වැඳ වැ‍ටුනේ නැති ටික විතරයි,ඒත් ආදරය හමුවේ නුඹත් අසරණයි..ඒ නිසා මං බනින්නැහැ නුඹට.ඒ වුණත් ආයෙමත් ඔය මූණ දිහා බලලා කතා කරද්දි අහිංසක අම්මගෙ හිතට දුන්න ගින්දර මතක් වෙලා මාව පිච්චෙයි.මගෙ අම්මටම වගේ මං ආදරය කරපු නුඹේ අම්මා නිසා..පන්ති ඇරෙන්නටත් මත්තෙන් පන්තිය ගාවට ආව නුඹට කරකියා ගන්න දෙයක් නැති නිසා අම්මට කතා කරලා අම්මෙ මට සනීප නෑ මාව එක්ක යන්න එන්න මං පන්තියෙන් එලියට ආවායි නුඹ තෙපලන්නට ඇති.හිතේ ඇවිලුණ ගින්දරත් එක්ක තකහනියක් දුවගෙන ආපු අම්මගෙ යන්තම් පටලවගත්ත ඇඳි වත දැක්කම නුඹට දුකක් දැනුනෙ නැද්ද කෙල්ලෙ අම්මට බොරුවක් කරපු එක ගැන.?අම්මා එක්ක යන්න නුඹ පය ඔසවද්දි අපි පන්ති ඇරිලා හිමින් හිමින් එලියට එනවා.කිසිවක් නොවුණු ගාණට අම්මත් එක්ක අඩි තිය තිය යන නුඹව දැක්කම ඇති වුණ හැඟීම තරහකට වඩා අනුකම්පාවක් වුණා.

ඒ එක්කම මං එනකන් බලන් ඉන්න මගෙ අම්මා දැක්කම ඒ අනුකම්පාවත් එක්ක හිත යටින් ගලාගෙන ඇස් මත්තට නැගුණු කඳුලු පේන මානය බොඳ කලා..නුඹ ගැන කලකිරුණත් මං අද ජීවිතේ පළවැනි වතාවට මං ගැන ආඩම්බර වුණා.වැදූ අම්මාට මේ තරම් බොරුවක් නොකිරීම ගැන.මට සමාවෙන්න අම්මේ මං කලේ එකම එක වැ‍රැද්දයි,ඒත් ඒ වැ‍රැද්දෙ විපාක අදටත් පස්සෙන් පන්න පන්න මගෙ හිතට වද දෙනවා.ඒත් මං ජීවිතේ ගැන තේරුම් ගත්තා අම්මෙ මගේ වයසට මං අනිත් අයට ඉස්සරහින්..

නුඹ මට සමාජෙට විවර කරලා දුන්න පාර දිගේ මුලින් ඔහේ ඉබාගාතෙ ඇවිදන් ගිහින් අන්තිමට හෙම්බත් වුණ මං මොහොතක් නැවතිලා ආයෙමත් හැරිල වැරදුන තැන් දිහා බැලුවා.ඒ වැරදි හදාගෙන මං ඉස්සරහට ගියා අම්මෙ.මගේ මිතුරියටත් සමාජය ගැන හරිහැටි තේරුම් ගන්න ඉඩක් ලැබුණා නම් සමාජයේ හොඳ නරක මිනිසුන් තේරුම් ගන්න මිනිසුන් ආශ්‍රය කරන්න ඉඩ ලැබුණා නම්?අද දවස මීට වෙනස් වේවි.
.
ආඩම්බරයි මගෙ රත්තරන් අම්මේ නුඹ මට ජීවිතය රෝස මල් යහනක් නොකියා ගෙන්දගම් පොළවෙ හරියට ජීවත් වෙන්න කියා දීම හා ඊට ඉඩ දීම ගැන..

12 comments:

  1. දැන් කාලේ ගොඩක් ගෑණු ළමයි ට වැරදෙන තැනක් තමයි ඔය... ගෑණු ළමයින්ම විතරක් නෙමෙයි පිරිමි ළමයින් නුත් එහෙම තමයි... නමුත් ගෑණු ළමයි ගැන සමාජය වැඩියෙන් හොයනවා... අර කතාවක් තියෙන්නේ ගෑණු ළමයෙක් දෙයක් කළොත් පිදුරුතලා ගල හා සමානයි, පිරිමි ළමයෙක් දෙයක් කළොත් වැලි කැටයක් හා සමානයි කියල...
    මම අදමයි ආවේ... ඔන්න අද ඉඳං දිගටම එනවා...

    දේව්දාස්...

    ReplyDelete
  2. සමහර දියණියන්ට අම්මලා හරිම නීති රීති තමයි... ඒ වුණත් එහෙම අම්මලාම තමයි තමන්ගෙ දියණිය ප්‍රේමයක පැටලුනාම වැඩියෙන්ම සංවේදී වෙන්නෙ..දුවගෙ හිත ගිය කෙනා තමන්ගෙ දරුවව ආදරෙන් බලාගන්න කෙනෙක් බව දැන ගත්තොත් කවදාවත් අම්මෙක් අනවශ්‍ය විදිහට දරුවෙක්ට තහංචි දාන්නේ නෑ....මගේ අම්මත් ඒ වගේ....හැමදේකටම මම නිදහසට කරුණු කියන්නත් කළින් තරහ ගන්න මගෙ අම්මට මම මගේ ආදරය ගැන කියපු දවසෙ..හේතුවක් නොදැනම එයා ඇඬුවා... ඒත් හේතුව මොකද්ද කියල මම දැනගෙන උන්නා....

    ReplyDelete
  3. ඔය කාලෙට (බහුතරයක්) කෙල්ලන්ට තියෙන අමාරු ගැන කියන්න ගියොත් මෙතන කුනුහරප කියවෙනව.ඒක හින්ද නොකිය ඉන්නම්..කොල්ලෙක්ගෙ බ්ලොගයක් උනා නම් අනිවා කියනව..

    ReplyDelete
  4. අම්ම කෙනෙක් විතරක් නෙවෙයි තාත්ත කනෙකුත් දරුවන්ට කියල දෙන්න ඕන ඔයා අන්තිමට ලියු ටික තමයි..

    ReplyDelete
  5. digatama liyanna api kiyawanawa

    ReplyDelete
  6. ඔයාගේ කතාව ලස්සනයි ඒවගේම අර්ථවත්. එත් මම පොඩි දෙකට එකග නැ. ගනුලමයකුගේයි පිරිමිලමයකුගෙයි ඔයා ඉදිරිපත් කරපු වෙනසට. ඔයා හරි සමහරවෙලාවට. කොහොමහරි ගොඩක් අයට ආදරේ තියන දුක කටුක බව තේරෙන්නේ නැ එක විදිනකම්. එකයි වෙච්ච වැරැද්ද. ඇත්තටම අම්මට තාත්තට බොරුකරන එකනම් වැරද්දක්. මමත් එකම එක වැරද්දක් කළා එකට මම හොදටම විදෙව්වා. තවත් නම් කරන්නේත් නැ දන්නා කෙනෙකුට කරන්න දෙන්නෙත් නැ.
    දිගටම ලියන්න ලස්සනයි...

    ReplyDelete
  7. මගේ කලින් කමෙන්ට් එක මේ පොස්ට් එකට නෙමේ ඇත්තටම දැම්මේ.

    ලමයි ඇත්තටම වැරදි කරනවා. ඒ ලමයින්ගේ හැටි. නමුත් ලමයි නොකල යුතුම වැරදි තියනවා. ඒවා ගැන මම කියන්‍ේන නැ. ඒවුනාට කොයි ලමයා වුනත් දෙමව්පියන්ට දුක් දෙන්න හොදනැ.

    මම දෙමව්පියන් නොදැනුවත්ව ඇඩෙව්වට තාම දුක් විදිනවා.
    ඒක කවදාහරි වැරදි තේරුම් ගිය දවසක තමා තේරෙන්නේ. ඒක හරිම කටුක දුකක්!

    ReplyDelete
  8. මට හිතාගන්න බෑ... මගේ අම්මා මට කවදාවත් තහංචි දැම්මෙ නෑ... හිතුවක්කාරි වුනත් මං අම්මා ට ගොඩාරියක් අඅදරෙයි.. මගේ ආදරේ ගැන අම්මා දැනගත්ත දවසෙ අම්මා කලබල වුනා. ඒත් හුගාක් බුද්ධිමත් විදියට හැසිරුනා එයාලා. අන්තිමට මට අහිමි වුනත් ඒ ආදරේ.. අම්මගේ ආදරේ අදටත් එහෙම්මයි...මගේ අම්මට එදා ඉදන් මම මහ ගොඩාක් ඉස්සරටත් වඩා ආදරෙයි
    දිගටම ලියන්න නංගා. ජය..!!!

    ReplyDelete
  9. වෙච්ච දේ තේරුනා නංගි. ලිපිය හොදයි කියන්න දෙයක් නෑ. මේ කියවෙන්නේ හොද යාළුවෙක් තමන්ගේ යාළුවා ගේ ආදරය, අසරණකම, මුක්ධ බව, අන්ධ බව, දඩබ්බර බව දකින විදිහ. නංගි හරි. නංගි ගේ අම්මා ට තාත්තා ට කටක් ඇරලා සතුටින්, "මගේ රත්තරන් දුව" කියන්න පුලුවන් කරන්න. ඒ දේ කළොත් නංගි ඒ මිනිස්සුන්ගෙ ජීවිතේට සැනසීමක් දෙයි. මම දන්නවා නංගි ඒක කරනවා. ඇත්වුනේ ලොකු ගෞරවයක්..

    ReplyDelete
  10. Godak Lasanai nangi....
    Mama oya gana adambara wenawa...
    Atatama oya godak idiriyen inne..
    digatama liyanna...

    Jaya!!!!!!!!!!!!!!

    Madh......

    ReplyDelete
  11. ඔය වගේ ගෑණු ළමයි ඕනේ තරම් අපි අතරෙත් හිටියා නගෝ.. මගේම යාළුවෙක් එක දවසක් ඔය විදියටම අම්මට බොරු කියලා කොහේද ගිහින් තිබුනා. ඒ අම්මා එයාව එක්කන් යන්න පන්තිය ගාවට එද්දිත් ළමයා පන්තියේ නෑ.එදා ඒ අම්මගේ ඇස් වල තිබුන අසරණ කම මගේ ඇස් දෙකටත් කඳුළු ගෙනාවා. ආදරේ කරත් මම කවදාවත්ම අම්මට බොරුවක් කියලා නෑ. අම්මා මගේ ආදරේට අකමැති වුනා. අම්මට දුකක් දෙන්න බැරි නිසාම මම මගේ ආදරේ කැප කරා.. ඇත්තටම මට ඔයා ගැන ආඩම්බරයි නංගි.. අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙක්ට කවදාවත්ම වැරැද්දක් කරන්නෙ නෑ.

    ReplyDelete
  12. ඇත්ත කතාවක් හාමිනේ නොනා කියලා තියෙන්නේ! මං මේ පැත්තේ මේ ආවේ ඉස්සෙල්ලම පාරට! හෙමීට ඔක්කොම බලන්නම්! මේ කතාව ඇත්තම ඇත්ත!

    ReplyDelete

නොනිමි සිත් අහසට ආපු ඔයාලගේ අදහස් මතක ඇතුව සටහන් කරන්න..මෙන්න ඉඩක්